යෙදුමෙන් කියවන්න

පච‍්චනීකසුත‍්තං

7. 2. 6.

7. 2. 6.

පච‍්චනීකසුත‍්තං.

පච්චනීක සූත්‍රය

202. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

202. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

තෙන ඛො පන සමයෙන පච‍්චනීකසාතො නාම බ්‍රාහ‍්මණො සාවත්‍ථියං පටිවසති. අථ ඛො පච‍්චනීකසාතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: යන‍්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමෙය්‍යං. යං යදෙව සමණො ගොතමො භාසිස‍්සති, තං තදෙවස‍්සාහං පච‍්චනීකාස‍්සන‍්ති.

එකල්හි පච්චනීකසාත නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට “මම මහණ ගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනවි. මහණ ගොයුම් යමක් යමක් ම කියන්නේ ද, මම ඔහුගේ ඒ ඒ වදනට ම විරුද්ධ වන්නෙමි”යි මේ අදහස විය.

තෙන ඛො පන සමයෙන භගවා අජ‍්ඣොකාසෙ චඞ‍්කමති. අථ ඛො පච‍්චනීකසාතො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං චඞ‍්කමන‍්තං අනුචඞ‍්කමමානො භගවන‍්තං එතදවොච: භණ සමණ ධම‍්මන‍්ති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ අබවස සක්මන් කරණ සේක. එවිට පච්චනීකසාත බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ සක්මන් කරණ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කරමින් භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයෙනි දහම් දෙසනු මැනවැ”යි මෙය කීය.

[භගවා:]

[භගවත්හු:]

න පච‍්චනීකසාතෙන සුවිජානං සුභාසිතං, උපක‍්කිලිට‍්ඨචිත‍්තෙන සාරම‍්භබහුලෙන ච.

පච්චනීකසාත වූ කිලිටිසිත් ඇති කරණුත්තරියකරණය බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම මොනවට නො දතහැක්කේ ය.

යො ච විනෙය්‍ය සාරම‍්භං අප‍්පසාදඤ‍්ච චෙතසො, ආඝාතං පටිනිස‍්සජ‍්ජ ස වෙ ජඤ‍්ඤා සුභාසිතන‍්ති.

යමෙක් සිතේ අප්‍රසාදය ද බද්ධවෛරය ද දුරු කොට සාරම්භය බැහැර කොට (සිටියේ ද ) හෙ තෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැන ගන්නේ ය.

එවං වුත‍්තෙ පච‍්චනීකසාතො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි පච්චනීකසාත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා!