1. නික්ඛන්තසුත්තවණ්ණනා අට්ඨකථා
1. නික්ඛන්තසුත්තවණ්ණනා
1. නික්ඛන්ත සූත්‍ර වර්ණනාව
වඞ්ගීසසංයුත්තස්ස පඨමෙ අග්ගාළවෙ චෙතියෙති ආළවියං අග්ගචෙතියෙ. අනුප්පන්නෙ බුද්ධෙ අග්ගාළවගොතමකාදීනි යක්ඛනාගාදීනං භවනානි, චෙතියානි අහෙසුං. උප්පන්නෙ බුද්ධෙ තානි අපනෙත්වා මනුස්සා විහාරෙ කරිංසු. තෙසං තානෙව නාමානි ජාතානි. නිග්රොධකප්පෙනාති නිග්රොධරුක්ඛමූලවාසිනා කප්පත්ථෙරෙන. ඔහිය්යකොති ඔහීනකො. විහාරපාලොති සො කිර තදා අවස්සිකො හොති පත්තචීවරග්ගහණෙ අකොවිදො. අථ නං ථෙරා භික්ඛූ – “ආවුසො, ඉමානි ඡත්තුපාහනකත්තරයට්ඨිආදීනි ඔලොකෙන්තො නිසීදා”ති විහාරරක්ඛකං කත්වා පිණ්ඩාය පවිසිංසු. තෙන වුත්තං “විහාරපාලො”ති. සමලඞ්කරිත්වාති අත්තනො විභවානුරූපෙන අලඞ්කාරෙන අලඞ්කරිත්වා. චිත්තං අනුද්ධංසෙතීති කුසලචිත්තං විද්ධංසෙති විනාසෙති. තං කුතෙත්ථ ලබ්භාති එතස්මිං රාගෙ උප්පන්නෙ තං කාරණං කුතො ලබ්භා. යං මෙ පරොති යෙන මෙ කාරණෙන අඤ්ඤො පුග්ගලො වා ධම්මො වා අනභිරතිං විනොදෙත්වා ඉදානෙව අභිරතිං උප්පාදෙය්ය ආචරියුපජ්ඣායාපි මං විහාරෙ ඔහාය ගතා.
වංගීසසංයුත්තයේ පළමු වැන්නේ - අග්ගාළවෙ චෙතියෙ අළව් නුවර ප්‍රධාන විහාරයේ, බුදුන් වහන්සේ ඉපදීමට පෙර අග්ගාළවක ගොතමක ආදි යක්ෂනාග ආදීන්ගේ භවන - චෙතිය - විය; බුදුන් උපන් කල්හි ඒවා බැහැර කොට මිනිස්සු විහාර කළහ. ඒවාට ඒ නම් ම ඇති විය. නිග්රොධ කප්පෙන නිග්‍රෝධ වෘක්ෂ මූලවාසී කප්ප තෙරුන් විසින් ඔහීයකො ‘ඔහීනකො’ වෙහෙර (රැකීමට) නවතා තබනු ලබන විහාර පාලො මුරකරු කටයුතු කරන්නා; හේ එකල්හි අවස්සික (වර්ෂ නැති) පාත්‍ර සිවුරු දැරීමෙහි පළපුරුද්දක් නැති, ඉක්බිති තෙරවරු ඇවැත්නි, මේ කුඩ-පාවහන්-හැරමිටි ආදිය බලාගනිමින් සිටින්න’යි විහාර රකින්නකු කොට පිඬු පිණිස වැඩියහ. එහෙයින් ‘විහාරපාල’ යි කියන ලදි. සමලංකරිත්වා තමාගේ වත්කම් අනුව අලංකාරවලින් සරසා, චිත්තං අනුද්ධංසෙති කුසල් සිත විධ්වංශනය කරයි, විනාශ කරයි, තං කුතෙත්ථ ලබ්භා ඒ රාගය උපන් කල්හි ඒ කාරණය කොහෙන් ලැබිය හැකි ද? යං මෙ පරො වෙනත් පුද්ගලයෙක් හෝ ධර්මයක් යම් කරුණකින් මගේ අනභිරතිය වනසා දැන් ම අභිරතිය උපදවන්නේ ද (ඒ) ආචාර්ය, උපාධ්‍යායවරු ද මා විහාරයෙහි හැර දමා ගියාහු වෙත්.
අගාරස්මාති අගාරතො නික්ඛන්තං. අනගාරියන්ති පබ්බජ්ජං උපගතන්ති අත්ථො. කණ්හතොති කණ්හපක්ඛතො මාරපක්ඛතො ආධාවන්ති. උග්ගපුත්තාති උග්ගතානං පුත්තා මහෙසක්ඛා රාජඤ්ඤභූතා. දළ්හධම්මිනොති දළ්හධනුනො, උත්තමප්පමාණං ආචරියධනුං ධාරයමානා. සහස්සං අපලායිනන්ති යෙ තෙ සමන්තා සරෙහි පරිකිරෙය්යුං, තෙසං අපලායීනං සඞ්ඛං දස්සෙන්තො “සහස්ස”න්ති ආහ. එතතො භිය්යොති එතස්මා සහස්සා අතිරෙකතරා. නෙව මං බ්යාධයිස්සන්තීති මං චාලෙතුං න සක්ඛිස්සන්ති. ධම්මෙ සම්හි පතිට්ඨිතන්ති අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදනසමත්ථෙ සකෙ සාසනධම්මෙ පතිට්ඨිතං. ඉදං වුත්තං හොති – ඉස්සාසසහස්සෙ තාව සමන්තා සරෙහි පරිකිරන්තෙ සික්ඛිතො පුරිසො දණ්ඩකං ගහෙත්වා සබ්බෙ සරෙ සරීරෙ අපතමානෙ අන්තරාව පහරිත්වා පාදමූලෙ පාතෙති. තත්ථ එකොපි ඉස්සාසො ද්වෙ සරෙ එකතො න ඛිපති, ඉමා පන ඉත්ථියො රූපාරම්මණාදිවසෙන පඤ්ච පඤ්ච සරෙ එකතො ඛිපන්ති. එවං ඛිපන්තියො එතා සචෙපි අතිරෙකසහස්සා හොන්ති, නෙව මං චාලෙතුං සක්ඛිස්සන්තීති.
අගාරස්මා ගිහි ගෙයින් නික්ඛන්තං (නික්මුණා වූ) අනගාරියං පැවිදි බවට පත් යන අරුත යි කණ්හතො කෘෂ්ණ (අඳුරු) පැත්තෙන්, මාරයාගේ පාර්ශ්වයෙන් ඉදිරියට දිව එත් උග්ගපුත්තා උසස් වූවන්ගේ පුත්‍රයෝ, මහේශාඛ්‍ය වූ රාජන්‍ය (ක්ෂත්රිය) වූ; දළ්හධම්මිනො දැඩි දුණු දරන්නා වූ, උත්තම ප්‍රමාණ වූ ආචාර්ය දුණු දරන්නා වූ, සහස්සං අපලායිනං යම් කෙනෙක් හාත්පස මේ ඊතල විසුරුවන්නාහු ද, ඔවුන්ගෙන් පැන නො යන සංඛ්‍යාව දක්වන්නේ සහස්සං (දහසකි) යි කී ය. එත්තකො භිය්යො මේ දහසටත් වැඩි, නෙව මං ඛ්යාධයිස්සන්ති මා සෙලවීමට නො හැකි වන්නෝ ය. ධම්මෙ සම්හි පතිට්ඨිතං අනභිරතිය වනසා අභිරතිය ඉපදවීමට සමත් ස්වකීය ශාසන ධර්මයෙහි පිහිටි, කියන ලද්දේ මෙය යි; දුණුවායන් දහසක් හාත්පසින් ඊ විසුරුවද්දී (විදිද්දී) පුහුණු වූ පුරුෂයා දණ්ඩක් ගෙන සියලු ඊ සිරුරෙහි නො වැටෙන සේ අතරමග දී ම පහර දී පා මුල වට්ටවයි ද? එහි එක ම දුන්නක් ඊ දෙකක් එක විට මුදා නො හරී. (එහෙත්) මේ ස්ත්‍රීහු රූපාරම්මණ ආදි වශයෙන් ඊ පහ පහ එක විට මුදා හරිති. එසේ මුදා හරින්නාවූ ඔවුහු ඉදින් තවත් දහසක් වුව මා සෙලවීමට සමත් නො වන්නාහු ය.
සක්ඛී හි මෙ සුතං එතන්ති මයා හි සම්මුඛා එතං සුතං. නිබ්බානගමනං මග්ගන්ති විපස්සනං සන්ධායාහ. සො හි නිබ්බානස්ස පුබ්බභාගමග්ගො, ලිඞ්ගවිපල්ලාසෙන පන “මග්ග”න්ති ආහ. තත්ථ මෙති තස්මිං මෙ අත්තනො තරුණවිපස්සනාසඞ්ඛාතෙ නිබ්බානගමනමග්ගෙ මනො නිරතො. පාපිමාති කිලෙසං ආලපති. මච්චූතිපි තමෙව ආලපති. න මෙ මග්ගම්පි දක්ඛසීති යථා මෙ භවයොනිආදීසු ගතමග්ගම්පි න පස්සසි, තථා කරිස්සාමීති.
