පුනබ‍්බසුසුත‍්තං
10. 1. 7.
10. 1. 7.
පුනබ‍්බසුසුත‍්තං.
පුනබ්බසු සූත්‍රය
241. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.
241. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බාණපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨිකත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථාවෙන් භික්‍ෂූන්ට (කරුණු) දක්වා වදාරණ සේක. (කරුණු) ගන්වන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මොනොවට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
අථ ඛො පුනබ‍්බසුමාතා යක‍්ඛිනී පුත‍්තකෙ එවං තොසෙසි:
ඉක්බිති පුනබ්බසුමවු යැකිනි කුඩාපුතුන් මෙසේ නැළවූ:
තුණ‍්හී උත‍්තරිකෙ හොහි තුණ‍්හී හොහි පුනබ‍්බසු, යාවාහං බුද‍්ධසෙට‍්ඨස‍්ස ධම‍්මං සොස‍්සාමි සත්‍ථුනො.
බුද්ධශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය මම යම්තාක් අසන්නෙම් ද, උත්තරිකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වව. පුනබ්බසුව, නිශ්ශබ්ද වව.
නිබ‍්බානං භගවා ආහ සබ‍්බගන්‍ථප‍්පමොචනං, අතිවෙලා ච මෙ හොති අස‍්මිං ධම‍්මෙ පියායනා.
භාග්‍යවතුන් වහන්සේ හැම ගැටෙන මිදීම නම් වූ නිවණ වදාරණ සේක. මේ දහම්හි මාගේ පැතීම ප්‍රමාණාතික්‍රාන්ත වෙයි.
පියො ලොකෙ සකො පුත‍්තො පියො ලොකෙ සකො පති, තතො පියතරා මය‍්හං අස‍්ස ධම‍්මස‍්ස මග‍්ගනා.
ලොව්හි සියපුත් තෙමේ ප්‍රිය වෙයි. ලොව්හි සිය හිමි තෙමේ ද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ඉතා ප්‍රිය වෙයි.
න හි පුත‍්තො පති වාපි පියො දුක‍්ඛා පමොචයෙ, යථා සද‍්ධම‍්මසවණං දුක‍්ඛා මොචෙති පාණිනං.
සදහම් ඇසීම යම් සේ සත්‍වයා දුකින් මුදා ද, ප්‍රියපුත්‍රයා ද ප්‍රියහිමියා ද (එසේ) දුකින් නො ම මුදයි.
ලොකෙ දුක‍්ඛපරෙතස‍්මිං ජරාමරණසංයුතෙ, ජරාමරණමොක‍්ඛාය යං ධම‍්මං අභිසම‍්බුද‍්ධං, තං ධම‍්මං සොතුමිච‍්ඡාමි තුණ‍්හී හොහි පුනබ‍්බසූති.
දුකින් පීඩිත වූ ජරාමරණයෙන් යුක්ත වූ ලොව්හි ජරාමරණයෙන් මිදීම පිණිස යම් ධර්‍මයක් අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය අසන්නට කැමැත්තෙමි. එම්බා පුනබ්බසු, නිශ්ශබ්ද වව.
[පුනබ‍්බසු:]
[පුනබ්බසු:]
අම‍්ම න බ්‍යාහරිස‍්සාමි තුණ‍්හීභූතායමුත‍්තරා, ධම‍්මමෙව නිසාමෙහි සද‍්ධම‍්මසවණං සුඛං,
මෑණියෙනි, (මම) නිහඬ වෙමි. මේ උත්තරාව ද නිහඬ ය. දහම ම අසනු මැනවි. සදහම් ඇසීම සුව ය.
සද‍්ධම‍්මස‍්ස අනඤ‍්ඤාය අම‍්ම දුක‍්ඛං චරාමසෙ, එස දෙවමනුස‍්සානං සම‍්මූළ‍්හානං පභඞ‍්කරො, බුද‍්ධො අන‍්තිමසාරීරො ධම‍්මං දෙසෙති චක‍්ඛුමාති.
මෑණියෙනි, සදහම නො දැන්මෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසැස් ඇති පැසුලු අත්බැව් දරණ මේ බුදුරජානන් වහන්සේ අතිශයින් මුළා වූ දෙවිමිනිසුන්ට දහම් දෙසන සේක.
[පුනබ‍්බසුමාතා:]
[පුනබ්බසුමවු:]
සාධු ඛො පණ‍්ඩිතො නාම පුත‍්තො ජාතො උරෙසයො, පුත‍්තො මෙ බුද‍්ධසෙට‍්ඨස‍්ස ධම‍්මං සුද‍්ධං පියායති.
උපන්නා වූ උරහොවින පුත් තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුත් තෙමේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේගේ පිරිසිදු දහම පතයි.
පුනබ‍්බසු සුඛී හොහි අජ‍්ජාහම‍්හි සමුග‍්ගතා, දිට‍්ඨානි අරියසච‍්චානි උත‍්තරා පි සුණාතු මෙති.
එම්බා පුනබ්බසු, සුවපත් වව. මම අද (සසරින්) ගොඩ නගුනෙම් වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. මාගේ උත්තරාව ද අසාවා.