සුභාසිතසුත්තං
8. 1. 5.
8. 1. 5.
සුභාසිතසුත්තං
සුභාසිත සූත්‍රය
213. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
213. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ්භාසිතා අනවජ්ජා ච, අනනුවජ්ජා ච විඤ්ඤූනං. කතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ භික්ඛු සුභාසිතං යෙව භාසති නො දුබ්භාසිතං. ධම්මං යෙව භාසති නො අධම්මං. පියං යෙව භාසති නො අප්පියං. සච්චං යෙව භාසති නො අලිකං. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ්භාසිතා අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්විත වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නො වෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින? යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්‍රිය තෙපුල් ම බෙණේ ද, අප්‍රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.
ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක:
සුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථන්ති.
බුද්ධාදි සත්පුරුෂයෝ උතුම් වූ සුබැසි තෙපුල් ම කියත්. දැහැමි තෙපුල් ම බණන්නේ ය. නො දැහැමි තෙපුල් නො බණන්නේ ය. ඒ දෙවැන්න ය. ප්‍රිය තෙපුල් ම බණන්නේ ය. අප්‍රිය තෙපුල් නො බණන්නේ ය. එය තෙවැන්න ය. සැබෑ තෙපුල් ම බණන්නේ ය. නො සැබෑ තෙපුල් නො බණන්නේ ය. එය සිවුවැන්න ය.
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟ සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ, මට වැටහේ. සුගතයන් වහන්සේ, මට වැටහෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි.
වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කළේ ය:
තමෙව වාචං භාසෙය්ය යායත්තානං න තාපයෙ, පරෙ ච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
යම් වදනක් කරණ කොට ගෙණ තාමත් නො තවන්නේ ද, මෙරමාත් නො වෙහෙසන්නේ ද, ඒ වදන ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වාදන ම බෙණෙන්නේ ය.
පියවාචමෙව භාසෙය්ය යා වාචා පටිනන්දිතා, යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
යම් වදනක් ප්‍රිය කරණ ලද ද, යම් වදනක් බණන්නේ අනුන්ට අප්‍රිය පරොස් බස් නො ගෙණ. ප්‍රියවදන් ම බෙණේ ද, (එබඳු) ප්‍රියවදන් ම බෙණෙන්නේ ය.
සච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො, සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා.
සැබෑ වදන ඒකාන්තයෙන් අමා වදන ය. මේ දහම පැරණි ය. සජ්ජනයෝ සත්‍යයෙහි ද අර්‍ත්‍ථයෙහි ද ධර්මයෙහි ද පිහිටියෝ යයි කියත්.
යං බුද්ධො භාසතෙ වාචං ඛෙමං නිබ්බාණපත්තියා, දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමාති.
බුදුරජානන් වහන්සේ නිවණට පැමිණීම පිණිස ද දුක් කෙළවර කිරීම පිණිස ද නිර්භය වූ යම් වදනක් වදාරණ සේක් ද, ඒ වදන වදන් අතුරෙන් ඒකාන්තයෙන් උතුමි.