සක්ඛීහි මෙ සුතං එතං මා විසින් එය සම්මුඛයෙහි (ඉදිරිපිට දී) අසන ලදි. නිබ්බානගමණං මග්ගං (නිර්වාණගාමී මග, විපස්සනාව අරභයා කී ය. එය නිර්වාණයට පූර්වභාග වූ මාර්ගය යි. ලිංග විපර්යාසයෙන් ‘මග්ගං’ (මග්ගො වෙනුවට) යි කී ය. තත්ථ මෙ ‘තස්මිං මෙ’ තමාගේ අභිනව විපස්සනා සංඛ්‍යාත වූ නිර්වාණාධිගම මාර්ගයෙහි සිත නිරත වී (තිබේ). පාපිමා මරු අමතයි; මච්චු ඔහු ම ආමන්ත්‍රණය කරයි. න මෙ මග්ගම්පි දක්ඛසි යම් සේ මගේ භවයෝනි ආදියෙහි ගිය මග ද නො දක්නෙහි ද එසේ කරන්නෙමි.
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.
2. අරතිසුත්තවණ්ණනා
2. අරති සූත්‍ර වර්ණනාව
දුතියෙ නික්ඛමතීති විහාරා නික්ඛමති. අපරජ්ජු වා කාලෙති දුතියදිවසෙ වා භික්ඛාචාරකාලෙ. විහාරගරුකො කිරෙස ථෙරො. අරතිඤ්ච රතිඤ්චාති සාසනෙ අරතිං කාමගුණෙසු ච රතිං. සබ්බසො ගෙහසිතඤ්ච විතක්කන්ති පඤ්චකාමගුණගෙහනිස්සිතං පාපවිතක්කඤ්ච සබ්බාකාරෙන පහාය. වනථන්ති කිලෙසමහාවනං. කුහිඤ්චීති කිස්මිඤ්චි ආරම්මණෙ. නිබ්බනථොති නික්කිලෙසවනො. අරතොති තණ්හාරතිරහිතො.
දෙවැන්නේ - නික්ඛමති විහාරයෙන් නික්ම යයි. අපරජ්ජුවා කාලෙ දෙවැනි දිනයේ, පිඬු සිඟා යන වේලාවේ හෝ, විහාරයට නැමුණු තෙර නමකි. අරතිඤ්ච රතිඤ්ච ශාසනයෙහි අරතියත් කාමගුණයන්හි රතියත් (ඇල්මත්), සබ්බසො ගෙහසිතඤ්ච විතක්කං පඤ්චකාම ගුණයෙන් යුත් ලෞකික ජීවිතය පිළිබඳ පාප සිතුවිලි ද සර්වාකාරයෙන් දුරු කොට, වනථං කෙළෙස් නමැති මහා වනය, කුහිඤ්චි කිසියම් අරමුණක, නිබ්බනථො නික්ලේශී වනය, අරතො තණ්හාරති රහිත වූ,
පථවිඤ්ච වෙහාසන්ති පථවිට්ඨිතඤ්ච ඉත්ථිපුරිසවත්ථාලඞ්කාරාදිවණ්ණං, වෙහාසට්ඨකඤ්ච චන්දසූරියොභාසාදි. රූපගතන්ති රූපමෙව. ජගතොගධන්ති ජගතියා ඔගධං, අන්තොපථවියං නාගභවනගතන්ති අත්ථො. පරිජීයතීති පරිජීරති. සබ්බමනිච්චන්ති සබ්බං තං අනිච්චං. අයං ථෙරස්ස මහාවිපස්සනාති වදන්ති. එවං සමච්චාති එවං සමාගන්ත්වා. චරන්ති මුතත්තාති විඤ්ඤාතත්තභාවා විහරන්ති.
පුථුවිඤ්ච වෙහාසඤ්ච පොළොවෙහි පිහිටියාවූ ස්ත්‍රී පුරුෂ වස්ත්‍ර අලංකාර ආදි රූප ද, අහස ඇසුරු කළා වූ සඳ හිරු ආලෝක ආදිය ද රූපගතං ‘රූපං’ම ය. ජගතොගධං ‘ජයතියා ඔගධං’ (ලෝකයෙහි ගැඹුරෙහි) පෘථිවිය ඇතුළත නාගභවනයට ගිය යන අරුත යි. පරිජිය්යති ‘පරිජීරති’ සහමුලින් දිරයි. සබ්බමනිච්චං ඒ සියල්ල අනිත්‍ය යි. මෙය තෙරුන් වහන්සේගේ විපස්සනාව යයි කියත්. එවං සමෙච්ච මෙසේ පැමිණ, චරන්ති මුතන්තා දැන ගන්නා ලද ආත්මභාව ඇති ව වාසය කරත්.
උපධීසූති ඛන්ධකිලෙසාභිසඞ්ඛාරෙසු. ගධිතාති ගිද්ධා. දිට්ඨසුතෙති චක්ඛුනා දිට්ඨෙ රූපෙ, සොතෙන සුතෙ සද්දෙ. පටිඝෙ ච මුතෙ චාති එත්ථ පටිඝපදෙන ගන්ධරසා ගහිතා, මුතපදෙන ඵොට්ඨබ්බාරම්මණං. යො එත්ථ න ලිම්පතීති යො එතෙසු පඤ්චකාමගුණෙසු තණ්හාදිට්ඨිලෙපෙහි න ලිම්පති.
උපධීසු ස්ක්නධ, ක්ලේශ, අභිසංඛාරචල, ගථිතා ගිජු වූවාහු, දිට්ඨසුතෙ ඇසින් දක්නා ලද රූප, කණින් අසන ලද ශබ්ද, පටිඝෙ ච මුතෙ ච මෙහි ‘පටිඝ’ ශබ්දයෙන් ගන්ධ රස ගන්නා ලදි. ‘මුත’ ශබ්දයෙන් ඵොට්ඨබ්බ ආරම්මණය යි. යො එත්ථ න ලිම්පති යමෙක් මේ පඤ්චකාම ගුණයන්හි තෘෂ්ණා දෘෂ්ටි කසටින් නො ගැල්වේ ද?
අථ සට්ඨිනිස්සිතා සවිතක්කා, පුථූ ජනතාය අධම්මා නිවිට්ඨාති අථ ඡ ආරම්මණනිස්සිතා පුථූ අධම්මවිතක්කා ජනතාය නිවිට්ඨාති අත්ථො. න ච වග්ගගතස්ස කුහිඤ්චීති තෙසං වසෙන න කත්ථචි කිලෙසවග්ගගතො භවෙය්ය. නො පන දුට්ඨුල්ලභාණීති දුට්ඨුල්ලවචනභාණීපි න සියා. ස භික්ඛූති සො එවංවිධො භික්ඛු නාම හොති.
අථ සට්ඨි නිස්සිතා සවිතක්කා පුථුජනතාය අධම්මා නිවිට්ඨා ඉක්බිති අරමුණු සය ඇසුරු කළ බොහෝ අධර්ම විතර්කයෝ ප්‍රජාව තුළට වැදගන්නාහු ය යනු අර්ථය යි. න ච වග්ගගතස්ස කුහිඤ්චි කිසිදු තැනක ක්ලේශ වර්ගයට පැමිණියේ නො වේ ද, නො පන දුට්ඨුල්ලභාණි ‘දුට්ඨුල්ල’ - දුකුලා නම් ඇවතට අදාළ නැතහොත් අශ්ලීල ලෙස වූ වචන, ‘භාණි’ - පවසන්නෙක් නො වන්නේ ද, ස භික්ඛු හේ මේ අයුරේ ‘භික්ෂුව’ නම් වේ.
දබ්බොති දබ්බජාතිකො පණ්ඩිතො. චිරරත්තසමාහිතොති දීඝරත්තං සමාහිතචිත්තො. නිපකොති නෙපක්කෙන සමන්නාගතො පරිණතපඤ්ඤො. අපිහාලූති නිත්තණ්හො. සන්තං පදන්ති නිබ්බානං. අජ්ඣගමා මුනීති අධිගතො මුනි. පටිච්ච පරිනිබ්බුතො කඞ්ඛති කාලන්ති නිබ්බානං පටිච්ච කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො පරිනිබ්බානකාලං ආගමෙති.
දබ්බො දක්ෂ වූ, පණ්ඩිත වූ, චිරරත්තසමාහිතො දිගු කලක් සමාධිගත සිත් ඇත්තේ, නිපකො නිපුණ බවෙන් සමන්විත වූ, පරිණත වූ ප්‍රඥාව ඇත්තේ, අපිහාලු තෘෂ්ණා රහිත වූ, සන්තං පදං නිර්වාණය, අජ්ඣගමා මුනි අවබෝධ කොට ගත් මුනිවරයා, පටිච්චපරිනිබ්බුතො කංඛති කාලං නිවණ නිසා කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවියේ පරිනිර්වාණ කාලය අපේක්ෂා කරයි (බලාපොරොත්තු වෙයි).
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. පෙසලඅතිමඤ්ඤනාසුත්තවණ්ණනා
3. පෙසල අතිමඤ්ඤනා සූත්‍ර වර්ණනාව
තතියෙ අතිමඤ්ඤතීති “කිං ඉමෙ මහල්ලකා? න එතෙසං පාළි, න අට්ඨකථා, න පදබ්යඤ්ජනමධුරතා, අම්හාකං පන පාළිපි අට්ඨකථාපි නයසතෙන නයසහස්සෙන උපට්ඨාතී”ති අතික්කමිත්වා මඤ්ඤති. ගොතමාති ගොතමබුද්ධසාවකත්තා අත්තානං ආලපති. මානපථන්ති මානාරම්මණඤ්චෙව මානසහභුනො ච ධම්මෙ. විප්පටිසාරීහුවාති විප්පටිසාරී අහුවා, අහොසීති අත්ථො. මග්ගජිනොති මග්ගෙන ජිතකිලෙසො. කිත්තිඤ්ච සුඛඤ්චාති වණ්ණභණනඤ්ච කායිකචෙතසිකසුඛඤ්ච. අඛිලොධ පධානවාති අඛිලො ඉධ පධානවා වීරියසම්පන්නො. විසුද්ධොති විසුද්ධො භවෙය්ය. අසෙසන්ති නිස්සෙසං නවවිධං. විජ්ජායන්තකරොති විජ්ජාය කිලෙසානං අන්තකරො. සමිතාවීති රාගාදීනං සමිතතාය සමිතාවී.
