යෙදුමෙන් කියවන්න

නවකම‍්මිකසුත‍්තං

7. 2. 7.

7. 2. 7.

නවකම‍්මිකසුත‍්තං.

නවකම්මික සූත්‍රය

203. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ.

203. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.

තෙන ඛො පන සමයෙන නවකම‍්මිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො තස‍්මිං වනසණ‍්ඩෙ කම‍්මන‍්තං කාරාපෙති. අද‍්දසා ඛො නවකම‍්මිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං අඤ‍්ඤතරස‍්මිං සාලරුක‍්ඛමූලෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. දිස‍්වානස‍්ස එතදහොසි: අහං ඛො පන ඉමස‍්මිං වනසණ‍්ඩෙ කම‍්මන‍්තං කාරාපෙන‍්තො රමාමි. අයං සමණො ගොතමො කිං කාරාපෙන‍්තො රමතීති.

එකල්හි නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ එක්තරා සල්රුකක්මුල උඩුකය කෙළින් තබා (කමටහනට) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක ඔහුට “මම වනාහි කර්‍මාන්ත කරවමින් මේ වනලැහැබෙහි සිත් අලවමි. මේ මහණගොයුම් තෙමේ කුමක් කරවමින් සිත් අලවා දැ”යි මේ අදහස වි ය.

අථ ඛො නවකම‍්මිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ භාගවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

කෙ නු කම‍්මන‍්තා කයිරන‍්ති භික‍්ඛු සාලවනෙ තව, යදෙකකො අරඤ‍්ඤස‍්මිං රතිං වින්‍දසි ගොතමාති.

මහණ, ඔබවහන්සේ විසින් මේ සල්වෙනෙහි කිනම් කර්‍මාන්තයෝ කරණු ලැබෙද්ද? ගෞතමයෙනි, යම් හෙයකින් මේ වෙනෙහි හුදෙකලා ව ඇල්ම විඳිහි ද? (එහෙයින්) මෙසේ විචාරමි.

න මෙ වනස‍්මිං කරණීයමත්‍ථි උච‍්ඡින‍්නමූලං මෙ වනං විසූකං, ස‍්වාහං වනෙ නිබ‍්බනථො විසල‍්ලො එකො රමෙ අරතිං විප‍්පහායාති.

මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ කෙලෙස්වනය මුලුසුන් කරණ ලද්දේ ය. පහව ගිය (කෙලෙස්) කටු ඇත්තේ ය. ඒ මම නික්ලේශී ව පහ ව ගිය (රාගාදී) හුල ඇති ව (ප්‍රාන්තසෙනසුන්හි හා භාවනාවෙහි) නොඇල්ම වෙසෙසින් පහ කොට මේ වෙනෙහි එකලාව සිත් අලවා වෙසෙමි.

එවං වුත‍්තෙ නවකම‍්මිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි නවකම්මිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.