2. උදයසුත්තවණ්ණනා අට්ඨකථා
2. උදයසුත්තවණ්ණනා
2. උදය සූත්‍ර වර්ණනාව
දුතියෙ ඔදනෙන පූරෙසීති අත්තනො අත්ථාය සම්පාදිතෙන සූපබ්යඤ්ජනෙන ඔදනෙන පූරෙත්වා අදාසි. භගවා කිර පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තොව තං බ්රාහ්මණං දිස්වා, පාතොව සරීරපටිජග්ගනං කත්වා, ගන්ධකුටිං පවිසිත්වා, ද්වාරං පිධාය, නිසින්නො තස්ස භොජනං උපසංහරියමානං දිස්වා, එකකොව පත්තං අංසකූටෙ ලග්ගෙත්වා, ගන්ධකුටිතො නික්ඛම්ම, නගරද්වාරෙ පත්තං නීහරිත්වා, අන්තොනගරං පවිසිත්වා, පටිපාටියා ගච්ඡන්තො බ්රාහ්මණස්ස ද්වාරකොට්ඨකෙ අට්ඨාසි. බ්රාහ්මණො භගවන්තං දිස්වා, අත්තනො සජ්ජිතං භොජනං අදාසි. තං සන්ධායෙතං වුත්තං. දුතියම්පීති දුතියදිවසෙපි. තතියම්පීති තතියදිවසෙපි. තානි කිර තීණි දිවසානි නිරන්තරං බ්රාහ්මණස්ස ඝරද්වාරං ගච්ඡන්තස්ස භගවතො අන්තරා අඤ්ඤො කොචි උට්ඨාය පත්තං ගහෙතුං සමත්ථො නාම නාහොසි, මහාජනො ඔලොකෙන්තොව අට්ඨාසි.
දෙවැන්නේ - ඔදනෙන පූරෙසි තමාගේ අරමුණ සඳහා සම්පාදිත වූ සූපව්‍යංජන සහිත බතින් (පාත්‍රය) පුරවා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ උදෑසන ලෝකය දෙස බලන්නේ ම ඒ බමුණා දැක පාන්දරින් ම සිරුර පිවිතුරු කිරීම කොට ගඳකිළියට පිවිස දොර වසා සිටින සේක්, ඔහු භෝජනය රැගෙන එනු දැක හුදෙකලා ව පාත්‍රය දසරුවෙහි එල්ලා ගඳකිළියෙන් නික්මී නගර දොරෙහි පාත්‍රය හැර තබා ඇතුළු නගරයට පිවිස පිළිාවෙලින් යන සේක්, බ්‍රාහ්මණයාගේ දොරටුවේ වැඩ සිටි සේක. බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ දැක තමා සෑදූ භෝජනය පිදුවේ ය. ඒ අරභයා මෙය කියන ලදි. දුතියම්පි දෙවන දවසේ දී ද, තතියම්පි තුන් වන දවසේ දී ද; ඒ තුන් දින ම නො කඩවා බ්‍රාහ්මණයාගේ ගෙදොරට යන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය නැගිට ගැනීමට අතර මග අන් කිසි සමතෙක් නම් නො වී ය. මහා ජනයා බලාගත් වන ම සිටියහ.
එතදවොචාති බ්රාහ්මණො තීණි දිවසානි පත්තං පූරෙත්වා දෙන්තොපි න සද්ධාය අදාසි, “ඝරද්වාරං ආගන්ත්වා ඨිතස්ස පබ්බජිතස්ස භික්ඛාමත්තම්පි අදත්වා භුඤ්ජතී”ති උපාරම්භභයෙන අදාසි. දදන්තො ච ද්වෙ දිවසානි දත්වා කිඤ්චි අවත්වාව නිවත්තො. භගවාපි කිඤ්චි අවත්වාව පක්කන්තො. තතියදිවසෙ පන අධිවාසෙතුං අසක්කොන්තො එතං “පකට්ඨකො”තිආදිවචනං අවොච. භගවාපි එතං වචනං නිච්ඡාරාපනත්ථමෙව යාව තතියමගමාසි. තත්ථ පකට්ඨකොති රසගිද්ධො.
එතදවොච බ්‍රාහ්මණයා දවස් තුනක් ම පාත්‍රය පුරවා දෙන්නේ වුව ද ශ්‍රද්ධාවෙන් නො දුන්නේ ය. ගෙදොරට පැමිණ සිටි පැවිද්දාට භික්ෂා මාත්‍රයකුදු නො දී බුදිති යි අවලාද කීමේ බියෙන් දුන්නේ ය. දෙන්නේ වුව ද දෙදිනක් ද කිසිවක් නො කියා ම නැවතුනේ භාග්‍යවතුන් වහන්සේ ද කිසිවක් නො කියා ම පිටත්වූ සේක් තෙවන දිනයේ ඉවසා සිටීමට නො හැකි වූයේ මේ පකට්ඨකො ආදි වචන කී ය. භාග්‍යවතුන් වහන්සේ ද මේ වචන කියවා ගනු පිණිස ම තෙවැන්න (තෙවන වර) තෙක් පැමිණි සේක. එහි පකට්ඨකො රසෙහි ගිජු වූ.
පුනප්පුනං චෙව වපන්ති බීජන්ති සත්ථා බ්රාහ්මණස්ස වචනං සුත්වා, “බ්‍රාහ්මණ, ත්වං තීණි දිවසානි පිණ්ඩපාතං දත්වා ඔසක්කසි, පුනප්පුනං කාතබ්බා නාම ලොකස්මිං සොළස ධම්මා”ති වත්වා තෙ ධම්මෙ දස්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්ථ පුනප්පුනං චෙව වපන්තීති එකස්මිං සස්සවාරෙ වුත්තං “අලමෙත්තාවතා”ති අනොසක්කිත්වා අපරාපරෙසුපි සස්සවාරෙසු ච වපන්තියෙව. පුනප්පුනං වස්සතීති න එකදිවසං වස්සිත්වා තිට්ඨති, පුනප්පුනදිවසෙසුපි පුනප්පුනසංවච්ඡරෙසුපි වස්සතියෙව, එවං ජනපදා ඉද්ධා හොන්ති. එතෙනුපායෙන සබ්බත්ථ නයො වෙදිතබ්බො.
පුනප්පුනඤ්චෙව වපන්ති බීජං බුදුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ වචන අසා, බ්‍රාහ්මණය, ඔබ තෙදිනක් තුළ පිණ්ඩපාතය දී පසු බැස්සෙහි ය. ලොව යළි යළිත් කළ යුතු සොළොස් දහමක් (වෙති) යි පවසා ඒ දහම් දැක්වීමට මේ දේශනාව ආරම්භ කළ සේක. එහි පුනප්පුනඤ්චෙව වපන්ති එක ම කෙතක වපුරන ලදි. මෙ පමණ ඇතැයි පසු බසින්නේ නැති ව අන් අන් ශස්යවාරවල (කන්නවල) ද වපුරත් ම ය. පුනප්පුනං වස්සති එක් දිනක් වැසි වැස නො නවතී. යළි යළි දිනවලත් යළි යළි අවුරුදුවලත් වසින්නේ ම ය. එසේ ම ජනපද සමෘද්ධිමත් වේ. මේ ආකාරයට සියලු තන්හි න්‍යාය දත යුත්තේ ය.
යාචකාති ඉමස්මිං පදෙ සත්ථා දෙසනාකුසලතාය අත්තානම්පි පක්ඛිපිත්වා දස්සෙති. ඛීරනිකාති ඛීරකාරකා ගොදොහකා. න හි තෙ එකවාරමෙව ථනං අඤ්ඡන්ති, පුනප්පුනං අඤ්ඡන්තා ධෙනුං දුහන්තීති අත්ථො. කිලමති ඵන්දති චාති අයං සත්තො තෙන ඉරියාපථෙන කිලමති චෙව ඵන්දති ච. ගබ්භන්ති සොණසිඞ්ගාලාදීනම්පි තිරච්ඡානගතානං කුච්ඡිං. සිවථිකන්ති සුසානං, මතං මතං සත්තං තත්ථ පුනප්පුනං හරන්තීති අත්ථො. මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවායාති අපුනබ්භවාය මග්ගො නාම නිබ්බානං, තං ලභිත්වාති අත්ථො.
යාචනකා මේ පදයෙහි බුදුන් වහන්සේ දේශනා කුශලතාවෙන් තමන් වහන්සේ ද ඇතුළු කොට පෙන්වන සේක. ඛීරණිකා කිරි හේතුවෙන් ගවයන් දොවන්නෝ, ඔවුහු එක් වරක් පමණක් බුරුල නො අදිති. යළි යළිත් අදින්නාහු දෙනුන් දොවත් යනු අර්ථ යි. කිලමති ඵන්දති ච මේ සත්ත්වයා ඒ ඉරියව්වෙන් ක්ලාන්ත ද වෙයි. කම්පාද වෙයි. ගබ්භං බලු සිවල් ආදී තිරිසන් ගත සතුන්ගේ ද කුසට (ගැබට); සීවථිකං සොහොනට, මැරුණු මැරුණු සත්ත්වයා එහි යළි යළිත් ගෙන යත් යනු අර්ථය යි. මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය “අපුනබ්භවාය මග්ගො” යළිත් නො ඉපදීමේ මාර්ගය නම් නිර්වාණය යි. එය ලැබ යන අරුත යි.