තුන් වැන්නේ - අතිමඤ්ඤති මේ මහල්ලෝ කවරහු ද? ඔවුනට පාළි නැත; අටුවා (ද) නැත; පදව්‍යඤ්ජන මධුරතාව (ද) නැත; අපට පාළියත්, අට්ඨකථාත් න්‍යාය සියයකින් න්‍යාය දහසකින් පිහිටියේ යි ඉක්මවා සිතයි. ගොතමො ගෞතම බුදුන්ගේ ශ්‍රාවක හේතුවෙන් තමා ආමන්ත්‍රණය කරයි. මානපථං මානාරම්මණ මෙන් ම මාන හා එක් වුණු ධර්ම, විප්පටිසාරහුවා ‘විප්පටිසාරි අහුවා’ (විපිළිසර විය) යනු අර්ථ යි. මග්ගජිනො මාර්ගයෙන් දිනන ලද කෙළෙස් ඇත්තේ; කිත්තිඤ්ච සුඛඤ්ච ගුණ වැනීම හා කායික මානසික සුවය ද, අඛිලොධ පධානවා ‘අකිලො ඉධ පධානවනා’ මෙහි චෙතෝඛිල නැති ප්‍රධන් වීර්යය ඇති - විරිය සම්පන්න වූ; විසුද්ධො පිරිසිදු වූයේ වෙයි. අසෙසං ශේෂ කිරීමක් නැති ව, නව විධ වූ; විජ්ජායන්තකරො විද්‍යාවෙන් කෙළෙස්වල කෙළවර තැනූ; සමිතාවී රාගාදීන්ගේ සංසුන් බවින් උපශාන්ත වූ.
තතියං.
සතර වැනි සූත්‍රය යි.
4. ආනන්දසුත්තවණ්ණනා
4. ආනන්ද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ රාගොති ආයස්මා ආනන්දො මහාපුඤ්ඤො සම්භාවිතො, තං රාජරාජමහාමත්තාදයො නිමන්තෙත්වා අන්තොනිවෙසනෙ නිසීදාපෙන්ති. සබ්බාලඞ්කාරපටිමණ්ඩිතාපි ඉත්ථියො ථෙරං උපසඞ්කමිත්වා වන්දිත්වා තාලවණ්ටෙන බීජෙන්ති, උපනිසීදිත්වා පඤ්හං පුච්ඡන්ති ධම්මං සුණන්ති. තත්ථ ආයස්මතො වඞ්ගීසස්ස නවපබ්බජිතස්ස ආරම්මණං පරිග්ගහෙතුං අසක්කොන්තස්ස ඉත්ථිරූපාරම්මණෙ රාගො චිත්තං අනුද්ධංසෙති. සො සද්ධාපබ්බජිතත්තා උජුජාතිකො කුලපුත්තො “අයං මෙ රාගො වඩ්ඪිත්වා දිට්ඨධම්මිකසම්පරායිකං අත්ථං නාසෙය්යා”ති චින්තෙත්වා අනන්තරං නිසින්නොව ථෙරස්ස අත්තානං ආවිකරොන්තො කාමරාගෙනාතිආදිමාහ.
සිවු වැන්නේ - රාගො ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහා පුණ්යවන්තයහ. සම්මානයට පාත්‍ර වූවාහු ය. රාජ රාජ මහාමාත්‍යාදීහු උන්වහන්සේට ආරාධනය කොට නිවෙස් ඇතුළෙහි වඩා හිඳුවත්. සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූ ස්ත්‍රීහු ද තෙරුන් සමීපයට පැමිණ, වැඳ තල් නටුවෙකින් (තල්පතකින්) පවන් සලති. ආසන්නයේ හිඳ ප්‍රශ්න අසති. ධර්මය අසති. එහි අළුත මහණ වූ ආයුෂ්මත් වංගීස තෙරණුවන්ට අරමුණක් අල්ලා ගැනීමට අපොහොසත් වූයෙන් ස්ත්රීරූපාරම්මණ වූ රාගයක් සිත වැනසී ය. හේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ හෙයින් සෘජු ස්වභාව ඇති කුල පුත්‍රයෙක් වූයේ, මගේ මේ රාගය වර්ධනය වී මෙලෝ පරලෝ අර්ථය නසතියි සිතා වහා ම තෙරුනට තමා ගැන අනාවරණය කරන්නේ කාමරාගෙන ආදිය පැවසී ය.
තත්ථ නිබ්බාපනන්ති රාගනිබ්බානකාරණං. විපරියෙසාති විපල්ලාසෙන. සුභං රාගූපසඤ්හිතන්ති රාගට්ඨානියං ඉට්ඨාරම්මණං. පරතො පස්සාති අනිච්චතො පස්ස. මා ච අත්තතොති අත්තතො මා පස්ස. කායගතා ත්යත්ථූති කායගතා තෙ අත්ථු. අනිමිත්තඤ්ච භාවෙහීති නිච්චාදීනං නිමිත්තානං උග්ඝාටිතත්තා විපස්සනා අනිමිත්තා නාම, තං භාවෙහීති වදති. මානාභිසමයාති මානස්ස දස්සනාභිසමයා චෙව පහානාභිසමයා ච. උපසන්තොති රාගාදිසන්තතාය උපසන්තො.
එහි නිබ්බාපනං රාග නිවීම් හේතුවක් (උපායක්) විපරියෙසා විපර්යාස හේතුවෙන්, සුභං රාගූගුපසංහිතං රාගයට හේතුවන ඉෂ්ටාරම්මණයක්, පරතො පස්ස අනිත්‍ය වශයෙන් දකිනු මැනවි. මා ච අත්තතො ආත්ම වශයෙන් නො බලව, කායගතාත්යත්ථු ‘කායගතා තෙ අත්ථු’ (කායගතා සතිය ඔබට වේවා) අනිමිත්තඤ්ච භාවෙහි නිත්‍ය ආදි නිමිති බැහැර කරන හෙයින් විපස්සනාව ‘අනිමිත්තා’ නමි. එය වඩන්නෙහි යි කියයි. මානාභිසමයා මානයේ දර්ශනාභිසමයෙන් මෙන් ම පහාණාභිසමයෙන් ද; උපසන්තො රාගාදිය ශාන්ත වූ හෙයින් උපශාන්ත වූ.
චතුත්ථං.
සතර වැනි සූත්‍රය යි.
5. සුභාසිතසුත්තවණ්ණනා
5. සුභාසිත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අඞ්ගෙහීති කාරණෙහි, අවයවෙහි වා. මුසාවාදාවෙරමණිආදීනි හි චත්තාරි සුභාසිතවාචාය කාරණානි, සච්චවචනාදයො චත්තාරො අවයවා. කාරණත්ථෙ ච අඞ්ගසද්දෙ “චතූහී”ති නිස්සක්කවචනං හොති, අවයවත්ථෙ කරණවචනං. සමන්නාගතාති සමනුආගතා පවත්තා යුත්තා ච. වාචාති සමුල්ලපනවාචා, යා “වාචා ගිරා බ්යප්පථො”ති (ධ· ස· 636) ච, “නෙලා කණ්ණසුඛා”ති (දී· නි· 1.9) ච ආගතා. “යා පන වාචාය චෙ කතං කම්ම”න්ති එවං විඤ්ඤත්ති ච “යා චතූහි වචීදුච්චරිතෙහි ආරති…පෙ… අයං වුච්චති සම්මාවාචා”ති (විභ· 206) එවං විරති ච, “ඵරුසවාචා, භික්ඛවෙ, ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා හොතී”ති (අ· නි· 8.40) එවං චෙතනා ච වාචාති ආගතා, න සා ඉධ අධිප්පෙතා. කස්මා? අභාසිතබ්බතො. සුභාසිතාති සුට්ඨු භාසිතා. තෙනස්සා අත්ථාවහතං දීපෙති. නො දුබ්භාසිතාති න දුට්ඨු භාසිතා. තෙනස්සා අනත්ථාවහනපහානතං දීපෙති. අනවජ්ජාති රාගාදිවජ්ජරහිතා. ඉමිනාස්සා කාරණසුද්ධිං චතුදොසාභාවඤ්ච දීපෙති. අනනුවජ්ජාති අනුවාදවිමුත්තා. ඉමිනාස්සා සබ්බාකාරසම්පත්තිං දීපෙති. විඤ්ඤූනන්ති පණ්ඩිතානං. තෙන නින්දාපසංසාසු බාලා අප්පමාණාති දීපෙති.
