යෙදුමෙන් කියවන්න

මාතුපොසකසුත‍්තං

7. 2. 9.

7. 2. 9.

මාතුපොසකසුත‍්තං

මාතුපෝසක සූත්‍රය

205. සාවත්‍ථියං–

205. සැවැත්නුවර–

අථ ඛො මාතුපොසකො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මාතුපොසකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච. අහං හි භො ගොතම ධම‍්මෙන භික‍්ඛං පරියෙසාමි. ධම‍්මෙන භික‍්ඛං පරියෙසිත්‍වා මාතාපිතරො පොසෙමි. කච‍්චාහං භො ගොතම එවංකාරී කිච‍්චකාරී හොමීති?

එකල්හි මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මම වනාහි දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසිමි. භවත් ගෞතමයෙනි, කිම? මම මෙසේ කරන්නෙම් කිස කරන්නෙකිම් වෙම් ද?

[භගවා:]

[භගවත්හු:]

තග‍්ඝ ත්‍වං බ්‍රාහ‍්මණ එවංකාරී කිච‍්චකාරී හොසි. යො ඛො බ්‍රාහ‍්මණ ධම‍්මෙන භික‍්ඛං පරියෙසති. ධම‍්මෙන භික‍්ඛං පරියෙසිත්‍වා මාතාපිතරො පොසෙති. බහුං සො පුඤ‍්ඤං පසවතීති.

බමුණ, මෙසේ කරණ තෝ ඒකාන්තයෙන් කිස කරන්නෙහි. බමුණ, යමෙක් දැහැමින් භික්‍ෂාව සොයා ද, දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසී ද, හෙ තෙමේ බොහෝ පින් රැස් කෙරෙයි.

යො මාතරං වා පිතරං වා මච‍්චො ධම‍්මෙන පොසති, තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ‍්ඩිතා, ඉධෙව නං පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ පමොදතීති.

යම් මිනිසෙක් මවත් පියාත් දැහැමින් පුසී ද, මවුපියන් කෙරෙහි වූ ඒ මෙහෙ කිරීම හේතු කොට ගෙණ පණ්ඩිතයෝ මේ ලොව්හි ම පසසත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.

එවං වුත‍්තෙ මාතුපොසකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ ලක්හි මාතුපෝසක බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.