ආනන්දසුත්තං
8. 1. 4.
8. 1. 4.
ආනන්දසුත්තං
ආනන්ද සූත්රය
212. එකං සමයං ආයස්මා ආනන්දො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි ආයස්මතා වඞ්ගීසෙන පච්ඡාසමණෙන.
212. එක්කලෙක ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.
තෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස අනභිරති උප්පන්නා හොති, රාගො චිත්තං අනුද්ධංසෙති. අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං ආනන්දං ගාථාය අජ්ඣභාසි:
එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:
කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති, සාධු නිබ්බාපනං බ්රූහි අනුකම්පාය ගොතමාති.
කාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.
[ආනන්දො:]
[අනඳතෙරහු:]
සඤ්ඤාය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති, නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං.
සංඥා විපර්ය්යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.
සඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතො මා ච අත්තතො, නිබ්බාපෙහි මහාරාගං මා ඩය්හිත්ථො පුනප්පුනං.
සංස්කාරයන් අනිත්යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො දකුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.
අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං, සති කායගතා ත්යත්ථු නිබ්බිදාබහුලො භව.
අසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.
අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ, තතො මානාභිසමයා උපසන්තො චරිස්සසීති.
විදර්ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.