පස් වැන්නේ - අඞ්ගෙහි කාරණවලින් හෝ (අවයවවලින්) කොටස්වලින්; මුසාවාදයෙන් වෙන්වීම ආදි සතර සුභාෂිතයේ කාරණා යි. සත්‍ය වචන ආදි සතර අවයව කොටස් ය. ‘අංග’ ශබ්දය කාරණ අර්ථය ඇත්තේ ද වේ. චතුහි නිස්සක්ක (පඤ්චමී විභක්ති) වචන වේ. කොටස් (අවයව) අර්ථයෙහි කරණ විභක්ති හෝ වේ. සමන්නාගතා ‘සමනු ආගතා’ - පවත්නා, යුක්ත, වාචා ‘වාචා ගිරා ව්යප්පථො’ (වචනය, පැවසීම, කථා කිරීම) යනුවෙන් ද “නෙළා කණ්ණසුඛා” (කෙළතොලු නො වූ කණට සුවය එළවන) යනුවෙන් ද ආ කථා කරන වචන යි. යම් වචනයක් “යං චෙතසිකං කම්මං” යනුවෙන් (වචී) විඤ්ඤත්ති (ලෙස) ද, “යා චතුහි වචීදුච්චරිතෙහි ආරති -පෙ- අයං වුච්චති සම්මා වාචා” යනුවෙන් විරති වාචා (ලෙස) ද, “ඵරුසා වාචා භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා හොති” යනුවෙන් “චෙතනාවාචා” (ලෙස) ද පැමිණියේ ද, එය මෙහි අදහස් නො කරන ලදි. මක් නිසා ද? නො පැවසිය යුතු හෙයිනි. සුභාසිතා මැනවින් ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අර්ථය ගෙන එන බැව් දක්වයි. න දුබ්භාසිතා දුෂ්ට ලෙස ප්‍රකාශ කරන ලද; එයින් මෙහි අනර්ථය ගෙන එන බැව් දක්වයි. අනවජ්ජා රාගාදි වැරදි රහිත වූ; මෙයින් එහි කාරණ ශුද්ධියත් දෝෂ සතර නොමැති බවත් දක්වයි. අනනුවජ්ජා දොස් පැවරීමෙන් මිදුනා වූ; මෙයින් එහි සර්වාලංකාර සම්පත්තිය දක්වා ලයි. විඤ්ඤූනං පණ්ඩිතයන්ගේ. එයින් (මේ වචනයෙන්) නින්දා ප්‍රශංසා සම්බන්ධයෙන් බාලයෝ ප්‍රමාණ (ප්‍රාමාණික) නො වෙති යි දක්වයි.
සුභාසිතංයෙව භාසතීති පුග්ගලාධිට්ඨානාය දෙසනාය චතූසු වාචඞ්ගෙසු අඤ්ඤතරනිද්දොසවචනමෙතං. නො දුබ්භාසිතන්ති තස්සෙව වාචඞ්ගස්ස පටිපක්ඛභාසනනිවාරණං. නො දුබ්භාසිතන්ති ඉමිනා මිච්ඡාවාචප්පහානං දීපෙති. සුභාසිතන්ති ඉමිනා පහීනමිච්ඡාවාචෙන භාසිතබ්බවචනලක්ඛණං. අඞ්ගපරිදීපනත්ථං පනෙත්ථ අභාසිතබ්බං පුබ්බෙ අවත්වා භාසිතබ්බමෙවාහ. එස නයො ධම්මංයෙවාතිආදීසුපි. එත්ථ ච පඨමෙන පිසුණදොසරහිතං සමග්ගකරණං වචනං වුත්තං, දුතියෙන සම්ඵප්පලාපදොසරහිතං ධම්මතො අනපෙතං මන්තාවචනං, ඉතරෙහි ද්වීහි ඵරුසාලිකරහිතානි පියසච්චවචනානි. ඉමෙහි ඛොති ආදිනා තානි අඞ්ගානි පච්චක්ඛතො දස්සෙන්තො තං වාචං නිගමෙති. යඤ්ච අඤ්ඤෙ පටිඤ්ඤාදීහි අවයවෙහි, නාමාදීහි පදෙහි, ලිඞ්ගවචනවිභත්තිකාලකාරකසම්පත්තීහි ච සමන්නාගතං මුසාවාදාදිවාචම්පි සුභාසිතන්ති මඤ්ඤන්ති, තං පටිසෙධෙති. අවයවාදිසමන්නාගතාපි හි තථාරූපී වාචා දුබ්භාසිතාව හොති අත්තනො ච පරෙසඤ්ච අනත්ථාවහත්තා. ඉමෙහි පන චතූහඞ්ගෙහි සමන්නාගතා සචෙපි මිලක්ඛුභාසාපරියාපන්නා ඝටචෙටිකාගීතිකපරියාපන්නාපි හොති, තථාපි සුභාසිතාව ලොකියලොකුත්තරහිතසුඛාවහත්තා.
සුභාසිතං යෙව භාසති මෙය, පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙහි වාක් අංග සතරෙන් එකක නිර්දේශ වචනයකි. නො දුබ්භාසිතං ඒ වාචාංගයේ ම ප්රතිපක්ෂ (විරුද්ධ) වූ කථා කිරීම වළකා ලීම යි. මෙයින් මිථ්‍යා වචනප්රහාණය දක්වයි. සුභාසිතං මෙයින් ප්‍රහීණ වූ මිථ්‍යා වචනයෙන් කිවයුතු දේ පිළිබඳ ලක්ෂණය යි. අංග පෙන්වා දීම පිණිස මෙහි නො කිව යුතු දේ මුලින් නො කියා කිවයුත්ත ම කී ය. ධම්මං යෙව යන ආදියෙහි ද මේ න්‍යාය ම ය. මෙහි ද පළමු වැන්නෙන් කේළාම් බස් දොස් රහිත - සමගි කරවන වචන කියන ලදි. දෙවැන්නෙන් සම්ඵප්‍රලාප දෝෂ රහිත - ධර්මයන්ගෙන් බැහැර නො ගිය - සීමිත වචනය යි. ඉතිරි දෙකින් පරුෂ, අසත්‍ය රහිත වූ ප්‍රිය සත්‍ය වචන යි. ඉමෙහි ඛො ආදියෙන් ඒ අංග ප්රත්යක්ෂ ලෙස දක්වමින්, ඒ වචන පිට කරයි. යම් අන්‍ය වූ ප්‍රතිඥා ආදි අවයවවලින් ද, නාම ආදි පදවලින් ද, ලිංග - වචන - විභක්ති - කාල - කාරක සම්පත්ති යන ඒවායින් ද සමන්විත මුසාවාද ආදී අන්‍ය වචන පවා සුභාෂිතය යි සිතත් ද එය (පිළිගැනීම) ප්රතිෂෙධනය කරයි. (වළක්වා ලයි). අවයව ආදියෙන් යුක්ත වූයේ වුව ද ඒ ආකාර වචන දුබ්භාෂිත ම වේ. තමාටත් අනුනටත් අනර්ථකර වන හෙයිනි. මේ සතර අංගයෙන් ම යුක්ත වූ ඉදින් ම්ලේච්ඡ භාෂා අන්තර්ගත වූ, දිය අදින දාසිකගේ ගීත වූයේ වුව ද ලෞකික ලෝකෝත්තර සුවය ගෙන දෙන හෙයින් සුභාෂිත වූයේ ම (වේ.)
තථා හි මග්ගපස්සෙ සස්සං රක්ඛන්තියා සීහළචෙටිකාය සීහළකෙනෙව ජාතිජරාමරණයුත්තං ගීතිකං ගායන්තියා සද්දං සුත්වා මග්ගං ගච්ඡන්තා සට්ඨිමත්තා විපස්සකා භික්ඛූ අරහත්තං පාපුණිංසු. තථා තිස්සො නාම ආරද්ධවිපස්සකො භික්ඛු පදුමසරසමීපෙන ගච්ඡන්තො පදුමසරෙ පදුමානි භඤ්ජිත්වා –
ඒ එසේ ම ය. මග අසළ අස්වනු රකින, සිංහල භාෂාවෙන් ජාති ජරාමරණ සහිත ගීතිකාවක් ගයන සිංහල මෙහෙකාර තැනැත්තියක ගේ හඬ අසා මග යන සැටක් පමණ වූ විදර්ශනා වඩන භික්ෂූහු අර්හත්වයට පැමිණියහ. එසේ ම විදර්ශනාව ඇරඹූ තිස්ස නම් භික්ෂුව පියුම් විලක් අසලින් යන්නේ, පියුම් විලෙහි පියුම් කඩා:
“පාතොව ඵුල්ලිතකොකනදං, සූරියාලොකෙන භිජ්ජියතෙ; එවං මනුස්සත්තං ගතා සත්තා, ජරාභිවෙගෙන මද්දියන්තී”ති. –
පාතො ඵුල්ලිතකොකනදං සුරියාලොකෙන තජ්ජීයතෙ එවං මනුස්සත්තගතා සත්තා ජරාභිවෙගෙන මද්දීයන්ති
(උදයේ පිපුණු උපුල් මල සූර්යාලෝකයෙන් තර්ජනය කරනු ලැබේ. එසේ මනුෂ්‍යත්වයට පත් සත්ත්වයෝ ජරා වේගය විසින් මර්දනය කරනු ලැබෙති.)
ඉමං ගීතිකං ගායන්තියා චෙටිකාය සුත්වා අරහත්තං පත්තො.
යන මේ ගීතිකා ගයන දාසියකට ඇහුම්කන් දී අර්හත් බවට පත්විය.
බුද්ධන්තරෙපි අඤ්ඤතරො පුරිසො සත්තහි පුත්තෙහි සද්ධිං අටවිතො ආගම්ම අඤ්ඤතරාය ඉත්ථියා මුසලෙන තණ්ඩුලෙ කොට්ටෙන්තියා –
බුද්ධාන්තරයෙහි ම තවත් පුරුෂයෙක් පුතුන් සත් දෙනකු සමග වනයෙන් පැමිණ මෝල් ගසෙන් වී කොටන ගැහැණියක විසින්:
“ජරාය පරිමද්දිතං එතං, මිලාතඡවිචම්මනිස්සිතං; මරණෙන භිජ්ජති එතං, මච්චුස්ස ඝාසමාමිසං.
