සඞ්ගාරවසුත්තං
7. 2. 11.
7. 2. 11.
සඞ්ගාරවසුත්තං
සඞ්ගාරව සූත්‍රය
207. සාවත්ථියං–
207. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන සඞ්ගාරවො නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති. උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙති. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරති.
එකල්හි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පතයි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි.
අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉධ භන්තෙ සඞ්ගාරවො නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති, උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙති සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. සාධු භන්තෙ භගවා යෙන සඞ්ගාරවස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පත යි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු අනුකම්පා පිණිස සඞ්ගාරව නම් බමුණාගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා. ඒ මැනවි”යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක.
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සඞ්ගාරවස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සඞ්ගාරව බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක.
අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සඞ්ගාරවං බ්රාහ්මණං භගවා එතදවොච: සච්චං කිර ත්වං බ්‍රාහ්මණ උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙසි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරසීති.
එකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සඞ්ගාරව බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. බමුණ, සැබැව? තෝ ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
එවං භො ගොතමාති.
භවත් ගෞතමයෙනි, එසේ ය.
කිම්පන ත්වං බ්‍රාහ්මණ අත්ථවසං සම්පස්සමානො උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙසි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරසීති?
බමුණ, තෝ කිනම් ආනිසංසයක් දක්මින් ජලයෙන් පිරිසිදු වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
ඉධ මෙ භො ගොතම යං දිවා පාපකම්මං කතං හොති, තං සාය නහානෙන පවාහෙමි. යං රත්තිං පාපකම්මං කතං හොති, තං පාත නහානෙන පවාහෙමි. ඉමං ඛ්වාහං භො ගොතම අත්ථවසං සම්පස්සමානො උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙමි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමීති.
භවත් ගෞතමයෙනි, මෙහි මා විසින් දහවල් යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, සවස නෑමෙන් එය පා කොට හරිමි. රෑ යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, උදය නෑමෙන් එය පා කොට හරිමි. භවත් ගෞතමයෙනි, මම මේ ආනිසංසය දක්නෙම් ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙම් ජලයෙන් පිරිසුදු බව පතමි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙම් වෙසෙමි යි.
[භගවා:]
[භගවත්හු:]
ධම්මො රහදො බ්‍රාහ්මණ සීලතිත්ථො අනාවිලො සබ්භි සතං පසත්ථො, යත්ථ හවෙ වෙදගුනො සිනාතා අනල්ලගත්තා’ව තරන්ති පාරන්ති.
වේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුර ඇතිව ම නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද් ද, බමුණ, ධර්මය තෙමේ සිල් නමැති තොට ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
එවං වුත්තෙ සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.