පවාරණසුත්තං
8. 1. 7.
8. 1. 7.
පවාරණසුත්තං
පවාරණ සූත්‍රය
215. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ්ණරසෙ පවාරණාය භික්ඛුසඞ්ඝපරිවුතො අජ්ඣොකාසෙ නිසින්නො හොති.
215. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මිගාරමාතුපහයෙහි හැම රහත් වූ පන්සියක් පමණ වූ මහත් බික්සඟන වැඩවසන සේක. එකසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පුණුරැසි පොහොය වූ එදින (වස් විශුද්ධි) පවුරුණු පිණිස බික්සඟන විසින් පිරිවරණ ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: හන්දදානි භික්ඛවෙ, පවාරයාමි වො. න ච මෙ කිඤ්චි ගරහථ කායිකං වා වාචසිකං වා’ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හාත්පසින් නිහඬ වූ බික්සඟන බලා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම දැන් තොප පවරමි. මාගේ කායික වූ හෝ වාචසික වූ කිසිවකට තෙපි නො ගරහවු ද?
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: න ඛො මයං භන්තෙ, භගවතො කිඤ්චි ගරහාම කායිකං වා වාචසිකං වා. භගවා හි භන්තෙ, අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච භන්තෙ, එතරහි සාවකා විහරන්ති පච්ඡාසමන්නාගතා. අහං ච ඛො භන්තෙ, භගවන්තං පවාරෙමි. න ච මෙ භගවා කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා’ති.
මෙසේ වදාළ කල්හි දහම්සෙනෙවි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, අපි (පිරිසිදුම වූ අචාර ආජීව ඇති) භාග්‍යවතුන් වහන්සේගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ම ගරහමු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි (කසුප් සම්බුදුහුගෙන් පසු) නූපන් මග උපදවන සේක. නො හටගත් මග දනවන සේක. නො දෙසූ මග දෙසන සේක. මාර්ගය දන්නා සේක. මාර්ගය දත් සේක. මාර්ගයෙහි දක්ෂ සේක. වහන්ස, මාර්ගය අනුව ගිය ශ්‍රාවකයෝ (බුදුරජානන් වහන්සේට) පසුව (මාර්ගඥානයෙන්) සමන්විත වූවෝ දන් වෙසෙත්. වහන්ස, මම ද භාග්‍යවතුන් වහන්සේ පවරමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ කිසි වරදකට ගරහන සේක් ද?
න ඛ්වාහං තෙ සාරිපුත්ත කිඤ්චි ගරහාමි කායිකං වා වාචසිකං වා. පණ්ඩිතො ත්වං සාරිපුත්ත, මහාපඤ්ඤො ත්වං සාරිපුත්ත, පුථුපඤ්ඤො ත්වං සාරිපුත්ත, හාසපඤ්ඤො ත්වං සාරිපුත්ත, ජවනපඤ්ඤො ත්වං සාරිපුත්ත, තික්ඛපඤ්ඤො ත්වං සාරිපුත්ත, නිබ්බෙධිකපඤ්ඤො ත්වං සාරිපුත්ත. සෙය්යථාපි සාරිපුත්ත, රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨපුත්තො පිතරා පවත්තිතං චක්කං සම්මදෙව අනුප්පවත්තෙති. එවමෙව ඛො ත්වං සාරිපුත්ත මයා අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙසීති.
සාරිපුත්ත, තොපගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ම ගරහමි. සාරිපුත්ත, තෙපි පණ්ඩිතයහු. සාරිපුත්ත තෙපි මහාපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි ප්රථුපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි හාසපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි ජවනපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි තික්ඛපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි නිබ්බේධිකපඤ්ඤයහු. සාරිපුත්ත, යම්සේ සක්විතිරජුගේ දෙටුපුත් තෙමේ පියා විසින් පවත්වන ලද අණසක මැනවින් අනුව පවත් වා ද, සාරිපුත්ත, එසෙයින් ම මවිසින් පවත්වන ලද අනුත්තර වූ දහම්සක තෙපි මැනවින් ම පවත්වහු ය.
නො චෙ කිර මෙ භන්තෙ භගවා කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා. ඉමෙසම්පි භන්තෙ භගවා පඤ්චන්නං භික්ඛුසතානං න කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා ති.
වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ගරහන සේක් නම් වහන්ස, මේ පන්සියක් භික්ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ ගරහන සේක් ද?
ඉමෙසම්පි ඛ්වාහං සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං න කිඤ්චි ගරහාමි කායිකං වා වාචසිකං වා. ඉමෙසං හි සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං සට්ඨි භික්ඛූ තෙවිජ්ජා, සට්ඨි භික්ඛූ ඡළභිඤ්ඤා, සට්ඨි භික්ඛූ උභතොභාගවිමුත්තා. අථ ඉතරෙ පඤ්ඤාවිමුත්තාති.
සාරිපුත්ත, මේ පන්සියක් භික්ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ගරහමි. සාරිපුත්ත, මේ භික්ෂූන් පන්සියය අතුරෙන් භික්ෂූහු සැටනමක් ත්‍රිවිද්‍යා ඇත්තෝ ය. භික්ෂූහු සැටනමක් ෂඩභිඥා ඇත්තෝ ය. භික්ෂූහු සැටනමක් උභතෝභාග (අරූපාවචර සමාපත්තියෙන් රූපකයින් හා අග්රමාර්ගයෙන් නාමකයින් හා) විමුක්ත ය හ. වැලි සෙස්සෝ ප්රඥාවිමුක්ත ය හ. (තේවිජ්ජාදීභාවයට නො පැමිණ රහත්හ.)
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
අජ්ජ පණ්ණරසෙ විසුද්ධියා භික්ඛූ පඤ්චසතා සමාගතා, සඤ්ඤොජනබන්ධනච්ඡිදා අනීඝා ඛීණපුනබ්භවා ඉසී.
සංයෝජන නම් වූ ද බන්ධන නම් වූ ද කෙලෙස් සිඳලූ දුක් රහිත වූ ක්ෂය කළ පුනර්භව ඇති ඍෂි වූ පන්සියක් භික්ෂූහු අද පුණුරැසි පොහෝ දිනෙහි විශුද්ධිපවාරණය පිණිස රැස් වූහ.
චක්කවත්තී යථා රාජා අමච්චපරිවාරිතො, සමන්තා අනුපරියෙති සාගරන්තං මහිං ඉමං.
සක්විතිරජ තෙමේ ඇමැති සමූහයා විසින් පිරිවරණ ලදුව සතර සයුරු හිම් කොට ඇති මේ පොළොව හාත්පස යම්සේ පිළිවෙළින් පරිගමනය කෙරේ ද-
එවං විජිතසඞ්ගාමං සත්ථවාහං අනුත්තරං, සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
එසේ ත්‍රිවිද්‍යා ඇති මරු නැසුවා වු ශ්‍රාවකයෝ දිනූ සඞ්ග්‍රාම ඇති නිරුත්තර වූ සත්ථවාහ නම් බුදුරජානන් වහන්සේ පර්ය්යුපාසනය කෙරෙත්.
සබ්බෙ භගවතො පුත්තා පලාපෙත්ථ න විජ්ජති, තණ්හාසල්ලස්ස හන්තාරං වන්දෙ ආදිච්චබන්ධුනන්ති.
සියල්ලෝ ම භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු ය. මෙහි හිස් පිඟුලෙක් නැත. තෘෂ්ණාශල්‍යය නසන සූර්ය්යබන්ධු වූ සර්වඥයන් වහන්සේ වඳිමි.