සම්බහුලාසුත්තං
9. 1. 4.
9. 9. 4.
සම්බහුලාසුත්තං.
සම්බහුලා සූත්‍රය
224. එකං සමයං සම්බහුලා භික්ඛූ කොසලෙසු විහරන්ති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන චාරිකං පක්කමිංසු. අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තෙ භික්ඛූ අපස්සන්තී පරිදෙවමානා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
224. එක්කලෙක බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්. ඉක්බිති ඒ භික්ෂූහු වස් එළඹුනාහු තෙමස අවෑමෙන් චාරිකාවට ගියහ. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි තෙමේ ඒ භික්ෂූන් නො දක්නේ හඬමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
අරති විය මෙ’ජ්ජ ඛායති බහුකෙ දිස්වාන විවිත්තෙ ආසනෙ, තෙ චිත්තකථා බහුස්සුතා කො’මෙ ගොතමසාවකා ගතාති.
හිස් වූ බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහෙයි. විසිතුරු කථා ඇති බහුශ්‍රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහු ද.
එවං වුත්තෙ අඤ්ඤතරා දෙවතා තං දෙවතං ගාථාය අජ්ඣභාසි:
මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් දේවතාවාට මේ ගාථාව කී ය:
මගධං ගතා කොසලං ගතා එකච්චියා පන වජ්ජිභූමියා, මගා විය අසඞ්ගචාරිනො අනිකෙතා විහරන්ති භික්ඛවොති.
ඇතැම් කෙනෙක් මගධ දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) වැදෑරටට අභිමුඛ ව (වැඩියහ.) භික්ෂූහු ඇල්මක් නැති ව හැසිරෙන්නාහු ගෙයක් නැති ව මුවන් මෙන් වෙසෙත්.
9. 1. 5.
9. 9. 5.
ආනන්දසුත්තං.
ආනන්ද සූත්‍රය
225. එකං සමයං ආයස්මා ආනන්දො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ.
225. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථිවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො අතිවෙලං ගිහීසඤ්ඤත්තිබහුලො විහරති.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථිවිර තෙමේ අතිමාත්‍ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි (ඇවැත්නි නොහඬව යනාදි නැලවිලි) බහුල කොට ඇති ව වෙසෙයි.
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො ආනන්දස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මන්තං ආනන්දං සංවෙජෙතුකාමා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ අනඳ තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති දෙවි අනඳ තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ට ගාථායෙන් කී ය.
රුක්ඛමූලගහණං පසක්කිය නිබ්බානං හදයස්මිං ඔපිය, ඣාය ගොතම මා ච පමාදො කිං තෙ බිළිබිළිකා කරිස්සතීති.
රුක්මුල සෙනසුන්හි විසීමට පිවිසි නිවණ ලෙහි බහා ගෙණ (වෙසෙන) නුඹවහන්සේට (ගිහියන් සමග කරණ මේ) බිළිබිළි කථාව කුමක් කෙරේ ද? ගෞතමයන් වහන්ස, පමා නොවන මැනව. ධ්‍යාන කරණු මැනව.
අථ ඛො ආයස්මා ආනන්දො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වී ය.