යෙදුමෙන් කියවන්න

පෙසලඅතිමඤ‍්ඤනාසුත‍්තං

8. 1. 3.

8. 1. 3.

පෙසලඅතිමඤ‍්ඤනාසුත‍්තං

පෙසල අතිමඤ්ඤනා සූත්‍රය

211. එකං සමයං ආයස‍්මා වඞ‍්ගීසො ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ ආයස‍්මතා නිග්‍රොධකප‍්පෙන උපජ‍්ඣායෙන සද‍්ධිං. තෙන ඛො පන සමයෙන ආයස‍්මා වඞ‍්ගීසො අත‍්තනො පටිභානෙන අඤ‍්ඤෙ පෙසලෙ භික‍්ඛූ අතිමඤ‍්ඤති.

211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් හෙළා දකියි.

අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස එතදහොසි. අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල‍්ලද‍්ධං වත මෙ න වත මෙ සුලද‍්ධං. ය‍්වාහං අත‍්තනො පටිභානෙන අඤ‍්ඤෙ පෙසලෙ භික‍්ඛූ අතිමඤ‍්ඤාමීති. අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො අත‍්තනාව අත‍්තනො විප‍්පටිසාරං උප‍්පාදෙත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.

මානං පජහස‍්සු ගොතම, මානපථඤ‍්ච ජහස‍්සු, අසෙසං මානපථස‍්මිං සමුච‍්ඡිතො විප‍්පටිසාරහුවා චිරරත‍්තං.

ගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.

මක‍්ඛෙන මක‍්ඛිතා පජා මානහතා නිරයං පපතන‍්ති, සොචන‍්ති ජනා චිරරත‍්තං මානහතා නිරයං උපපන‍්නා.

ගුණමකුබැවින් වකුනා වූ සත්‍වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්‍වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.

න හි සොචති භික‍්ඛු කදාචි මග‍්ගජිනො සම‍්මාපටිපන‍්නො, කිත‍්තිඤ‍්ච සුඛඤ‍්ච අනුභොති ධම‍්මදසොති තමාහු තථත‍්තං.

(මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.

තස‍්මා අඛිලොධ පධානවා නීවරණානි පහාය විසුද‍්ධො, මානඤ‍්ච පහාය අසෙසං විජ‍්ජායන‍්තකරො සමිතාවීති.

එහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්‍රධන්වීර්‍ය්‍යය ඇති (භික්‍ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්‍හන්මාර්‍ග) විද්‍යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.