නාගදත්තසුත්තං
9. 1. 7.
9. 9. 7.
නාගදත්තසුත්තං.
නාගදත්ත සූත්‍රය
227. එකං සමයං ආයස්මා නාගදත්තො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නාගදත්තො අතිකාලෙන ගාමං පවිසති, අතිදිවා පටික්කමති. අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො නාගදත්තස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මන්තං නාගදත්තං සංවෙජෙතුකාමා යෙනායස්මා නාගදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාගදත්තං ගාථාහි අජ්ඣභාසි:
227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
කාලෙ පවිස්ස නාගදත්ත දිවා ච ආගන්ත්වා අතිවෙලචාරී, සංසට්ඨො ගහට්ඨෙහි සමානසුඛදුක්ඛො.
නාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරෙන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.
භායාමි නාගදත්තං සුප්පගබ්භං කුලෙසු විනිබද්ධං, මා හෙව මච්චුරඤ්ඤො බලවතො අන්තකස්ස වසමෙසීති.
ඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්‍යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.
අථ ඛො ආයස්මා නාගදත්තො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.
9. 1. 8.
9. 9. 8.
කුලඝරණීසුත්තං.
කුලඝරණී සූත්‍රය
228. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු අඤ්ඤතරස්මිං කුලෙ අතිවෙලං අජ්ඣොගාළ්හප්පත්තො විහරති.
228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්‍රකාලයක් වැඩ වෙසෙයි.
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යා තස්මිං කුලෙ කුලඝරණී තස්සා වණ්ණං අභිනිම්මිනිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
නදීතීරෙසු සණ්ඨානෙ සභාසු රථියාසු ච, ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරන්ති.
ගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?
බහූ හි සද්දා පච්චූහා ඛමිතබ්බා තපස්සිනා, න තෙන මඞ්කු හොතබ්බං න හි තෙන කිලිස්සති.
තපස්වීහු විසින් ඉවසියයුතු වූ ප්රතිලෝමශබ්දයෝ බොහෝහ. ඒ තපස්වීහු විසින් නිතෙද නො වියයුතුයි. එයින් නො ම කිලිටි වේ.
යො ච සද්දපරිත්තාසී වනෙ වාතමිගො යථා, ලහුචිත්තොති තං ආහු නාස්ස සම්පජ්ජතෙ වතන්ති.
යමෙක් වෙනෙහි වාතමෘගයකු මෙන් ශබ්දයෙන් තැති ගන්නාසුලු වේ ද, ඔහු ලුහු සිත් ඇතියහ යි කියත්. ඔහුගේ ව්‍රතය නොසැපයේ.
9. 1. 9.
9. 9. 9.
වජ්ජිපුත්තසුත්තං
වජ්ජිපුත්ත සූත්‍රය
229. එකං සමයං අඤ්ඤතරො වජ්ජිපුත්තකො භික්ඛු වෙසාලියං විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන වෙසාලියං සබ්බරත්තිවාරො හොති. අථ ඛො සො භික්ඛු වෙසාලියං තූරියතාළිතවාදිතනිග්ඝොසසද්දං සුත්වා පරිදෙවමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
229. එක්කලෙක එක්තරා වජ්ජිපුත්තක මහණෙක් විසල්පුර සමීපයෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි විසල්පුරයෙහි සව්රෑකෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි තැළු තුරුයෙහි හා වැයු වෙණෙහි හා ගොස හා හඬ අසා හඬමින් ඒ වේලායෙහි මේගාථාව කී ය:
එකකා මයං අරඤ්ඤෙ විහරාම අපවිද්ධංව වනස්මිං දාරුකං, එතාදිසිකාය රත්තියා කො සු නාම අම්හෙහි පාපියොති.
අපි වෙනෙහි පියන ලද දරකඩක් මෙන් මෙබඳු රැයෙහි එකලාවමෝ අරණෙහි වසම්හ. කවරෙක් නම් අප වරා අතිශය පාප ඇතියෙක් වේ ද?
