යෙදුමෙන් කියවන්න

විවෙකසුත‍්තං

9. 1. 1.

9. 9. 1.

විවෙකසුත‍්තං

විවෙක සූත්‍රය

221. එවං මෙ සුතං: එකං සමයං අඤ‍්ඤතරො භික‍්ඛු කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික‍්ඛු දිවාවිහාරගතො පාපකෙ අකුසලෙ විතක‍්කෙ විතක‍්කෙති ගෙහනිස‍්සිතෙ.

221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.

අථ ඛො යා තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තස‍්ස භික‍්ඛුනො අනුකම‍්පිකා අත්‍ථකාමා තං භික‍්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං ගාථාහි අජ‍්ඣභාසි:

ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:

විවෙකකාමොසි වනං පවිට‍්ඨො අථ තෙ මනො නිච‍්ඡරතී බහිද‍්ධා, ජනො ජනස‍්මිං විනයස‍්සු ඡන්‍දං තතො සුඛී හොහිසි වීතරාගො.

විවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්‍යජනයා කෙරෙහි ඡන්‍දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.

අරතිං පජහාසි සතො භවාසි සතං තං සාදයාමසෙ, පාතාලරජො හි දුත‍්තරො මා තං කාමරජො අවාහරි.

අනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්‍මය යයි අදහමු. පාතලසඞ්ඛ්‍යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.

සකුණො යථා පංසුකුණ‍්ඩිතො විධුතං පාතයති සිතං රජං, එවං භික‍්ඛු පධානවා සතිමා විධුනං පාතයති සිතං රජන‍්ති.

පස් තැවරුණා වූ පක්‍ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුනු දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්‍රධන් වීර්‍ය්‍යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.

අථ ඛො සො භික‍්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.