එවං වුත්තෙති එවං භගවතා අන්තරවීථියං ඨත්වාව සොළස පුනප්පුනධම්මෙ දෙසෙන්තෙන වුත්තෙ. එතදවොචාති දෙසනාපරියොසානෙ පසන්නො සද්ධිං පුත්තදාරමිත්තඤාතිවග්ගෙන භගවතො පාදෙ වන්දිත්වා එතං “අභික්කන්තං භො”තිආදිවචනං අවොච.
එවං වුත්තෙ මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වීථියේ සිට ම සොළොස් විධ වූ පුනප්පුනධම්ම (යළි යළිත් සිදුවන කරුණු) දෙසමින් පැවසූ කල්හි; එතදවොච දේශනාවසානයෙහි පැහැදීමට පත් වූයේ පුතුන් - බිරිය - මිතුරන් - නෑදෑ යන සමූහයා සමග භාග්‍යවතුන් වහන්සේගේ පාද වැඳ මේ අභික්කන්තං භො ආදි වචන පැවසී ය.
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. දෙවහිතසුත්තවණ්ණනා
3. දේවහිත සූත්‍ර වර්ණනාව
තතියෙ වාතෙහීති උදරවාතෙහි. භගවතො කිර ඡබ්බස්සානි දුක්කරකාරිකං කරොන්තස්ස පසතමුග්ගයූසාදීනි ආහාරයතො දුබ්භොජනෙන චෙව දුක්ඛසෙය්යාය ච උදරවාතො කුප්පි. අපරභාගෙ සම්බොධිං පත්වා පණීතභොජනං භුඤ්ජන්තස්සාපි අන්තරන්තරා සො ආබාධො අත්තානං දස්සෙතියෙව. තං සන්ධායෙතං වුත්තං. උපට්ඨාකො හොතීති පඨමබොධියං අනිබද්ධුපට්ඨාකකාලෙ උපට්ඨාකො හොති. තස්මිං කිර කාලෙ සත්ථුඅසීතිමහාථෙරෙසු උපට්ඨාකො අභූතපුබ්බො නාම නත්ථි. නාගසමාලො උපවානො සුනක්ඛත්තො චුන්දො සමණුද්දෙසො සාගතො බොධි මෙඝියොති ඉමෙ පන පාළියං ආගතුපට්ඨාකා. ඉමස්මිං පන කාලෙ උපවානත්ථෙරො පාතොව උට්ඨාය පරිවෙණසම්මජ්ජනං දන්තකට්ඨදානං න්හානොදකපරියාදනං පත්තචීවරං ගහෙත්වා අනුගමනන්ති සබ්බං භගවතො උපට්ඨානමකාසි.
තෙවැන්නෙහි - වාතෙහි උදර වාතයෙන්; වසර සයක් දුෂ්කර ක්‍රියා කරන, මුං යුෂ පතක් ආදී ආහාර ගන්නා භාග්‍යවතුන් වහන්සේගේ උදර වාතය, දුෂ්කර අහර ගැනීමෙනුත් දුක් සහිත නිදා ගැනීමෙනුත් කිපිණි. පසු කලෙක සම්බෝධියට පැමිණ ප්‍රණීත භෝජන අනුභව කරන්නේ වුව ද අතරින් පතර ඒ ආබාධය තමනට දක්වන්නේ මය. ඒ අරභයා මෙය පවසන ලදි. උපට්ඨාකො හොති ප්‍රථම බෝධියෙහි (බුදු වූ අලුත) නිබඳ බුදු උපස්ථායකයකු නො සිටි කල්හි උපස්ථායකයා වේ. ඒ සමයෙහි බුදුන් වහන්සේට අසූ මහා තෙරුන් අතර උපස්ථායකයෙකු නො වූ විරූයේ නො වේ. නාගසමාල, උපවාණ, සුනක්ඛත්ත, චුන්ද සාමණේර, සාගත, බෝධි, මෙඝිය (යන අය සිටියහ). මේ පාළියෙහි එන උපස්ථායකයෝ ය. මේ කාලයෙහි උපවාණ තෙරුන් වහන්සේ උදයෙන් ම නැගිට ඇුතුළු කුටි ඇමදීම, දත් කූරු තැබීම, නෑමට ජලය සැපයීම, පා සිවුරු ගෙන පසුපස යාම ආදී භාග්‍යවතුන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු කළහ.
උපසඞ්කමීති පඨමබොධියං කිර වීසති වස්සානි නිද්ධූමං අරඤ්ඤමෙව හොති, භික්ඛුසඞ්ඝස්ස උදකතාපනම්පි න භගවතා අනුඤ්ඤාතං. සො ච බ්රාහ්මණො උද්ධනපාළිං බන්ධාපෙත්වා මහාචාටියො උද්ධනමාරොපෙත්වා උණ්හොදකං කාරෙත්වා, න්හානීයචුණ්ණාදීහි සද්ධිං තං වික්කිණන්තො ජීවිකං කප්පෙති. න්හායිතුකාමා තත්ථ ගන්ත්වා මූලං දත්වා න්හායිත්වා ගන්ධෙ විලිම්පිත්වා මාලං පිළන්ධිත්වා පක්කමන්ති. තස්මා ථෙරො තත්ථ උපසඞ්කමි.
උපසඞ්කමි ප්‍රථම බෝධියෙහි වසර විස්සක් නිබඳ ව ආරණ්‍යය ම වේ. භික්ෂුසංඝයාට උණු දියෙන් (ගත) උණුසුම් කිරීම පවා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත නො කරන ලදි. ඒ බ්‍රාහ්මණයා ද උදුන් බඳවා මහ හැළි උදුනට නංවා (උදුනෙහි තබා) උණු දිය සකසා නාන සුණු වර්ග සමග එය විකුණමින් ජීවිකාව කර ගෙන යයි. ස්නානය කැමැත්තෝ එහි ගොස් මුදල් දී ස්නානය කොට සුවඳ වර්ග ආලේපනය කර මල් මාලා පැළඳ යත්. එහෙයින් තෙරුන් වහන්සේ එතැනට පැමිණියහ.
කිං පත්ථයානොති කිං ඉච්ඡන්තො. කිං එසන්ති කිං ගවෙසන්තො. පූජිතො පූජනෙය්යානන්ති ඉදං ථෙරො දසබලස්ස වණ්ණං කථෙතුමාරභි. ගිලානභෙසජ්ජත්ථං ගතෙන කිර ගිලානස්ස වණ්ණො කථෙතබ්බොති වත්තමෙතං. වණ්ණං හි සුත්වා මනුස්සා සක්කච්චං භෙසජ්ජං දාතබ්බං මඤ්ඤන්ති. සප්පායභෙසජ්ජං ලද්ධා ගිලානො ඛිප්පමෙව වුට්ඨාති. කථෙන්තෙන ච ඣානවිමොක්ඛසමාපත්තිමග්ගඵලානි ආරබ්භ කථෙතුං න වට්ටති. “සීලවා ලජ්ජී කුක්කුච්චකො බහුස්සුතො ආගමධරො වංසානුරක්ඛකො”ති එවං පන ආගමනීයපටිපදංයෙව කථෙතුං වට්ටති. පූජනෙය්යානන්ති අසීතිමහාථෙරා සදෙවකෙන ලොකෙන පූජෙතබ්බාති පූජනෙය්යා. තෙයෙව සක්කාතබ්බාති සක්කරෙය්යා. තෙසංයෙව අපචිති කත්තබ්බාති අපචෙය්යා. භගවා තෙසං පූජිතො සක්කතො අපචිතො ච, ඉච්චස්ස තං ගුණං පකාසෙන්තො ථෙරො එවමාහ. හාතවෙති හරිතුං.
කිං පත්ථයානො කුමක් කැමැත්තේ, කිං එසං කුමක් සොයමින්, පූජිතො පූජනෙය්යානං මෙයින් තෙරුන් වහන්සේ බුදු රජුන්ගේ ගුණ වර්ණනා කිරීම ආරම්භ කළ සේක. ගිලනුන් හට බෙහෙත් ගැනීම බලාපොරොත්තුවෙන් ගිය අයකු විසින් ගිලනුන්ගේ ගුණ වර්ණනා කළ යුත්තේ ය යන මෙය සිරිතකි. වර්ණනාව අසා මිනිස්සු සකසා බෙහෙත් දිය යුතු යයි සිතති. සුව එළවන බෙහෙත් ලබා ගිලනා වහා ම නැගිට සිටියි. කථා කරන්නකු විසින් ද ධ්‍යාන, විමෝක්ෂ, සමාපත්ති, මාර්ග ඵල (යනාදියෙන්) පටන් ගෙන කථා කිරීම නො වටී. සිල්වතෙකි, ලජ්ජා ශීලියෙකි. කුකුස් ඇත්තෙකි, බහුශ්‍රැත ය. ආගම අදහන්නෙකි, වංශය රකින්නෙකි යි මෙසේ පැවතිය යුතු ප්‍රතිපදාව ම පවසනු වටී. පූජනෙය්යානං අසූ මහා තෙරුන් වහන්සේලා දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුත්තෝ යි; පූජනෙය්යා ඔවුහු ම සත්කාර කළ යුත්තෝ යි සක්කරෙය්යා; ඔවුනට ම බහුමාන කළ යුත්තෝ යි අපචනෙය්යා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් විසින් පූජිතයහ. සත්කාර කරන ලදහ. බහුමාන කරන ලදහ. මෙසේ උන් වහන්සේගේ ඒ ගුණය ප්‍රකාශ කරමින් තෙරුන් වහන්සේ මෙසේ කීහ. හාතචෙ ගෙන යන්නට.
