මණිභද්දසුත්තං
10. 1. 4.
10. 1. 4.
මණිභද්දසුත්තං.
මණිභද්ද සූත්‍රය
238. එකං සමයං භගවා මගධෙසු විහරති මණිමාළකෙ චෙතියෙ මණිභද්දස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො මණිභද්දො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
238. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි මණිමාළක චෙතියෙහි මණිභද්ද යකුගේ භවනෙහි වැඩ වසන සේක. එකල මණිභද්දයක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
සතීමතො සදා භද්දං සතිමා සුඛමෙධති, සතීමතො සු වෙ සෙය්යො වෙරා ච පරිමුච්චතීති.
සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. වෛරයෙන් ද මිදෙයි.
[භගවා:]
[භගවත්හු:]
සතීමතො සදා භද්දං සතිමා සුඛමෙධති, සතීමතො සුවෙ සෙය්යො වෙරා න පරිමුච්චති.
සිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. (එහෙත් එපමණකින්) වෛරයෙන් නො මිදේ.
යස්ස සබ්බමහොරත්තං අහිංසාය රතො මනො, මෙත්තං සො සබ්බභූතෙසු වෙරං තස්ස න කෙනචීති.
යමෙකුගේ සිත මුළු රෑදෙවෙහි අහිංසාවෙහි ඇලුනේ ද, හෙ තෙමේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩයි. ඕහට කිසිවකු හා වෛරයෙක් නැත.