යෙදුමෙන් කියවන්න

පාකතින්‍ද්‍රියසුත‍්තං

9. 1. 13.

9. 9. 13.

පාකතින්‍ද්‍රියසුත‍්තං.

පාකතින්‍ද්‍රිය සූත්‍රය

233. එකං සමයං සම‍්බහුලා භික‍්ඛූ කොසලෙසු විහරන‍්ති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ, උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා.

233. එක්කලෙක උඩනු වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.

අථ ඛො යා තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තෙසං භික‍්ඛූනං අනුකම‍්පිකා අත්‍ථකාමා තෙ භික‍්ඛූ සංවෙජෙතුකාමා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ ගාථාහි අජ‍්ඣභාසි:

එකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්‍ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්‍ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථායෙන් කී ය:

සුඛජීවිනො පුරෙ ආසුං භික‍්ඛූ ගොතමසාවකා, අනිච‍්ඡා පිණ‍්ඩමෙසනා අනිච‍්ඡා සයනාසනං, ලොකෙ අනිච‍්චතං ඤත්‍වා දුක‍්ඛස‍්සන‍්තං අකංසු තෙ.

පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුම්සවු වූ මහණහු සුවදිවි ඇති වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක කෙළවර කළහ.

දුප‍්පොසං කත්‍වා අත‍්තානං ගාමෙ ගාමණිකා විය, භුත්‍වා භුත්‍වා නිපජ‍්ජන‍්ති පරාගාරෙසු මුච‍්ඡිතා. සඞ‍්ඝස‍්ස අඤ‍්ජලිං කත්‍වා ඉධෙකච‍්චෙ වදාමහං, අපවිද‍්ධා අනාථා තෙ යථා පෙතා තථෙව තෙ.

මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි. මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම් දෙටුවන් මෙන් තමන් දුකසේ පෝෂණය කළ හැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා බුදිමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔහු අසරණයෝ ය. සොහොනෙහි දමන ලද මළසිරුර බඳු වෙත්.

යෙ ඛො පමත‍්තා විහරන‍්ති තෙ මෙ සන්‍ධාය භාසිතං, යෙ අප‍්පමත‍්තා විහරන‍්ති නමො තෙසං කරොමහන‍්ති.

යම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් නම් මා විසින් ඔවුන් සඳහා කියන ලදී. යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙත් නම් මම ඔවුන්ට නමස්කාර කරමි.

අථ ඛො තෙ භික‍්ඛූ තාය දෙවතාය සංවෙජිතා සංවෙගමාපාදුන‍්ති.

ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දාහු සංවේගයට පැමිණියහ.