ඵාණිතස්ස ච පුටන්ති මහන්තං නිච්ඡාරිකං ගුළපිණ්ඩං. සො කිර “කිං සමණස්ස ගොතමස්ස අඵාසුක”න්ති? පුච්ඡිත්වා, “උදරවාතො”ති සුත්වා, “තෙන හි මයමෙත්ථ භෙසජ්ජං ජානාම, ඉතො ථොකෙන උදකෙන ඉදං ඵාණිතං ආලොළෙත්වා න්හානපරියොසානෙ පාතුං දෙථ, ඉති උණ්හොදකෙන බහි පරිසෙදො භවිස්සති, ඉමිනා අන්තොති එවං සමණස්ස ගොතමස්ස ඵාසුකං භවිස්සතී”ති වත්වා ථෙරස්ස පත්තෙ පක්ඛිපිත්වා අදාසි.
ඵාණිතස්ස ච පුටං මහත් අළු දැලි නැති හකුරු පිඬක්. හේ ශ්‍රමණ ගෞතමයන්ගේ අපහසුව කුමක්දැයි විමසා උදර වාතයෙකැයි අසා, එසේ නම් අපි බෙහෙත් දනිමු; මෙයින් වතුර ටිකකින් මේ පැණිය කළතා නෑම අවසානයෙහි පානයට දෙනු මැනවි. මෙසේ උණු දියෙන් බාහිර දහඩිය පිටවන්නේ ය. මෙයින් ඇතුළත (දහඩිය පිටවන්නේ ය) මෙසේ ශ්‍රමණ ගෞතමයනට පහසුවක් වන්නේ යයි කියා තෙරුන්ගේ පාත්‍රයෙහි හලා දුන්නේ ය.
උපසඞ්කමීති තස්මිං කිර ආබාධෙ පටිප්පස්සද්ධෙ “දෙවහිතෙන තථාගතස්ස භෙසජ්ජං දින්නං, තෙනෙව රොගො වූපසන්තො, අහො දානං පරමදානං බ්රාහ්මණස්සා”ති කථා විත්ථාරිතා ජාතා. තං සුත්වා කිත්තිකාමො බ්රාහ්මණො “එත්තකෙනපි තාව මෙ අයං කිත්තිසද්දො අබ්භුග්ගතො”ති සොමනස්සජාතො අත්තනා කතභාවං ජානාපෙතුකාමො තාවතකෙනෙව දසබලෙ විස්සාසං ආපජ්ජිත්වා උපසඞ්කමි.
උපසංකමි ඒ ආබාධය සංසිඳුණු කල්හි “දේවහිත විසින් තථාගතයනට බෙහෙත් දෙන ලදි; එයින් ම රෝගය සුව වූයේ ය; අහා! බ්‍රාහ්මණයාගේ දානය පරම දානය” යි යන කථාව පැතිර ගියේ ය. එය අසා කීර්තිය කැමති බ්‍රාහ්මණයා මෙපමණකින් ම මගේ මේ කීර්ති ඝෝෂාව පැන නැගිණි යි සොම්නස හට ගත්තේ (එය) තමා විසින් කරන ලද බැව් දන්වනු කැමැත්තේ එපමණකින් ම බුදුන් කෙරෙහි විශ්වාසය උපදවා අසල ට පැමිණියේ ය.
දජ්ජාති දදෙය්ය. කථං හි යජමානස්සාති කෙන කාරණෙන යජන්තස්ස. ඉජ්ඣතීති සමිජ්ඣති මහප්ඵලො හොති. යොවෙදීති යො අවෙදි අඤ්ඤාසි, විදිතං පාකටමකාසි “යොවෙතී”තිපි පාඨො, යො අවෙති ජානාතීති අත්ථො. පස්සතීති දිබ්බචක්ඛුනා පස්සති. ජාතික්ඛයන්ති අරහත්තං. අභිඤ්ඤාවොසිතොති ජානිත්වා වොසිතො වොසානං කතකිච්චතං පත්තො. එවං හි යජමානස්සාති ඉමිනා ඛීණාසවෙ යජනාකාරෙන යජන්තස්ස.
දජ්ජා දෙන්නේ ය. කථං හි යජමානස්ස කුමන ආකාරයකින් පුදන්නෙකුට; ඉජ්ඣති සමෘද්ධ වෙයි ද? මහත් ඵල වේ ද? යො වෙදී ‘යො’ (යමෙක්) ‘අවෙදී’ දැන ගත්තේ ය. දන්නා ලද්ද ප්‍රකට කළේ ය. ‘යො වෙති’ යනු ද පාඨයකි. ‘යො’ (යමෙක්) ‘අවෙති’ දනී යන අර්ථ යි. පස්සති දිවැසින් දකියි. ජාතික්ඛයං අර්හත් බව අභිඤ්ඤාවොසිතො දැන සම්පූර්ණ කළ, අවසානය (කතකිච්ච) කළ යුතු දේ කර ඇති බවට පත් වූයේ; එවං හි යජමානස්ස ක්ෂීණාශ්රවයන් හට මේ යජනාකාරයෙන් (පූජා ස්වරූපයෙන්) දෙන්නහුගේ.
තතියං.
තුන් වැනි සූත්‍රය යි.
4. මහාසාලසුත්තවණ්ණනා
4. මහාසාළ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ලූඛො ලූඛපාවුරණොති ජිණ්ණො ජිණ්ණපාවුරණො. උපසඞ්කමීති කස්මා උපසඞ්කමි? තස්ස කිර ඝරෙ අට්ඨසතසහස්සධනං අහොසි. සො චතුන්නං පුත්තානං ආවාහං කත්වා චත්තාරි සතසහස්සානි අදාසි. අථස්ස බ්රාහ්මණියා කාලඞ්කතාය පුත්තා සම්මන්තයිංසු – “සචෙ අඤ්ඤං බ්රාහ්මණිං ආනෙස්සති, තස්සා කුච්ඡියං නිබ්බත්තවසෙන කුලං භිජ්ජිස්සති. හන්ද නං මයං සඞ්ගණ්හාමා”ති. තෙ චත්තාරොපි පණීතෙහි ඝාසච්ඡාදනාදීහි උපට්ඨහන්තා හත්ථපාදසම්බාහනාදීනි කරොන්තා සඞ්ගණ්හිත්වා එකදිවසං දිවා නිද්දායිත්වා වුට්ඨිතස්ස හත්ථපාදෙ සම්බාහමානා පාටියෙක්කං ඝරාවාසෙ ආදීනවං වත්වා – “මයං තුම්හෙ ඉමිනා නීහාරෙන යාවජීවං උපට්ඨහිස්සාම, සෙසධනම්පි නො දෙථා”ති යාචිංසු. බ්රාහ්මණො පුන එකෙකස්ස සතසහස්සං සතසහස්සං දත්වා අත්තනො නිවත්ථපාරුපනමත්තං ඨපෙත්වා සබ්බං උපභොගපරිභොගං චත්තාරො කොට්ඨාසෙ කත්වා නිය්යාදෙසි. තං ජෙට්ඨපුත්තො කතිපාහං උපට්ඨහි.
සිවු වැන්නෙහි - ලූඛො ලූඛපාපුරණො ජරාවට (මහලු බවට) පත් වූ, දිරා ගිය වස්ත්‍ර ඇති; උපසංකමි කුමක් නිසා අසළට පැමිණියේ ද? ඔහුගේ නිවසේ අට ලක්ෂයක් ධනය තිබිණි. හේ පුතුන් සිවු දෙනාට ආවාහ කොට ලක්ෂ හතරක් දුන්නේ ය. ඉක්බිති ඔහුගේ බැමිණියා කාල ක්‍රියා කළ පසු පුත්‍රයෝ (මෙසේ) සාකච්ඡා කළහ. ඉදින් අනෙක් බැමිණියක ගෙන එන්නේ නම් ඇගේ කුස තුළ (දරුවකු) ඉපදීම් වශයෙන් පවුල කැඩී යයි. අපි ඔහුට (පියාට) සළකමු ද? ඔවුන් සතර දෙන ම ප්‍රණීත වූ ආහාර ඇඳුම් පැළඳුම් ආදියෙන් උපස්ථාන කරන්නාහු අත් පා සම්බාහන ආදිය කරමින් සලකා එක් දිනක් දහවල නිදා සිට නැගිට සිටියහුගේ අත් පා මිරිකමින්, තනි ව ගෙහි වාසය කිරීමේ විපාක කියා අපි මේ සැටියෙන් දිවි ඇති තෙක් උවටැන් කරන්නෙමු ඉතිරි ධනයත් අපට දෙනු මැනවි යි ඉල්ලා සිටියහ. බ්‍රාහ්මණයා යළිත් එක් එක් අයෙකුට ලක්ෂය ලක්ෂය දී තමාට අඳින පෙරවන (වස්ත්‍ර) පමණක් ඉතිරි කර සියලු උපභෝග පරිභෝග වස්තු සතර කොටසක් කර පවරා දුන්නේ ය. වැඩිමහල් පුත්‍රයා ඔහුට කිහිප දිනක් උපස්ථාන කළේ ය.
