සුදත්තසුත්තං
10. 1. 8.
10. 1. 8.
සුදත්තසුත්තං.
සුදත්ත සූත්‍රය
242. එකං සමයං භගවා රාජගහෙ විහරති සීතවනෙ. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති රාජගහං අනුප්පත්තො හොති. කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධො කිර ලොකෙ උප්පන්නොති. තාවදෙව ච පන භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො අහොසි.
242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළ වූ සේකැයි ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේ ද විය.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස එතදහොසි: අකාලො ඛො අජ්ජ භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. ස්වෙදානාහං කාලෙන භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සාමීති, බුද්ධගතාය සතියා නිපජ්ජි. රත්තියා සුදං තික්ඛත්තුං වුට්ඨාසි පභාතන්ති මඤ්ඤමානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීවථිකද්වාරං තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට මේ අදහස විය: භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නට අද නොකල් ය. දන් මම හෙට කල් ඇති ව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එළඹෙනෙමියි බුදුන් කෙරෙහි ගිය සිහි ඇතිව හොත්තේ ය. අලුයම යයි හඟිමින් රෑ තුන්යලක් නැගී සිටියේ ය. එකල්හි අනාථපිණ්ඩික ගැහැවි තෙමේ සොහොන්දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවර කළහ.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නගරම්හා නික්ඛමන්තස්ස ආලොකො අන්තරධායි. අන්ධකාරො පාතුරහොසි. භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව පුන නිවත්තිතුකාමො අහොසි. අථ ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
ඉක්බිති අනේපිඬු ගැහැවියහු නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. එකල්හි සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
සතං හත්ථී සතං අස්සා සතං අස්සතරී රථා, සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසිං.
සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද, සියක්දහසක් අශ්වතරියෝ ද, සියක්දහසක් රිය ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (යමකුට ලැබුනාහු ද, ඒ ලාභයෝ බුදුන් දක්නට යන්නහුගේ) එක්පියවරක සොළොස්වැනි කලාවෙන් කලාවටත් නො අගිත්.
අභික්කම ගහපති, අභික්කම ගහපති, අභික්කමනං තෙ සෙය්යො නො පටික්කමනන්ති.
ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැවි. ආපසු යෑම නො මැනැවි.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි.
දුතියම්පි ඛො -පෙ-
දෙවන වට දු ...
තතියම්පි ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ආලොකො අන්තරධායි, අන්ධකාරො පාතුරහොසි, භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව පුන නිවත්තිතුකාමො අහොසි. තතියම්පි ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
තෙවන වට දු අනේපිඬු ගැහැවිහට එළිය අතුරුදන් වි ය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. තෙවන වට දු සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
සතං හත්ථී සතං අස්සා සතං අස්සතරී රථා, සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසිං.
සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද සියක්දහසක් අශ්වතරියෝ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (බුදුන් දක්නට යන්නහුගේ) එක් පියවරක් පිළිබඳ සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
අභික්කම ගහපති, අභික්කම ගහපති, අභික්කමනං තෙ සෙය්යො නො පටික්කමනන්ති.
ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැව. ආපසු යෑම නො මැනැව.
අථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනං තෙනුපසඞ්කමි.
ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ ශීතවනයට වෙත එළඹියේ ය.
තෙන ඛො පන සමයෙන භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අබ්භොකාසෙ චඞ්කමති. අද්දසා ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන චඞ්කමා ඔරොහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: එහි සුදත්තාති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට අබවස සක්මන් කරණ සේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ අනේපිඬු ගැහැවිහු දුර දී ම දුටු සේක. දැක සක්මනින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ අනේපිඬු ගැහැවිහට “සුදත්ත, (මෙහි) එව” යි මෙය වදාළ සේක.
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති නාමෙන මං භගවා ආලපතීති, තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: කච්චි භන්තෙ භගවා සුඛමසයිත්ථාති?
එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ නමින් මා අමතන සේකැ යි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, කිම? භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුනු සේක් දැ’යි මෙය සැළ කළේ ය.
[භගවා:]
[භගවත්හු:]
සබ්බදා වෙ සුඛං සෙති බ්රාහ්මණො පරිනිබ්බුතො, යො න ලිම්පති කාමෙසු සීතිභූතො නිරූපධි.
යමෙක් කාමයන්හි නොතැවරේ ද, (කෙලෙස් ගිනි නැති බැවින්) සිහිල් වූයේ ද, උපධි රහිත ද පිරිනිවියා වූ (ඒ ක්ෂීණාස්රව) බමුණු තෙමේ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ හොවී.
සබ්බා ආසත්තියො ඡෙත්වා විනෙය්ය හදයෙ දරං, උපසන්තො සුඛං සෙති සන්තිං පප්පුය්ය චෙතසොති.
සියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ හොවී.