1. කසීසුත්තවණ්ණනා අට්ඨකථා
1. කසීසුත්තවණ්ණනා
1. කසී සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ මගධෙසූති එවංනාමකෙ ජනපදෙ. දක්ඛිණාගිරිස්මින්ති රාජගහං පරිවාරෙත්වා ඨිතස්ස ගිරිනො දක්ඛිණභාගෙ ජනපදො අත්ථි, තස්මිං ජනපදෙ, තත්ථ විහාරස්සාපි තදෙව නාමං. එකනාළායං බ්රාහ්මණගාමෙති එකනාළාති තස්ස ගාමස්ස නාමං. බ්රාහ්මණා පනෙත්ථ සම්බහුලා පටිවසන්ති, බ්රාහ්මණභොගො එව වා සො. තස්මා “බ්රාහ්මණගාමො”ති වුච්චති.
දෙවන වර්ගයේ පළමු වැන්නේ - මගධෙසු එනම් ජනපදයේ දක්ඛිණාගිරිස්මිං රජගහ පිරිවරා සිටි පර්වතයෙහි දකුණු පස ජනපදයක් ඇත, ඒ ජනපදයෙහි; එහි විහාරයට ඒ නාමය ම (වී) ය. එකනාළායං බ්රාහ්මණගාමෙ ඒකනාළා යනු ඒ ගමේ නම යි. බොහෝ බ්‍රාහ්මණයෝ වාසය කරත්. එය බ්රාහ්මණභෝග ම හෝ (වේ). එබැවින් බ්‍රාහ්මණගාමෝ යි කියනු ලැබේ.
තෙන ඛො පන සමයෙනාති යං සමයං භගවා මගධරට්ඨෙ එකනාළං බ්රාහ්මණගාමං උපනිස්සාය දක්ඛිණගිරිමහාවිහාරෙ බ්රාහ්මණස්ස ඉන්ද්රියපරිපාකං ආගමයමානො විහරති, තෙන සමයෙන. කසිභාරද්වාජස්සාති සො බ්රාහ්මණො කසිං නිස්සාය ජීවති, භාරද්වාජොති චස්ස ගොත්තං. පඤ්චමත්තානීති පඤ්ච පමාණානි, අනූනානි අනධිකානි පඤ්චනඞ්ගලසතානීති වුත්තං හොති. පයුත්තානීති යොජිතානි, බලීබද්දානං ඛන්ධෙසු ඨපෙත්වා යුගෙ යොත්තෙහි යොජිතානීති අත්ථො.
තෙන ඛො පන සමයෙන යම් කාලයක භාග්‍යවතුන් වහන්සේ මගධ රට ඒකනාළ බමුණු ගම ඇසුරු කර ගෙන දක්ෂිණ ගිරි මහාවිහාරයෙහි බ්‍රාහ්මණයාගේ ඉන්ද්රිය පරිපාකය (මේරීම) අපේක්ෂා කරමින් වසන සේක් ද එ සමයෙහි; කසීභාරද්වාජස්ස ඒ බ්‍රාහ්මණයා ගොවිතැන් පදනම් කොට ගෙන ජීවත් වෙයි. භාරද්වාජ යනු ඔහුගේ ගෝත්‍රය යි. පඤ්චමත්තානි පහක් වූ; නො අඩු නො වැඩි නඟුල් පන්සියයකියි කියන ලද්දේ වෙයි. පයුත්තානි යොදන ලද, විය ගස ගොනුන්ගේ කඳෙහි තබා යොතින් බඳින ලද්දේ යන අර්ථය යි.
වප්පකාලෙති වප්පනකාලෙ බීජනික්ඛෙපසමයෙ. තත්ථ ද්වෙ වප්පානි කලලවප්පඤ්ච පංසුවප්පඤ්ච. පංසුවප්පං ඉධ අධිප්පෙතං, තඤ්ච ඛො පඨමදිවසෙ මඞ්ගලවප්පං.
වප්පකාලෙ වපුරන කාලයෙහි, බීජ ඉසින කාලයෙහි, එහි වපුරන කාල දෙකකි. ‘මඩ වැපිරීම’ හා ‘බිම් වැපිරීම’ යනුයි. මෙහි බිම් වැපිරීම අදහස් කරන ලදි. එහි ද පළමු දිනයේ මංගල වප් මඟුල යි.
තත්ථායං උපකරණසම්පදා – තීණි බලිබද්දසහස්සානි උපට්ඨාපිතානි හොන්ති, සබ්බෙසං සුවණ්ණමයානි සිඞ්ගානි පටිමුක්කානි, රජතමයා ඛුරා, සබ්බෙ සෙතමාලාහි චෙව ගන්ධපඤ්චඞ්ගුලීහි ච අලඞ්කතා පරිපුණ්ණපඤ්චඞ්ගා සබ්බලක්ඛණසම්පන්නා, එකච්චෙ කාළා අඤ්ජනවණ්ණා, එකච්චෙ සෙතා ඵලිකවණ්ණා, එකච්චෙ රත්තා පවාළවණ්ණා, එකච්චෙ කම්මාසා මසාරගල්ලවණ්ණා. එවං පඤ්චසතා කස්සකා සබ්බෙ අහතසෙතවත්ථා ගන්ධමාලාලඞ්කතා දක්ඛිණඅංසකූටෙසු පතිට්ඨිතපුප්ඵචුම්බටකා හරිතාලමනොසිලාලඤ්ජනුජ්ජලගත්තා දස දස නඞ්ගලා එකෙකගුම්බා හුත්වා ගච්ඡන්ති. නඞ්ගලානං සීසඤ්ච යුගඤ්ච පතොදා ච සුවණ්ණඛචිතා. පඨමනඞ්ගලෙ අට්ඨ බලීබද්දා යුත්තා, සෙසෙසු චත්තාරො චත්තාරො, අවසෙසා කිලන්තපරිවත්තනත්ථං ආනීතා. එකෙකගුම්බෙ එකෙකබීජසකටං එකෙකො කසති, එකෙකො වප්පති.
එහි අවශ්‍ය සම්පත් මෙසේ ය: ගොන්නු තුන් දහසක් සාත්තු කරනු ලැබෙති. සියල්ලන්ගේ ම අං රන් පැහැයෙන් වෙළන ලදි. රිදී මුවා කුර සියල්ල සුදු මාලාවලින් මෙන් ම සුවඳ පසැඟිලිවලින් අලංකාර කරන ලදි. පිරිපුන් අඟ පසඟ සහිත වූ සියලු ලක්ෂණවලින් යුත් සමහරු කළු ය. සමහරු අඳුන්වන් ය. සමහරු සුදු ය. සුදු කොක් පැහැය ය. සමහරු රතු ය. පබළු වන් ය. සමහරු ලප ඇත්තෝ ය. කබරමිණි වන් ය. එසේ ම පන්සියයක් සී සානා මිනිස්සු සියලු ම දෙනා අලුත් සුදු වතින් යුක්ත ව, සුවඳ මල්වලින් අලංකාර වූවාහු, දකුණු දසරුවෙහි රඳවා ගත් මල් දරණු ඇත්තාහු, හිරිහල් ලාංඡනවලින් උජ්ජවලිත ශරීර ඇත්තාහු, නගුල් දහය දහය (වන සේ) කාණ්ඩ ගැසී යති. නගුල්වල හිස ද, විය ගස් ද, කෙවිටි ද රන් කවන ලද්දේ ය. පළමු නගුලේ ගොනුන් අට දෙනෙක් බඳනා ලදහ. ඉතිරි ඒවාහි සතර බැගිනි. සෙස්සෝ ක්ලාන්ත වූවන් වෙනුවෙන් යොදා ගැනීමට ගෙනෙන ලදහ. එක් එක් කාණ්ඩයක එක් එක් බීජ වී කරත්තයකි. එක එකක් සායි, එක එකක් වපුරයි.
බ්රාහ්මණො පන පගෙව මස්සුකම්මං කාරාපෙත්වා න්හායිත්වා සුගන්ධගන්ධෙහි විලිත්තො පඤ්චසතග්ඝනකං වත්ථං නිවාසෙත්වා සහස්සග්ඝනකං එකංසං කරිත්වා එකෙකිස්සා අඞ්ගුලියා ද්වෙ ද්වෙති වීසති අඞ්ගුලිමුද්දිකායො කණ්ණෙසු සීහකුණ්ඩලානි සීසෙ බ්රහ්මවෙඨනං පටිමුඤ්චිත්වා සුවණ්ණමාලං කණ්ඨෙ කත්වා බ්රාහ්මණගණපරිවුතො කම්මන්තං වොසාසති.
බ්‍රාහ්මණයා උදෑසනින් ම රැවුල කැපීම කරවා ගෙන ස්නානය කොට සුවඳ ගල්වා පන් සියයක් වටිනා වස්ත්‍රයක් හැඳ දහසක් වටිනා (වස්ත්‍රයක්) ඒකාංශ කොට එක් එක් ඇඟිල්ලට දෙක දෙක බැගින් ඇඟිලි මුදු විස්සක් ද, කන්වල සිංහ කුණ්ඩල ද, හිසෙහි බ්රහ්මවේඨනය (ජටාව) බැඳ රන්මාලා ගෙලෙහි පළඳා බ්‍රාහ්මණ සමූහයා විසින් පිරිවරන ලද්දේ (වප් මගුල්) කටයුතු විධාන කරයි.
අථස්ස බ්රාහ්මණී අනෙකසතභාජනෙසු පායාසං පචාපෙත්වා මහාසකටෙසු ආරොපෙත්වා ගන්ධොදකෙන න්හායිත්වා සබ්බාලඞ්කාරවිභූසිතා බ්රාහ්මණීගණපරිවුතා කම්මන්තං අගමාසි. ගෙහම්පිස්ස හරිතුපලිත්තං විප්පකිණ්ණලාජං පුණ්ණඝටකදලිධජපටාකාහි අලඞ්කතං ගන්ධපුප්ඵාදීහි සුකතබලිකම්මං, ඛෙත්තඤ්ච තෙසු තෙසු ඨානෙසු සමුස්සිතද්ධජපටාකං අහොසි. පරිජනකම්මකාරෙහි සද්ධිං ඔසටපරිසා අඩ්ඪතෙය්යසහස්සා අහොසි, සබ්බෙ අහතවත්ථා, සබ්බෙසං පායාසභොජනමෙව පටියත්තං.
ඉක්බිති ඔහුගේ බැමිණිය නොයෙක් සිය ගණන් භාජනවල කිරිබත් පිසවා ගෙන විශාල ගැල්වල පටවා ගෙන සුවඳ පැනින් නා සියලු අලංකාරයෙන් විභූෂිත ව බැමිණි සමූහයා විසින් පිරිවරන ලදුව (වප් මගුල්) කටයුතුවල පැමිණියා ය. ඔහුගේ නිවස ද පළාවන් පැහැයෙන් ආලේප කරන ලද අතර විළඳ විසුරුවන ලදි. පුන් කලස්, කෙසෙල්, කොඩි, පතාක ආදියෙන් අලංකෘත ව හා සුවඳ මල් ආදියෙන් මැනවින් කරන ලද බලි කර්ම (පූජා) සහිත ව ද, කෙත ද ඒ ඒ තැන්වල ඔසවන ලද ධජ පතාක සහිත ව ද වී ය. සේවක කම්කරු ජනයා සමග ඉදිරිපත් වූ පිරිස දෙදහස් පන්සියයක් වූහ. සියලු දෙනා අළුත් වස්ත්‍ර සහිත වූහ. සියලු දෙනාට කිරිබත් ආහාරය ම පිළියෙල කරන ලදි.
අථ බ්රාහ්මණො සුවණ්ණපාතිං ධොවාපෙත්වා පායාසස්ස පූරෙත්වා සප්පිමධුඵාණිතෙහි අභිසඞ්ඛරිත්වා නඞ්ගලබලිකම්මං කාරාපෙසි. බ්රාහ්මණී පඤ්චන්නං කස්සකසතානං සුවණ්ණරජතකංසතම්බලොහමයානි භාජනානි දාපෙත්වා සුවණ්ණකටච්ඡුං ගහෙත්වා පායාසෙන පරිවිසන්තී ගච්ඡති. බ්රාහ්මණො පන බලිකම්මං කාරෙත්වා රත්තබන්ධිකායො උපාහනායො ආරොහිත්වා රත්තසුවණ්ණදණ්ඩකං ගහෙත්වා, “ඉධ පායාසං දෙථ, ඉධ සප්පිං දෙථ, ඉධ සක්ඛරං දෙථා”ති වොසාසමානො විචරති. අයං තාව කම්මන්තෙ පවත්ති.