අථ නං එකදිවසං න්හත්වා ආගච්ඡන්තං ද්වාරකොට්ඨකෙ ඨත්වා සුණ්හා එවමාහ – “කිං තයා ජෙට්ඨපුත්තස්ස සතං වා සහස්සං වා අතිරෙකං දින්නමත්ථි? නනු සබ්බෙසං ද්වෙ ද්වෙ සතසහස්සානි දින්නානි, කිං සෙසපුත්තානං ඝරස්ස මග්ගං න ජානාසී”ති? සො “නස්ස වසලී”ති කුජ්ඣිත්වා අඤ්ඤස්ස ඝරං අගමාසි, තතොපි කතිපාහච්චයෙන ඉමිනාව උපායෙන පලාපිතො අඤ්ඤස්සාති එවං එකඝරෙපි පවෙසනං අලභමානො පණ්ඩරඞ්ගපබ්බජ්ජං පබ්බජිත්වා භික්ඛාය චරන්තො කාලානමච්චයෙන ජරාජිණ්ණො දුබ්භොජනදුක්ඛසෙය්යාහි මිලාතසරීරො භික්ඛාචාරතො ආගම්ම, පීඨකාය නිපන්නො නිද්දං ඔක්කමිත්වා වුට්ඨාය නිසින්නො අත්තානං ඔලොකෙත්වා පුත්තෙසු පතිට්ඨං අපස්සන්තො චින්තෙසි – “සමණො කිර ගොතමො අබ්භාකුටිකො උත්තානමුඛො සුඛසම්භාසො පටිසන්ථාරකුසලො, සක්කා සමණං ගොතමං උපසඞ්කමිත්වා පටිසන්ථාරං ලභිතු”න්ති නිවාසනපාවුරණං සණ්ඨපෙත්වා භික්ඛාභාජනමාදාය යෙන භගවා තෙනුපසඞ්කමි.
ඉක්බිති එක් දිනක් ස්නානය කොට පැමිණෙන ඔහුට දොරටුවෙහි සිට ලේලිය මෙසේ පැවසුවා ය.: කිම? ඔබ විසින් වැඩිමහල් පුතාට සියයක් හෝ දහසක් හෝ වැඩියෙන් දී තිබේ ද? සියල්ලන්ට ම ලක්ෂ දෙක දෙක දුන්නා නො වේද? ඇයි අනිත් පුතාලාගේ ගෙවල්වලට යන්න පාර දුන්නේ නැද්ද? “හේ” “වසලී, නැසෙව” යි කිපී වෙනත් (පුතෙකුගේ) නිවසට ගියේ ය. ඉන් දින කීපයකට පසු ව මේ උපක්‍රමයෙන් ම ඒ නිවසිනුත් එළවා දමන ලද්දේ ය. මෙසේ එක ගෙදරකට ද ඇතුළු වීමක් නො ලබන්නේ සුදුමැලි ගත සහිත ව පැවිදි බව ලබා භික්ෂාව පිණිස හැසිරෙමින් කාලය ඇවෑමෙන් ජරාජීර්ණ වූයේ දුර්භෝජන (දුකසේ කෑම්බීම් ලබාගැනීම) දුක්ඛ සෙය්යා (දුක්ගැහැට ලැබෙන නිදා ගැනීම) මගින් මළානික වූ සිරුර ඇත්තේ ආහාර පිණිස සැරිසරන්නේ ඇවිත් පිළෙහි හිඳගන්නේ නින්දට වැටී නැගිට සිටිමින් තමන් දෙස බලා පුතුන්ගේ පිහිටක් නො දකිමින් මෙසේ සිතී ය. ගෞතම ශ්රමණයන් වහන්සේ රැවීමක් නැති පැහැදිලි මහණක් ඇති (සරල ව කථා කරන), පහසුවෙන් කථා කළ හැකි, පිළිසඳරෙහි දක්ෂ කෙනෙකු වන සේක, ගෞතම ශ්රමණයන් වහන්සේ වෙත පැමිණ පිළිසඳරක් ලැබීමට හැකි වන්නේ යයි ඇඳුම් පෙරවීම් පසක තබා භික්ෂා භාජනය (පමණක්) ගෙන බුදුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය.
දාරෙහි සංපුච්ඡ ඝරා නික්ඛාමෙන්තීති සබ්බං මම සන්තකං ගහෙත්වා මය්හං නිද්ධනභාවං ඤත්වා අත්තනො භරියාහි සද්ධිං මන්තයිත්වා මං ඝරා නික්කඩ්ඪාපෙන්ති.
දාරෙහි සම්පුච්ඡ ඝරා නික්ඛමෙන්ති මා සතු සියල්ල ගෙන මගේ නිර්ධන භාවය දැන තමන්ගේ බිරියන් සමග කුමන්ත්‍රණය කොට මා ගෙදරින් එළවා ගනිති.
නන්දිස්සන්ති නන්දිජාතො තුට්ඨො පමුදිතො අහොසිං. භවමිච්ඡිසන්ති වුඩ්ඪිං පත්ථයිං. සාව වාරෙන්ති සූකරන්ති යථා සුනඛා වග්ගවග්ගා හුත්වා භුස්සන්තා භුස්සන්තා සූකරං වාරෙන්ති, පුනප්පුනං මහාරවං රවාපෙන්ති, එවං දාරෙහි සද්ධිං මං බහුං වත්වා විරවන්තං පලාපෙන්තීති අත්ථො.
නන්දිස්සං සන්තෝෂයට පත් වූයේ සතුටු වූයේ ප්‍රමුදිත වූයේ විය. භවමිච්ඡිසං වෘද්ධියක් (දියුණුවක්) පැතී ය. සාව වාරෙන්ති සූකරං යම් සේ සුනඛයෝ රංචු රංචු වී බුරමින් ඌරන් වළක්වත් ද, යළි යළිත් මහ හඬක් නගත් ද, එසේ දරුවන් සමග මට බොහෝ දේ කියා මා හඬද්දී ම එළවා දැමූහ යනු අර්ථය යි.
අසන්තාති අසප්පුරිසා. ජම්මාති ලාමකා. භාසරෙති භාසන්ති. පුත්තරූපෙනාති පුත්තවෙසෙන. වයොගතන්ති තයො වයෙ ගතං අතික්කන්තං පච්ඡිමවයෙ ඨිතං මං. ජහන්තීති පරිච්චජන්ති.
අසන්තා අසත් පුරුෂ වූ; ජම්මා ළාමක වූ භාසරෙ පවසත් පුත්තරූපෙන පුත්‍ර වේශයෙන්, වයො ගතං ‘වයො’ වයස් තුන (අවධි තුන) ‘ගතං’ ගිය, ඉක්ම වූ, පශ්චිම වයසේ සිටින මා, පජහන්ති අත් හැර දමති.
නිබ්භොගොති නිප්පරිභොගො. ඛාදනා අපනීයතීති අස්සො හි යාවදෙව තරුණො හොති ජවසම්පන්නො, තාවස්ස නානාරසං ඛාදනං දදන්ති, ජිණ්ණං නිබ්භොගං තතො අපනෙන්ති, අන්තිමවයෙ තං වත්තං න ලභති, ගාවීහි සද්ධිං අටවියං සුක්ඛතිණානි ඛාදන්තො චරති. යථා සො අස්සො, එවං ජිණ්ණකාලෙ විලුත්තසබ්බධනත්තා නිබ්භොගො මාදිසොපි බාලකානං පිතා ථෙරො පරඝරෙසු භික්ඛති.
නිබ්හොගො (ප්‍රයෝජනයක් නැති) අත්හැර දමන ලද ඛාදනා අපනීයති අශ්වයා යම් තාක් තරුණ ජවසම්පන්න වේ ද එතෙක් එහුට නානා රස වූ අහර දෙත්; දිරා ගිය, පාවිච්චියට නුසුදුසු වූ අශ්වයා ඉන් පසු බැහැර කරත්, අවසන් වයසේ දී ඒ පැවැත්ම නො ලබයි. එළදෙනුන් සමග කැලයෙහි වියළි තණ කමින් සැරිසරයි. ඒ අශ්වයා යම් සේ ද එසේ මහලු කාලයේ දී පැහැර ගත් ධනය හේතුවෙන් මා වැන්නෙකු ද ප්‍රයෝජනයට නුසුදුසු වේ. බාලකානං පිතා ථෙරො පරාගාරෙසු භික්ඛති. (බාලයන්ගේ පියා වූ මහල්ලා අන් ගෙවල සිඟයි)
යඤ්චෙති නිපාතො. ඉදං වුත්තං හොති – යෙ මම පුත්තා අනස්සවා අප්පතිස්සා අවසවත්තිනො, තෙහි දණ්ඩොව කිර සෙය්යො සුන්දරතරොති. ඉදානිස්ස සෙය්යභාවං දස්සෙතුං චණ්ඩම්පි ගොණන්තිආදි වුත්තං.
