යෙදුමෙන් කියවන්න

කට‍්ඨහාරසුත‍්තං

7. 2. 8.

7. 2. 8.

කට‍්ඨහාරසුත‍්තං

කට්ඨහාර සූත්‍රය

204. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ.

204. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සම‍්බහුලා අන‍්තෙවාසිකා කට‍්ඨහාරකා මාණවකා යෙන සො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා අද‍්දසංසු භගවන‍්තං තස‍්මිං වනසණ‍්ඩෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.

එකල්හි එක්තරා භාරද්වාජගෝත්‍ර බමුණකුගේ අතැවැසි වූ දර ගෙණෙන බොහෝ මාණවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක භාරද්වාජගෝත්‍ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජගෝත්‍ර බමුණාහට “භවත් තෙමේ දන්නේ ද? අසවල් වනලැහැබෙහි මහණෙක් පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ ය”යි මෙය කීහ.

දිස‍්වාන යෙන භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භාරද‍්වාජගොත‍්තං බ්‍රාහ‍්මණං එතදවොචුං: යග‍්ඝෙ භවං ජානෙය්‍ය අසුකස‍්මිං වනසණ‍්ඩෙ සමණො නිසින‍්නො පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති.

ඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු ඒ මණෙවුන් සමග ඒ වනලැහැබ වෙත එළඹියේ ය. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය;

අථ ඛො භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො තෙහි මාණවකෙහි සද‍්ධිං යෙන සො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා අද‍්දසා ඛො භගවන‍්තං තස‍්මිං වනසණ‍්ඩෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. දිස‍්වාන යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

ශ්‍රමණයෙනි, හිස් වූ, ජනයාගෙන් තොර වූ, අරණ්‍යයට පිවිස ගැඹුරු ස්වභාවය ඇති බොහෝ සෙයින් බිය එළවන මේ වෙනෙහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්ත ව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවය ඇති ධ්‍යාන කෙරෙහි.

ගම‍්භීරරූපෙ බහුභෙරවෙ වනෙ සුඤ‍්ඤං අරඤ‍්ඤං විජනං විගාහිය, අනිඤ‍්ජමානෙන ඨිතෙන වග‍්ගුනා සුචාරුරූපං වත භික‍්ඛු ඣායසි.

යම් තැනෙක ගී ගැයුම් නැද්ද, යම් තැනෙක වැයුමෙකුත් නැද්ද, (එබඳු වූ මේ) වෙනෙහි සර්‍වඥමුනි තෙමේ හුදෙකලා ව වනසෙනසුන් ඇසුරු කෙළේ ය. යම් හෙයෙකින් එකලා ව ම තුටුසිත් ඇති ව වෙනෙහි වෙසෙන්නේ ද, (එහෙයින්) මෙකරුණ පුදුමයක් සේ මට වැටහෙයි.

න යත්‍ථ ගීතා න පි යත්‍ථ වාදිතං එකො අරඤ‍්ඤෙ වනමස‍්සිතො මුනි, අච‍්ඡෙරරූපං පටිභාති මං ඉදං යදෙකකො පීතිමනො වනෙ වසෙ. මඤ‍්ඤාමහං ලොකාධිපතී සහව්‍යතං ආකඞ‍්ඛමානො තිදිවං අනුත‍්තරං, කස‍්මා භවං විජනමරඤ‍්ඤමස‍්සිතො තපො ඉධ කුබ‍්බසි බ්‍රහ‍්මපත‍්තියාති.

ලෝකාධිපති බ්‍රහ්මයා හා සහභාවය වූ නිරුත්තර බඹලොව පතමින් (වෙනෙහි වෙසෙයි යයි) මම හඟිමි. (නැතහොත්) භවත් කුමක් හෙයින් ජනයා කෙරෙන් තොර වූ වනය ඇසුරු කළේ ද? බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස මෙහි තපස් කෙරෙහි ද?

[භගවා:]

[භගවත්හු:]

යා කාචි කඞ‍්ඛා අභිනන්‍දනා වා අනෙකධාතූසු පුථූ සදාසිතා, අඤ‍්ඤාණමූලප‍්පභවා පජප‍්පිතා සබ‍්බා මයා බ්‍යන‍්තිකතා සමූලිකා.

යම්කිසි අභිනන්‍දනස්වරූප තෘෂ්ණායෙක් හෝ අනේකස්වාභාවාලම්බණයන්හි වූ නිරතුරු ඇසුරු කළ නානාප්‍රකාර සෙසු කෙලෙස් හෝ ඇද්ද, අවිද්‍යාව මූලප්‍රභාවය කොට ඇති අවිධ්‍යාමූල සහිත වූ ඒ සියලු තෘෂ්ණාවෝ මා විසින් නසන ලදහ.

ස‍්වාහං අකඞ‍්ඛො අසිතො අනූපයො සබ‍්බෙසු ධම‍්මෙසු විසුද‍්ධදස‍්සනො, පප‍්පුය්‍ය සම‍්බොධිමනුත‍්තරං සිවං ඣායාමහං බ්‍රාහ‍්මණ රහො විසාරදොති.

බමුණ, ඒ මම තෘෂ්ණා රහිත වූයෙම් තෘෂ්ණාව ඇසුරු නො කෙළෙම් උපගමන රහිත වූයෙම් සියලු ධර්‍මයන්හි විශුද්ධිදර්‍ශන ඇත්තෙම් වෙමි. ඒ මම නිරුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ සම්බෝධියට පැමිණ විශාරද ව රහසිගතව ධ්‍යාන කෙරෙමි.

එවං වුත‍්තෙ භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.