“ජරාය පරිමද්දිතං එතං මිලාතං ඡවිචම්මනිස්සිතං මරණෙන භිජ්ජති එතං මච්චුස්ස ඝාසමාමිසං
“කිමීනං ආලයං එතං, නානාකුණපෙන පූරිතං; අසුචිස්ස භාජනං එතං, කදලික්ඛන්ධසමං ඉද”න්ති. –
කිමීනං ආලයං එතං නානාකුණපපූරිතං අසුචිස්ස භාජනං එතං කදළික්ඛන්ධසමං ඉදං”
(ජරාවෙන් පිරිමදිනා ලද සිවිය - සම - ඇසුරු කරන ලද, මේ මිලාන වූ (ශරීරය) මරණයෙන් බිඳී යයි. එය මාරයාගේ ආහාරය යි. කෘමීන්ගේ නිවහනක් වූ මෙය නොයෙක් කුණප කොටස්වලින් පිරී ඇත. අශුචියට භාජනයක් වූ මෙය කෙසෙල් කඳක් මෙනි”)
ඉමං ගීතිකං සුත්වා පච්චවෙක්ඛන්තො සහ පුත්තෙහි පච්චෙකබොධිං පත්තො.
යන මේ ගීතිකාව අසා (ඒ ගැන) සිත මෙහෙයවන්නේ පුත්‍රයන් සමග පසේ බුදු බවට පත්විය.
එවං ඉමෙහි චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සචෙපි මිලක්ඛුභාසාපරියාපන්නා ඝටචෙටිකාගීතිකපරියාපන්නාපි හොති, තථාපි සුභාසිතාති වෙදිතබ්බා. සුභාසිතත්තා එව ච අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං අත්ථත්ථිකානං අත්ථපටිසරණානං, නො බ්යඤ්ජනපටිසරණානන්ති.
මෙසේ මේ අංග සතරින් සමන්විත වූ වචන, ම්ලේච්ඡ භාෂාහි අන්තර්ගත වූයේත්, දිය අදින දාසියකගේ ගීතිකාවලින් යුක්ත වූයේත් වුව ද සුභාෂිත යි දත යුත්තේ ය. සුභාෂිත බැවින් අනවද්‍ය ය. දොස් දැක්වීම් රහිත ය. පණ්ඩිතයන් හට ය, අර්ථය කැමති කුල පුත්‍රයනට ය, අර්ථපටිසරණ වූවනට ය. ව්යඤ්ජනපටිසරණ වූවනට නො වේ.
සාරුප්පාහීති අනුච්ඡවිකාහි. අභිත්ථවීති පසංසි. න තාපයෙති විප්පටිසාරෙන න තාපෙය්ය න විබාධෙය්ය. පරෙති පරෙහි භින්දන්තො නාභිභවෙය්ය න බාධෙය්ය. ඉති ඉමාය ගාථාය අපිසුණවාචාවසෙන භගවන්තං ථොමෙති. පටිනන්දිතාති පියායිතා. යං අනාදායාති යං වාචං භාසන්තො පරෙසං පාපානි අප්පියානි ඵරුසවචනානි අනාදාය අත්ථබ්යඤ්ජනමධුරං පියමෙව භාසති, තං වාචං භාසෙය්යාති පියවාචාවසෙන අභිත්ථවි.
සරූපාහි සුදුසු; අභිත්ථවී - ප්‍රශංසා කළේ ය. න තාපයෙ විපිළිසරයෙන් (මහත් කනස්සල්ලෙන්) නො තවයි ද, නො වෙහෙසවයි ද; පරෙ අනුන් විසින් බිඳවනු ලබන්නේ නො වෙහෙසව යි ද; මෙසේ මේ ගාථාවලින් මිථ්යාපවාද නො වූ ලෙස භාග්‍යවතුන් වහන්සේට ස්තුති කරයි. පටිනන්දිතා ප්‍රිය කරන ලද්දේ, යං අනාදාය යම් වචනයක් පවසමින් අනුන්ගේ පාපී වූ අප්‍රිය වූ ඵරුෂ වචන නො ගෙන අර්ථ - ව්‍යඤ්ජන (දෙකින් ම) මිහිරි වූ ප්‍රිය වූවක් ම කියයි ද, එම වචන ම පවසන්නේ යයි ප්‍රිය වචන වශයෙන් ප්‍රශංසා කළේ ය.
අමතාති සාධුභාවෙන අමතසදිසා. වුත්තම්පි හෙතං – “සච්චං හවෙ සාදුතරං රසාන”න්ති (සං· නි· 1.246) නිබ්බානාමතපච්චයත්තා වා අමතා. එස ධම්මො සනන්තනොති යා අයං සච්චවාචා නාම, එස පොරාණො ධම්මො චරියා පවෙණී. ඉදමෙව හි පොරාණානං ආචිණ්ණං, න තෙ අලිකං භාසිංසු. තෙනෙවාහ – සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච, ආහු සන්තො පතිට්ඨිතාති.
අමතා රසවත් බවින් අමෘතය සමාන වූ; එය කියන ලද්දේ ම ය. “සච්චං හවෙ සාදුතරං රසානං” (රසයන් අතර සත්‍යය ම වඩාත් රසවත් ය.) - නිර්වාණය නමැති අමෘතත්වයට ප්‍රත්‍යය වූ හෙයින් හෝ ‘අමත’ එසධම්මො සනන්තනො යම් ඒ සත්‍ය වචන නම් වූ මෙය පැරණි දහමකි. ප්රවේණි (පරම්පරාගත) චර්යාවකි. මෙය ම පෞරාණිකයන්ගේ පුරුදු පුහුණු වූ දෙයයි, ඔවුහු බොරු නො කීවෝ ය. එහෙයින් ම කීය: සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා
තත්ථ සච්චෙ පතිට්ඨිතත්තාව අත්තනො ච පරෙසඤ්ච අත්ථෙ පතිට්ඨිතා, අත්ථෙ පතිට්ඨිතත්තා එව ධම්මෙ පතිට්ඨිතා හොන්තීති වෙදිතබ්බා. සච්චවිසෙසනමෙව වා එතං. ඉදං හි වුත්තං හොති – සච්චෙ පතිට්ඨිතා, කීදිසෙ? අත්ථෙ ච ධම්මෙ ච, යං පරෙසං අත්ථතො අනපෙතත්තා අත්ථං අනුපරොධකරං, ධම්මතො අනපෙතත්තා ධම්මං ධම්මිකමෙව අත්ථං සාධෙතීති. ඉති ඉමාය ගාථාය සච්චවචනවසෙන අභිත්ථවි.
එහි සත්‍යයෙහි පිහිටි බැවින් ද තමාගේ ද අන්‍යයන්ගේ ද අර්ථයෙහි පිහිටියාහු ය. අර්ථයෙහි පිහිටි බැවින් ම ධර්මයෙහි පිහිටියාහු වෙති යි දත යුත්තේ ය. එය සත්‍ය විශේෂණයක් ම හෝ (වේ). කියන ලද්දේ මෙය යි, සත්‍යයෙහි පිහිටියේ; කුමනාකාරයේ අර්ථයෙහි ධර්මයෙහි ද? යමක් අන්‍යයන්ගේ අර්ථ (සිද්ධි) යෙන් බැහැර නො වූ බැවින් උපරෝධකර (බාධාකාරී) නො වූ යම් අර්ථයක් වේ ද (ඒ අර්ථයත්), ධර්මය ධර්මයෙන් බැහැර නොවූ හෙයින් ධාර්මික වූ ම අර්ථයත් සාධනය කරතියි මෙසේ මේ ගාථාවෙන් සත්‍යය වචන වශයෙන් ස්තුති කළේ ය.
ඛෙමන්ති අභයං නිරුපද්දවං. කෙන කාරණෙනාති චෙ. නිබ්බානපත්තියා දුක්ඛස්සන්තකිරියාය, යස්මා කිලෙසනිබ්බානං පාපෙති, වට්ටදුක්ඛස්ස ච අන්තකිරියාය සංවත්තතීති අත්ථො. අථ වා යං බුද්ධො නිබ්බානපත්තියා දුක්ඛස්සන්තකිරියායාති ද්වින්නං නිබ්බානධාතූනං අත්ථාය ඛෙමමග්ගප්පකාසනතො ඛෙමං වාචං භාසති, සා වෙ වාචානමුත්තමාති සා වාචා සබ්බවාචානං සෙට්ඨාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. ඉති ඉමාය ගාථාය මන්තාවචනවසෙන භගවන්තං අභිත්ථවන්තො අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨපෙසීති.
ඛෙමං භය රහිත වූ, නිරුපද්‍රව වූ, කුමන කරුණක් නිසා ද? නිබ්බාණපත්තියා දුක්ඛස්සන්තකිරියාය (නිවනට පැමිණීම මගින් දුක කෙළවර වීම නිසා ය); යම් ලෙසකින් ක්ලේශ නිර්වාණයට පමුණුවයි ද, සසර දුක අවසන් කිරීම පිණිස පවතී යනු අරුත යි. නැතහොත් යං බුද්ධො නිර්වාණයට පැමිණීමෙන්, දුක අවසන් කිරීමෙන් යන නිර්වාණ ධාතු ද්වයෙහි අර්ථය පිණිස ක්ෂේම මාර්ගය ප්‍රකාශ කිරීමෙන් ඛෙමං වාචං භාසති. සා වෙ වාචානමුත්තමා (ක්ෂේම වූ වචනය පවසයි; එය වචනයන්ගේ උත්තම වූයේ වෙයි). ඒ වචනය සියලු වචනවල ශ්‍රේෂ්ඨ (වචනය වේ) යි අර්ථ දත යුත්තේ ය. මෙසේ මේ ගාථාවෙන් සීමා නො ඉක්මවන වචන වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කරමින් අර්හත්වය අවසන් කොට ඇති දේශනාව නිමා කළ සේක.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. සාරිපුත්තසුත්තවණ්ණනා
6. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පොරියාති අක්ඛරාදිපරිපුණ්ණාය. විස්සට්ඨායාති අවිබද්ධාය අපලිබුද්ධාය. ධම්මසෙනාපතිස්ස හි කථෙන්තස්ස පිත්තාදීනං වසෙන අපලිබුද්ධවචනං හොති, අයදණ්ඩෙන පහතකංසතාලතො සද්දො විය නිච්ඡරති. අනෙලගලායාති අනෙලාය අගලාය නිද්දොසාය චෙව අක්ඛලිතපදබ්යඤ්ජනාය ච. ථෙරස්ස හි කථයතො පදං වා බ්යඤ්ජනං වා න පරිහායති. අත්ථස්ස විඤ්ඤාපනියාති අත්ථස්ස විඤ්ඤාපනසමත්ථාය. භික්ඛුනන්ති භික්ඛූනං.