යඤ්චෙ නිපාතයකි. කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් මගේ පුත්තු වෙත් ද, අනස්සවා අකීකරු වූවෝ, යටහත් ගති පැවතුම් නො මැති වූවෝ, ඔවුන්ට වඩා දණ්ඩොව කිර සෙය්යො (දණ්ඩොව=සැරයටිය) (සෙය්යො-) වඩා සුන්දර ය. දැන් එහි ශ්‍රේෂ්ඨ භාවය දැක්වීම පිණිස වණ්ඩම්පි ගොනං ආදිය කියන ලදි.
පුරෙ හොතීති අග්ගතො හොති, තං පුරතො කත්වා ගන්තුං සුඛං හොතීති අත්ථො. ගාධමෙධතීති උදකං ඔතරණකාලෙ ගම්භීරෙ උදකෙ පතිට්ඨං ලභති.
පුරෙ හොති පෙරටුවෙහි සිටී, එය පෙරටු කොට යාම පහසුවට හේතු වේ යන අරුත යි. ගාධමෙධති ජලයට බැස යන කල්හි ගැඹුරු දියෙහි පිහිටක් ලබයි.
පරියාපුණිත්වාති උග්ගණ්හිත්වා වා වාචුග්ගතා කත්වා. සන්නිසින්නෙසූති තථාරූපෙ බ්රාහ්මණානං සමාගමදිවසෙ සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙසු පුත්තෙසු තං සභං ඔගාහෙත්වා බ්රාහ්මණානං මජ්ඣෙ මහාරහෙ ආසනෙ නිසින්නෙසු. අභාසීති ‘අයං මෙ කාලො’ති සභාය මජ්ඣෙ පවිසිත්වා හත්ථං උක්ඛිපිත්වා, “භො අහං තුම්හාකං ගාථා භාසිතුකාමො, භාසිතෙ සුණිස්සථා”ති වත්වා – “භාස, බ්‍රාහ්මණ, සුණොමා”ති වුත්තො ඨිතකොව අභාසි. “තෙන ච සමයෙන මනුස්සානං වත්තං හොති යො මාතාපිතූනං සන්තකං ඛාදන්තො මාතාපිතරො න පොසෙති, සො මාරෙතබ්බො”ති. තස්මා තෙ බ්රාහ්මණපුත්තා පිතුපාදෙසු නිපතිත්වා “ජීවිතං නො තාත, දෙහී”ති යාචිංසු. සො පිතුහදයස්ස පුත්තානං මුදුත්තා “මා මෙ, භො, බාලකෙ විනාසයිත්ථ, පොසිස්සන්ති ම”න්ති ආහ.
පරියාපුණිත්වා ඉගෙන, වාචෝද්ගත (කට පාඩම්) කොට, සන්නිසිනේනෙසු ඒ ආකාරයේ බ්‍රාහ්මණයන්ගේ රැස්වීම් දිනයේ පුතුන් සියලු අලංකාරයෙන් සැරසී ඒ සභාවට ඇතුළු වී බ්‍රාහ්මණයන් මැද මහාර්ඝ වූ අසුන්වල වාඩි වී සිටියදී, අභාසි මේ මට සුදුසු කාලය යි, සබා මැද පිවිස අත උස්සා “භවත්නි, මම ඔබලාට ගාථා කීමට කැමැත්තෙමි. කියන කල්හි අසනු මැනවි” යි කියා “බ්‍රාහ්මණය, කියනු අසමු” යි පවසන ලද්දේ සිට ගෙන ම කී ය. එ සමයෙහි, යමෙක් මවුපියන් සන්තක දේ කමින් මවුපියන් පෝෂණය නො කරත් නම් ඔහු මරා දැමිය යුත්තේ යයි මිනිසුන්ගේ සිරිතක් වේ. එහෙයින් ඒ බ්‍රාහ්මණ පුත්‍රයෝ පිය පා මුල වැඳ වැටී “පියාණනි, අපට ජීවිතය දෙනු මැනවි” යි ඉල්ලා සිටියහ. ඔහු පිය හදවතේ දරුවනට (ඇති) මුදු බව නිසා ‘පින්වත්නි, මගේ දරුවන් නො නසවු. (ඔවුහු) මා පෝෂණය කරන්නාහු ය’ යි කී ය.
අථස්ස පුත්තෙ මනුස්සා ආහංසු – “සචෙ, භො, අජ්ජ පට්ඨාය පිතරං න සම්මා පටිජග්ගිස්සථ, ඝාතෙස්සාම වො”ති. තෙ භීතා ඝරං නෙත්වා පටිජග්ගිංසු. තං දස්සෙතුං අථ ඛො නං බ්රාහ්මණමහාසාලන්තිආදි වුත්තං.
ඉක්බිති මිනිස්සු ඔහුගේ පුතුනට (මෙසේ) කීහ: භවත්නි, ඉදින් අද පටන් පියාට හොඳින් නො සලන්නහු නම් ඔබලා ඝාතනය කරන්නෙමු’ යි. බිය පත් වූ ඔවුහු (පියා) නිවසට ගෙන ගොස් සැළකූහ. එය දැක්වීම පිණිස අථ ඛො තං බ්රාහ්මණමහාසාලං ආදිය කියන ලදි.
තත්ථ නෙත්වාති පීඨෙ නිසීදාපෙත්වා සයං උක්ඛිපිත්වා නයිංසු. න්හාපෙත්වාති සරීරං තෙලෙන අබ්භඤ්ජිත්වා උබ්බට්ටෙත්වා ගන්ධචුණ්ණාදීහි න්හාපෙසුං. බ්රාහ්මණියොපි පක්කොසාපෙත්වා, “අජ්ජ පට්ඨාය අම්හාකං පිතරං සම්මා පටිජග්ගථ. සචෙ පමාදං ආපජ්ජිස්සථ, ඝරතො වො නික්කඩ්ඪිස්සාමා”ති වත්වා, පණීතභොජනං භොජෙසුං.
එහි නෙත්වා පීඨයෙහි - ආසනයෙහි - හිඳුවා තමන් ම උසුළා ගෙන ගියහ. නහාපෙත්වා ශරීරයේ තෙල් ගල්වා සුවඳ කුඩුවලින් ඇඟ උලා නෑවූහ. බ්රාහ්මණියන් ද කැඳවා අද පටන් අපගේ පියාට මැනවින් සලකන්න. ඉදින් ප්‍රමාදයන් (අඩුවක්) දක්වන්නහු නම් ඔබලා ගෙයින් ඇද දමන්නෙමු යි කියා ප්‍රණීත භෝජන කැවූහ.
බ්රාහ්මණො සුභොජනඤ්ච සුඛසෙය්යඤ්ච ආගම්ම කතිපාහච්චයෙන සඤ්ජාතබලො පීණිතින්ද්රියො අත්තභාවං ඔලොකෙත්වා, “අයං මෙ සම්පත්ති සමණං ගොතමං නිස්සාය ලද්ධා”ති පණ්ණාකාරං ආදාය භගවතො සන්තිකං අගමාසි. තං දස්සෙතුං අථ ඛො සොතිආදි වුත්තං.
බ්‍රාහ්මණයා හොඳ ආහාර හොඳ නින්ද ලැබ දවස් කිහිපයක ඇවෑමෙන් ඇති වූ ශක්තිය සහිත වූයේ පින වූ ඉන්ද්රිය ඇත්තේ තමා දෙස බලා මගේ මේ සම්පත්තිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නිසා ලැබිණැයි පඬුරු රැගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. එය දැක්වීමට අථ ඛො සො ආදිය කියන ලදි.
තත්ථ එතදවොචාති දුස්සයුගං පාදමූලෙ ඨපෙත්වා එතං අවොච. සරණගමනාවසානෙ චාපි භගවන්තං එවමාහ – “භො ගොතම, මය්හං පුත්තෙහි චත්තාරි ධුරභත්තානි දින්නානි, තතො අහං ද්වෙ තුම්හාකං දම්මි, ද්වෙ සයං පරිභුඤ්ජිස්සාමී”ති. කල්‍යාණං, බ්‍රාහ්මණ, පාටියෙක්කං පන මා නිය්යාදෙහි, අම්හාකං රුච්චනට්ඨානමෙව ගමිස්සාමාති. “එවං, භො”ති ඛො බ්රාහ්මණො භගවන්තං වන්දිත්වා ඝරං ගන්ත්වා පුත්තෙ ආමන්තෙසි “තාතා, සමණො ගොතමො මය්හං සහායො, තස්ස ද්වෙ ධුරභත්තානි දින්නානි, තුම්හෙ තස්මිං සම්පත්තෙ මා පමජ්ජථා”ති. සාධු, තාතාති. පුනදිවසෙ භගවා පුබ්බණ්හසමයෙ පත්තචීවරං ආදාය ජෙට්ඨපුත්තස්ස නිවෙසනද්වාරං ගතො. සො සත්ථාරං දිස්වාව හත්ථතො පත්තං ගහෙත්වා ඝරං පවෙසෙත්වා මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා පණීතභොජනමදාසි. සත්ථා පුනදිවසෙ ඉතරස්ස, පුනදිවසෙ ඉතරස්සාති පටිපාටියා සබ්බෙසං ඝරානි අගමාසි. සබ්බෙ තථෙව සක්කාරං අකංසු.
