යෙදුමෙන් කියවන්න

සුවීරසුත‍්තං

11. 1. 1.

11. 1. 1.

සුවීරසුත‍්තං.

සුවීර සූත්‍රය

247. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

247. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

භූතපුබ‍්බං භික‍්ඛවෙ අසුරා දෙවෙ අභියංසු. අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සුවීරං දෙවපුත‍්තං ආමන‍්තෙසි. එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන‍්ති. ගච‍්ඡ, තාත සුවීර, අසුරෙ පච‍්චුය්‍යාහීති. වං භද‍්දං තවාති ඛො භික‍්ඛවෙ සුවීරො දෙවපුත‍්තො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා පමාදං ආපාදෙසි.

මහණෙනි, පෙර වූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියාහු ය. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත් ඇමතී ය:- “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.

දුතියම‍්පි ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සුවීරං දෙවපුත‍්තං ආමන‍්තෙසි: එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන‍්ති. ගච‍්ඡ තාත සුවීර, අසුරෙ පච‍්චුය්‍යාහීති. එවං භද‍්දං තවාති ඛො භික‍්ඛවෙ සුවීරො දෙවපුත‍්තො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා දුතියම‍්පි පමාදං ආපාදෙසි.

මහණෙනි, දෙවන වට දු සක්දෙවිඳු තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දෙවන වට දු (ගමන) පමා කළේ ය.

තතියම‍්පි ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සුවීරං දෙවපුත‍්තං ආමන‍්තෙසි: එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන‍්ති. ගච‍්ඡ තාත සුවීර, අසුරෙ පච‍්චුය්‍යාහීති. එවං භද‍්දං තවාති ඛො භික‍්ඛවෙ සුවීරො දෙවපුත‍්තො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා තතියම‍්පි පමාදං ආපාදෙසි.

මහණෙනි, තෙවන වට දු ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුට පිළිවදන් අස්වා තෙවන වට දු (ගමන) පමා කළේ ය.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සුවීරං දෙවපුත‍්තං ගාථාය අජ‍්ඣභාසි:

මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත්හට ගාථායෙන් කී ය:

අනුට‍්ඨහං අවායමං සුඛං යත්‍රාධිගච‍්ඡති, සුවීර තත්‍ථ ගච‍්ඡාහි මඤ‍්ච තත්‍ථෙව පාපයාති.

(කායිකවීර්‍ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුවීරො:]

[සුවීරදෙව්පුත්:]

අලසස‍්ස අනුට‍්ඨාතා න ච කිච‍්චානි කාරයෙ, සබ‍්බකාමසමිද‍්ධස‍්ස තම‍්මෙ සක‍්ක වරං දිසාති.

උත්‍ථානවීර්‍ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේ ය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් සක්දෙවිඳුනි, ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.

[සක‍්කො:]

[සක්දෙවිඳු:]

යත්‍ථාලසො අනුට‍්ඨාතා අච‍්චන‍්තං සුඛමෙධති, සුවීර තත්‍ථ ගච‍්ඡාහි මඤ‍්ච තත්‍ථෙව පාපයාති.

උත්‍ථානවීර්‍ය්‍ය නැත්තා වූ අලසපුද්ගලයෙක් යම් තැනෙක අත්‍යන්තයෙන් සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

[සුවීරො:]

[සුවීර:]

අකම‍්මුනා දෙවසෙට‍්ඨ සක‍්ක වින්‍දෙමු යං සුඛං, අසොකං අනුපායාසං තං මෙ සක‍්ක වරං දිසාති.

ශක්‍රදේවේන්‍ද්‍රය, කර්‍ම නො කිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්‍ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.

[සක‍්කො:]

[සක්දෙවිඳු:]

සචෙ අත්‍ථි අකම‍්මෙන කොචි ක්‍වචි න ජීවති, නිබ‍්බානස‍්ස හි සො මග‍්ගො සුවීර තත්‍ථ ගච‍්ඡාහි මඤ‍්ච තත්‍ථෙව පාපයාති.

කිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නොවේ ද, (කෘෂි වණික් ආදි) කර්‍ම නො කිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්‍වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.

සො හි නාම භික‍්ඛවෙ, සක‍්කො දෙවානමින්‍දො සකං පුඤ‍්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං කාරෙන‍්තො උට‍්ඨානවිරියස‍්ස වණ‍්ණවාදී භවිස‍්සති. ඉධ ඛො තං භික‍්ඛවෙ සොභෙථ, යං තුම‍්හෙ එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතා සමානා උට‍්ඨහෙය්‍යාථ ඝටෙය්‍යාථ වායමෙය්‍යාථ අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායාති.

මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ නම් සිය පින්පල නිසා ජීවත්වන්නේ තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්‍ථානවීර්‍ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත ශාසනයෙහි පැවිදි වූවාහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නොකළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නො කළ දහමක් පසක් කිරීම පිණිස ද යම් වීර්‍ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්‍ය්‍යය හොබනේ ය.