ඉක්බිති බ්‍රාහ්මණයා රන් පාත්‍රයක් සෝදවා ගෙන කිරිබතින් පුරවා ගිතෙල් මී පැණිවලින් සකස් කොට නඟුල් බලි පූජාව කරවී ය. බැමිණිය පන්සියයක් හාන්නන් හට රන් රිදී, ලෝකඩ, තඹ ලෝහමය භාජන බෙදා දී රන් හැන්දක් ගෙන කිරිබත් පිළිගන්වමින් යන්නී ය. බ්‍රාහ්මණයා බලි පූජාව කරවා රතු පාවහනට නැගී (පාවහන් පැළඳ) දිළිසෙන රන් සැරයටියක් ගෙන මෙහි කිරිබත් දෙව, මෙහි ගිතෙල් දෙව, මෙහි සකුරු දෙව යි විධාන කරමින් සැරිසරයි. මේ වප් මගුල් කටයුතු පිළිබඳ ප්‍රවෘත්තිය යි.
විහාරෙ පන යත්ථ යත්ථ බුද්ධා වසන්ති, තත්ථ තත්ථ නෙසං දෙවසිකං පඤ්ච කිච්චානි භවන්ති, සෙය්යථිදං – පුරෙභත්තකිච්චං පච්ඡාභත්තකිච්චං පුරිමයාමකිච්චං මජ්ඣිමයාමකිච්චං පච්ඡිමයාමකිච්චන්ති.
විහාරයෙහි නොහොත් ඉරියව් පැවැත්වීමෙහි වනාහි යම් තැනක බුදුන් වහන්සේලා වැඩ සිටිත් ද එතැන දිනපතා කාර්යයෝ පහක් වෙති; කෙසේ ද? පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම කාර්ය, මැදියම කාර්ය, පසුයම කාර්ය යනුවෙනි.
තත්රිදං පුරෙභත්තකිච්චං – භගවා හි පාතොව උට්ඨාය උපට්ඨාකානුග්ගහත්ථං සරීරඵාසුකත්ථඤ්ච මුඛධොවනාදිපරිකම්මං කත්වා යාව භික්ඛාචාරවෙලා, තාව විවිත්තාසනෙ වීතිනාමෙත්වා භික්ඛාචාරවෙලාය නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා චීවරං පාරුපිත්වා පත්තමාදාය කදාචි එකකො කදාචි භික්ඛුසඞ්ඝපරිවුතො ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති කදාචි පකතියා, කදාචි අනෙකෙහි පාටිහාරියෙහි වත්තමානෙහි. සෙය්යථිදං – පිණ්ඩාය පවිසතො ලොකනාථස්ස පුරතො පුරතො ගන්ත්වා මුදුගතියො වාතා පථවිං සොධෙන්ති, වලාහකා උදකඵුසිතානි මුඤ්චන්තා මග්ගෙ රෙණුං වූපසමෙත්වා උපරි විතානං හුත්වා තිට්ඨන්ති, අපරෙ වාතා පුප්ඵානි උපහරිත්වා මග්ගෙ ඔකිරන්ති. උන්නතා භූමිප්පදෙසා ඔනමන්ති, ඔනතා උන්නමන්ති. පාදනික්ඛෙපසමයෙ සමාව භූමි හොති, සුඛසම්ඵස්සානි පදුමපුප්ඵානි වා පාදෙ සම්පටිච්ඡන්ති. ඉන්දඛීලස්ස අන්තො ඨපිතමත්තෙ දක්ඛිණපාදෙ සරීරා ඡබ්බණ්ණරස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසසිඤ්චනානි විය චිත්රපටපරික්ඛිත්තානි විය ච පාසාදකූටාගාරාදීනි කරොන්තියො ඉතො චිතො ච විධාවන්ති. හත්ථිඅස්සවිහඞ්ගාදයො සකසකට්ඨානෙසු ඨිතායෙව මධුරෙනාකාරෙන සද්දං කරොන්ති, තථා භෙරිවීණාදීනි තූරියානි මනුස්සානඤ්ච කායූපගානි ආභරණානි. තෙන සඤ්ඤාණෙන මනුස්සා ජානන්ති “අජ්ජ භගවා ඉධ පිණ්ඩාය පවිට්ඨො”ති. තෙ සුනිවත්ථා සුපාරුතා ගන්ධපුප්ඵාදීනි ආදාය ඝරා නික්ඛමිත්වා අන්තරවීථිං පටිපජ්ජිත්වා භගවන්තං ගන්ධපුප්ඵාදීහි සක්කච්චං පූජෙත්වා වන්දිත්වා – “අම්හාකං, භන්තෙ, දස භික්ඛූ, අම්හාකං වීසති, අම්හාකං භික්ඛුසතං දෙථා”ති යාචිත්වා භගවතොපි පත්තං ගහෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා සක්කච්චං පිණ්ඩපාතෙන පටිමානෙන්ති.
එහි පෙරබත් කිස මෙය යි. භාග්‍යවතුන් වහන්සේ උදෑසන ම නැගිට උපස්ථායක අනුග්‍රහ පිණිස ද ශරීරයේ සුව පහසුව පිණිස ද මුඛධොවනය කිරීම ආදී පිරිසිදු කිරීම් කටයුතු කොට පිඬු පිණිස යන වේලාව යම් තාක් ද ඒ තාක් හුදෙකලා අසුනෙහි කල් ගත කොට, භික්ෂාචාර වේලාවෙහි හැඳ බඳ පටිය බැඳ සිවුර පෙරවා පාත්‍රය රැගෙන විටෙක තනි ව ද විටෙක භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව ද ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ප්‍රවේශ වන සේක. විටක ප්‍රකෘති (සාමාන්‍ය) ස්වරූපයෙන් ද විටෙක අනේක ප්රාතිහාර්ය පැවැත්වීමෙන් ද (වේ). කෙසේ ද යත්? පිඬු පිණිස පිවිසි ලෝකනාථයන්ගේ ඉදිරියෙන් ගොස් මුදු ගමන් ඇති වාතය පොළව පිරිසිදු කරයි, වලාහකයෝ දිය බිඳු වගුරුවමින් මග දූවිලි සමනය කොට ඉහළ වියනක් වී සිටිත්. වෙනත් වායූහු පුෂ්පයන් ගෙනැවිත් මග විසුරුවති. උස්බිම් පහත් වෙයි. පහත් බිම් උස් වෙයි. පා තබන වේලේ භූමිය සම ව ම පවතී. සුඛ ස්පර්ශ වූ නෙළුම් මල් හෝ පා පිළිගනී. දකුණු පය ඉන්ද්‍රඛීලය ඇතුළත තැබූ මොහොතෙහි ෂඩ්වර්ණ රශ්මි පිටව, ප්‍රාසාද කූටාගාර රන් රස හිරියල් මෙන් ද සිතුවම් පටයකින් වට කළාක් මෙන් ද කරමින් තැන් තැන්වල ආවරණය කරයි. ඇත්, අස්, විහඟ ආදීහු තම තමන් සිටින තැන්වල සිටිමින් ම මිහිරි අයුරින් හඬ නගති. එසේ ම බෙර වීණා ආදි තූර්ය මිනිසුන්ගේ සිරුරට ආ ආභරණ වේ. ඒ නිමිතිවලින් මිනිස්සු අද භාග්‍යවතුන් වහන්සේ මෙහි පිඬු පිණිස පිවිසියහ යි දනිති. ඔවුහු මැනවින් හැඳ මැනවින් පෙරවා සුවඳ මල් ආදිය ගෙන ගෙයින් නික්ම වීදි මැදට පැමිණ සුවඳ මල් ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, ස්වාමීනි, අපට භික්ෂූන් දහ නමක්, අපට විසි නමක්, අපට භික්ෂූන් සිය නමක් දෙනු මැනවි යි ඉල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ද ගෙන අසුන් පනවා සකසා පිණ්ඩපාතයෙන් පූජා කරති.
භගවා කතභත්තකිච්චො තෙසං සන්තානානි ඔලොකෙත්වා තථා ධම්මං දෙසෙති, යථා කෙචි සරණගමනෙ පතිට්ඨහන්ති, කෙචි පඤ්චසු සීලෙසු, කෙචි සොතාපත්තිසකදාගාමිඅනාගාමිඵලානං අඤ්ඤතරස්මිං, කෙචි පබ්බජිත්වා අග්ගඵලෙ අරහත්තෙති. එවං මහාජනං අනුග්ගහෙත්වා උට්ඨායාසනා විහාරං ගච්ඡති. තත්ථ ගන්ධමණ්ඩලමාළෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදති භික්ඛූනං භත්තකිච්චපරියොසානං ආගමයමානො. තතො භික්ඛූනං භත්තකිච්චපරියොසානෙ උපට්ඨාකො භගවතො නිවෙදෙති. අථ භගවා ගන්ධකුටිං පවිසති. ඉදං තාව පුරෙභත්තකිච්චං.
භාග්‍යවතුන් වහන්සේ බොජුන් වැළඳූ සේක්; ඔවුන්ගේ සිත් විමසා බලන්නාහු යම් සේ සමහරු සරණාගමනයෙහි පිහිටත් ද, සමහරු පන් සිල්හි (පිහිටත්) ද, සමහරු සෝවාන් - සකෘදාගාමී අනාගාමී ඵලවලින් එකක (පිහිටත්) ද, සමහරු පැවිදි ව අග්‍ර ඵලය වූ අරහත් භාවයෙහි (පිහිටන්නාහු) ද, එසේ ධර්මය දේශනා කරන සේක. මෙසේ මහජනයාට අනුග්‍රහ දක්වා අසුනින් නැගිට විහාරයට යන සේක. එහි ගන්‍ධමණ්ඩල මාලයෙහි (මැදින් උස වටකුරු රැස්වීම් ශාලාවෙහි) පැනවූ උතුම් අසුනෙහි භික්ෂූන් වහන්සේලාගේ බත් කිස අවසානය පැමිණෙන තෙක් වැඩ සිටින සේක. ඉක්බිති භික්ෂූන්ගේ බත් කිස අවසානයෙහි උපස්ථායක භික්ෂුව පැමිණ (ඒ බැව්) බුදුන් වහන්සේට සැළ කර සිටිති. අනතුරු ව බුදුන් වහන්සේ ගඳ කිළියට ඇතුළු වෙති. මෙය පෙර බත් කිස ය.
අථ භගවා එවං කතපුරෙභත්තකිච්චො ගන්ධකුටියා උපට්ඨානෙ නිසීදිත්වා පාදෙ පක්ඛාලෙත්වා පාදපීඨෙ ඨත්වා භික්ඛුසඞ්ඝං ඔවදති – “භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා සද්ධාසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මස්සවන”න්ති. තත්ථ කෙචි භගවන්තං කම්මට්ඨානං පුච්ඡන්ති. භගවා තෙසං අත්තනො චරියානුරූපං කම්මට්ඨානං දෙති. තතො සබ්බෙපි භගවන්තං වන්දිත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි ගච්ඡන්ති, කෙචි අරඤ්ඤං, කෙචි රුක්ඛමූලං, කෙචි පබ්බතාදීනං අඤ්ඤතරං, කෙචි චාතුමහාරාජිකභවනං…පෙ… කෙචි වසවත්තිභවනන්ති. තතො භගවා ගන්ධකුටිං පවිසිත්වා සචෙ ආකඞ්ඛති, දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො මුහුත්තං සීහසෙය්යං කප්පෙති. අථ සමස්සාසිතකායො උට්ඨහිත්වා දුතියභාගෙ ලොකං වොලොකෙති. තතියභාගෙ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති, තත්ථ මහාජනො පුරෙභත්තං දානං දත්වා පච්ඡාභත්තං සුනිවත්ථො සුපාරුතො ගන්ධපුප්ඵාදීනි ආදාය විහාරෙ සන්නිපතති. තතො භගවා සම්පත්තපරිසාය අනුරූපෙන පාටිහාරියෙන ගන්ත්වා ධම්මසභායං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසජ්ජ ධම්මං දෙසෙති කාලයුත්තං සමයයුත්තං. අථ කාලං විදිත්වා පරිසං උය්යොජෙති, මනුස්සා භගවන්තං වන්දිත්වා පක්කමන්ති. ඉදං පච්ඡාභත්තකිච්චං.