එතදවොච වස්ත්‍ර යුගලය පා මුල තබා මෙසේ කී ය. සරණ ගමන අවසානයෙහි ද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය. භවත් ගෞතමයන් වහන්ස, මට පුතුන් විසින් දන් වේල් සතරක් දෙන ලදි. එයින් දෙකක් මම ඔබ වහන්සේට දෙමි. දෙකක් මම පාවිච්චි කරන්නෙමි. බ්‍රාහ්මණය, වෙන් ව නො පවරනු මැනවි. අප කැමති තැනට ම යමු” “එසේ ය, ස්වාමීනි’ යි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වැඳ නිවසට ගොස් පුතුන් ඇමතී ය. දරුවනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ මට සහාය වූහ. උන්වහන්සේට මා විසින් දන් වේල් දෙකක් දෙන ලදි. උන් වහන්සේ පැමිණි කල්හි පවා (නොසැලකිලිමත්) නො වවූ යි ‘හොඳයි, පියාණනි.” ඊළඟ දවසේ භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි පාත්‍ර සිවුරු ගෙන වැඩිමහල් පුත්‍රයාගේ නිවසෙහි දොරටුව වෙත වැඩි සේක. හේ බුදුන් වහන්සේ දුටු සැණින් ම හස්තයෙන් පාත්‍රය ගෙන නිවසට ඇතුළු කරවා අගනා අසුනක වඩා හිඳුවා ප්‍රණීත භෝජන දුන්නේ ය. බුදුන් වහන්සේ ඊළඟ දිනයේ අනිකාගේ ය, ඊළඟ දිනයේ අනිකාගේ ය යන පිළිවෙලින් සියලු දෙනාගේ ම නිවෙස්වලට වැඩි සේක. සියලු ම දෙනා එසේ ම සත්කාර කළහ.
අථෙකදිවසං ජෙට්ඨපුත්තස්ස ඝරෙ මඞ්ගලං පච්චුපට්ඨිතං. සො පිතරං ආහ – “තාත, කස්ස මඞ්ගලං දෙමා”ති. අම්හෙ අඤ්ඤං න ජානාම? නනු සමණො ගොතමො මය්හං සහායොති? තෙන හි තුම්හෙ පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ස්වාතනාය සමණං ගොතමං නිමන්තෙථාති. බ්රාහ්මණො තථා අකාසි. භගවා අධිවාසෙත්වා පුනදිවසෙ භික්ඛුසඞ්ඝපරිවුතො තස්ස ගෙහද්වාරං අගමාසි. සො හරිතුපලිත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං ගෙහං සත්ථාරං පවෙසෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පඤ්ඤත්තාසනෙසු නිසීදාපෙත්වා අප්පොදකපායාසඤ්චෙව ඛජ්ජකවිකතිඤ්ච අදාසි. අන්තරභත්තස්මිංයෙව බ්රාහ්මණස්ස චත්තාරොපි පුත්තා සත්ථු සන්තිකෙ නිසීදිත්වා ආහංසු – “භො ගොතම, මයං අම්හාකං පිතරං පටිජග්ගාම නප්පමජ්ජාම, පස්සථස්ස අත්තභාව”න්ති. සත්ථා “කල්‍යාණං වො කතං, මාතාපිතුපොසකං නාම පොරාණකපණ්ඩිතානං ආචිණ්ණමෙවා”ති වත්වා මහානාගජාතකං (ජා· 1.11.1 ආදයො; චරියා· 2.1 ආදයො) නාම කථෙත්වා, චත්තාරි සච්චානි දීපෙත්වා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ බ්රාහ්මණො සද්ධිං චතූහි පුත්තෙහි චතූහි ච සුණ්හාහි දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨිතො. තතො පට්ඨාය සත්ථා න සබ්බකාලං තෙසං ගෙහං අගමාසීති.
ඉක්බිති දිනක් වැඩිමහලු පුතාගේ නිවසේ මංගල උත්සවයක් එළැඹිණි. හේ පියාට පැවසී ය: “පියාණනි, කවරකුට මංගලය දෙමු ද?” “අපි අන්‍යයකු නො දනිමු. ශ්‍රමණ ගෞතමයෝ මට සහාය වූවෝ නො වෙත් ද?” එසේ නම් ඔබතුමා භික්ෂු සංඝයා පන්සියයක් සමග ශ්‍රමණ ගෞතමයන් වහන්සේට හෙට දිනට ආරාධනය කරනු මැනවි. බ්‍රාහ්මණයා එසේ කළේ ය. භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරා ඊ ළඟ දිනයෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරන ලද සේක් ඔහුගේ ගෙදොරට වැඩි සේක. හේ පළාවන් පැහැයෙන් ආලේප කරන ලද සර්වාලංකාරයෙන් ප්‍රතිමණ්ඩිත වූ නිවසට බුදුන් වහන්සේ කැඳවා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට පනවන ලද අසුන්වල වඩා හිඳඅවා දිය අඩු කිරිබත් ද කැවිලි පෙවිලි ද පිදී ය. දන් අතරතුර දී ම බ්‍රාහ්මණයාගේ පුත්තු සතර දෙනා ම බුදුන් වහන්සේ සමීපයෙහි හිඳ (මෙසේ) පැවසූහ. “භවත් ගෞතමයිනි, අපි අපගේ පියාට පොරොන්දු වන්නෙමු, ප්‍රමාද නොවමු, ඔහුගේ ශරීරය දෙස බලන සේක්වා. බුදුන් වහන්සේ, “ඔබලා විසින් හොඳ දෙයක් කරන ලදි. මව්පිය පෝෂණය නම් පැරණි පඬිවරුන් විසින් පුරුදු පුහුණු කරන ලද්දේ ම ය යි කියා මහානාග ජාතකය වදාරා සතර සත්‍යය පහදා දෙමින් ධර්මය දේශනා කළ සේක. දේශනා අවසානයෙහි බ්‍රාහ්මණයා පුතුන් සතර දෙනා හා ලේලීන් සතර දෙනා සමග දේශනානුසාරයෙන් නුවණ මෙහෙයවා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එතැන් පටන් බුදුන් වහන්සේ සෑම කල්හි ඔවුන්ගේ නිවසට නො පැමිණි සේක.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. මානත්ථද්ධසුත්තවණ්ණනා
5. මානත්ථද්ධ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මානත්ථද්ධොති වාතභරිතභස්තා විය මානෙන ථද්ධො. ආචරියන්ති සිප්පුග්ගහණකාලෙ ආචරියො අනභිවාදෙන්තස්ස සිප්පං න දෙති, අඤ්ඤස්මිං පන කාලෙ තං න අභිවාදෙති, අත්ථිභාවම්පිස්ස න ජානාති. නායං සමණොති එවං කිරස්ස අහොසි – “යස්මා අයං සමණො මාදිසෙ ජාතිසම්පන්නබ්රාහ්මණෙ සම්පත්තෙ පටිසන්ථාරමත්තම්පි න කරොති, තස්මා න කිඤ්චි ජානාතී”ති.
පස් වැන්නේ - මානත්ථද්ධො මානයෙන් පිරුණු, මයිනහමක් මෙන් මානයෙන් තද වූයේ. ආචරියං ශිල්ප ඉගෙන ගන්නා කාලයේ ආචාර්යවරයා අභිවාදනය නො කරන්නහුට ශිල්ප නො දේ. අන් අවස්ථාවල දී ඔහුට අභිවාදනය නො කරයි ද ඔහු ඇති බවක් හෝ නො දනී. නායං සමණො ඔහුට මෙසේ සිතිණි: යම් හෙයකින් මේ ශ්‍රමණයා ජාතියෙන් උසස් ව මා වැනි බ්‍රාහ්මණයකු පැමිණි කල්හි පිළිසඳර කථා කිරීමක් පමණ වත් නො කරයි ද එහෙයින් කිසිවක් නො දනියි.’
අබ්භුතවිත්තජාතාති අභූතපුබ්බාය තුට්ඨියා සමන්නාගතා. කෙසු චස්සාති කෙසු භවෙය්ය. ක්යස්සාති කෙ අස්ස පුග්ගලස්ස. අපචිතා අස්සූති අපචිතිං දස්සෙතුං යුත්තා භවෙය්යුං. අරහන්තෙති ඉමාය ගාථාය දෙසනාකුසලත්තා අත්තානං අන්තොකත්වා පූජනෙය්යං දස්සෙති.
අබ්භූතචිත්ත ජාතා මීට පෙර නො තිබූ විරූ සතුටකින් යුක්ත වූවාහු කෙසු චස්ස කවර කෙනෙකුන් කෙරෙහි වේ ද? ක්යස්ස ‘කෙ අස්ස’ කවර කෙනෙක් මේ පුද්ගලයාගේ අපචිතා අස්සු බුහුමන් දැක්විය යුත්තෝ වන්නාහු ද? අරහන්තෙ මේ ගාථාවෙන් දේශනාකුශලතාවෙන් තමන් වහන්සේ ද ඇතුළත් කොට පිදිය යුත්තන් දක්වන සේක.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. පච්චනීකසුත්තවණ්ණනා
6. පච්චනීක සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ “සබ්බං සෙත”න්ති වුත්තෙ “සබ්බං කණ්හ”න්තිආදිනා නයෙන පච්චනීකං කරොන්තස්සෙවස්ස සාතං සුඛං හොතීති පච්චනීකසාතො. යො ච විනෙය්ය සාරම්භන්ති යො කරණුත්තරියලක්ඛණං සාරම්භං විනෙත්වා සුණාතීති අත්ථො.
