කස්සපගොත්තසුත්තං
9. 1. 3.
9. 9. 3.
කස්සපගොත්තසුත්තං.
කස්සපගොත්ත සූත්රය
223. එකං සමයං ආයස්මා කස්සපගොත්තො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කස්සපගොත්තො දිවාවිහාරගතො අඤ්ඤතරං වෙතං ඔවදති.
223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො කස්සපගොත්තස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මං කස්සපගොත්තං සංවෙජෙතුකාමා යෙනායස්මා කස්සපගොත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං කස්සපගොත්තං ගාථාහි අජ්ඣභාසි:
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
ගිරිදුග්ගචරං චෙතං අප්පපඤ්ඤං අචෙතසං, අකාලෙ ඔවදං භික්ඛු මන්දො’ව පටිභාති මං.
පර්වත දුර්ගයෙහි හැසිරෙණ නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්ධබාලයකු මෙන් මට වැටහේ.
සුණාති න විජානාති ආලොකෙති න පස්සති, ධම්මස්මිං භඤ්ඤමානස්මිං අත්ථං බාලො න බුජ්ඣති.
(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.
සචෙපි දස පජ්ජොතෙ ධාරයිස්සසි කස්සප, නෙව දක්ඛිති රූපානි චක්ඛු හි’ස්ස න විජ්ජතීති.
පින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හේතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).
අථ ඛො ආයස්මා කස්සපගොත්තො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
ඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිග්න වී ය.