දෙවහිතසුත්තං
7. 2. 3.
7. 2. 3.
දෙවහිතසුත්තං.
දේවහිත සූත්‍රය
199. සාවත්ථියං–
199. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන භගවා වාතෙහි ආබාධිකො හොති. ආයස්මා ච උපවානො භගවතො උපට්ඨාකො හොති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාතයෙන් හටගත් අබාධ ඇති සේක. ආයුෂ්මත් උපවාන තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වෙයි.
අථ ඛො භගවා ආයස්මන්තං උපවානං ආමන්තෙසි: ඉඞ්ඝ මෙ ත්වං උපවාණ උණ්හොදකං ජානාහී ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ඇමතූ සේක. උපවාන, බලව, තෙපි මට උණුදිය (ලැබෙන සැටියක්) දනිවු යි.
එවං භන්තෙති ඛො ආයස්මා උපවානො භගවතො පටිස්සුත්වා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දෙවහිතස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තුණ්හීභූතො එකමන්තං අට්ඨාසි.
වහන්ස, එසේ ය යි කියා ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හැඳ පෙරෙව පා සිවුරු ගෙණ දේවහිත බමුණාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය.
අද්දසා ඛො දෙවහිතො බ්රාහ්මණො ආයස්මන්තං උපවානං තුණ්හීභූතං එකමන්තං ඨිතං. දිස්වාන ආයස්මන්තං උපවානං ගාථාය අජ්ඣභාසි:
දේවහිත බමුණු තෙමේ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන තෙරුන් දැක්කේ ය. දැක ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථායෙන් කීය:
තුණ්හීභූතො භවං තිට්ඨං මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, කිං පත්ථයානො කිං එසං කින්නු යාචිතුමාගතොති?
හිස මුඩු කළ සඟල සිවුර පෙර වූ භවත් තෙමේ කුමක් පතමින් කුමක් සොයමින් නිශ්ශබ්ද ව සිටිනෙහි ද, කුමක් ඉල්ලන්නට ආයෙහි ද?
[උපවානො:]
[උපවාන:]
අරහං සුගතො ලොකෙ වාතෙහාබාධිකො මුනි, සචෙ උණ්හොදකං අත්ථි මුනිනො දෙහි බ්‍රාහ්මණ.
බමුණ, ලොව අර්හත් වූ සුගත වූ මුනීන්ද්රයන් වහන්සේ වාතයෙන් වූ ආබාධ ඇති සේක. ඉදින් උණුදිය ඇත් නම් මුනීන්ද්රයන් වහන්සේට දෙව.
පූජිතො පූජනෙය්යානං සක්කරෙය්යාන සක්කතො, අපචිතො අපචෙය්යානං තස්ස ඉච්ඡාමි හාතවෙති.
පිදිය යුත්තන් විසින් පුදන ලද සත්කාර කටයුත්තන් විසින් සත්කාර කරණ ලද අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති කරණ ලද ඒ බුදුරජානන් වහන්සේට ගෙණ යන්නට (උණුදිය) කැමැත්තෙමි.
අථ ඛො දෙවහිතො බ්රාහ්මණො උණ්හොදකස්ස කාජං පුරිසෙන ගාහාපෙත්වා ඵාණිතස්ස ච පුටං ආයස්මතො උපවානස්ස පාදාසි.
ඉක්බිති දේවහිත බමුණු තෙමේ උණුදිය කදක් පුරුෂයකු ලවා ගන්වා සකුරුපිඩක් ද ආයුෂ්මත් උපවාන තෙරුන්ට පිදී ය.
අථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං උණ්හොදකෙන නහාපෙත්වා උණ්හොදකෙන ඵාණිතං ආලොළෙත්වා භගවතො පාදාසි. අථ ඛො භගවතො සො ආබාධො පටිප්පස්සම්භි.
ඉක්බිති ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ උණුදියෙන් නාවා උණුදියෙන් සකුරු දිය කොට භාග්‍යවතුන් වහන්සේ පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ අබාධය සංසිඳුනේ ය.
අථ ඛො දෙවහිතො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
එකල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය.
එකමන්තං නිසින්නො ඛො දෙවහිතො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
එකත්පසෙක හුන් දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කත්ථ දජ්ජා දෙය්යධම්මං කත්ථ දින්නං මහප්ඵලං, කථං හි යජමානස්ස කත්ථ ඉජ්ඣති දක්ඛිණාති?
දේයධර්‍මය කවරකුට දෙන්නේ ද? කවරකුට දෙන ලද්දේ මහත්ඵල වේ ද? කෙබඳු අයුරකින් කවරකුට දෙන්නහුගේ දක්ෂිණාව සමෘද්ධ වේ ද?
[භගවා:]
[භගවත්හු:]
පුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි.
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්ගය හා අපායත් දකී ද, වැලි ජාතික්ෂයසඞ්ඛ්යාත අර්හත්වයට පැමිණියේ ද, මාර්ගඥානයෙන් (චතුස්සතය්ය) දැන නිම වූ කිස ඇත්තේ ද, කායමෞනත්වාදි මෞනගුණ යුක්ත ද,
එත්ථ දජ්ජා දෙය්යධම්මං එත්ථ දින්නං මහප්ඵලං, එවං හි යජමානස්ස එවං ඉජ්ඣති දක්ඛිණාති.
මොහුට දේයධර්‍මය දෙන්නේ ය. මොහුට දෙන ලද්ද මහත්ඵල වේ. මෙසේ දෙන්නහුගේ දක්ෂිණාව මෙසේ සමෘද්ධ වේ.
එවං වුත්තෙ දෙවහිතො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ගත් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.