සය වැන්නේ - සියල්ල සුදු යයි කියන ලද කල්හි සියල්ල කළු ය ආදී ක්‍රමයෙන් (පච්චනීක) ප්‍රතිවිරුද්ධ පැත්ත ගන්නහුට ම ‘සාතං’ සැපය (සුඛය) වේ යයි පච්චනීකසාතො, යො ච විනෙය්ය සාරම්භං යමෙක් කළ දෙයට වැඩියෙන් කිරීම ලක්ෂණ සහිත එකට එක කිරීම දුරු කොට අසයි යනු අරුත යි.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. නවකම්මිකසුත්තවණ්ණනා
7. නවකම්මික සූත්‍ර වර්ණනාව
සත්තමෙ නවකම්මිකභාරද්වාජොති සො කිර අරඤ්ඤෙ රුක්ඛං ඡින්දාපෙත්වා තත්ථෙව පාසාදකූටාගාරාදීනි යොජෙත්වා නගරං ආහරිත්වා වික්කිණාති, ඉති නවකම්මං නිස්සාය ජීවතීති නවකම්මිකො, ගොත්තෙන භාරද්වාජොති නවකම්මිකභාරද්වාජො. දිස්වානස්ස එතදහොසීති ඡබ්බණ්ණරස්මියො විස්සජ්ජෙත්වා නිසින්නං භගවන්තං දිස්වාන අස්ස එතං අහොසි. වනස්මින්ති ඉමස්මිං වනසණ්ඩෙ. උච්ඡින්නමූලං මෙ වනන්ති මය්හං කිලෙසවනං උච්ඡින්නමූලං. නිබ්බනථොති නික්කිලෙසවනො. එකො රමෙති එකකො අභිරමාමි. අරතිං විප්පහායාති පන්තසෙනාසනෙසු චෙව භාවනාය ච උක්කණ්ඨිතං ජහිත්වා.
සත් වැන්නේ - නවකම්මික භාරද්වාජො හේ කැලයෙහි ගස් කපවා එහි ම ප්රාසාදමහල් ගෙවල් ආදිය තනවා නගරයට ගෙනැවිත් විකුණ යි. මෙසේ අළුත් වැඩ පදනම් කොට ගෙන ජීවත් වෙති යි “නවකම්මිකො,” ගෝත්‍රයෙන් “භාරද්වාජො” යි= ‘නව කම්මික-භාරද්වාජො,” දිස්වානස්ස එතදහොසි ෂඩ්වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දැක ඔහුට මෙසේ සිතිණි. වනස්මිං මේ වන ලැහැබේ. උච්ඡින්නමූලං මෙ වනං මගේ කෙළෙස් වනය මුල් උදුරන ලද. නිබ්බනථො නික්ලේශී වනය එකො රමෙ හුදෙකලා ව සිත් සතුටු කරවමි. අරතිං විප්පහාය ප්‍රාන්ත සේනාසනවලත් භාවනාවෙහිත් උකටලී බව බැහැර කොට.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. කට්ඨහාරසුත්තවණ්ණනා
8. කට්ඨහාර සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අන්තෙවාසිකාති වෙය්යාවච්චං කත්වා සිප්පුග්ගණ්හනකා ධම්මන්තෙවාසිකා. නිසින්නන්ති ඡබ්බණ්ණරස්මියො විස්සජ්ජෙත්වා නිසින්නං. ගම්භීරරූපෙති ගම්භීරසභාවෙ.
අට වැන්නේ - අන්තෙවාසිකා වතාවත් කොට ශිල්ප ඉගෙන ගන්නා ධර්මාන්තේවාසිකයෝ, නිසින්නං ෂඩ් වර්ණ රශ්මි විහිදුවා වැඩ සිටින, ගම්භීරරූපෙ ගැඹුරු ස්වභාවය ඇති.
බහුභෙරවෙති තත්රට්ඨකසවිඤ්ඤාණකඅවිඤ්ඤාණකභෙරවෙහි බහුභෙරවෙ. විගාහියාති අනුපවිසිත්වා. අනිඤ්ජමානෙනාතිආදීනි කායවිසෙසනානි, එවරූපෙන කායෙනාති අත්ථො. සුචාරුරූපං වතාති අතිසුන්දරං වත ඣානං ඣායසීති වදති.
බහුභෙරවෙ එහි ඇති සවිඥානක අවිඥානක මහත් බියවලින් බොහෝ බිය ඇති. විගාහිය පිවිස, අනිඤ්ජමානෙන (නො සැළෙන) ආදිය කාය විශේෂණ යි. මෙ බඳු සිරුරකින් යුතු ව යන අර්ථ යි. සුන්දර රූපං වත අති සුන්දර වූ ධ්‍යානයක් වඩයි’ කියයි.
වනවස්සිතො මුනීති වනං අවස්සිතො බුද්ධමුනි. ඉදන්ති ඉදං තුම්හාකං එවං වනෙ නිසින්නකාරණං මය්හං අච්ඡෙරරූපං පටිභාති. පීතිමනොති තුට්ඨචිත්තො. වනෙ වසෙති වනම්හි වසි.
වනවස්සිතො මුනි වනං අවස්සිතො’ වනයෙහි විසූ (වනය ඇසුරු කළ) බුද්ධ නම් වූ මුනිවරයා ඉදං ඔබ වහන්සේ මෙසේ වනයේ සිටිතැයි යන කාරණය මට අච්ඡෙරරූපං පටිභාති (ආශ්චර්ය ස්වභාවයක් සේ වැටහේ); පීතිමනො සතුටු සිත් ඇත්තේ, වනෙ වසෙ වනයෙහි වසන්නෙහි.
මඤ්ඤාමහන්ති මඤ්ඤාමි අහං. ලොකාධිපතිසහබ්යතන්ති ලොකාධිපතිමහාබ්රහ්මුනා සහභාවං. ආකඞ්ඛමානොති ඉච්ඡමානො. තිදිවං අනුත්තරන්ති ඉදං බ්රහ්මලොකමෙව සන්ධායාහ. කස්මා භවං විජනමරඤ්ඤමස්සිතොති අහං තාව බ්රහ්මලොකං ආකඞ්ඛමානොති මඤ්ඤාමි. යදි එවං න හොති, අථ මෙ ආචික්ඛ, කස්මා භවන්ති? පුච්ඡති. බ්රහ්මපත්තියාති සෙට්ඨපත්තියා. ඉධ ඉදං තපො කස්මා කරොසීති අපරෙනපි ආකාරෙන පුච්ඡති.
මඤ්ඤාමහං “මඤ්ඤාමි අහං” (මම හඟිමි) ලොකාධිපතිං සහව්යතං ලෝකාධිපති මහා බ්‍රහ්මයා සමග එක් ව විසීම, ආකංඛමානො කැමති වෙමින්, තිදිවං අනුත්තරං මෙය බ්‍රහ්ම ලෝකය ම අරභයා කී ය. කස්මා භවං විජනමරඤ්ඤමස්සිතො (භවත, කුමක් හෙයින් මිනිසුන්ගෙන් තොර වූ වනය ඇසුරු කළේ ද?) මම තවදුරටත් බ්‍රහ්ම ලෝකය කැමැති වෙමින් (සිටිමි) යි සිතමි. ඉදින් (ඔබට) එවැන්නක් නොමැති නම් මට කියනු මැනවි. කස්මා භවං යි විමසයි. බ්රහ්මපත්තියා ශ්‍රේෂ්ඨ බවට පත්වීම පිණිස. මෙහි මේ තපස කුමක් නිසා කරහි දැයි වෙනත් ආකාරයකින් ද විමසයි.
කඞ්ඛාති තණ්හා. අභිනන්දනාති අභිනන්දනවසෙන තණ්හාව වුත්තා. අනෙකධාතූසූති අනෙකසභාවෙසු ආරම්මණෙසු. පුථූති නානප්පකාරා තණ්හා සෙසකිලෙසා වා. සදාසිතාති නිච්චකාලං අවස්සිතා. අඤ්ඤාණමූලප්පභවාති අවිජ්ජාමූලා හුත්වා ජාතා. පජප්පිතාති තණ්හාව “ඉදම්පි මය්හං, ඉදම්පි මය්හ”න්ති පජප්පාපනවසෙන පජප්පිතා නාමාති වුත්තා. සබ්බා මයා බ්යන්තිකතාති සබ්බා තණ්හා මයා අග්ගමග්ගෙන විගතන්තා නිරන්තා කතා. සමූලිකාති සද්ධිං අඤ්ඤාණමූලෙන.