ඉක්බිති බුදුන් වහන්සේ මෙසේ කරන ලද පෙර බත් කිස ඇති සේක්, ගඳ කිළියෙහි උපස්ථානයේ හිඳ පා සෝදා පා පුටුවේ සිට භික්ෂු සංඝයාට ඔවා දෙන සේක. “මහණෙනි, අප්රමාදී ව කටයුතු කරවු. ලෝකයෙහි බුද්ධෝත්පාදයක් දුර්ලභ ය. මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම දුර්ලභ ය. ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභ ය. පැවිදි බව දුර්ලභ ය. ධර්ම ශ්‍රවණය දුර්ලභ ය. එහි දී සමහරු කමටහන් විමසති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චරිතයට අනුරූප වූ කමටහන් දෙති. ඉක්බිති සියලු දෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ තම තමන්ගේ රාත්‍රි ස්ථාන - දිවා ස්ථානවලට යති, සමහරු අරණට, සමහරු රුක් මුලට, සමහරු පර්වත ආදියෙන් එකකට, සමහරු චාතුර්මහාරජික භවනයට.... සමහරු වසවර්ති භවනයට ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගඳ කිළියට පිවිස ඉදින් කැමති සේක් නම් දකුණු ඇළයෙන් මොහොතක් සිංහ සෙය්යාවෙන් සිටිති. පසු ව කය සැතපවූ සේක්, නැගී සිට දෙවන භාගයෙහි ලෝකය දෙස බලන සේක. තෙවන භාගයෙහි යම් ගමක් හෝ නිගමයක් හෝ ඇසුරු කොට වසත් ද එහි මහජනයා පෙරවරුයෙහි දන් දී පස්වරුවෙහි මැනවින් හැඳ පෙරවා සුවඳ මල් ආදිය රැගෙන විහාරයට රැස් වෙති. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ සපැමිණි පිරිසට අනුරූප ලෙස ප්‍රාතිහාර්යයෙන් ගොස් ධර්ම සභාවේ පණවන ලද උතුම් බුද්ධාසනයෙහි හිඳ කාලයට ගැලපෙන, සමයට ගැලපෙන ධර්මයක් දේශනා කරන සේක. ඉක්බිති සුදුසු කාලය දැන පිරිස දිරි ගන්වති. මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වැඳ පිටත් ව යති. මෙය පසු බත් කිස යි.
සො එවං නිට්ඨිතපච්ඡාභත්තකිච්චො සචෙ ගත්තානි ඔසිඤ්චිතුකාමො හොති, බුද්ධාසනා වුට්ඨාය න්හානකොට්ඨකං පවිසිත්වා උපට්ඨාකෙන පටියාදිතඋදකෙන ගත්තානි උතුං ගාහාපෙති. උපට්ඨාකොපි බුද්ධාසනං ආනෙත්වා පප්ඵොටෙත්වා ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤාපෙති. භගවා සුරත්තදුපට්ටං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා උත්තරාසඞ්ගං කත්වා තත්ථ ආගන්ත්වා නිසීදති එකකොව මුහුත්තං පටිසල්ලීනො. අථ භික්ඛූ තතො තතො ආගම්ම භගවතො උපට්ඨානං ගච්ඡන්ති. තත්ථ එකච්චෙ පඤ්හං පුච්ඡන්ති, එකච්චෙ කම්මට්ඨානං, එකච්චෙ ධම්මස්සවනං යාචන්ති. භගවා තෙසං අධිප්පායං සම්පාදෙන්තො පුරිමයාමං වීතිනාමෙති. ඉදං පුරිමයාමකිච්චං.
උන්වහන්සේ මෙසේ පසු බත් කිස නිම කරන සේක් ඉදින් ගත පිරිසිදු කරනු කැමති නම්, බුද්ධාසනයෙන් නැගිට ස්නානය කරන කාමරය වෙත ගොස් උපස්ථායකයින් විසින් සපයන ලද ජලයෙන් සිරුර සනහති. උපස්ථායකයා ද බුද්ධාසනය ගෙනැවිත් ගසා දමා (පිස දමා) ගඳකිළි කාමරයෙහි පනවයි. භාග්‍යවතුන් වහන්සේ රත් දෙපට සිවුර ඇඳ බඳ පටිය බැඳ උත්තරාසංග කොට එහි පැමිණ, හුදෙකලාව මොහොතක් සමවතින් වැඩ සිටිති. ඉක්බිති භික්ෂූහු ඒ ඒ තැනින් පැමිණ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයට යත්, එහි සමහරු ප්‍රශ්න විමසති. සමහරු කමටහන් (විමසති.) සමහරු ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනය කරති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අභිප්‍රාය සඵල කරමින් පෙරයම ගත කරති. මේ පෙරයම කිස යි.
පුරිමයාමකිච්චපරියොසානෙ පන භික්ඛූසු භගවන්තං වන්දිත්වා පක්කමන්තෙසු සකලදසසහස්සිලොකධාතුදෙවතායො ඔකාසං ලභමානා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති යථාභිසඞ්ඛතං අන්තමසො චතුරක්ඛරම්පි. භගවා තාසං තාසං දෙවතානං පඤ්හං විස්සජ්ජෙන්තො මජ්ඣිමයාමං වීතිනාමෙති. ඉදං මජ්ඣිමයාමකිච්චං.
පෙර යම් කිස අවසානයෙහි භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ වැඳ ඉවත් ව ගිය කල්හි සකල දශ සහස්‍රී ලෝක ධාතුවෙහි දේවතාවෝ අවස්ථාවක් ලබන්නාහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කැමති පරිදි සකසන ලද යටත් පිරිසෙයින් අකුරු සතරකින් පවා යුත්-ප්‍රශ්න විමසති. භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳමින් මැදියම ගත කරන සේක. මේ මැදි යම් කිස යි.
පච්ඡිමයාමං පන තයො කොට්ඨාසෙ කත්වා පුරෙභත්තතො පට්ඨාය නිසජ්ජාපීළිතස්ස සරීරස්ස කිලාසුභාවමොචනත්ථං එකං කොට්ඨාසං චඞ්කමෙන වීතිනාමෙති. දුතියකොට්ඨාසෙ ගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො සීහසෙය්යං කප්පෙති. තතියකොට්ඨාසෙ පච්චුට්ඨාය නිසීදිත්වා පුරිමබුද්ධානං සන්තිකෙ දානසීලාදිවසෙන කතාධිකාරපුග්ගලදස්සනත්ථං බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙති. ඉදං පච්ඡිමයාමකිච්චං.
පැසුළු යම කොටස් තුනකට බෙදා පෙර බත් කිස සිට හිඳීමෙන් පීඩා විඳි සිරුරෙහි ක්ලාන්ත භාවය මුදා හැරීම පිණිස එක් කොටසක් සක්මනින් ගෙවති. දෙවන කොටසේ ගඳ කිළියට පිවිස දකුණු ඇළයෙන් සති සම්ප්‍රජන්‍යයෙන් යුතු ව සිංහ සෙය්යාව කරති. තෙවන කොටසේ නැගිට හිඳ ගෙන පෙර බුදු වරුන් සමීපයෙහි දානශීලාදි වශයෙන් කරන ලද පින්කම් ඇති පුද්ගලයන් දැකීම පිණිස බුද්ධ චක්ෂුවෙන් ලොව බලති. මේ පශ්චිම යාම කෘත්‍යය යි.
තදාපි එවං ඔලොකෙන්තො කසිභාරද්වාජං බ්රාහ්මණං අරහත්තස්ස උපනිස්සයසම්පන්නං දිස්වා – “තත්ථ මයි ගතෙ කථා පවත්තිස්සති, කථාවසානෙ ධම්මදෙසනං සුත්වා එසො බ්රාහ්මණො සපුත්තදාරො තීසු සරණෙසු පතිට්ඨාය අසීතිකොටිධනං මම සාසනෙ විප්පකිරිත්වා අපරභාගෙ නික්ඛම්ම පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සතී”ති ඤත්වා තත්ථ ගන්ත්වා කථං සමුට්ඨාපෙත්වා ධම්මං දෙසෙසි. එතමත්ථං දස්සෙතුං අථ ඛො භගවාතිආදි වුත්තං.
එදා ද මෙසේ (ලොව) බලන සේක් කසීභාරද්වාජ බ්‍රාහ්මණයා අරහත් බවට පත්වීමට ඇති උපනිශ්‍රය සම්පන්න බව දැක එහි මා ගිය කල සාකච්ඡාව පවතින්නේ ය. කථාව අවසානයේ ධර්ම දේශනය අසා මේ බ්‍රාහ්මණයා දරුවන් සහිත ව තිසරණයෙහි පිහිටා අසූ කෝටියක් ධනය මාගේ ශාසනයෙහි විසුරුවා (යොදවා) පසු වේලාවක නික්ම ගොස් පැවිදි ව අර්හත්වයට පැමිණෙන්නේ යයි දැන එහි ගොස් කථාවක් ඇති කරවමින් ධර්මය දේශනා කළ සේක. ඒ අර්ථය දැක්වීම පිණිස අථ ඛො භගවා ආදිය කියන ලදි.
තත්ථ පුබ්බණ්හසමයන්ති භුම්මත්ථෙ උපයොගවචනං, පුබ්බණ්හසමයෙති අත්ථො. නිවාසෙත්වාති පරිදහිත්වා. විහාරචීවරපරිවත්තනවසෙනෙතං වුත්තං. පත්තචීවරමාදායාති පත්තං හත්ථෙහි, චීවරං කායෙන ආදියිත්වා, සම්පටිච්ඡිත්වා ධාරෙත්වාති අත්ථො. භගවතො කිර පිණ්ඩාය පවිසිතුකාමස්ස භමරො විය විකසිතපදුමද්වයමජ්ඣං, ඉන්දනීලමණිවණ්ණසෙලමයපත්තො හත්ථද්වයමජ්ඣං ආගච්ඡති. තං එවමාගතං පත්තං හත්ථෙහි සම්පටිච්ඡිත්වා චීවරඤ්ච පරිමණ්ඩලං පාරුතං කායෙන ධාරෙත්වාති වුත්තං හොති. තෙනුපසඞ්කමීති යෙන මග්ගෙන කම්මන්තො ගන්තබ්බො, තෙන එකකොව උපසඞ්කමි. කස්මා පන නං භික්ඛූ නානුබන්ධිංසූති? යදා හි භගවා එකකොව කත්ථචි ගන්තුකාමො හොති, යාව භික්ඛාචාරවෙලා ද්වාරං පිදහිත්වා අන්තොගන්ධකුටියං නිසීදති. භික්ඛූ තාය සඤ්ඤාය ජානන්ති “අජ්ජ භගවා එකකොව පිණ්ඩාය චරිතුකාමො, අද්ධා කඤ්චි එව විනෙතබ්බපුග්ගලං අද්දසා”ති. තෙ අත්තනො පත්තචීවරං ගහෙත්වා ගන්ධකුටිං පදක්ඛිණං කත්වා වන්දිත්වා භික්ඛාචාරං ගච්ඡන්ති. තදා ච භගවා එවමකාසි, තස්මා භික්ඛූ නානුබන්ධිංසූති.
එහි - පුබ්බණ්හසමයං ආධාර විභක්ති අර්ථයෙහි කර්මවිභක්තිය යි. පෙරවරුයෙහි යන අරුත යි. නිවාසෙත්වා හැඳ, ඉරියව් පැවැත්ම සිවුර තබා ගැනීම් වශයෙන් මෙය කියන ලදි. පත්තචීවරං ආදාය අත්වලින් පාත්‍රයත් කයින් සිවුරත් ගෙන, පිළිගෙන දරා යන අරුත යි. පිඬු පිණිස යාමට කැමති භාග්‍යවතුන් වහන්සේගේ දෑත මැදට පිපුණු නෙළුම් මල් දෙකක මැදට එන බඹරෙකු මෙන් ඉඳුනිල් මැණික් පාට ශෛලමය පාත්‍රයක් පැමිණේ. එසේ පැමිණි පාත්‍රය අත්වලින් පිළිගෙන, සිවුරු ද හාත්පසින් වට කොට පෙරවන ලදුව, කයින් දරා යි කියන ලදි. තෙනුපසංකමි යම් මගකින් කර්මාන්තය (සී සෑම) කරන තැනට යා යුතු ද එමගින් හුදෙකලා ව පැමිණි සේක. කුමක් නිසා භික්ෂූහු උන්වහන්සේ පසුපස නො ගියෝ ද? යම් දිනක භාග්‍යවතුන් වහන්සේ කොතැනකට හෝ හුදෙකලා ව යාමට කැමති සේක් නම් භික්ෂාචාර වේලාව දක්වා දොර වසා ගඳ කිළිය තුළ වැඩ හිඳිති. භික්ෂූහු ඒ සංඥාවෙන් (මෙසේ) දනිති: අද භාග්‍යවතුන් වහන්සේ හුදෙකලා ව ම පිණ්ඩපාතයෙහි හැසිරෙනු කැමති සේක. නිසැක ව ම දමනය කළ යුතු කවරකු හෝ ඇත” ඔවුහු තමන්ගේ පාසිවුරු ගෙන ගඳකිළිය පැදකුණු කොට වැඳ භික්ෂාචාරයට යති. එදා (ද) භාග්‍යවතුන් වහන්සේ මෙසේ කළ සේක. එහෙයින් පසුපස නො ගියහ.
