යෙදුමෙන් කියවන්න

පරොසහස‍්සසුත‍්තං

8. 1. 8.

8. 1. 8.

පරොසහස‍්සසුත‍්තං

පරොසහස්ස සූත්‍රය

216. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බාණපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

216. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි මහත් බික් සඟන අඩතෙළෙස් භික්‍ෂූන් දහස සමග වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමිකථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.

අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස එතදහොසි: අයං ඛො භගවා භික‍්ඛූ නිබ‍්බාණපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති. යන‍්නූනාහං භගවන‍්තං සම‍්මුඛා සරූපාහි ගාථාහි අභිත්‍ථවෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ‍්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො භගවන‍්තං සම‍්මුඛා සරූපාහි ගාථාහි අභිත්‍ථවි:

ඉක්බිති වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනාකොටගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් හමුවෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:

පරොසහස‍්සං භික‍්ඛූනං සුගතං පයිරුපාසති, දෙසෙන‍්තං විරජං ධම‍්මං නිබ‍්බානං අකුතොභයං.

අ රාදහසක් පමණ භික්‍ෂූහු (කොයිනුත් බියක් නැති බැවින්) අකුතොභය වූ නිර්‍මල වූ නිර්‍වාණ ධර්‍මය දේශනා කරණ බුදුරජානන් වහන්සේ පයිරුපාසනය කෙරෙත්.

සුණන‍්ති ධම‍්මං විමලං සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං, සොභති වත සම‍්බුද‍්ධො භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො.

සම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් දෙසෙන නිර්‍මල වූ ධර්‍මය අසත්. බික්සඟන විසින් පෙරටු කරණ ලද සම්බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් හොබනා සේක.

නාගනාමොසි භගවා ඉසීනං ඉසිසත‍්තමො, මහාමෙඝොව හුත්‍වාන සාවකෙ අභිවස‍්සති.

භාග්‍යවතුන් වහන්සේ, (මුබවහන්සේ) නාග නම් වන සේක. (විපස්සී ආදි බුද්ධ) ඍෂින් අතුරෙන් සත් වැනි ඍෂි වන සේක. නොහොත් (ප්‍රතෙයකබුද්ධාදි) ඍෂින්ට අතිශ්‍රේෂ්ඨ ඍෂි වන සේක. මහාමේඝයක් මෙන් වී සව්වන් (සදහම් වැස්සෙන්) තෙමන සේක.

දිවාවිහාරා නික‍්ඛම‍්ම සත්‍ථුදස‍්සනකම්‍යතා, සාවකො තෙ මහාවීර පාදෙ වන්‍දති වඞ‍්ගීසොති.

මහාවීරයන් වහන්ස, මුබවහන්සේගේ ශ්‍රාවක වූ වඞ්ගීස තෙමේ ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් (මුබවහන්සේගේ) සිරිපා වඳියි.

කින‍්නු තෙ වඞ‍්ගීස ඉමා ගාථායො පුබ‍්බෙ පරිවිතක‍්කිතා උදාහු ඨානසොව තං පටිභන‍්තීති?

කිමෙක් ද? වඞ්ගීස, මේ ගාථාවෝ තා විසින් පෙර සිතන ලද්දාහු ද? නැත හොත් තට (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (වැටහෙද්ද?)

න ඛො මෙ භන‍්තෙ ඉමා ගාථායො පුබ‍්බෙ පරිවිතක‍්කිතා. අථ ඛො ඨානසොව මං පටිභන‍්තීති.

වහන්ස, මේ ගාථාවෝ මා විසින් පෙර සිතන ලද්දාහු නො ම වෙති. වැලි (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (මට වැටහෙත්.)

තෙන හි තං වඞ‍්ගීස භිය්‍යොසොමත‍්තාය පුබ‍්බෙ අපරිවිතක‍්කිතා ගාථායො පටිභන‍්තූති.

වඞ්ගීස, එසේ වී නම් පෙර කල්පනා නොකරණ ලද ගාථාවෝ බෙහෙවින් ම තට වැටහෙත්වා.

එවං භන‍්තෙති ඛො ආයස‍්මා වඞ‍්ගීසො භගවතො පටිස‍්සුත්‍වා භිය්‍යොසොමත‍්තාය භගවන‍්තං පුබ‍්බෙ අපරිවිතක‍්කිතාහි ගාථාහි අභිත්‍ථවි:

ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා පෙර කල්පනා නොකරණ ලද ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් ප්‍රශංසා කෙළේ ය:

උම‍්මග‍්ගපථං මාරස‍්ස අභිභුය්‍ය චරති පභිජ‍්ජ ඛිලානි, තං පස‍්සථ බන්‍ධපමුඤ‍්චකරං අසිතං භාගසො පවිභජ‍්ජං.

මාරයාගේ කෙලෙස් පීඩා නමැති උමං මැඩ (රාගාදි පඤ්ච) ඛීලයන් බිඳ හැසිරෙන සේක. කෙලෙස් බැඳුම් මුදා ලන රාගාදියෙන් අනිඃශ්‍රිත වූ ධර්‍මය කොටස් වශයෙන් බෙදන්නා වූ ඒ තථාගතයන් වහන්සේ දකිවු.

ඔඝස‍්ස හි නිත්‍ථරණත්‍ථං අනෙකවිහිතං මග‍්ගං අක‍්ඛාසි, තස‍්මිං තෙ අමතෙ අක‍්ඛාතෙ ධම‍්මද‍්දසා ඨිතා අසංහීරා.

චතුරෝඝ නිත්‍ථරණය පිණිස අනේකවිධ වූ මාර්‍ගය වදාළ සේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අසංහාරිය ව (රාගාදියෙන් හැකිළිය නො හැකියේ තහවුරුව) පිහිටි යෝ ය.

පජ‍්ජොතකරො අතිවිජ‍්ඣ ධම‍්මං සබ‍්බට‍්ඨිතීනං අතික‍්කමමද‍්දස, ඤත්‍වා ච සච‍්ඡිකත්‍වා ච අග‍්ගං සො දෙසයි දසද‍්ධානං.

ඥානාලෝකය පහළ කළ බුදුරජානන් වහන්සේ ධර්‍මය අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ ඉක්මීම දුටු සේක. දැන ප්‍රත්‍යක්‍ෂ කොට උන්වහන්සේ උතුම් ධර්‍මය දශාර්ධයන්ට හෙවත් පස්වග මහණුන්ට දෙසූ සේක.

එවං සුදෙසිතෙ ධම‍්මෙ කො පමාදො විජානතං, තස‍්මා හි තස‍්ස භගවතො සාසනෙ අප‍්පමත‍්තො සදා නමස‍්සමනුසික‍්ඛෙති.

මෙසේ ධර්‍මය මොනොවට දේශනා කොට ඇතිකල්හි ධර්‍මය දැන ගන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් (තථාගතයන් වහන්සේට) නමස්කාර කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි අප්‍රමාදී ව හැම කල්හි පිළිවෙළින් හික්මෙන්නේ ය.