කඞ්ඛා තණ්හා, අභිනන්දනා අභිනන්දන වශයෙන් තණ්හාව ම කියන ලදි. අනෙකධාතුසු නොයෙක් ස්වභාව ඇති අරමුණුවල පුථු නානාප්‍රකාර වූ තෘෂ්ණාව, සෙසු කෙළෙස් හෝ, සදාතිසා නිරතුරු ව විසූ, අඤ්ඤාණමූලප්පභවා අවිද්‍යාව මුල් කොට ගෙන උපන්, පජප්පිතා මෙයත් මගේ ය යි තෘෂ්ණාව ඇති කිරීම් වශයෙන් තෘෂ්ණාව ම ‘පජප්පිතා’ නමැයි කියන ලදි. සබ්බා මයා ඛ්යන්තී කතා සියලු තෘෂ්ණාවෝ මා විසින් අග්රමාර්ගයෙන් අවසානයට පත් කරන ලදහ. සීමාවක් නැතිකරන ලදහ. සමුලිකා අඥාන මුලය ද සමග,
අනූපයොති අනුපගමනො. සබ්බෙසු ධම්මෙසු විසුද්ධදස්සනොති ඉමිනා සබ්බඤ්ඤුතඤ්ඤාණං දීපෙති. සම්බොධිමනුත්තරන්ති අරහත්තං සන්ධායාහ. සිවන්ති සෙට්ඨං. ඣායාමීති ද්වීහි ඣානෙහි ඣායාමි. විසාරදොති විගතසාරජ්ජො.
අනුපයො උපගමන (ළංවීම්) රහිත වූ සබ්බෙසු ධම්මෙසු විසුද්ධදස්සනො (සියලු ධර්මයන්හි විශුද්ධ දර්ශන ඇත්තෙමි) මෙයින් සර්වතාඥානය දක්වයි. සම්බොධිමනුත්තරං අර්හත් භාවය අරභයා කී ය. සිවං ශ්‍රේෂ්ඨ. ඣායාමි ධ්‍යාන දෙකින් දැහැන් වඩමි. විසාරදො බයාදු බව පහවූයේ.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. මාතුපොසකසුත්තවණ්ණනා
9. මාතුපොසක සූත්‍ර වර්ණනාව
නවමෙ පෙච්චාති ඉතො පටිගන්ත්වා.
නව වැන්නෙහි - පෙච්ච මෙලොවින් චුත ව.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. භික්ඛකසුත්තවණ්ණනා
10. භික්ඛක සූත්‍ර වර්ණනාව
දසමෙ ඉධාති ඉමස්මිං භික්ඛුභාවෙ. විස්සං ධම්මන්ති දුග්ගන්ධං අකුසලධම්මං. බාහිත්වාති අග්ගමග්ගෙන ජහිත්වා. සඞ්ඛායාති ඤාණෙන. ස වෙ භික්ඛූති වුච්චතීති සො වෙ භින්නකිලෙසත්තා භික්ඛු නාම වුච්චති.
දස වැන්නේ - ඉධ මේ භික්ෂු භාවයෙහි. විස්සං ධම්මං දුර්ගන්ධ ව අකුශල ධර්මය, බාහිත්වා අග්රමාර්ගයෙන් පහ කොට, සංඛාය ඥානයෙන් සවෙ භික්ඛූති වුව්චති හේ භින්න වූ (බිඳින ලද්දා වූ) කෙළෙස් ඇති බැවින් භික්ෂුව යි කියති.
දසමං.
දස වැනි සූත්‍රය යි.
11. සඞ්ගාරවසුත්තවණ්ණනා
11. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
එකාදසමෙ පච්චෙතීති ඉච්ඡති පත්ථෙති. සාධු, භන්තෙති ආයාචමානො ආහ. ථෙරස්ස කිරෙස ගිහිසහායො, තස්මා ථෙරො “අයං වරාකො මං සහායං ලභිත්වාපි මිච්ඡාදිට්ඨිං ගහෙත්වා මා අපායපූරකො අහොසී”ති ආයාචති. අපිචෙස මහාපරිවාරො, තස්මිං පසන්නෙ පඤ්චකුලසතානි අනුවත්තිස්සන්තීති මඤ්ඤමානොපි ආයාචති. අත්ථවසන්ති අත්ථානිසංසං අත්ථකාරණං. පාපන්ති පාණාතිපාතාදිඅකුසලං. පවාහෙමීති ගලප්පමාණං උදකං ඔතරිත්වා පවාහෙමි පලාපෙමි. ධම්මොති ගාථා වුත්තත්ථාව.
එකොළොස් වැන්නේ - පච්චෙති ‘ඉච්ඡති, පත්ථෙති’ කැමති වෙයි, ප්‍රාර්ථනා කරයි. සාධු භන්තෙ ඉල්ලා සිටිමින් පැවසී ය. ඔහු තෙරුන්ගේ ගිහි සහායකයා ය. එහෙයින් තෙරුන් වහන්සේ මේ නීචයා (කාලකණ්ණියා) මා සහායකු ලෙස ලැබ ද මිථ්‍යාදෘෂ්ටිය ගෙන අපාය පුරවන්නෙකු නො වේවා යි ඉල්ලා සිටී. එසේ ම ඔහු මහ පිරිවර ඇත්තේ (විය) ඔහු කෙරෙහි පැහැදුණු පන්සියයක් පවුල් ද (ඔහු) අනුගමනය කරති යි සිතා ද ඉල්ලා සිටී. අත්ථවසං අභිවෘද්ධි ඵලයක්, අර්ථ හේතුවක්, පාපං පාණාතිපාත ආදි අකුශලයක්, පවාහෙමි ගෙළ දක්වා ප්‍රමාණයට බැස පා කොට හරිමි. පළවා හරිමි. ධම්මො ගාථා කියන ලද අර්ථ ම ය.
එකාදසමං.
එකොළොස් වැනි සූත්‍රය යි.
12. ඛොමදුස්සසුත්තවණ්ණනා
12. ඛොමදුස්ස සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ ඛොමදුස්සං නාමාති ඛොමදුස්සානං උස්සන්නත්තා එවංලද්ධනාමං. සභායන්ති සාලායං. ඵුසායතීති ඵුසිතානි මුඤ්චති වස්සති. සත්ථා කිර තං සභං උපසඞ්කමිතුකාමො – “මයි එවමෙවං උපසඞ්කමන්තෙ අඵාසුකධාතුකං හොති, එකං කාරණං පටිච්ච උපසඞ්කමිස්සාමී”ති අධිට්ඨානවසෙන වුට්ඨිං උප්පාදෙසි. සභාධම්මන්ති සුඛනිසින්නෙ කිර අසඤ්චාලෙත්වා එකපස්සෙන පවිසනං තෙසං සභාධම්මො නාම, න මහාජනං චාලෙත්වා උජුකමෙව පවිසනං. භගවා ච උජුකමෙව ආගච්ඡති, තෙන තෙ කුපිතා භගවන්තං හීළෙන්තා “කෙ ච මුණ්ඩකා සමණකා, කෙ ච සභාධම්මං ජානිස්සන්තී”ති ආහංසු. සන්තොති පණ්ඩිතා සප්පුරිසා. පහායාති එතෙ රාගාදයො ජහිත්වා රාගාදිවිනයාය ධම්මං භණන්ති, තස්මා තෙ සන්තො නාමාති.
දොළොස් වැන්නේ - ඛොමදුස්සං නාම කොමු පිළියෙහි උසස් බව හේතු කොට ගෙන මෙසේ ලත් නම ඇති, සහායං ශාලාවෙහි, ඵුසායති ‘ඵුසිතානි’ (දිය බින්දු) මුංචති මුදයි, වසියි. බුදුන් වහන්සේ මේ ශාලාවට වඩිනු කැමති වූ සේක්; මා මෙසේ පැමිණෙන කල්හි අපහසු ස්වභාවයක් වේ. එක් කරුණක් උදෙසා පැමිණෙන්නෙමි යි අධිෂ්ඨාන වශයෙන් වැස්ස ඉපද වූ සේක. සභාධම්මං සුවසේ (පහසුවෙන්) හිඳගෙන සිටින්නවුන් නො සොළවා එක් පැත්තකින් පැමිණීම ඔවුන්ගේ ශාලා ධර්මය නමි. මහජනයා සොළවා (ඈත් මෑත් කරවා) කෙළින් ම පැමිණීම නො වේ. භාග්‍යවතුන් වහන්සේ සෘජුව ම එති. එයින් ඔවුහු කිපියාහු භාග්‍යවතුන් වහන්සේට ගරහමින් කෙ ච මුණ්ඩකා සමණකා කෙ ච සභාධම්මං ජානිස්සන්ති (මුඩු මහණහු කවරහු ද? කවර කෙනෙක් සභා නීතිය දනිත් ද?) ය කීහ. සන්තො පණ්ඩිතයෝ සත්පුරුෂයෝ පහාය මේ රාගාදිය හැර දමහා, රාග ආදිය හික්මීම පිණිස ධර්මය කියා දෙති. එහෙයින් ඔවුහු ‘සන්තො’ නමි.
ද්වාදසමං.
දොළොස් වැනි සූත්‍රය යි.
උපාසකවග්ගො දුතියො.
ඉති සාරත්ථප්පකාසිනියා සංයුත්තනිකාය-අට්ඨකථාය බ්රාහ්මණසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙසේ බ්‍රාහ්මණ සංයුත්ත වර්ණනාව නිමියේ ය.