කොණ්ඩඤ්ඤසුත්තං
8. 1. 9.
8. 1. 9.
කොණ්ඩඤ්ඤසුත්තං
කොණ්ඩඤ්ඤ සූත්‍රය
217. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො සුචිරස්සෙව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති “කොණ්ඩඤ්ඤොහං භගවා කොණ්ඩඤ්ඤොහං සුගතා”ති.
217. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්.
අථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අයං ඛො ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො සුචිරස්සෙව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති “කොණ්ඩඤ්ඤොහං භගවා කොණ්ඩඤ්ඤොහං සුගතා”ති. යන්නූනාහං ආයස්මන්තං අඤ්ඤාකොණ්ඩඤ්ඤං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්. මම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසු ගාථායෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරිඳුන් පසසන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස විය.
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං අඤ්ඤාකොණ්ඩඤ්ඤං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් පැසසී ය.
බුද්ධානුබුද්ධො සො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්කමො, ලාභී සුඛවිහාරානං විවෙකානං අභිණ්හසො.
(බුදුහුට පසුව චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධ කළ බැවින්) බුද්ධානුබුද්ධ වූ බහුල වීර්‍ය්‍යය ඇති ඒ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ සුඛවිහරණ ඇති චිත්තවිවේකයන් නිතර ලබනසුල්ලහ.
යං සාවකෙන පත්තබ්බං සත්ථුසාසනකාරිනා, සබ්බස්ස තං අනුප්පත්තං අප්පමත්තස්ස සික්ඛතො.
ශාස්තෘශාසනකාරී වූ ශ්‍රාවකයකු විසින් යමක් ලැබියයුතු ද අප්රමාදී ව හික්මෙන්නා වූ උන්වහන්සේ විසින් ඒ සියල්ල ලබන ලදී.
මහානුභාවො තෙවිජ්ජො චෙතොපරියායකොවිදො, කොණ්ඩඤ්ඤො බුද්ධදායාදො පාදෙ වන්දති සත්ථුනොති.
මහත් අනුභාව ඇති ත්‍රිවිද්‍යා ඇති චේතෝපරියඤාණයෙහි දක්ෂ වූ බුද්ධපුත්‍ර වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳිත්.