පරිවෙසනා වත්තතීති තෙසං සුවණ්ණභාජනාදීනි ගහෙත්වා නිසින්නානං පඤ්චසතානං කස්සකානං පරිවිසනා විප්පකතා හොති. එකමන්තං අට්ඨාසීති යත්ථ ඨිතං බ්රාහ්මණො පස්සති, තථාරූපෙ දස්සනූපචාරෙ කථාසවනඵාසුකෙ උච්චට්ඨානෙ අට්ඨාසි. ඨත්වා ච රජතසුවණ්ණරසපිඤ්ජරං චන්දිමසූරියානං පභං අතිරොචමානං සමන්තතො සරීරප්පභං මුඤ්චි, යාය අජ්ඣොත්ථටත්තා බ්රාහ්මණස්ස කම්මන්තසාලාභිත්තිරුක්ඛකසිතමත්තිකපිණ්ඩාදයො සුවණ්ණමයා විය අහෙසුං. අථ මනුස්සා භුඤ්ජන්තා ච කසන්තා ච සබ්බකිච්චානි පහාය අසීතිඅනුබ්යඤ්ජනපරිවාරං ද්වත්තිංසමහාපුරිසලක්ඛණපටිමණ්ඩිතං සරීරං බ්යාමප්පභාපරික්ඛෙපවිභූසිතං බාහුයුගලං ජඞ්ගමං විය පදුමසරං, රස්මිජාලසමුජ්ජලිතතාරාගණමිව ගගනතලං, විජ්ජුලතාවිනද්ධමිව ච කනකසිඛරං සිරියා ජලමානං සම්මාසම්බුද්ධං එකමන්තං ඨිතං දිස්වා හත්ථපාදෙ ධොවිත්වා අඤ්ජලිං පග්ගය්හ සම්පරිවාරෙත්වා අට්ඨංසු. එවං තෙහි සම්පරිවාරිතං අද්දසා ඛො කසිභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං, දිස්වාන භගවන්තං එතදවොච – අහං ඛො, සමණ, කසාමි ච වපාමි චාති.
පරිවෙසනාවත්තති රන් බඳුන ගෙන සිටි ඒ පන්සියයක් ගොවීනට ‘පරිවෙසනා’ බොජුන් බෙදීම අඩාල වී පවතී (අවසන් කර නැත.) එකමන්තං අට්ඨාසි බ්‍රාහ්මණයා යම් තැනක සිාට (උන්වහන්සේ) දකියි ද ඒ අයුරෙන් දැකීමට හැකි සමීපයෙහි, කතා බහ ඇසීමට පහසු, උස් තැනක වැඩ සිටි සේක. සිට, රිදී රන් රසයෙන් හිරියල් (බඳු) සඳ හිරු දෙදෙනාගේ ප්‍රභාව ඉක්මවා බබළන ශරීරප්‍රභාව හාත්පසින් මුදා ලූ සේක. එයින් පැතිරී වැසී යාම නිසා බ්‍රාහ්මණයාගේ සී සෑම් බිමේ ශාලා බිත්ති, ගස්, හාන ලද පස් පිඩලි ආදිය ස්වර්ණමය වූ ඒවා මෙන් විය. ඉක්බිති අනුභව කරන්නාවූ ද සී සාන්නා වූ ද මිනිස්සු සියලු වැඩ නවතා අසූ අනව්යඤ්ජනවලින් පිරි, දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් අලංකෘත වූ බඹයක් දක්වා වූ ප්‍රභා වටයකින් විභූෂණය වූ ශරීරය ඇති උසස් සශ්‍රීක දර්ශන සහිත බාහු යුගලයක් ඇති ඇවිදින නෙළුම් විලක් බඳු වූ, රශ්මි ජාලාවෙන් බැබළෙන තරු සමූහයක් ඇති අහස් තලයක් මෙන් වූ, විදුලිය (නමැති ලතාවෙන්) වෙළන ලද රන් ගිරි මුදුනක් මෙන් ශ්‍රියාවෙන් බබළන සම්මා සම්බුදු රජාණන් වහන්සේ එකත් පස්ව සිටිනු දැක අත් පා සෝදා ඇඳිලි බැඳ පිරිවරා සිට ගත්හ. මෙසේ ඔවුන් විසින් පිරිවරන ලද; අද්දසා ඛො භාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං දිස්වාන භගවන්තං එතදවොච අහං ඛො සමණ කසාමි ච වපාමි ච (කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිඬු පිණිස (පැමිණ) සිටි භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසී ය. ශ්‍රමණය, මම සීසෑම ද කරමි. වැපිරීම ද කරමි)
කස්මා පනායං එවමාහ, කිං සමන්තපාසාදිකෙ පසාදනීයෙ උත්තමදමථසමථමනුප්පත්තෙපි තථාගතෙ අප්පසාදෙන, උදාහු අඩ්ඪතියානං ජනසහස්සානං පායාසං පටියාදෙත්වාපි කටච්ඡුභික්ඛාය මච්ඡෙරෙනාති? උභයථාපි නො, භගවතො පනස්ස දස්සනෙන අතිත්තං නික්ඛිත්තකම්මන්තං ජනං දිස්වා “කම්මභඞ්ගං මෙ කාතුං ආගතො”ති අනත්තමනතා අහොසි, තස්මා එවමාහ. භගවතො ච ලක්ඛණසම්පත්තිං දිස්වා – “සචායං කම්මන්තෙ අප්පයොජයිස්ස, සකලජම්බුදීපෙ මනුස්සානං සීසෙ චූළාමණි විය අභවිස්ස, කො නාමස්ස අත්ථො න සම්පජ්ජිස්සති, එවමෙවං අලසතාය කම්මන්තෙ අප්පයොජෙත්වා වප්පමඞ්ගලාදීසු පිණ්ඩාය චරතී”තිපිස්ස අනත්තමනතා අහොසි. තෙනාහ – “අහං ඛො, සමණ, කසාමි ච වපාමි ච, කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමී”ති.
කුමක් නිසා මොහු මෙසේ පැවසී ද? හාත්පසින් ම පැහැදීමට හැකි ප්‍රසාදනීය වූ උතුම් වූ දමන සමන කිරීමෙහි සමත් බවට පත් භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි වූ අප්‍රසාදයෙන් ද? නැතහොත් දෙදහස් පන්සියයක් ජනයාට කිරිබත් පිළියෙල කොට හැන්දක් පමණ අහරක් දීමට ඇති මසුරු බව නිසා ද? දෙයාකාරයෙන් ම නො වේ. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයෙන් තෘප්තියට පැමිණි, කර්මාන්තය (වැඩය) ඉවත දැමූ (වැඩ නැවැත්වූ) මිනිසුන් දැක “මගේ වැඩ කඩාකප්පල් කිරීමට පැමිණියේ” යි නො සතුටු සිත් ඇත්තේ විය. එහෙයින් මෙසේ කී ය. භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණ සම්පත්තිය ද දැක ඉදින් මොහු වැඩක යෙදෙන්නේ නම් සියලු දඹදිව මිනිසුන්ගේ හිසෙහි සිළුමිණ බඳු වන්නේ ය. කුමන අර්ථයක් නම් නො සිදු වේ ද? මෙබඳු අලස බවින් කර්මාන්තයක නො යෙදී වප් මගුල් ආදියෙහි පිඬු පිණිස හැසිරෙතියි ද ඔහුට නො සතුටු සිත් ඇති බවක් හට ගත්තේ ය. එහෙයින් කී ය: අහං ඛො සමණ! කසාමි ච වපාමි ච, කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමි’ යි.
අයං කිරස්ස අධිප්පායො – මය්හම්පි තාව කම්මන්තා න බ්යාපජ්ජන්ති, න චම්හි යථා ත්වං එවං ලක්ඛණසම්පන්නො, ත්වම්පි කසිත්වා ච වපිත්වා ච භුඤ්ජස්සු, කො තෙ අත්ථො න සම්පජ්ජෙය්ය එවං ලක්ඛණසම්පන්නස්සාති. අපිචායං අස්සොසි – “සක්යරාජකුලෙ කිර කුමාරො උප්පන්නො, සො චක්කවත්තිරජ්ජං පහාය පබ්බජිතො”ති. තස්මා ඉදානි “අයං සො”ති ඤත්වා “චක්කවත්තිරජ්ජං පහාය කිලන්තොසී”ති උපාරම්භං ආරොපෙන්තො එවමාහ. අපිච තික්ඛපඤ්ඤො එස බ්රාහ්මණො, න භගවන්තං අපසාදෙන්තො භණති, භගවතො පන රූපසම්පත්තිං දිස්වා පුඤ්ඤසම්පත්තිං සම්භාවයමානො කථාපවත්තනත්ථම්පි එවමාහ. අථ භගවා වෙනෙය්යවසෙන සදෙවකෙ ලොකෙ අග්ගකස්සකවප්පකභාවං අත්තනො දස්සෙන්තො අහම්පි ඛො බ්රාහ්මණොතිආදිමාහ.
එහි අදහස මෙය යි: මට ද කර්මාන්ත මෙතෙක් කරදර සහිත වූයේ නො වේ. මම, මෙබඳු ලක්ෂණ සම්පන්න වූ ඔබ වැන්නෙක් නො වෙමි. ඔබ ද සීසා වපුරා අනුභව කරනු. මෙබඳු ලක්ෂණ සම්පන්න වූ ඔබට කුමන අර්ථයක් නම් ඉටු නො වන්නේ ද? තව ද ඔහු මෙසේ අසා ඇත: ශාක්‍ය රාජ කුලයෙහි කුමාරයෙක් උපනි. හේ සක්විති රාජ්‍යය හැර දමා පැවිදි විය. දැන් මේ ඔහු ය’ යි දැන සක්විති රාජ්‍යය හැර දමා පීඩාවූයේ වෙහි’ යි අවලාද නගමින් මෙසේ කී ය. තව ද මේ බ්‍රාහ්මණයා තියුණු නුවණක් ඇත්තෙකි. භාග්‍යවතුන් වහන්සේට නො පැහැදෙමින් කථා නො කරයි. භාග්‍යවතුන් වහන්සේගේ රූප සම්පත්තිය දැක පුණ්‍යසම්පත්තිය සැලකිල්ලට ගනිමින් කථා බහක් පැවැත්වීමේ අරමුණින් ද මෙසේ පැවසී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, හික්මවීම් වශයෙන් දෙවියන් සහිත ලෝකයෙහි තමන් අග්‍ර ලෙස සීසාන බැව් වපුරන බැව් පෙන්වන සේක්, අහම්පි ඛො බ්‍රාහ්මණ යනාදිය වදාළ සේක.
අථ බ්රාහ්මණො චින්තෙසි – “අයං සමණො” ‘අහම්පි කසාමි ච වපාමි චා’ති භණති. න චස්ස ඔළාරිකානි යුගනඞ්ගලාදීනි කසිභණ්ඩානි පස්සාමි, කිං නු ඛො මුසා භණතී”ති? භගවන්තං පාදතලතො පට්ඨාය යාව කෙසග්ගා ඔලොකයමානො, අඞ්ගවිජ්ජාය කතාධිකාරත්තා ද්වත්තිංසවරලක්ඛණසම්පත්තිමස්ස ඤත්වා, “අට්ඨානමෙතං යං එවරූපො මුසා භණෙය්යා”ති සඤ්ජාතබහුමානො භගවති සමණවාදං පහාය ගොත්තෙන භගවන්තං සමුදාචරමානො න ඛො පන මයං පස්සාම භොතො ගොතමස්සාතිආදිමාහ. භගවා පන යස්මා පුබ්බධම්මසභාගතාය කථනං නාම බුද්ධානං ආනුභාවො, තස්මා බුද්ධානුභාවං දීපෙන්තො සද්ධා බීජන්තිආදිමාහ.
