මොග්ගල්ලානසුත්තං
8. 1. 10.
8. 1. 10.
මොග්ගල්ලානසුත්තං
මොග්ගල්ලාන සූත්‍රය
218. එකං සමයං භගවා රාජගහෙ විහරති ඉසිගිලිපස්සෙ කාළසිලායං මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙසං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො චෙතසා චිත්තං සමන්නෙසති විප්පමුත්තං නිරුපධිං.
218. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්.
අථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි: අයං ඛො භගවා රාජගහෙ විහරති ඉසිගිලිපස්සෙ කාළසිලායං මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙසං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො චෙතසා චිත්තං සමන්නෙසති විප්පමුත්තං නිරුපධිං. යන්නූනාහං ආයස්මන්තං මහාමොග්ගල්ලානං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසතෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමග වැඩවසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පසසන්නෙම් නම් මැනවැ”යි මේ අදහස වි ය.
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං මහාමොග්ගල්ලානං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පැසසී ය.
නගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං, සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
ත්‍රිවිද්‍යා ඇත්තා වූ කෙලෙස් මරු නැසූ ශ්‍රාවකයෝ පවුපස වැඩහුන් දුක් කෙළවරට පැමිණි සම්බුදු මුනීහු පර්ය්යුපාසනය කෙරෙත්.
තෙ චෙතසා අනුපරියෙති මොග්ගල්ලානො මහිද්ධිකො, චිත්තං නෙසං සමන්නෙසං විප්පමුත්තං නිරූපධිං.
මහත් ඍද්ධි ඇති මහමුගලන් තෙරණුවෝ සව්වන්ගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ද, උපධි රහිත දැයි සොයමින් තම සිතින් ඔවුන් ලුහුබැඳ යෙත්.
එවං සබ්බඞ්ගසම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං, අනෙකාකාරසම්පන්නං පයිරුපාසන්ති ගොතමන්ති.
මෙසේ සියලු ගුණාඞ්ගයන්ගෙන් යුත් දුක් කෙළවරට පැමිණි නොයෙක් අයුරෙන් පිරිපුන් සම්බුදු මුනි වූ ගෞතමයන් වහන්සේ පර්ය්යුපාසනය කෙරෙත්.