යෙදුමෙන් කියවන්න

10. මොග‍්ගල‍්ලානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

10. මොග‍්ගල‍්ලානසුත‍්තවණ‍්ණනා

10. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව

දසමෙ සමන‍්නෙසතීති පරියෙසති පච‍්චවෙක‍්ඛති. නගස‍්සාති පබ‍්බතස‍්ස. මුනින‍්ති බුද‍්ධමුනිං. දුක‍්ඛස‍්ස පාරගුන‍්ති දුක‍්ඛපාරං ගතං. සමන‍්නෙසන‍්ති සමන‍්නෙසන‍්තො. එවං සබ‍්බඞ‍්ගසම‍්පන‍්නන‍්ති එවං සබ‍්බගුණසම‍්පන‍්නං. අනෙකාකාරසම‍්පන‍්නන‍්ති අනෙකෙහි ගුණෙහි සමන‍්නාගතං.

දස වැන්නේ - සමන්නෙසති සොයයි, පිරික්සා බලයි. නගස්ස පර්වතයෙහි, මුනි බුදුන් වහන්සේ නම් වූ මුනිවරයා; දුක්‍ඛස්ස පාරගුං දුක් කෙළවරට පැමිණි, සමන්නෙසං සොයන්නාහු, (සොයමින්), එවං සබ්බඞ්ගසම්පන්නං මෙසේ සියලු ගුණ සම්පන්න වූ, අනෙකාකාර සම්පන්නං නොයෙක් ගුණයන්ගෙන් සමන්විත වූ.

දසමං.

දස වැනි සූත්‍රය යි.

11. ගග‍්ගරාසුත‍්තවණ‍්ණනා

11. ගග්ගරා සූත්‍ර වර්ණනාව

එකාදසමෙ ත්‍යාස‍්සුදන‍්ති තෙ අස‍්සුදං. අස‍්සුදන‍්ති නිපාතමත‍්තං. වණ‍්ණෙනාති සරීරවණ‍්ණෙන. යසසාති පරිවාරෙන. විගතමලොව භාණුමාති විගතමලො ආදිච‍්චො විය.

එකොළොස් වැන්නේ - ත්‍යාස්සුදං තෙ අස්සුදං, ‘අස්සුදං’ යනු නිපාත මාත්‍රයකි. වණ්ණෙන ශරීර වර්ණයෙන්, යසෙන පිරිවරින් වීතමලොව භානුමා නිර්මල වූ සූර්යයා මෙන්.

එකාදසමං.

එකළොස් වැනි සූත්‍රය යි.

12. වඞ‍්ගීසසුත‍්තවණ‍්ණනා

12. වඞ්ගීස සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ ආයස‍්මාති පියවචනං. වඞ‍්ගීසොති තස‍්ස ථෙරස‍්ස නාමං. සො කිර පුබ‍්බෙ පදුමුත‍්තරකාලෙ පටිභානසම‍්පන‍්නං සාවකං දිස‍්වා දානං දත්‍වා පත්‍ථනං කත්‍වා කප‍්පසතසහස‍්සං පාරමියො පූරෙත්‍වා අම‍්හාකං භගවතො කාලෙ සකලජම‍්බුදීපෙ වාදකාමතාය ජම‍්බුසාඛං පරිහරිත්‍වා එකෙන පරිබ‍්බාජකෙන සද‍්ධිං වාදං කත්‍වා වාදෙ ජයපරාජයානුභාවෙන තෙනෙව පරිබ‍්බාජකෙන සද‍්ධිං සංවාසං කප‍්පෙත්‍වා වසමානාය එකිස‍්සා පරිබ‍්බාජිකාය කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො වයං ආගම‍්ම මාතිතො පඤ‍්චවාදසතානි, පිතිතො පඤ‍්චවාදසතානීති වාදසහස‍්සං උග‍්ගණ‍්හිත්‍වා විචරති. එකඤ‍්ච විජ‍්ජං ජානාති, යං විජ‍්ජං පරිජප‍්පිත්‍වා මතානං සීසං අඞ‍්ගුලියා පහරිත්‍වා – “අසුකට‍්ඨානෙ නිබ‍්බත‍්තො”ති ජානාති. සො අනුපුබ‍්බෙන ගාමනිගමාදීසු විචරන‍්තො පඤ‍්චහි මාණවකසතෙහි සද‍්ධිං සාවත්‍ථිං අනුප‍්පත‍්තො නගරද‍්වාරෙ සාලාය නිසීදති.