ඉක්බිති බ්‍රාහ්මණ තෙම (මෙසේ) සිතී ය: මේ ශ්‍රමණ ගෞතමයෝ මමත් සී සාමි වපුරමි යි ද කියති. ඔහුගේ ඕළාරික වූ විය ගස් නගුල් ආදි කෘෂිභාණ්ඩ ද නො දකිමි. බොරුවක් කියයි දැයි පා තලයේ සිට කෙසඟ දක්වා භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්නේ අංග විද්‍යාවේ පුහුණුව ලත් බැවින් උන්වහන්සේගේ උතුම් දෙතිස් ලකුණු සම්පත් දැක මෙවැන්නෙක් මුසා පවසන්නේ ය යනු නො විය හැකි යයි භාග්‍යවතුන් කෙරෙහි හටගත් බුහුමන් ඇත්තේ ශ්‍රමණ වාදය (ශ්‍රමණයා යි පැවසීම) හැර දමා ගෝත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් “න ඛො පන මයං භොතො ගොතමස්ස” ආදිය පැවසී ය. භාග්‍යවතුන් වහන්සේ, යම් ලෙසකින් “පුබ්බධම්මසභාගතා” (මුල් දේ පිළිබඳ සමානතාව) අනුව කථා කිරීම බුදුවරුන්ගේ ආනුභාවයක් වේ ද, එහෙයින් බුද්ධානුභාවය පෙන්වන සේක් “සද්ධාබීජං” ආදිය පැවසූ සේක.
කා පනෙත්ථ පුබ්බධම්මසභාගතා? නනු බ්රාහ්මණෙන භගවා නඞ්ගලාදිකසිසම්භාරසමායොගං පුට්ඨො අපුච්ඡිතස්ස බීජස්ස සභාගතාය ආහ “සද්ධා බීජ”න්ති, එවඤ්ච සති කථාපි අනනුසන්ධිකා හොති? න හි බුද්ධානං අනනුසන්ධිකකථා නාම අත්ථි, නපි පුබ්බධම්මස්ස අසභාගතාය කථෙන්ති. එවං පනෙත්ථ අනුසන්ධි වෙදිතබ්බා – බ්රාහ්මණෙන හි භගවා යුගනඞ්ගලාදිකසිසම්භාරවසෙන කසිං පුච්ඡිතො. සො තස්ස අනුකම්පාය “ඉදං අපුච්ඡිත”න්ති අපරිහාපෙත්වා සමූලං සඋපකාරං සසම්භාරං සඵලං කසිං පඤ්ඤාපෙතුං මූලතො පට්ඨාය දස්සෙන්තො “සද්ධා බීජ”න්තිආදිමාහ. තත්ථ බීජං කසියා මූලං, තස්මිං සති කත්තබ්බතො, අසති අකත්තබ්බතො, තප්පමාණෙන ච කත්තබ්බතො. බීජෙ හි සති කසිං කරොන්ති, න අසති. බීජප්පමාණෙන ච කුසලා කස්සකා ඛෙත්තං කසන්ති, න ඌනං “මා නො සස්සං පරිහායී”ති, න අධිකං “මා නො මොඝො වායාමො අහොසී”ති. යස්මා ච බීජමෙව මූලං, තස්මා භගවා මූලතො පට්ඨාය කසිසම්භාරං දස්සෙන්තො තස්ස බ්රාහ්මණස්ස කසියා පුබ්බධම්මස්ස බීජස්ස සභාගතාය අත්තනො කසියා පුබ්බධම්මං දස්සෙන්තො ආහ “සද්ධා බීජ”න්ති. එවමෙත්ථ පුබ්බධම්මසභාගතාපි වෙදිතබ්බා.
මෙහි “පුබ්බධම්මසභාගතා” යනු කවරේ ද? බ්‍රාහ්මණයා විසින් වියගස් - නඟුල් - ආදි කෘෂි භාණ්ඩවල සංයෝගය ගැන භාග්‍යවතුන් වහන්සේ විචාරන ලද්දේ නො වේ ද? ඉක්බිති ව නො විමසන ලද බීජවල සමාන බැව් නිසා “සද්ධාබීජං” ආදිය පැවසූ සේක. මෙසේ පවතිද්දී කථාවේ නො ගැලපීමක් වෙයි ද? බුදුන් වහන්සේලාගේ නො ගැළපෙන කථාවක් නම් නැත. මුල් දේට අසමාන බවින් යුතු ව කථා නො කරත්. ගැළපීම මෙසේ දත යුත්තේ ය: බමුණා විසින් වියගහ - නඟුල - ආදී කෘෂි භාණ්ඩ මගින් කෘෂිකර්මය ගැන භාග්‍යවතුන් වහසන්සේ විමසන ලද්දේ ය. උන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් මෙය නො විමසන ලදැයි පිරිහෙළීමක් නො කොට මුල සහිත ව ම, සහාය සහිත ව, අදාළ කොටස් සහිත ව සඵල කෘෂිකර්මය දක්වනු සඳහා මුල පටන් ම දක්වන සේක්, සද්ධාබීජං ආදිය පැවසූ සේක. එහි බීජය ගොවිතැනෙහි මුල යි. ඒවා ඇති කල්හි කළ යුතු නිසාත්, නැති කල නො කළ හැකි නිසාත් ඒ ද ප්‍රමාණයකට කළ යුතු නිසාත් බීජ ඇති කල්හි ම ගොවිතැන් කරත්. නැති කල්හි නො වේ. බීජ (ඇති) ප්‍රමාණයට දක්ෂ ගොවීහු කුඹුර සාති, අඩුව නො වේ. අස්වැන්න නො පිරිහේවා යි වැඩි ව නො වේ. උත්සාහය හිස් නො වේවා යි (අධික ව) නො වේ. යම් සේ බීජය ම මුල වේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මුල සිට ම ගොවි කටයුතු රාශිය දක්වන සේක්, ඒ බමුණාට ගොවිතැනේ පළමු දේ වූ බීජයේ සමානතාව හේතුවෙන් තමන්ගේ ගොවිතැනේ ද පළමු දේ දක්වන සේක්, ‘සද්ධා බීජං’ ආදිය වදාළසේක. මෙසේ මෙහි පළමු දේ හා සමානතාව ද දත යුතු ය.
පුච්ඡිතංයෙව වත්වා අපුච්ඡිතං පච්ඡා කිං න වුත්තන්ති චෙ? තස්ස උපකාරභාවතො ච ධම්මසම්බන්ධසමත්ථභාවතො ච. අයං හි බ්රාහ්මණො පඤ්ඤවා, මිච්ඡාදිට්ඨිකුලෙ පන ජාතත්තා සද්ධාරහිතො, සද්ධාරහිතො ච පඤ්ඤවා පරෙසං සද්ධාය අත්තනො අවිසයෙ අපටිපජ්ජමානො විසෙසං නාධිගච්ඡති, කිලෙසකාලුස්සියපරාමට්ඨාපි චස්ස දුබ්බලා සද්ධා බලවතියා පඤ්ඤාය සහසා වත්තමානා අත්ථසිද්ධිං න කරොති හත්ථිනා සද්ධිං එකධුරෙ යුත්තො ගොණො විය. ඉතිස්ස සද්ධා උපකාරිකාති තං බ්රාහ්මණං සද්ධාය පතිට්ඨාපෙන්තෙන පච්ඡාපි වත්තබ්බො අයමත්ථො දෙසනාකුසලතාය පුබ්බෙ වුත්තො. බීජස්ස ච උපකාරිකා වුට්ඨි, සා තදනන්තරංයෙව වුච්චමානා සමත්ථා හොති. එවං ධම්මසම්බන්ධසමත්ථභාවතො පච්ඡාපි වත්තබ්බො අයමත්ථො, අඤ්ඤො ච එවරූපො ඊසායොත්තාදි පුබ්බෙ වුත්තොති වෙදිතබ්බො.
කිම, අසන ලද දේ ම (මුලින්) කියා නො අසනලද්ද පසු ව නො කියන ලද්දේ ද? ඊට සම්බන්ධ ස්වභාවය නිසාත් ධර්මය ගැලපීමේ සමත් බව නිසාත් ය. මේ බ්‍රාහ්මණයා ප්‍රඥාවන්තයෙකි. මිථ්‍යාදෘෂ්ටි පවුලක උපන් හෙයින් ශ්‍රද්ධා රහිත ය. ශ්‍රද්ධා රහිත වූ ප්‍රඥාවන්ත තැනැත්තේ අනුන්හට (ඇති) ශ්‍රද්ධාවෙන් තමන්ට අවිෂය වූ දෙය නො පිළිපදිමින් විශේෂ අධිගමයකට නො පැමිණේ. කෙළෙස් කළුවෙන් ස්පර්ශ වූ ඔහුගේ දුර්වල ශ්‍රද්ධාව බලවත් ප්‍රඥාව ද සමග වහා එක් ව පැවතිය ද අර්ථ සිද්ධියක් (ඇති) නො කරයි. ඇතකු හා එක ම වියගසෙහි බඳනා ලද ගොනකු මෙනි. මෙසේ ඔහුගේ ශ්‍රද්ධාව උපකාරක යයි ඒ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාවෙහි පිහිටුවමින් පසු ව කිය යුතු මේ අර්ථය දේශනා කුසලතාවෙන් මුල දී පවසන ලදි. බීජයට උපකාරක වන්නේ වැස්ස යි. එය ඉන් අනතුරු ව ම කියන ලද්දේ අර්ථවත් වේ. මෙසේ කරුණු සම්බන්ධ කිරීමෙහි ලා සමර්ථ වූ බැවින් ද පසුවත් කිව යුතු මේ අර්ථයත් මේ ආකාරයේ නගුලිස යොත ආදියත් මුලින් කියන ලදී යයි දත යුත්තේ ය.
තත්ථ සම්පසාදලක්ඛණා සද්ධා, ඔකප්පනලක්ඛණා වා. බීජන්ති පඤ්චවිධං බීජං මූලබීජං ඛන්ධබීජං ඵලුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමන්ති. තං සබ්බම්පි විරුහණට්ඨෙන බීජන්තෙව සඞ්ඛං ගච්ඡති.
එහි සද්ධා (ශ්‍රද්ධාව) පැහැදීමේ ලක්ෂණ හෝ තැන්පත් වීම් - විශ්වාසය තැබීම් ලක්ෂණ ඇත්තේ වේ. බීජං පඤ්චවිධ බීජ ය: මූල බීජ, ඛන්ධ බීජ, එලු බීජ, අග්ග බීජ, බීජ බීජ යි පහකි. ඒ සියල්ල ම නැගී එන - වැඩෙන - අර්ථයෙන් බීජ යන ගණයට ම වැටේ.
තත්ථ යථා බ්රාහ්මණස්ස කසියා මූලභූතං බීජං ද්වෙ කිච්චානි කරොති, හෙට්ඨා මූලෙන පතිට්ඨාති, උපරි අඞ්කුරං උට්ඨාපෙති, එවං භගවතො කසියා මූලභූතා සද්ධා හෙට්ඨා සීලමූලෙන පතිට්ඨාති, උපරි සමථවිපස්සනඞ්කුරං උට්ඨාපෙති. යථා ච තං මූලෙන පථවිරසං ආපොරසං ගහෙත්වා නාළෙන ධඤ්ඤපරිපාකගහණත්ථං වඩ්ඪති, එවමයං සීලමූලෙන සමථවිපස්සනාරසං ගහෙත්වා අරියමග්ගනාළෙන අරියඵලධඤ්ඤපරිපාකගහණත්ථං වඩ්ඪති. යථා ච තං සුභූමියං පතිට්ඨහිත්වා මූලඞ්කුරපණ්ණනාළකණ්ඩපසවෙහි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පත්වා ඛීරං ජනෙත්වා අනෙකසාලිඵලභරිතං සාලිසීසං නිප්ඵාදෙති, එවමෙසා චිත්තසන්තානෙ පතිට්ඨහිත්වා ඡහි විසුද්ධීහි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පත්වා ඤාණදස්සනවිසුද්ධිඛීරං ජනෙත්වා අනෙකපටිසම්භිදාභිඤ්ඤාභරිතං අරහත්තඵලං නිප්ඵාදෙති. තෙන වුත්තං “සද්ධා බීජ”න්ති.
