මහාසාලසුත්තං
7. 2. 4.
7. 2. 4.
මහාසාලසුත්තං.
මහාසාළ සූත්‍රය
200. සාවත්ථියං–
200. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණමහාසාළො ලූඛො ලූඛපාපුරණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං බ්රාහ්මණමහාසාළං භගවා එතදවොච. කින්නු ත්වං බ්‍රාහ්මණ ලූඛො ලූඛපාපුරණොති.
ඉක්බිති ජරාවට පත් වූ දිරා ගිය වස්ත්‍ර ඇති එක්තරා බමුණුමහසළෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසළුව භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: බමුණ, කුමක්හෙයින් තෝ ජරාවට පත්වූයෙහි දිරා ගිය වස්ත්‍ර ඇත්තෙහි ද?
[බ්රාහ්මණො:]
[බමුණු:]
ඉධ මෙ භො ගොතම චත්තාරො පුත්තා. තෙ මං දාරෙහි සම්පුච්ඡ ඝරා නික්ඛාමෙන්තීති.
භවත් ගෞතමයෙනි, මෙහි මාගේ පුත්තු සතර දෙනෙකි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට මා ගෙයින් නෙරති යි.
[භගවා:]
[භගවත්හු:]
තෙන හි ත්වං බ්‍රාහ්මණ ඉමා ගාථායො පරියාපුණිත්වා සභායං මහාජනකායෙ සන්නිපතිතෙ පුත්තෙසු ච සන්නිසින්නෙසු භාසස්සු:
බමුණ, එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙණ සභාවක මහජනසමූහයා රැස්වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කියව:
යෙහි ජාතෙහි නන්දිස්සං යෙසඤ්ච භවමිච්ඡිසං, තෙ මං දාරෙහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං.
(මට දාව) උපන්නා වූ යම් කෙනෙකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනකුන්ගේ අභිවෘද්ධිය පැතුයෙම් ද, ඔහු අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
අසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරෙ, රක්ඛසා පුත්තරූපෙන තෙ පජහන්ති වයොගතං.
අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්.
අස්සොව ජිණ්ණො නිබ්භොගො ඛාදනා අපනීයති, බාලකානං පිතා ථෙරො පරාගාරෙසු භික්ඛති.
පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙවල සිඟයි.
දණ්ඩොව කිර මෙ සෙය්යො යඤ්චෙ පුත්තා අනස්සවා, චණ්ඩම්පි ගොණං වාරෙති අථො චණ්ඩම්පි කුක්කුරං.
මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය. (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
අන්ධකාරෙ පුරෙ හොති ගම්භීරෙ ගාධ මෙධති, දණ්ඩස්ස අනුභාවෙන ඛලිත්වා පටිතිට්ඨතීති.
අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි (ගැඹුරුදියෙහි) පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
අථ ඛො සො බ්රාහ්මණමහාසාළො භගවතො සන්තිකෙ ඉමා ගාථායො පරියාපුණිත්වා සභායං මහාජනකායෙ සන්නිපතිතෙ පුත්තෙසු ච සන්නිසින්නෙසු අභාසි.
ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙණ සභාවෙහි මහාජනයා රැස් වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කී ය.
“යෙහි ජාතෙහි නන්දිස්සං යෙසඤ්ච භවමිච්ඡිසං, තෙ මං දාරෙහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං.
(මට දා ව) උපන්නාවූ යම් කෙනකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනෙකුන් ගේ අභිවෘද්ධිය පතූයෙම් ද, ඔහු ද අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
අසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරෙ, රක්ඛසා පුත්තරූපෙන පජහන්ති වයොගතං.
අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි, පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුර කෙරෙත්.
අස්සොව ජිණ්ණො නිබ්භොගො ඛාදනා අපනීයති, බාලකානං පිතා ථෙරො පරාගාරෙසු භික්ඛති.
පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙහි සිඟයි.
දණ්ඩොව කිර මෙ සෙය්යො යඤ්චෙ පුත්තා අනස්සවා, චණ්ඩම්පි ගොණං වාරෙති අථො චණ්ඩම්පි කුක්කුරං.
මාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය, (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
අන්ධකාරෙ පුරෙ හොති ගම්භීරෙ ගාධ මෙධති, දණ්ඩස්ස ආනුභාවෙන ඛලිත්වා පටිතිට්ඨතී”ති.
අඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
අථ ඛො නං බ්රාහ්මණමහාසාළං පුත්තා ඝරං නෙත්වා නාහාපෙත්වා පච්චෙකං දුස්සයුගෙන අච්ඡාදෙසුං.
ඉක්බිති පුත්‍රයෝ ඒ බමුණු මහසල්හු ගෙට පමුණුවා නාවා වෙන වෙන වස්ත්‍රයුග්මයෙන් පිදූහ.
අථ ඛො සො බ්රාහ්මණමහාසාළො එකං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්රාහ්මණමහාසාළො භගවන්තං එතදවොච:
එකල ඒ බමුණු මහසල් තෙමේ එක් වස්ත්රයුග්මයන් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:
මයං භො ගොතම බ්රාහ්මණා නාම ආචරියස්ස ආචරියධනං පරියෙසාම. පටිගණ්හාතු මෙ භවං ගොතමො ආචරියො ආචරියධනන්ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
භවත් ගෞතමයෙනි, අපි බමුණෝ වෙමු. ඇදුරහුට ඇදුරුධනය සොයම්හ. මාගේ ඇදුරු වූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරුධනය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා පිළිගෙණ වදාළ සේක.
අථ ඛො සො බ්රාහ්මණමහාසාළො භගවන්තං එතදවොච: අභික්කන්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
ඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවි යෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.