සය වැන්නේ - පොරියා අක්ෂර ආදියෙන් පරිපූර්ණ වූ, විස්සට්ඨාය පැහැදිලි ලෙස වෙන් කොට දක්වන ලද, බාධා රහිත; කථා කරන ධර්ම සේනාපති (සැරියුත්) හිමියනට පිත ආදියෙන් බාධා නො වන්නා වූ වචන වේ. යකඩ දණ්ඩකින් පහර දෙන ලද ලෝකඩ තැටියකින් එන ශබ්දයක් මෙන් පිටවෙයි. අනෙළගලාය ‘අනෙළාය අගලාය’ නිර්දෝෂ බවින් මෙන් ම නො ගිළිහුණු පද ව්‍යඤ්ජනයෙන් ද යුත්; කථා කරන තෙරුන් වහන්සේගේ පද හෝ ව්‍යංජන හෝ නො පිරිහේ (අඩු නො වේ). අත්ථස්ස විඤ්ඤාපනියා අර්ථ හැඟවීමට සමත් වූ; භික්ඛුනං = භික්ඛූනං (භික්ෂූන් හට);
සංඛිත්තෙනපීති “චත්තාරිමානි, ආවුසො, අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං…පෙ… ඉමානි ඛො, ආවුසො, චත්තාරි අරියසච්චානි, තස්මාතිහ, ආවුසො, ඉදං දුක්ඛං අරියසච්චන්ති යොගො කරණීයො”ති (සං· නි· 5.1096-1098) එවං සංඛිත්තෙනපි දෙසෙති. විත්ථාරෙනපීති “කතමං, ආවුසො, දුක්ඛං අරියසච්ච”න්තිආදිනා (ම· නි· 3.373) නයෙන තානෙව විභජන්තො විත්ථාරෙනපි භාසති. ඛන්ධාදිදෙසනාසුපි එසෙව නයො. සාළිකායිව නිග්ඝොසොති යථා මධුරං අම්බපක්කං සායිත්වා පක්ඛෙහි වාතං දත්වා මධුරස්සරං නිච්ඡාරෙන්තියා සාළිකසකුණියා නිග්ඝොසො, එවං ථෙරස්ස ධම්මං කථෙන්තස්ස මධුරො නිග්ඝොසො හොති. පටිභානං උදීරයීති සමුද්දතො ඌමියො විය අනන්තං පටිභානං උට්ඨහති. ඔධෙන්තීති ඔදහන්ති.
සංඛිත්තෙනපි “චත්තාරිමානි ආවුසො අරියසච්චානි, කතමානි චත්තාරි? දුක්ඛං අරිය සච්චං -පෙ- ඉමානි ඛො ආවුසො චත්තාරි අරිය සච්චානි තස්මාතිහ ආවුසො ඉදං දුක්ඛං අරියසච්චන්ති යොගො කරණීයො” යි මෙසේ සංක්ෂේපයෙන් ද දේශනා කරන සේක. විත්ථාරෙනපි “කතමං ආවුසො දුක්ඛං අරියසච්චං?” යනාදි ක්‍රමයෙන් ඒවා ම කොටස් කරමින් විස්තර ලෙස ද පවසන සේක. ස්කන්ධ ආදී දේශනාවල ද මේ ක්‍රමය ම (වේ); සාළිකායිව නිග්ඝොසො මිහිරි අඹ ඵලයක් රස විඳ පියාපත්වලින් වාතය දී මිහිරි සර පිට කරන සැළලිහිණියකගේ හඬ යම් සේ වේ ද, ධර්මය දේශනා කරන තෙරුන්ගේ හඩ එසේ මිහිරි වේ. පටිභානං උදීරයී සමුද්‍රයෙන් රළ මෙන් අනන්ත වූ ප්‍රතිභාන (වැටහීම) පැන නගී. ඔධෙන්ති ‘ඔදහන්ති’ කන් යොමු කරත්.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. පවාරණසුත්තවණ්ණනා
7. පවාරණ සූත්‍ර වර්ණනාව
සත්තමෙ තදහූති තස්මිං අහු, තස්මිං දිවසෙති අත්ථො. උපවසන්ති එත්ථාති උපොසථො. උපවසන්තීති ච සීලෙන වා අනසනෙන වා උපෙතා හුත්වා වසන්තීති අත්ථො. සො පනෙස උපොසථදිවසො අට්ඨමීචාතුද්දසීපන්නරසීභෙදෙන තිවිධො, තස්මා සෙසද්වයනිවාරණත්ථං පන්නරසෙති වුත්තං. පවාරණායාති වස්සං-වුට්ඨ-පවාරණාය. විසුද්ධිපවාරණාතිපි එතිස්සාව නාමං. නිසින්නො හොතීති සායන්හසමයෙ සම්පත්තපරිසාය කාලයුත්තං ධම්මං දෙසෙත්වා උදකකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා නිවත්ථනිවාසනො එකංසං සුගතමහාචීවරං කත්වා මජ්ඣිමත්ථම්භං නිස්සාය පඤ්ඤත්තෙ වරබුද්ධාසනෙ පුරත්ථිමදිසාය උට්ඨහතො චන්දමණ්ඩලස්ස සිරිං සිරියා අභිභවමානො නිසින්නො හොති. තුණ්හීභූතං තුණ්හීභූතන්ති යතො යතො අනුවිලොකෙති, තතො තතො තුණ්හීභූතමෙව. තත්ථ හි එකභික්ඛුස්සාපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා නත්ථි, සබ්බෙ නිරවා සන්තෙන ඉරියාපථෙන නිසීදිංසු. අනුවිලොකෙත්වාති දිස්සමානපඤ්චපසාදෙහි නෙත්තෙහි අනුවිලොකෙත්වා. හන්දාති වොස්සග්ගත්ථෙ නිපාතො. න ච මෙ කිඤ්චි ගරහථාති එත්ථ න ච කිඤ්චීති පුච්ඡනත්ථෙ න-කාරො. කිං මෙ කිඤ්චි ගරහථ? යදි ගරහථ, වදථ, ඉච්ඡාපෙමි වො වත්තුන්ති අත්ථො. කායිකං වා වාචසිකං වාති ඉමිනා කායවචීද්වාරානෙව පවාරෙති, න මනොද්වාරං. කස්මා? අපාකටත්තා. කායවචීද්වාරෙසු හි දොසො පාකටො හොති, න මනොද්වාරෙ. “එකමඤ්චෙ සයතොපි හි කිං චින්තෙසී”ති? පුච්ඡිත්වා චිත්තාචාරං ජානාති. ඉති මනොද්වාරං අපාකටත්තා න පවාරෙති, නො අපරිසුද්ධත්තා. බොධිසත්තභූතස්සාපි හි තස්ස භූරිදත්තඡද්දන්තසඞ්ඛපාලධම්මපාලාදිකාලෙ මනොද්වාරං පරිසුද්ධං, ඉදානෙත්ථ වත්තබ්බමෙව නත්ථි.
සත් වැන්නෙහි - තදහු ‘තස්මිං අහු’ ඒ දිනයෙහි යනු අර්ථ යි; එත්ථ (මෙහි) උපවසන්ති (සමීපයෙහි වාසය කරති) යි උපොසථො; ‘උපවසන්ති’ යනු ශීලයෙන් හෝ අනුභව නො කිරීමෙන් හෝ යුක්ත වී වසත් යන්න යි. ඒ උපෝසථ දිනය අටවක අමාවක පසළොස්වක වශයෙන් ත්‍රිවිධ ය. එහෙයින් ඉතිරි දෙක (නො කියා) වැළැක්වීම පිණිස ‘පණ්ණරස’ (පසළොස්වක) යයි කියන ලදි. පවාරණය වස් පවාරණය පිණිස; ‘විසුද්ධි පවාරණා’ යනු ද මීට ම නමකි. නිසින්නො හොති සවස් කාලයෙහි සපැමිණි පිරිසට වේලාවට ගැලපෙන දහමක් දෙසා දිය කොටුවේ අත් පා පිරිසිදු කොට හැඳ පෙරවූ සේක්, සුගත මහාචීවරය ඒකාංශ කොට, මැද කුළුණ ඇසුරු කොට තබන ලද උතුම් බුදු අසුනෙහි පෙර දිගින් නැගි සඳ මඬලේ ශ්‍රියාව (බුද්ධ) ශ්‍රීයෙන් අභිභවනය කරමින් වැඩ සිටි සේක. තුණ්හීභූතං තුණ්හීභුතං යම් යම් දෙසකින් බලන්නේ ද ඒ ඒ දෙස නිහඬතාව ම ය. එහි එක් භික්ෂුවකට හෝ අත්වල සදොස් හැසිරීමක් හෝ පාවල සදොස් හැසිරීමක් නැත. සියලු දෙනා නිහඬ වූවෝ ශාන්ත ඉරියව්වකින් සිටියහ. අනුවිලොකෙත්වා දෘශ්‍යමාන පඤ්ච ප්‍රසාද නේත්‍රවලින් බලා; හන්ද අත්හැරීම් අර්ථයෙහි නිපාතයකි. න ච මෙ කිඤ්චි ගරහථ මෙහි ‘න ච කිඤ්චි’ යනු ප්‍රශ්නාර්ථයෙහි ‘න’ කාරය; කිම මට කුමකට හෝ ගරහන්නහු ද? ඉදින් ගරහන්නහු නම් කියනු මැනවි, ඔබලා පවසනු (දැකීම) කැමැත්තෙමි. කායිකං වාචසිකං වා මෙයින් කාය වචී ද්වාර ම ඉදිරිපත් කරයි. මනෝ ද්වාරය නො වේ. ඇයි? ප්‍රකට නො වන (නො පෙනෙන) හෙයිනි. කාය වචී ද්වාරවල දෝෂ ප්‍රකට වේ. මනෝ ද්වාරයෙහි (එසේ) නැත. එක ඇඳෙහි නිදන්නේ වුව ද කුමක් සිතහිදැයි විමසා චිත්තාචාරය දැන ගනී. මනෝද්වාර අප්‍රකට හෙයින් ඉදිරිප් නො කරයි. අපිරිසිදු බව නිසා නො වේ. භූරිදත්ත ඡද්දන්ත සංඛපාල ධම්මපාල ආදී වූ උන්වහන්සේගේ බෝධිසත්ත්ව කාලයෙහි පවා මනෝ ද්වාරය පිරිසිදු ය. දැන් මෙහි දී කිව යුත්තක් ම නැත.