දොළොස් වැන්නේ - ආයස්මා ප්‍රිය වචනයකි. වඞ්ගීසො ඒ තෙරුන්ගේ නම යි. හේ පෙර පදුමුත්තර (බුදුන්) කාලයෙහි ප්‍රතිභා (බුද්ධි) සම්පන්න වූ ශ්‍රාවකයකු දැක දන් දී පැතීමක් කොට කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අපගේ බුදුන් වහන්සේගේ සමයෙහි මුළු දඹදිව වාද කිරීමේ කැමති බව නිසා දඹ අත්තක් පරිහරණය කොට එක් පිරිවැජියකු සමග වාද කොට වාදයෙහි ජය පරාජයක් නො මැති බව හේතුවෙන් එම පිරිවැජියා සමග ම සංවාස කොට ජීවත් වන එක් පරිබ්‍රාජිකාවකගේ කුසයෙහි උපන්නේ විය පත් ව මවගෙන් වාද පන්සියයක් ද පියාගෙන් වාද පන්සියයක් දැයි වාද දහසක් ඉගෙන හැසිරෙයි. එක් විද්‍යාවක් ද දනියි. ඒ විද්‍යාව ජප කොට මළවුන්ගේ සිරසට ඇඟිල්ලෙන් ඇන, අසුවල් තැන උපනැයි දනියි. හේ අනුපිළිවෙලින් ගම් නියම්ගම් ආදියෙහි සැරිසරන්නේ තරුණයන් පන්සියයක් සමග සැවතට අනුප්‍රාප්ත වූයේ නගර දොරටු ශාලාවෙහි හිඳියි.

තදා ච නගරවාසිනො පුරෙභත‍්තං දානං දත්‍වා පච‍්ඡාභත‍්තං සුද‍්ධුත‍්තරාසඞ‍්ගා ගන්‍ධමාලාදිහත්‍ථා ධම‍්මස‍්සවනාය විහාරං ගච‍්ඡන‍්ති. මාණවො දිස‍්වා, “කහං ගච‍්ඡථා”ති? පුච‍්ඡි. තෙ “දසබලස‍්ස සන‍්තිකං ධම‍්මස‍්සවනායා”ති ආහංසු. සොපි සපරිවාරො තෙහි සද‍්ධිං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං භගවා ආහ – “වඞ‍්ගීස, භද‍්දකං කිර සිප‍්පං ජානාසී”ති. “භො ගොතම, අහං බහුසිප‍්පං ජානාමි. තුම‍්හෙ කතරං සන්‍ධාය වදථා”ති? ඡවදූසකසිප‍්පන‍්ති. ආම, භො ගොතමාති. අථස‍්ස භගවා අත‍්තනො ආනුභාවෙන නිරයෙ නිබ‍්බත‍්තස‍්ස සීසං දස‍්සෙත්‍වා, “වඞ‍්ගීස, අයං කහං නිබ‍්බත‍්තො”ති පුච‍්ඡි. සො මන‍්තං ජප‍්පිත්‍වා අඞ‍්ගුලියා පහරිත්‍වා “නිරයෙ”ති ආහ. “සාධු, වඞ‍්ගීස, සුකථිත”න‍්ති දෙවලොකෙ නිබ‍්බත‍්තස‍්ස සීසං දස‍්සෙසි. තම‍්පි සො තථෙව බ්‍යාකාසි. අථස‍්ස ඛීණාසවස‍්ස සීසං දස‍්සෙසි. සො පුනප‍්පුනං මන‍්තං පරිවත‍්තෙත්‍වාපි අඞ‍්ගුලියා පහරිත්‍වාපි නිබ‍්බත‍්තට‍්ඨානං න පස‍්සති.

