යෙදුමෙන් කියවන්න

අනුරුද‍්ධසුත‍්තං

9. 1. 6.

9. 9. 6.

අනුරුද‍්ධසුත‍්තං.

අනුරුද්ධ සූත්‍රය

226. එකං සමයං ආයස‍්මා අනුරුද‍්ධො කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ. අථ ඛො අඤ‍්ඤතරා තාවතිංසකායිකා දෙවතා ජාලිනී නාම ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස පුරාණදුතියිකා යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං ගාථාහි අජ‍්ඣභාසි:

226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.

තත්‍ථ චිත‍්තං පණිධෙහි යත්‍ථ තෙ වුසිතං පුරෙ, තාවතිංසෙසු දෙවෙසු සබ‍්බකාමසමිද‍්ධිසු, පුරක‍්ඛතො පරිවුතො දෙවකඤ‍්ඤාහි සොභසීති.

පෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,

දුග‍්ගතා දෙවකඤ‍්ඤායො සක‍්කායස‍්මිං පතිට‍්ඨිතා, තෙ චාපි දුග‍්ගතා සත‍්තා දෙවකඤ‍්ඤාහි පත්‍ථිතාති.

දෙවඟනෝ (ප්‍රතිපත්ති දුර්‍ගතියෙන්) දුර්‍ගතයහ. සත්කායයෙහි පිහිටියෝ ය. දෙවඟනන් විසින් පතන ලද ඒ සත්‍වයෝ ද දුර්‍ගතයහ.

න තෙ සුඛං පජානන‍්ති යෙ න පස‍්සන‍්ති නන්‍දනං, ආවාසං නරදෙවානං තිදසානං යසස‍්සිනන‍්ති.

යම් කෙනෙක් පිරිවර - යශස් ඇති තිදස්වැසි දේවපුරුෂයන්ගේ නදුනුයන නො දකිද්ද ඔහු සුවය නො දනිත්.

[අනුරුද‍්ධො:]

[අනුරුද්ධ:]

න ත්‍වං බාලෙ විජානාසි යථා අරහතං වචො, අනිච‍්චා සබ‍්බෙ සඞ‍්ඛාරා උප‍්පාදවයධම‍්මිනො, උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති තෙසං වූපසමො සුඛො.

බාලතැනැත්තිය, “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංහිඳීම සුව ය” යන රහතුන්ගේ වදන පරිදි තෝ නො දන්නහු.

නත්‍ථිදානි පුනාවාසො දෙවකායස‍්මිං ජාලිනී, වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථිදානි පුනබ‍්භවොති.

එම්බා, ජාලිනි, දැන් දේවකායෙහි නැවත විසීමෙක් (මට) නැත. ඉපදීම යයි කියන ලද සංසාරය ක්‍ෂීණ වූයේ ය. දැන් පුනර්‍භවයෙක් (මට) නැත.