මානත්ථද්ධසුත්තං
7. 2. 5.
7. 2. 5.
මානත්ථද්ධසුත්තං.
මානත්ථද්ධ සූත්‍රය
201. සාවත්ථියං–
201. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන මානත්ථද්ධො නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති. සො නෙව මාතරං අභිවාදෙති. න පිතරං අභිවාදෙති. න ආචරියං අභිවාදෙති. න ජෙට්ඨභාතරං අභිවාදෙති.
එකල්හි මානත්ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටු බෑයා නො ම වඳී.
තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. අථ ඛො මානත්ථද්ධස්ස බ්රාහ්මණස්ස එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං. සචෙ මං සමණො ගොතමො ආලපිස්සති, අහම්පි තං ආලපිස්සාමි. නො චෙ මං සමණො ගොතමො ආලපිස්සති අහම්පි නාලපිස්සාමීති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිස විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක. ඉක්බිති මානත්ථද්ධ බමුණාට මේ මහණගොයුම් තෙමේ මහත් පිරිස විසින් පිරිවරණ ලදු ව දහම් දෙසයි. මම මහණගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනව. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා කරන්නේ නම් මමත් ඔහුට කථා කරන්නෙමි. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා නො කරන්නේ නම් මමත් කථා නො කරන්නෙමි.
අථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තුණ්හීභූතො එකමන්තං අට්ඨාසි. අථ ඛො භගවා තං නාලපි. අථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො නායං සමණො ගොතමො කිඤ්චි ජානාතීති. තතොව පුන නිවත්තිතුකාමො අහොසි.
ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා නොකළ සේක. ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ මේ මහණගොයුම් තෙමේ කිසිත් නො දනීයයි එතැනින් ම නැවත පෙරළා එනු කැමැත්තේ වි ය.
අථ ඛො භගවා මානත්ථද්ධස්ස බ්රාහ්මණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මානත්ථද්ධං බ්රාහ්මණං ගාථාය අජ්ඣභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් මානත්ථද්ධ බමුණාගේ චිත්තපරිවිතර්කය දැන මානත්ථද්ධ බමුණාට ගාථායෙන් වදාළ සේක:
න මාන බ්රූහණා සාධු අත්ථිකස්සීධ බ්‍රාහ්මණ, යෙන අත්ථෙන ආගඤ්ඡි තමෙවමනුබ්රූහයෙති.
බමුණ, මෙහි ප්‍රයෝජනයක් අපේක්ෂා කරනහුට මානය වැඩීම නො මැනවි. යම් ප්‍රයෝජනයක් හේතු කොට ගෙණ පැමිණියේ නම් එය ම සිදුකර ගන්නේ ය.
අථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො චිත්තං මෙ සමණො ගොතමො ජානාතීති තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති: ‘මානත්ථද්ධොහං භො ගොතම මානත්ථද්ධොහං භො ගොතමා’ති.
ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ මහණගොයුම් තෙමේ මාගේ සිත දනී යයි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹී. අතින් ද පිරිමදී. “භවත් ගෞතමයෙනි, මම මානත්ථද්ධ යෙමි. භවත් ගෞතමයෙනි, මම මානත්ථද්ධ යෙමි” යි නම ද අස්වයි.
අථ ඛො සා පරිසා අබ්භුතචිත්තජාතා අහොසි. අච්ඡරියං වත භො අබ්භුතං වත භො අයං හි මානත්ථද්ධො බ්රාහ්මණො නෙව මාතරං අභිවාදෙති. න පිතරං අභිවාදෙති. න ආචරියං අභිවාදෙති. න ජෙට්ඨභාතරං අභිවාදෙති. අථ ච පන සමණෙ ගොතමෙ එවරූපං පරමනිපච්චාකාරං කරොතීති.
ඉක්බිති ඒ පිරිස “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි අද්භූතයෙකි. මේ මානත්ථද්ධ බමුණු තෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටුබෑයා නො ම වඳී. එහෙත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳු ඉතා ම යටත් පැවතුම් ඇති බවක් කෙරේ ය යී අද්භූත සිත් ඇති වූවා ය.
අථ ඛො භගවා මානත්ථද්ධං බ්රාහ්මණං එතදවොච: අලං බ්‍රාහ්මණ උට්ඨෙහි, සකෙ ආසනෙ නිසීද, යතො තෙ මයි චිත්තං පසන්නන්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්ථද්ධ බමුණාට මෙය වදාළ සේක: බමුණ, පමණි. නැගිටුව. සිය අසුනෙහි හිඳ ගණුව. යම් හෙයකින් තාගේ සිත මා කෙරෙහි පහන් ද, (එහෙයිනි).
අථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති මානත්ථද්ධ බමුණු තෙමේ සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
කෙසු න මානං කයිරාථ කෙසු චස්ස සගාරවො, ක්යස්ස අපචිතා අස්සු ක්යස්ස සාධු සුපූජිතා.
කවර කෙනෙකුන් කෙරෙහි මානය නො කරන්නේ කවරකෙනකුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ද? ඔහු විසින් කවර කෙනෙක් අපචිති කටයුත්තෝ වන්නාහු ද? ඔහු විසින් කවර කෙනෙක් මැනවින් පිදියයුත්තෝ වන්නාහු ද?
[භගවා:]
[භගවත්හු:]
මාතරි පිතරි චාපි අථො ජෙට්ඨම්හි භාතරි, ආචරියෙ චතුත්ථංහි තෙසු න මානං කයිරාථ. තෙසු අස්ස සගාරවො ත්යස්සු අපචිතා අස්සු තෙචස්සු සාධු පූජිතා.
මව කෙරෙහි ද, පියා කෙරෙහි ද, වැලි දෙටුබෑයා කෙරෙහි ද, සිවුවැනි ව ඇදුරා කෙරෙහි දැ යි යන මොවුන් කෙරෙහි මානය නො කරන්නේ ය. මොවුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ය. ඔහු විසින් මොහු අපචිති කටයුත්තෝ වන්නාහ. ඔහු විසින් මොහු මැනවින් පිදියයුත්තෝ වන්නාහ.
අරහන්තෙ සීතිභූතෙ කතකිච්චෙ අනාසවෙ, නිහච්ච මානං අත්ථද්ධො තෙ නමස්ස අනුත්තරෙ.
සිහිල් වූ කළකිස ඇති ආස්‍රව රහිත වූ නිරුත්තර වූ ඒ රහතුන් (මානයෙන්) තද නො වී මානය නසා වඳුව.
එවං වුත්තෙ මානත්ථද්ධො බ්රාහ්මණො භගවන්තං එතදවොච අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි මානත්ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.