ඉන්දකසුත්තං
10. 1. 1.
10. 1. 1.
ඉන්දකසුත්තං.
ඉන්දක සූත්‍රය
235. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ඉන්දකූටෙ පබ්බතෙ ඉන්දකස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො ඉන්දකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්දකූට පර්වතයෙහි ඉන්දක යක්ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්දක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
රූපං න ජීවන්ති වදන්ති බුද්ධා කථං න්වයං වින්දති’මං සරීරං, කුතස්ස අට්ඨීයකපිණ්ඩමෙති කථං න්වයං සජ්ජති ගබ්භරස්මින්ති.
බුදුවරයෝ රූපය ජීවය යි නොකියත්. (එසේ නම්) මේ සත්ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ නම් මවුකුස ලැගේ ද?
[භගවා:]
[භගවත්හු:]
පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං, අබ්බුදා ජායතෙ පෙසී පෙසී නිබ්බත්තති ඝනො, ඝනා පසාඛා ජායන්ති කෙසා ලොමා නඛා’පි ච.
පළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.
යඤ්චස්ස භුඤ්ජතෙ මාතා අන්නං පානඤ්ච භොජනං, තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරොති.
ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.
10. 1. 2.
10. 1. 2.
සක්කසුත්තං.
සක්ක සූත්‍රය
236. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සක්කනාමකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
236. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල සක්ක නම් යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
සබ්බගන්ථප්පහීනස්ස විප්පමුත්තස්ස තෙ සතො සමණස්ස න තං සාධු යදඤ්ඤමනුසාසතීති.
අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, සියලු තන්හි ප්‍රහීණ වූ කෙලෙස්ගැට ඇති වෙසෙසින් මිදුනු ශ්‍රමණ වූ ම තොපට එය නො මැනවි.
[භගවා:]
[භගවත්හු:]
යෙන කෙනචි වණ්ණෙන සංවාසො සක්ක ජායති, න තං අරහති සප්පඤ්ඤො මනසා අනුකම්පිතුං.
එම්බා සක්ක, යම්කිසි කාරණයෙකින් සංවාසය හෙවත් මිත්රධර්මය හට ගණී ද, සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි යි.
මනසා චෙ පසන්නෙන යදඤ්ඤමනුසාසති, න තෙන හොති සංයුත්තො සානුකම්පා අනුද්දයාති.
එහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, එයින් බැඳීමෙක් නො වේ. එය අනුකම්පාව යි. කරුණාව යි.