යෙදුමෙන් කියවන්න

භික‍්ඛකසුත‍්තං

7. 2. 10.

7. 2. 10.

භික‍්ඛකසුත‍්තං

භික්ඛක සූත්‍රය

206. සාවත්‍ථියං–

206. සැවැත්නුවර–

අථ ඛො භික‍්ඛකො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො භික‍්ඛකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අහම‍්පි ඛො භො ගොතම භික‍්ඛකො භවම‍්පි භික‍්ඛකො ඉධ නො කිං නානාකරණන‍්ති?

එකල්හි භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මමත් භික්‍ෂකයෙක්මි. භවත් තෙමේත් භික්‍ෂකයෙකි. මෙහි ලා අප දෙදෙනාගේ කිනම් වෙනසෙක් ද?

[භගවා:]

[භාගවතුහු:]

න තෙන භික‍්ඛකො හොති යාවතා භික‍්ඛතෙ පරෙ, විස‍්සං ධම‍්මං සමාදාය භික‍්ඛු හොති න තාවතා.

මෙරමා සිඟා යන මෙතෙක් වේ ද, එපමණෙකින් භික්‍ෂකයෙක් නො වේ. දුර්‍ගන්‍ධය වූ අකුශලධර්‍මය සමාදන් ව (සිටියේ) ඒ තාක් භික්‍ෂු නම් නො වේ.

යොධ පුඤ‍්ඤඤ‍්ච පාපඤ‍්ච බාහිත්‍වා බ්‍රහ‍්මචරියවා, සඞ‍්ඛාය ලොකෙ චරති ස වෙ භික‍්ඛූති වුච‍්චති.

මේ සස්නෙහි යමෙක් පින ද පව ද බැහැර කොට වුසූ බඹසර ඇත්තේ නුවණින් දැන ලොව්හි හැසිරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් භික්‍ෂු යයි කියනු ලැබේ.

එවං වුත‍්තෙ භික‍්ඛකො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි භික්‍ෂක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.