එතදවොචාති ධම්මසෙනාපතිට්ඨානෙ ඨිතත්තා භික්ඛුසඞ්ඝස්ස භාරං වහන්තො එතං අවොච. න ඛො මයං, භන්තෙති, භන්තෙ, මයං භගවතො න කිඤ්චි ගරහාම. කායිකං වා වාචසිකං වාති ඉදං චතුන්නං අරක්ඛියතං සන්ධාය ථෙරො ආහ. භගවතො හි චත්තාරි අරක්ඛියානි. යථාහ –
එතදවොච ධර්මසේනාපති ස්ථානයෙහි සිටි බැවින් භික්ෂූ සංඝයාගේ බර උසුළමින් මෙසේ කීහ. න ඛො මයං භන්තෙ ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ කිසිවකට නො ගරහමු. කායිකං වාචසිකං වා මෙය රැකිය යුතු නැති සතර අරභයා තෙරුන් වහන්සේ පැවසූහ.
“චත්තාරිමානි, භික්ඛවෙ, තථාගතස්ස අරක්ඛියානි. කතමානි චත්තාරි? පරිසුද්ධකායසමාචාරො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස කායදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධවචීසමාචාරො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය, ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධමනොසමාචාරො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස මනොදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය, ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධාජීවො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස මිච්ඡාආජීවො, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති (අ· නි· 7.58).
භාග්‍යවතුන් වහන්සේගේ ‘අරක්ඛිය’ (රැකිය යුතු නැති) සතරකි. එය මෙසේ යි: “මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ කායසමාචාර ඇති සේක. මාගේ මේ දේ අනෙකෙක් නො දැන ගනීවා යි තථාගතයන් වහන්සේ යමක් රැකිය යුතු ද එවන් කායික දුශ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත. මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ වචීසමාචාර ඇති සේක.... මහණෙනි, මාගේ මෙය අනෙකෙක් නො දැන ගනීවා යි තථාගතයන් වහන්සේ යමක් රැකිය යුතු ද එවන් මනෝ දුශ්චරිතයක් (නැත). මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ ආජීව ඇති සේක. මාගේ මෙය අනෙකෙක් නො දැන ගනීවා යි රැකිය යුතු මිථ්‍යා ආජීවයක් තථාගතයන් වහන්සේට නැත.
ඉදානි භගවතො යථාභූතගුණෙ කථෙන්තො භගවා හි, භන්තෙතිආදිමාහ. තත්ථ අනුප්පන්නස්සාති කස්සපසම්මාසම්බුද්ධතො පට්ඨාය අඤ්ඤෙන සමණෙන වා බ්රාහ්මණෙන වා අනුප්පාදිතපුබ්බස්ස. අසඤ්ජාතස්සාති ඉදං අනුප්පන්නවෙවචනමෙව. අනක්ඛාතස්සාති අඤ්ඤෙන අදෙසිතස්ස. පච්ඡා සමන්නාගතාති පඨමගතස්ස භගවතො පච්ඡා සමනුආගතා. ඉති ථෙරො යස්මා සබ්බෙපි භගවතො සීලාදයො ගුණා අරහත්තමග්ගමෙව නිස්සාය ආගතා, තස්මා අරහත්තමග්ගමෙව නිස්සාය ගුණං කථෙසි. තෙන සබ්බගුණා කථිතාව හොන්ති. අහඤ්ච ඛො, භන්තෙති ඉදං ථෙරො සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලස්ස අත්තනො චෙව සඞ්ඝස්ස ච කායිකවාචසිකං පවාරෙන්තො ආහ.
දැන් භාග්‍යවතුන් වහන්සේගේ යථා භූත ගුණ පවසන්නේ, භගවා හි භන්තෙ ආදිය පැවසූ සේක. එහි අනුප්පන්නස්ස කස්සප සම්මා සම්බුදුන් වහන්සේගේ පටන් අන් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විසින් උත්පාදනය නො කළ විරූ; අසඤ්ජාතස්ස මෙය ‘අනුප්පන්න’ යන්නට ම සමාන වචනයකි; අනක්ඛාතස්ස අන්‍යයකු විසින් නො දෙසන ලද; පච්ඡාසමන්නාගතා ප්‍රථමයෙන් ගිය බුදුන් වහන්සේට පසු ව අනුව ගිය, මෙසේ තෙරුන් වහන්සේ යම් හෙයකින් බුදුන් වහන්සේගේ ශීලාදී ගුණ අරහත් මාර්ගය ම හේතු කොට ගෙන පැමිණියේ ද එහෙයින් අර්හත් මාර්ගය ම පදනම් කොට ගෙන ගුණය පැවසූහ. එයින් සියලු ම ගුණයෝ ප්‍රකාශ කරන ලද්දාහු වෙත්. අහඤ්ච ඛො භන්තෙ මෙය තෙරුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ තමන් වහන්සේගේත් සංඝයා වහන්සේගේත් කායික වාචසිකය ගැන ඉදිරිපත් කරමින් පැවසූහ.
පිතරා පවත්තිතන්ති චක්කවත්තිම්හි කාලඞ්කතෙ වා පබ්බජිතෙ වා සත්තාහච්චයෙන චක්කං අන්තරධායති, තතො දසවිධං ද්වාදසවිධං චක්කවත්තිවත්තං පූරෙත්වා නිසින්නස්ස පුත්තස්ස අඤ්ඤං පාතුභවති, තං සො පවත්තෙති. රතනමයත්තා පන සදිසට්ඨෙන තදෙව වත්තං කත්වා “පිතරා පවත්තිත”න්ති වුත්තං. යස්මා වා සො “අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි, අහමනුසාසිස්සාමී”ති ආහ, තස්මා පිතරා පවත්තිතං ආණාචක්කං අනුප්පවත්තෙති නාම. සම්මදෙව අනුප්පවත්තෙසීති සම්මා නයෙන හෙතුනා කාරණෙනෙව අනුප්පවත්තෙසි. භගවා හි චතුසච්චධම්මං කථෙති, ථෙරො තමෙව අනුකථෙති, තස්මා එවමාහ. උභතොභාගවිමුත්තාති ද්වීහි භාගෙහි විමුත්තා, අරූපාවචරසමාපත්තියා රූපකායතො විමුත්තා, අග්ගමග්ගෙන නාමකායතොති. පඤ්ඤාවිමුත්තාති පඤ්ඤාය විමුත්තා තෙවිජ්ජාදිභාවං අප්පත්තා ඛීණාසවා.
පිතරා පවත්තිතං සක්විති රජු මළ කල්හි හෝ පැවිදි වූ කල්හි සත් දිනක් ඇවෑමෙන් චක්‍රය අතුරුදහන් වෙයි. ඉන් පසු දශවිධ හෝ දොළොස් විධ වූ චක්කවත්ති ව්‍රතය පුරා සිටි පුත්‍රයාට අනෙකක් (චක්‍රයක්) පහළ වෙයි. ඔහු එය පවත්වයි. රුවන්මුවා වන හෙයින් සමාන වන අර්ථයෙන් එය ම ව්‍රතය කොට පියා විසින් අණසක පවත්වන ලදැයි කියන ලදි. යම් හෙයකින් ඔහු අල්පෝත්සුක වී නම් “දේවයිනි, ඔබ සිටිනු මැනවි, මම අනුශාසනා කරන්නෙමි’යි කීය. එහෙයින් පියා විසින් පවත්වන ලද ආඥාචක්‍රය අනුව පවත්වති යි නමි. සම්මදෙව අනුප්පවත්තෙසි නිවැරදි න්‍යායයෙන් - හේතුවෙන් - කාරණයෙන් ම අනුව පවත්වන්නෙහි; භාග්‍යවතුන් වහන්සේ සත්යධර්ම සතර වදාරති. තෙරුන් වහන්සේ එය ම අනුව කථා කරති; එහෙයින් මෙසේ කී සේක. උභතොභාගවිමුත්තො උභතොභාගයෙන් මිදුණාහු - අරූපාවචර සමාපත්තියෙන්, රූපකායයෙන් මිදුනාහු; අග්රමාර්ගයෙන් නාම කායයෙන් (මිදුනාහු) යි; පඤ්ඤාවිමුත්තා ප්‍රඥාවෙන් මිදුනාහු; ත්‍රිවිද්‍යා ආදි තත්ත්වයට නො පැමිණ රහත් වූ.
