පියඞ්කරසුත්තං
10. 1. 6.
10. 1. 6.
පියඞ්කරසුත්තං.
පියඞ්කර සූත්රය
240. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ධම්මපදානී භාසති. අථ ඛො පියඞ්කරමාතා යක්ඛිනී පුත්තකං එවං තොසෙසි:
240. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ අලුයම් වේලෙහි නැඟිට දහම්පද බෙණෙති. ඉක්බිති පියඞ්කරමව වූ යකින්න කුඩාපුතු මෙසේ නැළවූවා ය.
මා සද්දං කරි පියඞ්කර භික්ඛු ධම්මපදානි භාසති, අපි ච ධම්මපදං විජානිය පටිපජ්ජෙම හිතාය නො සියා.
පියඞ්කර, ශබ්ද නොකර, මහණ තෙමේ දහම්පද බෙණෙයි. ඉදින් දහම්පදයක් දැන පිළිපදිමු නම් (එය) අපට හිත පිණිස වන්නේ ය.
පාණෙසු ච සංයමාමසෙ සම්පජානමුසා න භණාමසෙ, සික්ඛෙම සුසීලමත්තනො අපි මුච්චෙම පිසාචයොනියාති.
ප්රාණීන් කෙරෙහි සංයත වමු. දැන දැන මුසාබස් නො බෙණෙමු. තමන්ගේ පවිත්ර ශීලයෙහි හික්මෙමු. (එසේ කල්හි) යෙහෙක, පිසාචයෝනියෙන් මිදෙන්නමෝ වමු.