සාරිපුත‍්තසුත‍්තං
8. 1. 6.
8. 1. 6.
සාරිපුත‍්තසුත‍්තං
සාරිපුත්ත සූත්‍රය
214. එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති පොරියා වාචාය විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. තෙ ච භික‍්ඛූ අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.
214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්‍යඤ්ජන ඇති අර්‍ත්‍ථය හැඟවීමට සමර්‍ත්‍ථ වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වාත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.
අථ ඛො ආයස‍්මතො වඞ‍්ගීසස‍්ස එතදහොසි. අයං ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති පොරියා වාචාය විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා. තෙ ච භික‍්ඛූ අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති. යන‍්නූනාහං ආයස‍්මන‍්තං සාරිපුත‍්තං සම‍්මුඛා සරූපාහි ගාථාහි අභිත්‍ථවෙය්‍යන‍්ති.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්‍යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”යි මේ අදහස වි ය.
අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච. පටිභාති මං ආවුසො සාරිපුත‍්ත, පටිභාති මං ආවුසො සාරිපුත‍්තාති. පටිභාතු තං ආවුසො වඞ‍්ගීසාති. අථ ඛො ආයස‍්මා වඞ‍්ගීසො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං සම‍්මුඛා සරූපාහි ගාථාහි අභිත්‍ථවි:
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් වෙන ඇඳිලි බැඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. “ඇවැත්නි, වඞ්ගීසයෙනි, තොපට වැටහේවා!”යි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුනට ප්‍රශංසා කෙළේ ය.
ගම‍්භීරපඤ‍්ඤො මෙධාවී මග‍්ගාමග‍්ගස‍්ස කොවිදො, සාරිපුත‍්තො මහාපඤ‍්ඤො ධම‍්මං දෙසෙති භික‍්ඛූනං.
ගැඹුරු පැණැති නුවණැත්තා වූ මග නොමග දැනීමෙහි දක්‍ෂ මහත් ප්‍රඥා ඇති ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට දහම් දෙසත්.
සංඛිත‍්තෙන’පි දෙසෙති විත්‍ථාරෙන’පි භාසති, සාළිකායිව නිග‍්ඝොසො පටිභානං උදීරයි.
සැකෙවින් ද දේශනා කෙරෙත්, විතරවිසින් ද දේශනා කෙරෙත්. (උන්වහන්සේගේ) මධුර ස්වරය සැළලිහිණියකගේ මෙනි. වැටහීම (මුහුදුරල මෙන්) පැන නගී.
තස‍්ස තං දෙසයන‍්තස‍්ස සුණන‍්ති මධුරං ගිරං, සරෙන රජනීයෙන සවණීයෙන වග‍්ගුනා, උදග‍්ගචිත‍්තා මුදිතා සොතං ඔධෙන‍්ති භික‍්ඛවොති:
ඇලුම් කටයුතු වූ ඇසියයුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපුල් භික්‍ෂුහු අසත්. ඔදවැඩි සිත් ඇත්තාහු ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්.