එදා ද නගර වාසීහු පෙරබත්හි දානය දී පසු බත්හි ශුද්ධ වූ උත්තරාසංග ඇත්තාහු සුවඳ මාලා ආදිය අතින් ගත්තෝ ධර්ම ශ්‍රවණය පිණිස විහාරයට යති. තරුණයා (ඒ බැව්) දැක කොහි යන්නහු දැයි විචාළේ ය. ඔවුහු බුදුන් සමීපයෙහි ධර්ම ශ්‍රවණය පිණිස ය යි කීහ. හේ ද පිරිවර සහිත ව ඔවුන් සමග ගොස් පිළිසඳර කථා කොට එකත්පස් ව සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට (මෙසේ) කී සේක. “වංගීස, හොඳ ශිල්පයක් දන්නෙහි ලු!” “භවත් ගෞතමයිනි, මම බොහෝ ශිල්ප දනිමි. ඔබ වහන්සේ කවරක් අරභයා විමසන්නෙහි ද? ‘ඡවරූපක (මළ කඳ පිළිබඳ ප්‍රතිරූප) ශිල්පය යි.” “එසේ ය, භවත් ගෞතමයිනි,” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිය ආනුභාවයෙන් නිරයේ උපන්නෙකුගේ හිසක් පෙන්වා ‘වංගීස, මොහු කොහි උපන්නේදැයි විමසූ සේක. හේ මන්ත්‍රය ජප කොට ඇඟිල්ලෙන් ඇන “නිරයෙහි” යි පැවසී ය. හොඳයි වංගීස, මැනවින් කියන ලදී’ යි දෙව්ලොව උපන්නෙකුගේ හිසක් දැක් වූ සේක. එය ද එසේ ම ප්‍රකාශ කළේ ය. ඉක්බිති ක්ෂීණාශ්‍රව කෙනකුන්ගේ හිසක් පෙන් වී ය. හේ යළි යළිත් මන්ත්‍රය පෙරලූයේ වුව ද ඇඟිල්ලෙන් ඇන ද උපදින තැනක් නො දකියි.

අථ නං භගවා “කිලමසි, වඞ‍්ගීසා”ති ආහ? ආම භො, ගොතමාති. පුනප‍්පුනං උපධාරෙහීති. තථා කරොන‍්තොපි අදිස‍්වා, “තුම‍්හෙ, භො ගොතම, ජානාථා”ති ආහ. ආම, වඞ‍්ගීස, මං නිස‍්සාය චෙස ගතො, අහමස‍්ස ගතිං ජානාමීති. මන‍්තෙන ජානාසි, භො ගොතමාති? ආම, වඞ‍්ගීස, එකෙන මන‍්තෙනෙව ජානාමීති. භො ගොතම, මය‍්හං මන‍්තෙන ඉමං මන‍්තං දෙථාති. අමූලිකො, වඞ‍්ගීස, මය‍්හං මන‍්තොති. දෙථ, භො ගොතමාති. න සක‍්කා මය‍්හං සන‍්තිකෙ අපබ‍්බජිතස‍්ස දාතුන‍්ති. සො අන‍්තෙවාසිකෙ ආමන‍්තෙසි – “තාතා සමණො ගොතමො අතිරෙකසිප‍්පං ජානාති, අහං ඉමස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා සිප‍්පං ගණ‍්හාමි, තතො සකලජම‍්බුදීපෙ අම‍්හෙහි බහුතරං ජානන‍්තො නාම න භවිස‍්සති. තුම‍්හෙ යාව අහං ආගච‍්ඡාමි, තාව අනුක‍්කණ‍්ඨිත්‍වා විචරථා”ති තෙ උය්‍යොජෙත්‍වා “පබ‍්බාජෙථ ම”න‍්ති ආහ. සත්‍ථා නිග්‍රොධකප‍්පස‍්ස පටිපාදෙසි. ථෙරො තං අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා පබ‍්බාජෙසි. සො පබ‍්බජිත්‍වා සත්‍ථු සන‍්තිකං ආගම‍්ම වන්‍දිත්‍වා ඨිතො “සිප‍්පං දෙථා”ති යාචි. වඞ‍්ගීස, තුම‍්හෙ සිප‍්පං ගණ‍්හන‍්තා අලොණභොජනථණ‍්ඩිලසෙය්‍යාදීහි පරිකම‍්මං කත්‍වා ගණ‍්හථ, ඉමස‍්සාපි සිප‍්පස‍්ස පරිකම‍්මං අත්‍ථි, තං තාව කරොහීති. සාධු, භන‍්තෙති. අථස‍්ස සත්‍ථා ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සො තං අනුලොමපටිලොමං මනසිකරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අනුක‍්කමෙන අරහත‍්තං පාපුණි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් “වංගීස, වෙහෙස දැයි විමසූ සේක, “එසේය භවත් ගෞතමයිනි,” “යළි යළිත් පරීක්‍ෂා කරව.” එසේ කරන්නේ වුව ද නො දැක “භවත් ගෞතමයනි, ඔබ වහන්සේ දන්නෙහි දැයි විමසී ය. මේ උපත මා හේතු කොට ගෙන ය. මම ඔහුගේ ගමන (යන තැන) දනිමි” “භවත් ගෞතමයිනි, මන්ත්‍රයෙන් දන්නෙහි ද?” “එසේ ය, වංගීසයෙනි, එක ම මන්ත්‍රයකින් දක්නෙමි.” “භවත් ගෞතමයනි, මගේ මන්ත්‍රය ගෙන මේ මන්ත්‍රය දෙනු මැනවි. “වංගීස, මගේ මන්ත්‍රය අමූලික ය.” “මට දෙනු මැනවි භවත් ගෞතමයිනි.” “මා ළඟ පැවිදි නොවූවහුට දීමට නො හැක්කේ ය.” හේ අන්තේවාසිකයන් ඇමතී ය. “සොහොයුරනි, ශ්‍රමණ ගෞතමයෝ වැඩිපුර ශිල්පයක් දනිති. මම උන් වහන්සේගේ ශාසනයෙහි මහණ වී ශිල්පය ගනිමි. එවිට මුළු දඹදිව මට වැඩියෙන් දන්නා කෙනෙක් නම් නො වන්නාහු ය. ඔබලා මා එන තෙක් උකටලී නො වී සැරිසරව්’ යි ඔවුන් උනන්දු කරවා, “මා පැවිදි කරවනු මැනවි’ යි කී ය. බුදුහු නිග්‍රෝධ කාශ්‍යප හිමියනට පැවරූ සේක. තෙරුන් වහන්සේ තමන් වසන තැනට ගෙන ගොස් පැවිදි කරවූ සේක. හේ පැවිදි ව බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳ සිටිමින් ශිල්පය දෙනු මැනවියි අයැදී ය. ‘වංගීසය, ඔබ (ඔබේ) ශිල්පය ලුණු නැති බොදුන්, (වැළඳීම) රළු බිම්හි නිදීම ආදියෙන් සකසා ගන්නෙහි ය. මේ ශිල්පයට ද පිළිවෙලක් ඇත. එය කරව’යි (කී සේක). ‘යහපති ස්වාමීනි,” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට තිස් දෙයාකාර කමටහන් වදාළ සේක. හේ එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ විපස්සනා වඩා අනුක්‍රමයෙන් අර්හත්වයට පත් වූයේ ය.

