යෙදුමෙන් කියවන්න

අරතිසුත‍්තං

8. 1. 2.

8. 1. 2.

අරතිසුත‍්තං

අරති සූත්‍රය

210. එකං සමයං ආයස‍්මා වඞ‍්ගීසො ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ ආයස‍්මතා නිග්‍රොධකප‍්පෙන උපජ‍්ඣායෙන සද‍්ධිං. තෙන ඛො පන සමයෙන ආයස‍්මා නිග්‍රොධකප‍්පො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො විහාරං පවිසති සායං වා නික‍්ඛමති අපරජ‍්ජු වා කාලෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති, රාගො චිත‍්තං අනුද‍්ධංසෙති.

210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.

අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස එතදහොසි. අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං. යස‍්ස මෙ අනභිරති උප‍්පන‍්නා, රාගො චිත‍්තං අනුද‍්ධංසෙති. තං කුතෙත්‍ථ ලබ‍්භා යං මෙ පරො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙය්‍ය. යන‍්නූනාහං අත‍්තනාව අත‍්තනො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො අත‍්තනාව අත‍්තනො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.

අරතිඤ‍්ච රතිඤ‍්ච පහාය සබ‍්බසො ගෙහසිතඤ‍්ච විතක‍්කං, වනථං න කරෙය්‍ය කුහිඤ‍්චි නිබ‍්බනථො අරතො ස හි භික‍්ඛු.

යමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්‍රිත වූ පාපවිතර්‍ක ද සර්‍වප්‍රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්‍ෂු නම් වේ.

යමිධ පුථුවිඤ‍්ච වෙහාසං රූපගතඤ‍්ච ජගතොගධං, කිඤ‍්චි පරිජීයති සබ‍්බමනිච‍්චං එවං සමෙච‍්ච චරන‍්ති මුතත‍්තා.

මේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්‍ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.

උපධීසු ජනා ගධිතාසෙ දිට‍්ඨසුතෙ පටිඝෙ ච මුතෙ ච, එත්‍ථ විනොදය ඡන්‍දමනෙජො යො එත්‍ථ න ලිම‍්පති තං මුනිමාහු.

ජනයෝ උපධීන්හි ද ඇසින් දුටු රූපයෙහි හා කණින් අසූ ශබ්දයෙහි ද ප්‍රතිඝසඞ්ඛ්‍යාත ගන්‍ධ රස දෙක්හි ද ඵොට්ඨබ්බාරම්මණයෙහි ද ගිජු වූවාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරු කොට අශා නැත්තේ මෙහි නො ඇලේ ද, ඔහු මුනි යයි කියත්.

අථ සට‍්ඨිනිස‍්සිතා සවිතක‍්කා පුථුජනතාය අධම‍්මා නිවිට‍්ඨා, න ච වග‍්ගගතස‍්ස කුහිඤ‍්චි නො පන දුට‍්ඨුල‍්ලභාණී ස භික‍්ඛු.

වැලි සාරමුණු ඇසුරු කළ බොහෝ වූ අධර්‍මවිතර්‍කයෝ ප්‍රජාව කෙරෙහි වැදගත්තාහු වෙත්. කිසිතැනෙක ක්ලේශවර්‍ගයට පැමිණියෙක් නො වන්නේ ද, දුළුල් තෙපුල් බණන්නෙක් නොවන්නේ ද, හෙ තෙමේ භික්‍ෂු නම් වේ.

දබ‍්බො චිරරත‍්තසමාහිතො අකුහකො නිපකො අපිහාලු, සන‍්තං පදං අජ‍්ඣගමා මුනි පටිච‍්ච පරිනිබ‍්බුතො කඞ‍්ඛති කාලන‍්ති.

පණ්ඩිත වූ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත සිත් ඇති කුහක නො වූ පරිණතප්‍රඥාවත් වූ තෘෂ්ණා රහිත වූ භික්‍ෂු තෙමේ නිවණට පැමිණියේ ය. නිවන් නිසා කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ සකන්‍ධපරිනිර්‍වාණ කාලය අපේක්‍ෂා කෙරෙයි.