යෙදුමෙන් කියවන්න

උපට‍්ඨානසුත‍්තං

9. 1. 2.

9. 9. 2.

උපට‍්ඨානසුත‍්තං

උපට්ඨාන සූත්‍රය

222. එකං සමයං අඤ‍්ඤතරො භික‍්ඛු කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික‍්ඛු දිවාවිහාරගතො සුපති. අථ ඛො යා තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තස‍්ස භික‍්ඛුනො අනුකම‍්පිකා අත්‍ථකාමා තං භික‍්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි.

222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.

උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං ගාථාහි අජ‍්ඣභාසි:

එළඹ ඒ මහණහට ගාථායෙන් කීය.

උට‍්ඨෙහි භික‍්ඛු කිං සෙසි කො අත්‍ථො සුපිනෙන තෙ, ආතුරස‍්ස හි කා නිද‍්දා සල‍්ලවිද‍්ධස‍්ස රුප‍්පතො.

මහණ, නැගිටුව, කිම, නිදහි ද? නිදීමෙන් තොපට කිනම් වැඩෙක් ද? ක්ලේශාතුර වූ (අවිද්‍යා විෂ පෙවූ තෘෂ්ණා) ශල්‍යයෙන් විදින ලද ගැටෙන්නාවූ තොපට කරව නින්දෙක් ද?

යාය සද‍්ධා පබ‍්බජිතො අගාරස‍්මානගාරියං, තමෙව සද‍්ධං බ්‍රූහෙහි මා නිද‍්දාය වසඞ‍්ගමීති.

යම් ශ්‍රද්ධාවෙකින් ගිහිගෙන් නික්ම පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාව ම වඩව. නින්දට වසඟ නො වව.

අනිච‍්චා අද‍්ධුවා කාමා යෙසු මන්‍දො’ව මුච‍්ඡිතො, ඛන්‍ධෙසු මුත‍්තං අසිතං කස‍්මා පබ‍්බජිතං තපෙ.

නුවණ මඳ වූ පෘථග්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේ ද, ඒ කාමයෝ අනිත්‍යයහ. අධ්‍රැවයහ. ස්කන්‍ධයන්හි මිදුනාවූ තෘෂ්ණාදෘෂ්ටීන් අනිඃශ්‍රිත වූ පැවිද්දකු කුමක් හෙයින් (දිවාස්වප්නය තෙමේ) තවන්නේ ද,

ඡන්‍දරාගස‍්ස විනයා අවිජ‍්ජාසමතික‍්කමා, තඤ‍්ඤාණං පරමවොදානං කස‍්මා පබ‍්බජිතං තපෙ.

ඡන්‍දරාගය වැනසීමෙන් ද, අවිද්‍යාව ඉක්ම වීමෙන් ද ඒ චතුස්සත්‍යඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. (එබඳු) පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,

භෙත්‍වා අවිජ‍්ජං විජ‍්ජාය ආසවානං පරික‍්ඛයා, අසොකං අනුපායාසං කස‍්මා පබ‍්බජිතං තපෙ.

මාර්‍ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් නිශ්ශෝකී වූ උපායාස රහිත වූ පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,

ආරද‍්ධවිරියං පහිතත‍්තං නිච‍්චං දළ‍්හපරක‍්කමං, නිබ‍්බානං අභිකඞ‍්ඛන‍්තං කස‍්මා පබ‍්බජිතං තපෙති.

සම්පූර්‍ණ වීර්‍ය්‍යය ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති නිවණ පතන පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද.