ආළවකසුත්තං
10. 1. 12.
10. 1. 12.
ආළවකසුත්තං.
ආළවක සූත්‍රය
246. එවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: නික්ඛම සමණාති, සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති, සාධාවුසොති භගවා පාවිසි.
246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යකුගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දුතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති. සාධාවුසොති භගවා පාවිසි. තතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති. සාධාවුසොති භගවා පාවිසි. චතුත්ථම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. න ඛ්වාහං ආවුසො නික්ඛමිස්සාමි. යං තෙ කරණීයං තං කරොහීති.
දෙවන වට දු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. තෙවන වටදු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. සිවුවන වට දු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව යි.
[ආළවකො:]
[අළව්:]
පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි. සචෙ මෙ න බ්යාකරිස්සසි, චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵාලෙස්සාමි, පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති.
මහණ, තොපගෙන් පැණයක් විචාරන්නෙමි. ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි.
[භගවා:]
[භගවත්හු:]
න ඛ්වාහං තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යෙ මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය. අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසීති.
ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. වැලි දු ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි.
අථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
කිං සූධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිං සු සුචිණ්ණං සුඛමාවහාති, කිං සු හවෙ සාදුතරං රසානං කථං ජීවී ජීවිතමාහු සෙට්ඨන්ති?
මෙ ලොව සත්වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කුමක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද?
[භගවා:]
[භගවත්හු:]
සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති, සච්චං හවෙ සාදුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති.
මෙලොව සත්වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරි ය. නුවණින් ජිවත්වනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියත්.
[ආළවකො:]
[අළව්:]
කථං සු තරති ඔඝං කථංසු තරති අණ්ණවං, කථං සු දුක්ඛං අච්චෙති කථං සු පරිසුජ්ඣතීති.
ඕඝය කෙසේ තරණය කෙරේ ද? අණිවය කෙසේ තරණය කෙරේ ද? දුක කෙසේ ඉක්මවා ද? කෙසේ පිරිසිදු වේ ද?
[භගවා:]
[භගවත්හු:]
සද්ධාය තරති ඔඝං අප්පමාදෙන අණ්ණවං, විරියෙන දුක්ඛං අච්චෙති පඤ්ඤාය පරිසුජ්ඣතීති.
ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. අප්‍රමාදයෙන් අණිවය තරණය කෙරේ. වීර්‍ය්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාවෙන් පිරිසිදු වේ.
[ආළවකො:]
[අළව්:]
කථං සු ලභතෙ පඤ්ඤං කථංසු වින්දතෙ ධනං, කථං සු කිත්තිං පප්පොති කථං මිත්තානි ගන්ථති, අස්මා ලොකා පරං ලොකං කථං පෙච්ච න සොචතීති?
නුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?
[භගවා:]
[භගවත්හු:]
සද්දහානො අරහතං ධම්මං නිබ්බාණපත්තියා, සුස්සූසා ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛණො.
නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.
පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං, සච්චෙන කිත්තිං පප්පොති දදං මිත්තානි ගන්ථති.
සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්ථානවීර්ය්ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.
යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මො ධිති චාගො ස චෙ පෙච්ච න සොචති, අස්මා ලොකා පරං ලොකං එවං පෙච්ච න සොචතීති.
ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ ඒකාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.
ඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු පුථූ සමණබ්රාහ්මණෙ, යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්යොධ විජ්ජතීති.
සත්‍යයටත්, ඉන්ද්රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි.
[ආළවකො:]
[අළව්:]
කථං නු දානි පුච්ඡෙය්යං පුථූ සමණබ්රාහ්මණෙ, සො’හං අජ්ජ පජානාමි යො අත්ථො සම්පරායිකො.
සාම්පරායික වූ ද (දෘෂ්ටධාර්මිකවූ ද) යම් අර්‍ත්‍ථයෙක් වේ නම් (එය) ඒ මම අද දනිමි. (එහෙයින්) දැන් බොහෝ වූ මහණබමුණන් කුමකට විචාරන්නෙම් ද,
අත්ථාය වත මෙ බුද්ධො වාසායාළවිමාගමා, සො’හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
ඒකාන්තයෙන් මට වැඩ පිණිස බුදුරජානන් වහන්සේ විසීම පිණිස අළව් නුවරට වැඩිසේක: යමකුට දෙන ලද්ද මහත්ඵල වේ නම් එය මම අද දනිමි.
සො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන්ති.
ඒ මම (බුද්ධසුබුද්ධතාව කියා) බුදුරජානන් වහන්සේ ද, (ධර්මසුධර්මතාව කියා) ධර්මය ද (සඞ්ඝසුසඞ්ඝතාව කියා) සඞ්ඝයා ද වඳිමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි.
ඉන්දකවග්ගො පඨමො.
ඉන්දක වර්ගය පළමුවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
ඉන්දකො සක්ක සූචි ච මණිභද්දො ච සානු ච, පියඞ්කර පුනබ්බසු සුදත්තො ච ද්වෙ සුක්කා චීරා ආළවකෙන ද්වාදසාති.
ඉන්දක, සක්ක, සූචි, මණිභද්ද, සානු, පියඞ්කර, පුනබ්බසු, සුදත්ත ය, සුක්කාසූත්ර දෙක ය, චීරා සූත්‍රය, ආළවක සූත්‍ර යයි දොළොසෙකි.
යක්ඛසංයුත්තං සමත්තං.
යක්ඛ සංයුත්තය නිමියේ ය.