එහි බ්‍රාහ්මණයාගේ ගොවිතැන්හි මූලය වූ බීජය කාර්යයන් දෙකක් කරයි. යටින් මුල මගින් පිහිටයි (රැඳෙයි.) ඉහලින් අංකුර නංවයි. එසේ ම භාග්‍යවතුන් වහන්සේගේ ගොවිතැනෙහි මූලකාරණය වූ ශ්‍රද්ධාව යටින් ශීලය නමැති මුල මගින් පිහිටයි. ඉහළින් සමථ - විපස්සනා අංකුර නංවයි. යම් සේ එය මුලෙන් පඨවි රසය, ආපෝ රසය ගෙන දණ්ඩෙන් ධාන්‍ය පැසීම පිණිස වැඩෙයි ද එසේ ම මෙය ද සීල නමැති මූලයෙන් සමථ විපස්සනා රසය ගෙන ආර්ය මාර්ග නාළයෙන් ආර්ය ඵල නමැති ධාන්‍ය පැසීම පිණිස වැඩෙයි. යම් සේ එය හොඳ බිමක (සාරවත් බිමක) පිහිටා මූලාංකුර - කොළ - දණ්ඩ ජනිත කරවීම්වලින් වෘද්ධියට, වැඩීමට, විපුලත්වයට පැමිණ කිරි වද්දවා නොයෙක් හැල්වලින් බර වුණු හැල් කරල් නිපදවයි ද එසේ ම මෙය (ශ්‍රද්ධාව) ද චිත්ත සන්තානයෙහි පිහිටා විශුද්ධි හයෙන් වෘද්ධියට - වැඩීමට - විපුලත්වයට පත්ව ඤාණ දස්සන විසුද්ධි කිරි ඇති කොට අනේක පටිසම්භිදා භරිත වූ අරහත් ඵලය නිපදවයි. එහෙයින් සද්ධා බීජං යි කියන ලදි.
කස්මා පන අඤ්ඤෙසු පරොපඤ්ඤාසාය කුසලධම්මෙසු එකතො උප්පජ්ජමානෙසු සද්ධාව “බීජ”න්ති වුත්තාති චෙ? බීජකිච්චකරණතො. යථා හි තෙසු විඤ්ඤාණංයෙව විජානනකිච්චං කරොති, එවං සද්ධා බීජකිච්චං. සා ච සබ්බකුසලානං මූලභූතා. යථාහ – “සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති…පෙ… පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සතී”ති (ම· නි· 2.183).
කුමක් නිසා පනහකට වැඩි කුශලකර්ම එකට උපදිද්දී ශ්‍රද්ධාව ම බීජය යි කියන ලද්දේ ද? බීජගත කාර්යය ඉටු කරන නිසා ය. යම් සේ ඒවා අතුරින් විඤ්ඤාණය ම විජානන කාර්යය කරයි ද එසේ ම ශ්‍රද්ධාව ද බීජ කෘත්‍යය (කරයි). එය සියලු කුසල්වල මූල කාරණය වේ. කියන ලදි. “සද්ධාජාතො උපසංකමති, උපසංකමන්තො පයිරුපාසති -පෙ- පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සති” (ශ්‍රද්ධාව හටගත්තේ එළඹෙයි; එළඹෙමින් ඇසුරු කරයි. ......ප්‍රඥාවෙන් එය විනිවිද දකියි”).
අකුසලධම්මෙ චෙව කායඤ්ච තපතීති තපො. ඉන්ද්රියසංවරවීරියධුතඞ්ගදුක්කරකාරිකානං එතං අධිවචනං, ඉධ පන ඉන්ද්රියසංවරො අධිප්පෙතො. වුට්ඨීති වස්සවුට්ඨි වාතවුට්ඨීතිආදි අනෙකවිධා, ඉධ වස්සවුට්ඨි අධිප්පෙතා. යථා හි බ්රාහ්මණස්ස වස්සවුට්ඨිසමනුග්ගහිතං බීජං බීජමූලකඤ්ච සස්සං විරුහති න මිලායති නිප්ඵත්තිං ගච්ඡති, එවං භගවතො ඉන්ද්රියසංවරසමනුග්ගහිතා සද්ධා, සද්ධාමූලා ච සීලාදයො ධම්මා විරුහන්ති, න මිලායන්ති නිප්ඵත්තිං ගච්ඡන්ති. තෙනාහ “තපො වුට්ඨී”ති.
අකුශල ධර්මත් කයත් තවතියි තපො, ඉන්ද්රිය සංවරය අදහස් කෙරේ. ඉන්ද්රිය සංවරය, ධුතංග ආදි දුෂ්කර ක්‍රියාවලට මෙය සමාන වචනයකි. මෙහි ඉන්ද්රිය සංවරය අදහස් කෙරේ. වුට්ඨි වස්සවුට්ඨි (වර්ෂාපතනය) වාත වුට්ඨි (සුළං වැස්ස) ආදි ලෙස අනේක විධ ය. මෙහි වර්ෂා පතනය අදහස් කෙරේ. යම් සේ බ්‍රාහ්මණයාගේ වර්ෂා පතනයේ අනුග්‍රහය ලත් බීජ-වී බීජ-මූලික ව ශස්‍ය ලෙස වැඩෙයි ද, නො මැළවෙයි ද, නිෂ්පත්තියට (ඵලයට) පැමිණෙයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේගේ ඉන්ද්රිය සංවරයෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රද්ධාව ද, ශ්‍රද්ධා මූලයෝ ද, ශීලාදී ධර්ම ද වැඩෙත්, නො මියෙත්, නිෂ්පත්තියට යත්. එහෙයින් තපොවුට්ඨි යි කීහ.
පඤ්ඤා මෙති එත්ථ වුත්තො මෙ-සද්දො පුරිමපදෙසුපි යොජෙතබ්බො “සද්ධා මෙ බීජං, තපො මෙ වුට්ඨී”ති තෙන කිං දීපෙති? යථා, බ්‍රාහ්මණ, තයා වපිතෙ ඛෙත්තෙ සචෙ වුට්ඨි අත්ථි, ඉච්චෙතං කුසලං. නො චෙ අත්ථි, උදකම්පි තාව දාතබ්බං හොති. තථා මයා හිරිඊසෙ පඤ්ඤායුගනඞ්ගලෙ මනොයොත්තෙන එකාබද්ධෙ කතෙ වීරියබලීබද්දෙ යොජෙත්වා සතිපාචනෙන විජ්ඣිත්වා අත්තනො චිත්තසන්තානඛෙත්තම්හි සද්ධාබීජෙ වපිතෙ වුට්ඨියා අභාවො නාම නත්ථි, අයං පන මෙ නිච්චකාලං ඉන්ද්රියසංවරතපො වුට්ඨීති.
පඤ්ඤා මෙ එහි කියන ලද මෙ ශබ්දය මුලින් ඇති පදවල ද යෙදිය යුතු වේ. ‘සද්ධා මෙ බීජං’ (ශ්‍රද්ධාව මගේ බීජ ය) “තපො මෙ වුට්ඨි” (තපස මගේ වැස්ස) යන ලෙසිනි. එයින් කුමක් හඟවයි ද? බ්‍රාහ්මණය යම් සේ ඔබ විසින් පවුරන ලද කෙතෙහි ඉදින් වැස්ස ඇත්ද යන එය හොඳ ය. (වැස්ස) නැත්තේ නම් ජලය ද එපමණ දැමිය යුතු වේ ද? එසේ ම මා විසින් ලජ්ජා (නමැති) නගුලිස, ප්‍රඥා (නමැති) විය ගස හා නගුල, සිත (නමැති) යොතින් එකට බැඳ, වීර්ය (නමැති) ගොනුන් යොදවා, සිහිය (නමැති) කෙවිටෙන් තළා තම චිත්ත සන්තානය නමැති කෙතෙහි ශ්‍රද්ධා බීජ වපුරන ලද කල්හි වැස්ස නැති වීමක් නම් නො මැත. මෙය වනාහි සදාකාලික ඉන්ද්රිය සංවර තපස වූ වැස්ස වේ.
පඤ්ඤාති කාමාවචරාදිභෙදතො අනෙකවිධා. ඉධ පන සහ විපස්සනාය මග්ගපඤ්ඤා අධිප්පෙතා. යුගනඞ්ගලන්ති යුගඤ්ච නඞ්ගලඤ්ච යුගනඞ්ගලං. යථා හි බ්රාහ්මණස්ස යුගනඞ්ගලං, එවං භගවතො දුවිධාපි විපස්සනා පඤ්ඤා ච. තත්ථ යථා යුගං ඊසාය උපනිස්සයං හොති, පුරතො ච ඊසාබද්ධං හොති, යොත්තානං නිස්සයං හොති, බලීබද්දානං එකතො ගමනං ධාරෙති, එවං පඤ්ඤා හිරිප්පමුඛානං ධම්මානං උපනිස්සයා හොති. යථාහ – “පඤ්ඤුත්තරා සබ්බෙ කුසලා ධම්මා”ති (අ· නි· 8.83; 10.58) ච, “පඤ්ඤා හි සෙට්ඨා කුසලා වදන්ති, නක්ඛත්තරාජාරිව තාරකාන”න්ති (ජා· 2.17.81) ච. කුසලානං ධම්මානං පුබ්බඞ්ගමට්ඨෙන පුරතො ච හොති. යථාහ – “සීලං සිරී චාපි සතඤ්ච ධම්මො, අන්වායිකා පඤ්ඤවතො භවන්තී”ති හිරිවිප්පයොගෙන අනුප්පත්තිතො පන ඊසාබද්ධො හොති. මනොසඞ්ඛාතස්ස සමාධියොත්තස්ස නිස්සයපච්චයතො යොත්තානං නිස්සයො හොති. අච්චාරද්ධාතිලීනභාවපටිසෙධනතො වීරියබලීබද්දානං එකතො ගමනං ධාරෙති, යථා ච නඞ්ගලං ඵාලයුත්තං කසනකාලෙ පථවිඝනං භින්දති, මූලසන්තානකානි පදාලෙති, එවං සතියුත්තා පඤ්ඤා විපස්සනාකාලෙ ධම්මානං සන්තතිසමූහකිච්චාරම්මණඝනං භින්දති, සබ්බකිලෙසමූලසන්තානකානි පදාලෙති. සා ච ඛො ලොකුත්තරාව, ඉතරා පන ලොකිකාපි සියා. තෙනාහ “පඤ්ඤා මෙ යුගනඞ්ගල”න්ති.
පඤ්ඤා කාමාවචර ආදි භේදයෙන් අනේකවිධ ය. මෙහි විපස්සනාව සමග වූ මාර්ග ප්‍රඥාව අදහස් කරන ලදි. යුගනංගලං යුගං ච නංගලං ච (වියගහත් නගුලත්); බ්‍රාහ්මණයාට වියගහ සහ නගුල යම් සේ ද එසේ ම භාග්‍යවතුන් වහන්සේට ප්‍රඥාව ද දෙයාකාර ය. එහි යම් යම් ලෙස වියගහ නගුලිස මත හොවී සිටින්නේ ද ඉදිරියෙන් නගුලිස හා බැඳී සිටී ද, යොත් ඇසුරු කොට තිබේ ද, ගොනුන් එක් ව ගමන් කිරීම දරා සිටී ද එසේ ම ප්‍රඥාව ලජ්ජාව ප්රමුඛ කොට ඇති ධර්ම මත්තෙහි හෙව සිටී. එහෙයින් වදාළ සේක: “පඤ්ඤුත්තරා සබ්බෙ කුසලා ධම්මා” (සියලු කුසල් දහම් ප්‍රඥාව උත්තර කොට ඇත්තේ (ඉහළින් පිහිටියේ) වේ. “පඤ්ඤාහි සෙට්ඨා කුසලා වදන්ති නක්ඛත්තරාජාරිව තාරකානං” (තාරකාවන්ගේ නක්ෂත්ර රජ (සඳ) මෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨ යයි දක්ෂයෝ පවසත්). කුශල ධර්මයන්ගේ පෙරටුවෙහි ම ගමන් කරන අර්ථයෙන් පෙරටුවෙහි ම වේ. මෙසේ කී ය: සීලං හිරිං චාපි සතඤ්ච ධම්මො අන්වායිකා පඤ්ඤවතො භවන්ති” (ශීලයත් ලජ්ජාවත් උතුමන්ගේ ධර්මය වේ. ප්‍රඥාවන්තයාගේ අනුගාමිකයෝ වෙත්). ලජ්ජා විප්රයෝගයෙන් (වෙන් වීමෙන්) නූපන් බැවින් නඟුලිස බද්ධ වූයේ වෙයි. මන සංඛ්‍යාත වූ සමාධි යොතේ නිශ්‍රය හේතුවෙන් යොත් ආදියෙහි නිශ්‍රය වේ. බෙහෙවින් ඉක්මන් බැව් බෙහෙවින් පසුබාන බැව් වළක්වන හෙයින් වීර්ය ඇති ගොනුන්ගේ එක් ව ගමන දරා සිටී. යම් සේ හීවැලෙන් බඳනා ලද නඟුල සී සාන කල්හි පෘථිවි ඝනය (පස් පිඩැලි) බිඳින්නේ ද මූල පද්ධති දෙපළු කරයි ද, එසේ ම සිහියෙන් බඳනා ලද ප්‍රඥාව විපස්සනා කාලයෙහි දී ධර්මයන්ගේ සන්තති (ඝන) සමූහ (ඝන) කෘත්‍ය (ඝන), ආරම්මණ (ඝන) බිඳියි. සියලු කෙලෙස් මූල පද්ධති දෙපළු කරයි. එය ම ලෝකෝත්තර වෙයි. සෙසු ඒවා ලෞකික ද වෙයි. එහෙයින් කියන ලදි: පඤ්ඤා මෙ යුගනංගලං යි.