විමුත‍්තිසුඛං පටිසංවෙදීති එවං අරහත‍්තං පත්‍වා විමුත‍්තිසුඛං පටිසංවෙදෙන‍්තො. කාවෙය්‍යමත‍්තාති කාවෙය්‍යෙන කබ‍්බකරණෙන මත‍්තා. ඛන්‍ධායතනධාතුයොති ඉමානි ඛන්‍ධාදීනි පකාසෙන‍්තො ධම‍්මං දෙසෙසි. යෙ නියාමගතද‍්දසාති යෙ නියාමගතා චෙව නියාමදස‍්සාති ච. ස‍්වාගතන‍්ති සුආගමනං. ඉද‍්ධිපත‍්තොම‍්හීති ඉමිනා ඉද‍්ධිවිධඤාණං ගහිතං. චෙතොපරියායකොවිදොති ඉමිනා චෙතොපරියඤාණං. දිබ‍්බසොතං පන අවුත‍්තම‍්පි ගහිතමෙව හොති.

විමුත්තිසුඛං පටිසංවෙදී මෙසේ අර්හත් භාවයට පැමිණ විමුක්ති සුවය විඳින්නේ. කාවෙය්‍යමත්තා පද්‍ය බන්ධනයෙන් කවි තැනීමෙහි මත් වූ; ඛන්‍ධායතනධාතුයො මේ ස්ක්නධ ආදිය ප්‍රකාශ කරමින් ධර්මය දේශනා කළහ. යෙ නියාමගතද්දසා යමෙක් නියාම ධර්මයට පැමිණියෝ ද නියාම ධර්මය දක්නෝ ද, ස්වාගතං ‘සු ආගමණං’ (යහපත් ආගමනයක්); ඉද්ධිප්පත්තොම්හි මෙයින් ඉද්ධිවිධ ඤාණය ගන්නා ලදි. චෙතොපරියාය කොවිදා මෙයින් චෙතෝපරිය ඤාණය (ගන්නා ලදි). දිබ්බසෝතය නො කියන ලද්දේ වුව ද ගන්නා ලද ම ය.

එවං ඡ අභිඤ‍්ඤාපත‍්තො එසො මහාසාවකොති වෙදිතබ‍්බො.

මෙසේ අභිඥා සයට පැමිණි උන්වහන්සේ මහා ශ්‍රාවකයා යි දත යුත්තේ ය.

ද‍්වාදසමං.

දොළොස් වැනි සූත්‍රය යි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය වඞ‍්ගීසසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ වංගීස සංයුත්ත වර්‍ණනාව නිමියේ ය.