සානුසුත්තං
10. 1. 5.
10. 1. 5.
සානුසුත්තං.
සානු සූත්‍රය
239. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා උපාසිකාය සානු නාම පුත්තො යක්ඛෙන ගහිතො හොති. අථ ඛො සා උපාසිකා පරිදෙවමානා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවැසියකගේ සානු නම් පුතෙක් යකකු විසින් ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති ඒ උවැසිය හඬන්නී ඒ වෙලායෙහි මේ ගාථා කිවුය:
චාතුද්දසිං පඤ්චදසිං යා ව පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපවසන්ති බ්රහ්මචරියං චරන්ති යෙ.
තුදුවක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ වූ යම් අටවකෙකුදු වේ නම් එවක්හි ද ප්‍රාතිහාර්‍ය්‍යය පක්ෂයෙහි ද යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද, බඹසර හැසිරෙද්ද,
න තෙහි යක්ඛා කීළන්ති ඉති මෙ අරහතං සුතං, සා දානි අජ්ජ පස්සාමි යක්ඛා කීළන්ති සානුනාති.
යක්ෂයෝ ඔවුන් හා නො කෙළිති යන රහතුන්ගේ බස මා විසින් අසන ලදී. ඒ මම දන් දකිමි. සානු සමග යක්ෂයෝ කෙළිත්.
[යක්ඛො:]
[යක්ෂයා:]
චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපවසන්ති බ්රහ්මචරියං චරන්ති යෙ.
තුදුස්වක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ යම් අටවකෙක් වේ නම් එදින ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහි ද, යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද බඹසර හැසිරෙද්ද,
න තෙහි යක්ඛා කීළන්ති සාහු තෙ අරහතං සුතං, සානුං පබුද්ධං වජ්ජාසි යක්ඛානං වචනං ඉදං:
ඔවුන් හා යක්ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ වදන තී විසින් අසන ලදී. මැනවි.
“මාකාසි පාපකං කම්මං ආවි වා යදි වා රහො, යඤ්චෙව පාපකං කම්මං කරිස්සසි කරොසි වා, න තෙ දුක්ඛා පමුත්යත්ථි උප්පච්චාපි පලායතො”ති.
හමුවෙහි හෝ ඉදින් රහසෙහි හෝ පව්කම් නො කරව. යම් පව්කමක් කරන්නෙහි ද, (යම් පව් කමකුත්) කෙරෙහි ද, අහසට පැන නැඟී පලායන්නා වූ ද, තට ඒ දුකින් මිදීමෙක් නැත. මේ යකුන්ගේ වදනැයි පිබිදියා වූ සානුහට කියව.
[සානු:]
[සානු:]
මතං වා අම්ම රොදන්ති යො වා ජීවං න දිස්සති, ජීවන්තං අම්ම පස්සන්තී කස්මා මං අම්ම රොදසීති?
මෑනියනි, (මිනිස්සු) මළ එකකු නිසා හෝ හඬති. මෑනියනි, යමෙක් ජීවත්වන්නේ නො පැණේ නම් (ඔහු නිසා ද හඬති.) මෑනියනි, ජීවත් වන්නා වූ මා දකිමින් කුමක් හෙයින හඬව?
[උපාසිකා:]
[උවැසි:]
මතං වා පුත්ත රොදන්ති යො වා ජීවං න දිස්සති, යො ච කාමෙ චජිත්වාන පුනරාගච්ඡතෙ ඉධ, තං වාපි පුත්ත රොදන්ති පුන ජීවං මතො හි සො.
පුත, මළ එකකු නිසා හෝ (මිනිස්සු) හඬති. යමෙක් ජීවත් වන්නේ (නමුත්) නො පෙණේ නම් (ඔහු නිසා ද හඬති) පුත, යමෙක් කාමයන් දුරු කොට (පැවිදි ව) නැවත මෙහි පැමිණේ නම් ඔහු නිසා ද හඬති. හෙ තෙමේ ජීවත් වන්නේ නමුත් මළේ ම ය.
කුක්කුළා උබ්භතො තාත කුක්කුළං පතිතුමිච්ඡසි, නරකා උබ්භතො තාත නරකං පතිතුමිච්ඡසි.
පුත, හුණුඅළුනිරයෙන් ගොඩනගන ලද්දේ (නැවතත්) හුණුඅළු නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද? පුත, නිරයෙන් ගොඩ නගන ලද්දේ (නැවතත්) නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද?
අභිධාවථ භද්දං තෙ කස්ස උජ්ඣාපයාමසෙ, ආදිත්තා නීහටං භණ්ඩං පුන ඩය්හිතුමිච්ඡසීති.
යන්නේ මැනව. තොපට වැඩෙක් වේවා. කහට දොස් නගවමො ද? දැවෙන ගෙයින් නෙරපූ බඩු නැවත දවන්නට කැමැත්තෙහි ද?