හිරීයති පාපකෙහි ධම්මෙහීති හිරී. තග්ගහණෙන තාය අවිප්පයුත්තං ඔත්තප්පම්පි ගහිතමෙව හොති. ඊසාති යුගනඞ්ගලසන්ධාරිකා රුක්ඛලට්ඨි. යථා හි බ්රාහ්මණස්ස ඊසා යුගනඞ්ගලං ධාරෙති, එවං භගවතොපි හිරී ලොකියලොකුත්තරපඤ්ඤාසඞ්ඛාතං යුගනඞ්ගලං ධාරෙති හිරිඅභාවෙ පඤ්ඤාය අභාවතො. යථා ච ඊසාපටිබද්ධයුගනඞ්ගලං කිච්චකරං හොති අචලං අසිථිලං, එවං හිරිපටිබද්ධා ච පඤ්ඤා කිච්චකාරී හොති අචලා අසිථිලා අබ්බොකිණ්ණා අහිරිකෙන. තෙනාහ “හිරී ඊසා”ති. මුනාතීති මනො, චිත්තස්සෙතං නාමං. ඉධ පන මනොසීසෙන තංසම්පයුත්තො සමාධි අධිප්පෙතො. යොත්තන්ති රජ්ජුබන්ධනං. තං තිවිධං ඊසාය සහ යුගස්ස බන්ධනං, යුගෙන සහ බලීබද්දානං බන්ධනං, සාරථිනා සහ බලීබද්දානං එකාබන්ධනන්ති. තත්ථ යථා බ්රාහ්මණස්ස යොත්තං ඊසායුගබලීබද්දෙ එකාබද්ධෙ කත්වා සකකිච්චෙ පටිපාදෙති, එවං භගවතො සමාධි සබ්බෙව තෙ හිරිපඤ්ඤාවීරියධම්මෙ එකාරම්මණෙ අවික්ඛෙපසභාවෙන බන්ධිත්වා සකකිච්චෙ පටිපාදෙති. තෙනාහ “මනො යොත්ත”න්ති.
පාපී ධර්මයන්ගෙන් ලජ්ජාවට පත්වෙති යි හිරී (ලජ්ජාව); එය ගැනීම මගින් එයින් වෙන් නො කළ යුතු ඔත්තප්පය ද ගන්නා ලද්දේ ම ය. ඊසා (නගුලිස) වියගහ-නගුල උසුන රුක් දණ්ඩකි (පොල්ලකි). යම් සේ බ්‍රාහ්මණයාගේ නගුලිස, වියගහ හා නගුල උසුලා සිටියි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේගේ හිරි (ලජ්ජා) ලෞකික ලෝකෝත්තර ප්‍රඥා සංඛ්‍යාත වියගහ-නගුල උසුලයි. හිරි නොමැති කල්හි ප්‍රඥාව නොමැති හෙයිනි. යම් සේ නගුලිසට ගැට ගැසුණු වියගහ-නගුල කාර්යය කරන්නක් වෙයි ද නො සෙල්වේ ද නො ලිහිල් වේ ද එසේ ම හිරියට බද්ධ වුණු ප්‍රඥාව ද කාර්ය කරන්නී වෙයි. නො සෙල්වෙන්නී නො ලිහිල් වන්නී වේ. අහිරික බවින් පරිපූර්ණ ය. එහෙයින් කී ය: හිරි ඊසා යි. මුනාති’ (දැන ගනී) යි මනො; මෙය සිතට නමි; මෙහි ‘මනො’ ශීර්ෂයෙන් ඊට සම්ප්‍රයුක්ත වූ සමාධිය අදහස් කෙරේ. යොත්තං රැහැණින් බැඳීම ය. එය ත්‍රිවිධ ය: නගුලිස සමග වියගහ බැඳීම, විය ගහ සමග ගොනුන් බැඳීම (හා) රියැදුරා (සී සාන්නා) සමග ගොනුන්ගේ බැඳීම ය. එහි දී යම් සේ බ්‍රාහ්මණයාගේ රැහැන නගුලිස විය ගහ සහ ගොනුන් එක් කොට සිය ගැල් කාර්යයෙහි යොදවයි ද, එසේ ම භාග්‍යවතුන්ගේ සමාධියත් ඒ හිරි - ප්‍රඥා - විරිය ධර්ම එක් අරමුණක වික්ෂේප නො වූ ස්වභාවයෙන් බැඳ තබා සිය කාර්යයෙහි යොදවයි. එහෙයින් කී ය මනො යොත්තං.
චිරකතාදිමත්ථං සරතීති සති. ඵාලෙතීති ඵාලො. පාජෙන්ති එතෙනාති පාජනං. තං ඉධ “පාචන”න්ති වුත්තං. පතොදස්සෙතං නාමං. ඵාලො ච පාචනඤ්ච ඵාලපාචනං. යථා හි බ්රාහ්මණස්ස ඵාලපාචනං, එවං භගවතො විපස්සනාසම්පයුත්තා මග්ගසම්පයුත්තා ච සති. තත්ථ යථා ඵාලො නඞ්ගලං අනුරක්ඛති, පුරතො චස්ස ගච්ඡති, එවං සති කුසලාකුසලානං ධම්මානං ගතියො සමන්වෙසමානා ආරම්මණෙ වා උපට්ඨාපයමානා පඤ්ඤානඞ්ගලං රක්ඛති. තෙනෙවෙසා “සතාරක්ඛෙන චෙතසා විහරතී”තිආදීසු (අ· නි· 10.20) විය ආරක්ඛාති වුත්තා. අප්පමුස්සනවසෙන චස්සා පුරතො හොති. සතිපරිචිතෙ හි ධම්මෙ පඤ්ඤා පජානාති, නො පමුට්ඨෙ. යථා ච පාචනං බලීබද්දානං විජ්ඣනභයං දස්සෙන්තං සංසීදිතුං න දෙති, උප්පථගමනං වාරෙති, එවං සති වීරියබලීබද්දානං අපායභයං දස්සෙන්තී කොසජ්ජසංසීදනං න දෙති, කාමගුණසඞ්ඛාතෙ අගොචරෙ චාරං නිවාරෙත්වා කම්මට්ඨානෙ නියොජෙන්තී උප්පථගමනං වාරෙති. තෙනාහ “සති මෙ ඵාලපාචන”න්ති.
බොහෝ පෙර කළ දේ ආදි කරුණු සිහි කරති යි සති; “පලති” යි ඵාලො (හී වැළ); එයින් පදවතියි පාජනං: එය මෙහි පාචනං යි කියන ලදි. කෙවිටට සමාන වචනයකි. ‘ඵාලො’ ද “පාචන” ද “පාලපාචන”; බ්‍රාහ්මණයාට හීවැල හා කෙවිට යම් සේ ද එසේ ම භාග්‍යවතුන් වහන්සේට විපස්සනාවෙහි යෙදුණු හා මාර්ගයෙහි නියැලුණු ‘සති’ (සිහිය) වේ. එහි හීවැල යම් සේ නගුල රකී ද, ඊට පෙරටුව යයි ද එසේ ම සිහිය ද කුශලාකුශල ධර්මයන්ගේ ගමන් මනාව පරීක්ෂා කරමින් ආරම්මණය මගින් මෙහෙය ලබමින් හෝ ප්‍රඥා නගුල රකියි. එහෙයින් ම මේ “සතාරක්ඛෙන චෙතසා විහරති” (සිහිය ආරක්ෂා කිරීමෙන් සිතෙන් වාසය කරයි) ආදියෙහි ආරක්ෂාව යි කියන ලදි. නො මුළාවීම් වශයෙන් ඊට පෙරටු ගමන වෙයි. ප්‍රඥාව සිහියෙන් පුරුදු කළ ධර්ම දකී. මුළා වූ විට නො වේ. යම් සේ කෙවිට ගොනුන්ට තැළීම් බිය දක්වමින් දුර්වල වී කිඳෙන්නට (ඉඩ) නො දෙයි ද, වැරදි මග යාම වළක්වයි ද එසේ ම සිහිය ද විර්ය ගොනුන් හට අපාය භය, ගෝචර නො වූ දේහි හැසිරීම, වළක්වා කමටහන්හි යොදවයි. වැරදි මග යාම වළක්වයි. එහෙයින් කී ය: සති මෙ ඵාලපාචනං යි.
කායගුත්තොති තිවිධෙන කායසුචරිතෙන ගුත්තො. වචීගුත්තොති චතුබ්බිධෙන වචීසුචරිතෙන ගුත්තො. එත්තාවතා පාතිමොක්ඛසංවරසීලං වුත්තං. ආහාරෙ උදරෙ යතොති එත්ථ ආහාරමුඛෙන සබ්බපච්චයානං ගහිතත්තා චතුබ්බිධෙපි පච්චයෙ යතො සංයතො නිරුපක්කිලෙසොති අත්ථො. ඉමිනා ආජීවපාරිසුද්ධිසීලං වුත්තං. උදරෙ යතොති උදරෙ යතො සංයතො මිතභොජී, ආහාරෙ මත්තඤ්ඤූති වුත්තං හොති. ඉමිනා භොජනෙ මත්තඤ්ඤුතාමුඛෙන පච්චයපටිසෙවනසීලං වුත්තං. තෙන කිං දීපෙති? යථා ත්වං, බ්‍රාහ්මණ, බීජං වපිත්වා සස්සපරිපාලනත්ථං කණ්ටකවතිං වා රුක්ඛවතිං වා පාකාරපරික්ඛෙපං වා කරොසි, තෙන තෙ ගොමහිංසමිගගණා පවෙසං අලභන්තා සස්සං න විලුම්පන්ති, එවමහම්පි තං සද්ධාබීජං වපිත්වා නානප්පකාරකුසලසස්සපරිපාලනත්ථං කායවචීආහාරගුත්තිමයං තිවිධං පරික්ඛෙපං කරොමි, තෙන මෙ රාගාදිඅකුසලධම්මගොමහිංසමිගගණා පවෙසං අලභන්තා නානප්පකාරකං කුසලසස්සං න විලුම්පන්තීති.
කායගුත්තො ත්‍රිවිධ කාය සුචරිතයෙන් ආරක්ෂිත වූ; වචීගුත්තො සිවු වැදෑරුම් වචීසුචරිතයෙන් ආරක්ෂිත වූ; මෙපමණකින් පාතිමොක්ඛ සංවර ශීලය කියන ලදි. ආහාරෙ උදරෙ යතො මෙහි ආහාර යන්නෙන් සියලු ප්‍රත්‍යයන් ගත් බැවින් චතුර්විධ වූ ප්‍රත්‍යයෙහි ම දැමුණු, සංයත වූ, උපක්ලේශ රහිත වූ යන අරුත (වේ). මෙයින් ආජීව පාරිසුද්ධි ශීලය කියන ලදි. උදරෙ යතො උදරයෙහි දැමුණු, සංයත වුණු, ප්‍රමාණ කොට වළඳන; ආහාරයෙහි පමණ දන්නා වූ යි කියන ලද්දේ වෙයි. මේ ආහාරයෙහි පමණ දැනීම යන්නෙන් ප්‍රත්‍යයන් (සිවු පසය) පාවිච්චි කිරීමේ ශීලය කියන ලදි. එයින් කුමක් දක්වයි ද? බ්‍රාහ්මණය, යම් සේ ඔබ බීජ වපුරා ශස්‍ය (අස්වනු) රැකීම පිණිස කටු වැටක් හෝ රුක් වැටක් හෝ පවුරු වටකිරීමක් හෝ සාදයි ද, එයින් එළ ගව - මීහරක් - මුව සමූහයා ප්‍රවේශයක් නො ලබන්නාහු අස්වැන්න පාලු නො කරත් ද, එසේ ම මම ද ශ්‍රද්ධා බීජය වපුරා නානා ප්‍රකාර කුශල ශස්‍ය රකිනු වස් කාය - වාක් - ආහාර - ගෝපනමය ත්‍රිවිධ වට කිරීම් කරමි. එයින් මගේ රාග ආදි අකුශල ධර්ම නමැති ගව මහිෂ මෘග ගණයා ඇතුළු වීමක් නො ලබන්නාහු නානා ප්‍රකාර කුශල ශස්‍ය පාලු නො කරත්.
