පඨම සුක්කාසුත්තං
10. 1. 9.
10. 1. 9.
පඨම සුක්කාසුත්තං.
පඨමසුක්කා සූත්‍රය
243. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සුක්කා භික්ඛුනී මහතියා පරිසාය පරිවුතා ධම්මං දෙසෙති.
243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සුක්කා මෙහෙණ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දී දහම් දෙසයි.
අථ ඛො සුක්කාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යක්ෂයෙක් රජගහනුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
කිම්මෙ කතා රාජගහෙ මනුස්සා මධුපීතාව සෙය්යරෙ, යෙ සුක්කං න පයිරුපාසන්ති දෙසෙන්තිං අමතං පදං.
යම් කෙනෙක් නිවන්පදය දෙසන්නා වූ සුක්කා මෙහෙණ වෙත නො එළඹෙද්ද, රජගහනුවර (වෙසෙන) මේ මිනිස්සු කුමක් කෙරෙද්ද? සුරාපානය කළවුන්සේ හොවිත්.
තඤ්ච පන අප්පටිවානීයං අසෙචනකමොජවං, පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා වලාහකමිවද්ධගූති.
ඇසීමෙන් තෘප්තියට නො පැමිණෙන ස්වභාවයෙන් ම මිහිරි වූ ඕජෝගුණවත් වූ ඒ දහම වලාකුළු අතරෙන් නික්මෙන දිය බොන මගියන් මෙන් නුවණැත්තන් බොන්නාක් මෙනි.
10. 1. 10.
10. 1. 10.
දුතිය සුක්කාසුත්තං.
දුතියසුක්කා සූත්‍රය
244. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො සුක්කාය භික්ඛුනියා භොජනං අදාසි. අථ ඛො සුක්කාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
244. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් සුක්කා මෙහෙණහට බොදුනක් දිනි. ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්ධියෙන් මංසන්ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
පුඤ්ඤං වත පසවි බහුං සප්පඤ්ඤො වතායමූපාසකො, යො සුක්කාය අදාසි භොජනං සබ්බගන්ථෙහි විප්පමුත්තායාති.
යමෙක් සියලු කෙලෙස් ගැටෙන් මිදුනු සුක්කා මෙහෙණහට බොදුනක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කළේ ය.
10. 1. 11.
10. 1. 11.
චීරාසුත්තං.
චීරා සූත්‍රය
245. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො චීරාය භික්ඛුනියා චීවරං අදාසි. අථ ඛො චීරාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
245. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් චීරා මෙහෙණහට සිවුරක් දිනි. ඉක්බිති චීරා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්ධියෙන් මංසන්ධියට එළඹ ඒ වේලාවෙහි මේ ගාථාව කී ය:
පුඤ්ඤං වත පසවි බහුං සප්පඤ්ඤො වතායමුපාසකො, යො චීරාය අදාසි චීවරං සබ්බයොගෙහි විප්පමුත්තායාති.
යමෙක් සියලු යෝගවලින් මිදුනු චීරා මෙහෙණහට සිවුරක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කෙළේ ය.