සූචිලොමසුත්තං
10. 1. 3.
10. 1. 3.
සූචිලොමසුත්තං.
සූචිලෝම සූත්‍රය
237. එකං සමයං භගවා ගයායං විහරති ටඞ්කිතමඤ්චෙ සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ. තෙන ඛො පන සමයෙන ඛරො ච යක්ඛො සූචිලොමො ච යක්ඛො භගවතො අවිදූරෙ අතික්කමන්ති.
237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්ෂ තෙමේ ද, සුචිලෝම යක්ෂ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්.
අථ ඛො ඛරො යක්ඛො සූචිලොමං යක්ඛං එතදවොච: එසො සමණොති.
ඉක්බිති ඛරලෝම යක්ෂ තෙමේ “මේ ශ්‍රමණයෙකැ”යි සූචිලෝම යක්ෂයාට මෙය කී ය.
නෙසො සමණො, සමණකො එසො. යාව ජානාමි යදි වා සො සමණො යදි වා පන සො සමණකොති. අථ ඛො සූචිලොමො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො කායං උපනාමෙසි.
මේ ශ්‍රමණයෙක් නො වේ. මේ ශ්‍රමණකයෙකි, හෙ ශ්‍රමණයෙක් දෝ නොහොත් ශ්‍රමණකයෙක් දෝ යි දැන ගණිමි. ඉක්බිති සූචිලෝම යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට කය එළවීය.
අථ ඛො භගවා කායං අපනාමෙසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ කය (මඳක්) ඉවත් කළ සේක.
අථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං එතදවොච: භායසි මං සමණාති.
ඉක්බිති සූචිලෝම යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, මා කෙරෙන් බියවෙහි ද?
[භගවා:]
[භගවත්හු:]
න ඛ්වාහන්තං ආවුසො භායාමි. අපි ච තෙ සම්ඵස්සො පාපකොති.
ඇවැත්නි, මම තා කෙරෙන් නො බමි. එහෙත් තගේ පහස ලාමකය.
[සූචිලොමො:]
[සූචිලෝම:]
පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි. සචෙ මෙ සමණ න බ්යාකරිස්සසි චිත්තං වා තෙ ඛිපිස්සාමි. හදයං වා තෙ ඵාලෙස්සාමි. පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති.
මහණ, තා ප්‍රශ්නයක් විචාරන්නෙමි. මහණ, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. දෙපා ගෙණ හෝ ගඟ පරතෙර දමන්නෙමි යි.
[භගවා:]
[භගවත්හු:]
න ඛ්වාහන්තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය. පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය. අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසීති.
ඇවැත්නි, යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, දෙපා ගෙණ හෝ ගඟපරතෙර දමන්නේ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කැමැත්තෙහි නම් අස.
“අථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:”
ඉක්බිති සූචිලෝම යක්ෂ තෙමේ ගාථායෙන් කී ය:
රාගො ච දොසො ච කුතො නිදානා අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්තීති.
රාගයත් ද්වේෂයත් කුමක් මූලහේතු කොට ඇත්ද? (කුසල් දහම්හි) නො ඇල්මත් (පස්කම්හි) ඇල්මත් ලොමුදහ ගැණුමත් කුමකින් හට ගත්තෝ ද? ගම් දරුවන් (අල්ලා ගත්) කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් විතර්කයෝ කොතැනින් ඉපිද කුසල් සිත බැහැර කෙරෙත් ද,
[භගවා:]
[භගවත්හු:]
රාගො ච දොසො ච ඉතො නිදානා අරතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්ති.
රාගයත් ද්වේෂයත් මේ අත්බව මූලහේතු කොට ඇත. අරතියත් රතියත් ලොමුදහ ගැණුමත් මෙයින් ම හට ගත්තේය. විතර්කයෝ මෙයින් හට ගෙණ ගම් දරුවන් කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් කුසල් සිත බැහැර කෙරෙත්.
ස්නෙහජා අත්තසම්භූතා නිග්රොධස්සෙව ඛන්ධජා, පුථූ විසත්තා කාමෙසු මාලුවා’ව විතතා වනෙ.
අත්බැවින් හට ගත් විතර්කයෝ තෘෂ්ණායෙන් හට ගත්තෝ ය. නුගරුක්හි අරළු මෙනි. බොහෝ වූ විතර්කයෝ කාමවස්තූන්හි වෙසෙසින් ඇලුනාහු ය. වෙනෙහි ගැවසී ගත් මාලුවා වැලක් මෙනි.
යෙ නං පජානන්ති යතොනිදානං තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවායාති.
යක්ෂය, අසව යම් කෙනෙක් ඒ අත්බවත් ඊට යමක් මූලහේතු වේ නම් එයත් දනිද්ද, ඔහු එය දුරු කෙරෙත්. ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නො කළවිරූ මේ චතුරෝඝය නැවත නූපදීම සඳහා තරණය කෙරෙත්.