විසුද්ධියාති විසුද්ධත්ථාය. සංයොජනබන්ධනච්ඡිදාති සංයොජනසඞ්ඛාතෙ චෙව බන්ධනසඞ්ඛාතෙ ච කිලෙසෙ ඡින්දිත්වා ඨිතා. විජිතසඞ්ගාමන්ති විජිතරාගදොසමොහසඞ්ගාමං, මාරබලස්ස විජිතත්තාපි විජිතසඞ්ගාමං. සත්ථවාහන්ති අට්ඨඞ්ගිකමග්ගරථෙ ආරොපෙත්වා වෙනෙය්යසත්ථං වාහෙති සංසාරකන්තාරං උත්තාරෙතීති භගවා සත්ථවාහො, තං සත්ථවාහං. පලාපොති අන්තොතුච්ඡො දුස්සීලො. ආදිච්චබන්ධුනන්ති ආදිච්චබන්ධුං සත්ථාරං දසබලං වන්දාමීති වදති.
විසුද්ධියා විසුද්ධිය පිණිස, සංයොජනබන්ධනච්ඡිදා සංයෝජන සංඛ්‍යාත වූ ද බන්ධන සංඛ්‍යාත වූ ද කෙළෙසුන් සිඳ සිටි විජිතසඞ්ගාමං රාග ද්වේෂ මෝහ සංග්‍රාමය දිනූ, මාර බලය දිනූ බැවින් ද ‘විජිත සංගාමං’ වේ. සත්ථවාහං අෂ්ටාංගික මාර්ග රථයෙහි නංවා විනෙය සත්ත්වයන් ප්රවාහණය කරති යි - සසර කතරින් එතෙර කරවති යි - භාග්‍යවතුන් වහන්සේ ‘සත්ථවාහ (සාර්ථවාහක) නම් වේ. ඒ සාර්ථවාහකයන් වහන්සේ, පලාපො ඇතුළතින් හිස් දුශ්ශීලයා, ආදිච්චබන්ධුනං ආදිත්යබන්ධු - බුදුන් වහන්සේ - දශබලධාරීන් වහන්සේ වඳිමි යි කිය යි.
සත්තමං.
සත්වැනි සූත්‍රය යි.
8. පරොසහස්සසුත්තවණ්ණනා
8. පරොසහස්ස සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ පරොසහස්සන්ති අතිරෙකසහස්සං. අකුතොභයන්ති නිබ්බානෙ කුතොචි භයං නත්ථි, නිබ්බානප්පත්තස්ස වා කුතොචි භයං නත්ථීති නිබ්බානං අකුතොභයං නාම. ඉසීනං ඉසිසත්තමොති විපස්සිතො පට්ඨාය ඉසීනං සත්තමකො ඉසි.
අට වැන්නේ - පරොසහස්සං දහසකට වැඩි අකුතොභයං නිවනෙහි කවර දෙසකින් වත් බියක් නැත; නිවනට පැමිණියහුට කෙලෙසකින් වත් භයක් නැතැයි නිවන “අකුතොභයං” නමි. ඉසීනං ඉසිසත්තමො විපස්සී (බුදු හිමියන්ගේ) පටන් සෘෂිවරුන්ගේ සත් වැනි සෘෂිවරයා.
කිං නු තෙ වඞ්ගීසාති ඉදං භගවා අත්ථුප්පත්තිවසෙන ආහ. සඞ්ඝමජ්ඣෙ කිර කථා උදපාදි “වඞ්ගීසත්ථෙරො විස්සට්ඨවත්තො, නෙව උද්දෙසෙ, න පරිපුච්ඡාය, න යොනිසොමනසිකාරෙ කම්මං කරොති, ගාථා බන්ධන්තො චුණ්ණියපදානි කරොන්තො විචරතී”ති. අථ භගවා චින්තෙසි – “ඉමෙ භික්ඛූ වඞ්ගීසස්ස පටිභානසම්පත්තිං න ජානන්ති, චින්තෙත්වා චින්තෙත්වා වදතීති මඤ්ඤන්ති, පටිභානසම්පත්තිමස්ස ජානාපෙස්සාමී”ති චින්තෙත්වා, “කිං නු තෙ වඞ්ගීසා”තිආදිමාහ.
කින්නු තෙ වඞ්ගීස මෙය භාග්‍යවතුන් වහන්සේ අර්ථ උත්පත්ති වශයෙන් පැවසූ සේක. සංඝයා මැද මේ කථාව හට ගත්තේ ය. වංගීස තෙරුන් වහන්සේ අත් හළ වතාවත් ඇත්තේ උද්දේසයෙහි හෝ ප්‍රශ්න විචාරීමෙහි හෝ යෝනිසෝ මනසිකාරයෙහි හෝ ක්‍රියාවක් නො කරයි. ගාථා (ගී) ගොතමින් වචන හා පද කඩමින් සැරිසරයි” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) සිතූ සේක. මේ භික්ෂූහු වංගීසගේ ප්‍රතිභා සම්පත්තිය නො දනිති. හිත හිතා කියති යි සිතත්. ඔහුගේ ප්‍රතිභා සම්පත්තිය දැන ගන්නට සලස්වන්නෙමි යි සිතා “කින්නු තෙ වංගීස” යනාදිය කී සේක.
උම්මග්ගපථන්ති අනෙකානි කිලෙසුම්මුජ්ජනසතානි, වට්ටපථත්තා පන පථන්ති වුත්තං. පභිජ්ජ ඛිලානීති රාගඛිලාදීනි පඤ්ච භින්දිත්වා චරසි. තං පස්සථාති තං එවං අභිභුය්ය භින්දිත්වා චරන්තං බුද්ධං පස්සථ. බන්ධපමුඤ්චකරන්ති බන්ධනමොචනකරං. අසිතන්ති අනිස්සිතං. භාගසො පවිභජන්ති සතිපට්ඨානාදිකොට්ඨාසවසෙන ධම්මං විභජන්තං. පවිභජ්ජාති වා පාඨො, අඞ්ගපච්චඞ්ගකොට්ඨාසවසෙන විභජිත්වා විභජිත්වා පස්සථාති අත්ථො.
උම්මග්ගපථං නොයෙක් කෙළෙස් මත්වීම් සිය ගණනක් සසරට මග වන හෙයින් ‘පථ’ (මාර්ගය) යි කියන ලදි. පභිජ්ජකීලානි රාග උල ආදි පස බිඳ හැසිරෙන්නෙහි. තං පස්සථ එසේ මැඩ පවත්වා ද බිඳ දමා ද සැරිසරන ඒ බුදුන් වහන්සේ බලව; බන්ධපමුඤ්චකරං බැඳීම් මුදා ලීම කරන, අසිතං නො සෙවුනා ලද, භාගසො පවිභජ්ජං සතිපට්ඨාන ආදි කොටස් වශයෙන් ධර්මය බෙදන; පවිභජ්ජ යනු හෝ පාඨයකි. අංග ප්‍රත්‍යංග කොට්ඨාශ වශයෙන් බෙද බෙදා බලව’ යනු අර්ථ යි.
ඔඝස්සාති චතුරොඝස්ස. අනෙකවිහිතන්ති සතිපට්ඨානාදිවසෙන අනෙකවිධං. තස්මිං ච අමතෙ අක්ඛාතෙති තස්මිං තෙන අක්ඛාතෙ අමතෙ. ධම්මද්දසාති ධම්මස්ස පස්සිතාරො. ඨිතා අසංහීරාති අසංහාරියා හුත්වා පතිට්ඨිතා.
ඔඝස්ස ඕඝ සතරෙහි, අනෙකවිහිතං සතිපට්ඨාන ආදි වශයෙන් අනේක විධ වූ, තස්මිං තෙ අමතෙ අක්ඛාතෙ ඔහු විසින් ප්‍රකාශ කරන ලද ඒ අමෘතයෙහි. ධම්මද්දසා ධර්මය දක්නා ලද, (ඊට) කැමති වූවාහු; අසංහීරා “අසංහාරියා හුත්වා” යටත් කර ගැනීමට නො හැකි ව සිටියා වූ,
අතිවිජ්ඣාති අතිවිජ්ඣිත්වා. සබ්බට්ඨිතීනන්ති සබ්බෙසං දිට්ඨිට්ඨානානං විඤ්ඤාණට්ඨිතීනං වා. අතික්කමමද්දසාති අතික්කමභූතං නිබ්බානමද්දස. අග්ගන්ති උත්තමධම්මං. අග්ගෙති වා පාඨො, පඨමතරන්ති අත්ථො. දසද්ධානන්ති පඤ්චන්නං, අග්ගධම්මං පඤ්චවග්ගියානං, අග්ගෙ වා පඤ්චවග්ගියානං ධම්මං දෙසෙසීති අත්ථො. තස්මාති යස්මා එස ධම්මො සුදෙසිතොති ජානන්තෙන ච පමාදො න කාතබ්බො, තස්මා. අනුසික්ඛෙති තිස්සො සික්ඛා සික්ඛෙය්ය.
අතිවිඣා ‘අතිවිජ්ඣිත්වා’ විනිවිද දැන; සබ්බට්ඨිතීනං සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ; අතික්කම්මද්දසං ඉක්මවීම වූ නිර්වාණය දුටිමි. අග්ගං උත්තම ධර්මය; ‘අග්ගෙ’ හෝ පාඨයකි, පළමු කොට ම යන අර්ථයි. දසද්ධානං පස් දෙනා හට අග්‍රධර්මය, පඤ්ච වග්ගීයනට පළමුකොට ම ධර්මය දෙසුවෙහි යනු අර්ථය ය. තස්මා යම් හෙයකින් මේ ධර්මය සුදේශිතය යි දන්නවුන් විසින් ප්‍රමාදය නො කළ යුත්තේ වේ ද එහෙයින්; අනුසික්ඛෙ ත්‍රි ශික්ෂාවෙහි පුහුණු වන්නේ ය.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.