යෙදුමෙන් කියවන්න

නික‍්ඛන‍්තසුත‍්තං

8. 1. 1.

8. 1. 1.

නික‍්ඛන‍්තසුත‍්තං

නික්ඛන්ත සූත්‍රය

209. එවං මෙ සුතං: එකං සමයං ආයස‍්මා වඞ‍්ගීසො ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ ආයස‍්මතා නිග්‍රොධකප‍්පෙන උපජ‍්ඣායෙන සද‍්ධිං. තෙන ඛො පන සමයෙන ආයස‍්මා වඞ‍්ගීසො නවො හොති අචිරපබ‍්බජිතො ඔහිය්‍යකො විහාරපාලො.

209. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අලුත පැවිදි වූ වෙහෙර නවතින වෙහෙර රක්නා නවකයෙක් වෙයි.

අථ ඛො සම‍්බහුලා ඉත්‍ථියො සමලඞ‍්කරිත්‍වා යෙන අග‍්ගාළවකො ආරාමො තෙනුපසඞ‍්කමිංසු, විහාරපෙක‍්ඛිකායො. අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස තා ඉත්‍ථියො දිස‍්වා අනභිරති උප‍්පජ‍්ජති, රාගො චිත‍්තං අනුද‍්ධංසෙති.

ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසී වෙහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවකආරාමය කරා පැමිණියහ. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය උපදයි. රාගය (කුසල්) සිත වනසයි.

අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස එතදහොසි. අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං. යස‍්ස මෙ අනභිරති උප‍්පන‍්නා, රාගො චිත‍්තං අනුද‍්ධංසෙති. තං කුතෙත්‍ථ ලබ‍්භා යම‍්මෙ පරො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙය්‍ය. යන‍්නූනාහං අත‍්තනාව අත‍්තනො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙය්‍යන‍්ති.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතිය උපන්නී ද, රාගය සිත වනසා ද, ඒකාන්තයෙන් (එය) මට අලාභයෙක. ඒකාන්තයෙන් එය මට ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් දුර්භාග්‍යයෙකි. ඒකාන්තයෙන් මට යහපත් භාග්‍යයෙක් නොවේ. යම් හෙයකින් මෙරමා මාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකි ද, මම තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ සිත විය.

අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො අත‍්තනාව අත‍්තනො අනභිරතිං විනොදෙත්‍වා අභිරතිං උප‍්පාදෙත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කීය.

නික‍්ඛන‍්තං වත මං සන‍්තං අගාරස‍්මානගාරියං, විතක‍්කා උපධාවන‍්ති පගබ‍්භා කණ‍්හතො ඉමෙ.

ගිහිගෙයින් නික්මුනාවූ ම සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්‍කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිව එත්.

උග‍්ගපුත‍්තා මහිස‍්සාසා සික‍්ඛිතා දළ‍්හධම‍්මිනො, සමන‍්තා පරිකිරෙය්‍යුං සහස‍්සං අපලායිනං.

උග්‍රපුත්‍ර (රාජන්‍ය) වූ මහත්දුනු ඇති (ධනුශ්ශිල්පයෙහි) මොනවාට හික්මුනු දැඩි ඇදුරු දුනු දරන්නාවූ පලා නොයන ඔවුන් දහස්හුදු හාත්පස ඊතල විසුරුවනාහු ද (දක්‍ෂ පුරුෂයාට ඒ සියල්ල වැළකිය හැකිය.)

සචෙපි එත‍්තතො භිය්‍යො ආගමිස‍්සන‍්ති ඉත්‍ථියො, නෙව මං බ්‍යාධයිස‍්සන‍්ති ධම‍්මෙ සම‍්හි පතිට‍්ඨිතං.

ඉදිනුදු මේ පමණ (දහස) ටත් වඩා ස්ත්‍රීහු එන්නාහු ද, ස්වකීය (ශාසන) ධර්‍මයෙහි පිහිටි මා නො පෙළන්නාහු ය.

සක‍්ඛීහි මෙ සුතං එතං බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො, නිබ‍්බාණගමනං මග‍්ගං තත්‍ථ මෙ නිරතො මනො.

සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ සම්මුඛයෙන් ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේ ය. එහි මාගේ සිත ඇලුනේ ය.

එවඤ‍්චෙ මං විහරන‍්තං පාපිමා උපගච‍්ඡසි, තථා මච‍්චු කරිස‍්සාමි න මෙ මග‍්ගම‍්පි දක‍්ඛසීති.

පවිට, ඉදින් මෙසේ වසන්නා වූ මා කරා පමිණෙහි ද, මරුව (තෝ යම්සේ) මා ගිය මගක් නො දක්නෙහි ද, එසේ කරන්නෙමි.