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමැති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
එකකො ත්වං අරඤ්ඤෙ විහරසි අපවිද්ධංව වනස්මිං දාරුකං, තස්ස තෙ බහුකා පිහයන්ති නෙරයිකා විය සග්ගගාමිනන්ති.
තෙපි වෙනෙහි ලූ දරකඩක් මෙන් අරණෙහි එකලා ව වසව. ඒ තොපට දෙව්ලොව යන්නවුන් ට (කැමති වන්නා වූ) නිරිසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති.
අථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප් බියට) පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 1. 10.
9. 9. 10.
සජ්ඣායසුත්තං.
සජ්ඣාය සූත්‍රය
230. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු යං සුදං පුබ්බෙ අතිවෙලං සජ්ඣායබහුලො විහරති. සො අපරෙන සමයෙන අප්පොස්සුක්කො තුණ්හීභූතො සංකසායති.
230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්‍රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො ධම්මං අසුණන්තී යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
කස්මා තුවං ධම්මපදානි භික්ඛු නාධීයසි භික්ඛූහි සංවසන්තො, සුත්වාන ධම්මං ලභතිප්පසාදං දිට්ඨෙව ධම්මෙ ලභතිප්පසංසන්ති.
මහණ, නුඹ වහන්සේ භික්ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්මපදයන් නොහදාරන්නහු ද? ධර්මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.
අහු පුරෙ ධම්මපදෙසු ඡන්දො යාව විරාගෙන සමාගමිම්හ, යතො විරාගෙන සමාගමිම්හ යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා, අඤ්ඤාය නික්ඛෙපනමාහු සන්තොති.
යම්තාක් ආර්ය්යමාර්ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්මපදයන්හි ඡන්දරාගය වී ය. යම් හෙයකින් ආර්ය්යමාර්ගය හා එක් වූවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්‍රෂ්ටව්‍යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්‍යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්‍ය්‍යයෝ එය කියත්.
9. 1. 11.
9. 9. 11.
අයොනිසොසුත්තං.
අයෝනිසෝ සූත්‍රය
231. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු දිවාවිහාරගතො පාපකෙ අකුසලෙ විතක්කෙ විතක්කෙති, සෙය්යථිදං: කාමවිතක්කං, බ්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං.
231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්කයන් (කාමවිතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය) විතර්කණය කෙරෙයි.
අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
අයොනිසො මනසිකාරා සො විතක්කෙහි ඛජ්ජසි, අයොනිසො පටිනිස්සජ්ජ යොනිසො අනුවිචින්තය.
නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.
සත්ථාරං ධම්මමාරබ්භ සඞ්ඝං සීලානි අත්තනො, අධිගච්ඡසි පාමොජ්ජං පීතිසුඛමසංසයං, තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසීති.
ශාස්තෲන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්‍රමෝද්‍යයත් ප්‍රීතිය හා සුවත් ලබව. එයින් ප්‍රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.
අථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
9. 1. 12.
9. 9. 12.
මජ්ඣන්තිකසුත්තං.
මජ්ඣන්තික සූත්‍රය
232. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. අථ ඛො තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තස්ස භික්ඛුනො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
232. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහුගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ඨිතෙ මජ්ඣන්හිකෙ කාලෙ සන්නිසීවෙසු පක්ඛිසු, සණතෙව බ්රහාරඤ්ඤං තං භයං පටිභාති මන්ති.
සිටිමද්දහනෙහි පක්ෂීන් ඉසඹු ලනකල්හි මහවනය. (මහත්සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භික්ඛු:]
[භික්ෂූ:]
ඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ සන්නිසීවෙසු පක්ඛිසු, සණතෙව බ්රහාරඤ්ඤං ‘සා රතී පටිභාති මන්ති.
සිටිමද්දහනෙහි පක්ෂීන් ඉසඹු ලනකල්හි මහවනය මහත් සේ හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නාක් ව වැටහේ.