යෙදුමෙන් කියවන්න

පදුමපුප‍්ඵසුත‍්තං

9. 1. 14.

9. 9. 14.

පදුමපුප‍්ඵසුත‍්තං.

පදුමපුප්ඵ සූත්‍රය

234. එවං මෙ සුතං: එකං සමයං අඤ‍්ඤතරො භික‍්ඛු කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා පදුමං උපසිඞ‍්ඝති.

234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.

අථ ඛො යා තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තස‍්ස භික‍්ඛුනො අනුකම‍්පිකා අත්‍ථකාමා තං භික‍්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.

යමෙතං වාරිජං පුප‍්ඵං අදින‍්නං උපසිඞ‍්ඝසි, එකඞ‍්ගමෙතං ථෙය්‍යානං ගන්‍ධත්‍ථෙනො’සි මාරිසාති.

නො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්‍ධත්‍ථේන (සුවඳ සොරෙක්) වෙහි ය.

[භික‍්ඛු:]

[භික්‍ෂු:]

න හරාමි න භඤ‍්ජාමි ආරා සිඞ‍්ඝාමි වාරිජං, අථ කෙන නු වණ‍්ණෙන ගන්‍ධත්‍ථෙනො’ති වුච‍්චති.

මේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්‍ධත්‍ථේන යයි කියනු ලැබේ ද,

[දෙවතා:]

[දෙවි:]

ය‍්වායං භිසානි ඛණති පුණ‍්ඩරීකානි භඤ‍්ජති, එවං ආකිණ‍්ණකම‍්මන‍්තො කස‍්මා එසො න වුච‍්චතීති.

යම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්‍ධත්‍ථේන යයි නො කියනු ලැබේ ද.

ආකිණ‍්ණලුද‍්දො පුරිසො ධාතිචෙලං’ව මක‍්ඛිතො, තස‍්මිං මෙ වචනං නත්‍ථි තඤ‍්ච අරහාමි වත‍්තවෙ.

ඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්‍රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදෝෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.

අනඞ‍්ගණස‍්ස පොසස‍්ස නිච‍්චං සුචිගවෙසිනො, වාළග‍්ගමත‍්තං පාපස‍්ස අබ‍්භාමත‍්තං’ව ඛායතීති.

කෙලෙස් නැති නිතර පවිත්‍ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.

[භික‍්ඛු:]

[භික්‍ෂු:]

අද‍්ධා මං යක‍්ඛ ජානාසි අථො මං අනුකම‍්පසි, පුනපි යක‍්ඛ වජ‍්ජාසි යදා පස‍්සසි එදිසන‍්ති.

යක්‍ෂය, මා ඒකාන්තයෙන් පිරිසිදු ය යි දන්නේ හි ය. මට අනුකම්පා කෙරෙහි. යම් කලෙක මෙබන්දක් දක්නෙහි නම් යක්‍ෂය, නැවතත් කියන්නෙහි ය.

[දෙවතා:]

[දෙවි:]

නෙව තං උපජීවාම න පි තෙ භතකාම‍්හසෙ, ත්‍වමෙව භික‍්ඛු ජානෙය්‍ය යෙන ගච‍්ඡෙය්‍ය සුග‍්ගතින‍්ති.

මහණ, තොප නිසා නො ම ජීවත් වම්හ. තොපගේ බැළයමෝ නො ද වම්හ. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේ ද, (එය) තො ම දන්නෙහි ය.

අථ ඛො සො භික‍්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.

ඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියේ ය.

වනවග‍්ගො පඨමො.

වනවර්‍ගය පළමුවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

විවෙකං උපට‍්ඨානඤ‍්ච කස‍්සපගොත‍්තෙන සම‍්බහුලා ආනන්‍දො අනුරුද‍්ධඤ‍්ච නාගදත‍්තඤ‍්ච කුලඝරණී වජ‍්ජිපුත‍්තො ච වෙසාලී සජ‍්ඣායෙන අයොනිසො මජ‍්ඣන‍්තිකාලම‍්හි පාකතින්‍ද්‍රියා පදුමපුප‍්ඵෙන චුද‍්දස භවෙති.

විවෙක, උපට්ඨාන, කස්සපගොත්ත, සම්බහුලා, ආනන්‍ද, අනුරුද්ධ, නාගදත්ත, කුලඝරණී, වජ්ජිපුත්ත, සඡ්ඣාය, අයෝනිසෝ, මඡ්ඣන්තික, පාකතින්‍ද්‍රිය, පදුමපුප්ඵ යයි සූත්‍ර තුදුසෙකි.

වනසංයුත‍්තං සමත‍්තං.

වනසංයුත්තය නිමියේ ය.