සච්චං කරොමි නිද්දානන්ති එත්ථ ද්වීහාකාරෙහි අවිසංවාදනං සච්චං. නිද්දානන්ති ඡෙදනං ලුනනං උප්පාටනං. කරණත්ථෙ චෙතං උපයොගවචනං වෙදිතබ්බං. අයං හෙත්ථ අත්ථො “සච්චෙන කරොමි නිද්දාන”න්ති. කිං වුත්තං හොති – “යථා ත්වං බාහිරං කසිං කත්වා සස්සදූසකානං තිණානං හත්ථෙන වා අසිතෙන වා නිද්දානං කරොසි, එවං අහම්පි අජ්ඣත්තිකං කසිං කත්වා කුසලසස්සදූසකානං විසංවාදනතිණානං සච්චෙන නිද්දානං කරොමී”ති. යථාභූතඤාණං වා එත්ථ සච්චන්ති වෙදිතබ්බං. තෙන අත්තසඤ්ඤාදීනං තිණානං නිද්දානං කරොමීති දස්සෙති. අථ වා නිද්දානන්ති ඡෙදකං ලාවකං උප්පාටකන්ති අත්ථො. යථා ත්වං දාසං වා කම්මකරං වා නිද්දානං කරොසි, “නිද්දෙහි තිණානී”ති තිණානං ඡෙදකං ලාවකං උප්පාටකං කරොසි, එවමහං සච්චං කරොමීති දස්සෙති, අථ වා සච්චන්ති දිට්ඨිසච්චං. තමහං නිද්දානං කරොමි, ඡින්දිතබ්බං ලුනිතබ්බං උප්පාටෙතබ්බං කරොමීති. ඉති ඉමෙසු ද්වීසු විකප්පෙසු උපයොගෙනෙවත්ථො යුජ්ජති.
සච්චං කරොමි නිද්දානං මෙහි ආකාර දෙකකින් බොරු නො කිරීම - සත්‍ය ය. නිද්දානං ‘ඡෙදනං’ - කපා දැමීම, ‘ලුන්නං’ - සිඳීම, ‘උප්පාටනං’ - උපුටා දැමීම, මෙය ද කරණ විභක්ති අර්ථයෙහි කර්ම විභක්තිය යි දත යුතු ය. මෙහි අර්ථය මෙය යි: සත්‍යයෙන් කපා දැමීම කරමි. කුමක් කියන ලද ද? යම් සේ ඔබ පිටත ගොවිතැන් කොට අස්වනු දූෂණය කරන තණකොළ කපා දැමීම අතින් හෝ කඩුවෙන් හෝ කරයි ද, එසේ ම මම ද අභ්‍යන්තරයෙහි ගොවිතැන් කොට කුශලය දූෂණය කරන රවටන (මායාකාරී) තණකොළ සත්‍යයෙන් කැපීම කරමි. යථා භූත ඤාණය හෝ මෙහි ‘සත්‍ය’ යි දත යුතු ය. එයින් ආත්ම සංඥා ආදි තණකොළ වල කැපීම කරමි යි දක්වයි. නැතහොත් ‘නිද්දානං’ යනු ඡේදනය කරන්නා, කපන්නා, උපුටා දමන්නා යන අර්ථ යි. යම් සේ ඔබ දාසයකු හෝ කම්කරුවකු හෝ කපන්නකු ම කරහි ද තණකොළ කපහි ද එමගින් තණකොළ කපන්නකු, ඡේදනය කරන්නකු, උපුටා දමන්නෙකු කරහි ද, මම ද එසේ ම සත්‍යය කරමි යි දක්වයි. නැතහොත් ‘සත්‍යය’ යනු ‘දෘෂ්ටිසත්‍යය’ යි මම එය ඡේදනය කරමි. සිඳිය යුතු, කැපිය යුතු, උපුටා දැමිය යුතු වූවක් කරමි. මෙසේ මේ විකල්ප දෙකෙහිා ම කර්ම විභක්තියෙන් අර්ථය යෙදේ.
සොරච්චං මෙ පමොචනන්ති එත්ථ යං තං “කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො”ති සීලමෙව “සොරච්ච”න්ති වුත්තං, න තං අධිප්පෙතං. “කායගුත්තො”තිආදිනා හි තං වුත්තමෙව. අරහත්තඵලං පන අධිප්පෙතං. තං හි සුන්දරෙ නිබ්බානෙ රතත්තා “සොරච්ච”න්ති වුච්චති. පමොචනන්ති යොගවිස්සජ්ජනං. ඉදං වුත්තං හොති – යථා තව පමොචනං පුනපි සායන්හෙ වා දුතියදිවසෙ වා අනාගතසංවච්ඡරෙ වා යොජෙතබ්බතො අප්පමොචනමෙව හොති, න මම එවං. න හි මම අන්තරා මොචනං නාම අත්ථි. අහං හි දීපඞ්කරදසබලකාලතො පට්ඨාය පඤ්ඤානඞ්ගලෙ වීරියබලීබද්දෙ යොජෙත්වා කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි මහාකසිං කසන්තො තාව න මුඤ්චිං, යාව න සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිං. යදා ච මෙ සබ්බං තං කාලං ඛෙපෙත්වා බොධිමූලෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නස්ස සබ්බගුණපරිවාරං අරහත්තඵලං උදපාදි, තදා මයා තං සබ්බුස්සුක්කපටිප්පස්සද්ධියා පමුත්තං, න දානි පුන යොජෙතබ්බං භවිස්සතීති. එතමත්ථං සන්ධායාහ “සොරච්චං මෙ පමොචන”න්ති.
සොරච්චං මෙ පමොචනං මෙහි කායික ඉක්මවා නො යාම, වාචසික ඉක්මවා නො යාම යි ශීලය ම ‘සොරච්ච’ යි යමක් කියන ලද ද එය (මෙහි) අදහස් නො කෙරේ. කායගුත්තො යනාදියෙන් එය කියන ලද්දේ ම ය. අර්හත් ඵලය මින් අදහස් කරන ලදි. එය සුන්දර වූ නිර්වාණයෙහි ඇලීමේ හේතුවෙන් ‘සොරච්චං’ යි කියැවේ. ‘පමොචනං’ යනු බැමි ලිහා දැමීම ය. කියන ලද්දේ මෙය යි: යම් සේ ඔබගේ ලිහා දැමීම (මුදා හැරීම), හවස හෝ දෙවන දවසේ හෝ ඊළඟ අවුරුද්දේ හෝ යළි යෙදිය යුතු බැවින් අල්ප මිදීමක් ම වේ. මගේ එසේ නො වේ. මගේ අතුරු මිදීමක් නම් නැත. මම දීපංකර බුදුන්ගේ කාලයේ පටන් ප්‍රඥා නගුල, වීර්ය ගොනුන් යොදා කල්ප ලක්ෂයක් සාරාසංඛ්යයක් (තුළ) මහා ගොවිතැනක් කරමින් යම් අවධියක සම්මා සම්බෝධිය අවබෝධ කළෙම් ද ඒ තාක් කල් මුදා නො හළෙමි. යම් විටක ඒ සියලු කාලය ගෙවා බෝමැඩ අපරාජිත පර්යංකයෙහි වැඩ සිටි මා හට සියලු ගුණ පිරිවර කොට ගත් අර්හත් ඵලය උපන්නේ ද එකල්හි මා විසින් සියලු ධෛර්යය යොදා ශාන්ත භාවයට පත් කිරීමෙන් මුදා හරින ලදි. දැන් යළි යෙදවිය යුත්තක් නො මැත්තේ ය. ඒ අර්ථය අරභයා සොරච්චං මෙ පමොච්චං යි කී සේක.
වීරියං මෙ ධුරධොරය්හන්ති එත්ථ වීරියන්ති කායිකචෙතසිකො වීරියාරම්භො. ධුරධොරය්හන්ති ධුරායං ධොරය්හං, ධුරාවහන්ති අත්ථො. යථා හි බ්රාහ්මණස්ස ධුරායං ධොරය්හාකඩ්ඪිතං නඞ්ගලං භූමිඝනං භින්දති, මූලසන්තානකානි ච පදාලෙති, එවං භගවතො වීරියාකඩ්ඪිතං පඤ්ඤානඞ්ගලං යථා වුත්තං ඝනං භින්දති, කිලෙසසන්තානකානි ච පදාලෙති. තෙනාහ “වීරියං මෙ ධුරධොරය්හ”න්ති. අථ වා පුරිමධුරාවහත්තා ධුරා, මූලධුරාවහත්තා ධොරය්හා, ධුරා ච ධොරය්හා ච ධුරධොරය්හා. ඉති යථා බ්රාහ්මණස්ස එකෙකස්මිං නඞ්ගලෙ චතුබලීබද්දපභෙදං ධුරධොරය්හං වහන්තං උප්පන්නුප්පන්නං තිණමූලඝාතඤ්චෙව සස්සසම්පත්තිඤ්ච සාධෙති, එවං භගවතො චතුසම්මප්පධානවීරියභෙදං ධුරධොරය්හං වහන්තං උප්පන්නුප්පන්නං අකුසලඝාතඤ්චෙව කුසලසම්පත්තිඤ්ච සාධෙති. තෙනාහ “වීරියං මෙ ධුරධොරය්හ”න්ති.
විරියං මෙ ධුරධොරය්හං මෙහි ‘විරියං’ යනු කායික චෛතසික වීර්යාරම්භය යි. ‘ධුරධොරය්හං’ යනු ‘ධුරායං ධොරය්හං’ (වියගහ ආදියෙහි) බර උසුළාගෙන යන්නා ධුරය=වියදඬුව උසුළා ගෙන යන අර්ථය යි. යම් සේ බ්‍රාහ්මණයාගේ වියගහෙහි බැඳි ගොනා විසින් අදිනු ලබන නගුල භූමි ඝනය (පස් පිඩැල්ල) බිඳියි ද, මූල පද්ධතිය ද බිඳ දෙපළු කරයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේගේ වීර්යයෙන් අදිල ලද ප්‍රඥා නගුල (මීට පෙර) කියන ලද පරිදි ඝන බිඳියි. කෙළෙස් පද්ධති ද දෙපළු කරයි. එහෙයින් විරියං මෙ ධුර ධොරය්හං යි කී සේක. නැතහොත් මුල් වියගහ ගෙන යන්නාහු ‘ධුරා’, මූල ධුර ගෙනයන්නෝ ‘ධොරය්හ’, ධුරාත් ධොරය්හාත් ‘ධුරධොරය්හ’ යි. යම් සේ බ්‍රාහ්මණයාගේ එක් එක් නගුලක ගොනුන් සිවු දෙනා බැගින් වියගහ උසුළමින් හටගත් හටගත් තණකොළවල මුල් නැසීමත්, අස්වනු සම්පත ඇති කිරීමත් කරයි ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය සතර - පධාන වීර්ය වැනි ධුර උසුලා ගෙන යමින් උපනුපන් අකුශල මුල් නැසීමත් කුශල සම්පත් ඇති කිරීමත් කරයි. එහෙයින් “විරියං මෙ ධුරධොරය්හං” යි කී සේක.
යොගක්ඛෙමාධිවාහනන්ති එත්ථ යොගෙහි ඛෙමත්තා නිබ්බානං යොගක්ඛෙමං නාම, තං අධිකිච්ච වාහීයති, අභිමුඛං වා වාහීයතීති අධිවාහනං, යොගක්ඛෙමස්ස අධිවාහනං යොගක්ඛෙමාධිවාහනන්ති. ඉදං වුත්තං හොති – යථා තව ධුරධොරය්හං පුරත්ථිමාදීසු අඤ්ඤතරදිසාභිමුඛං වාහීයති, තථා මම ධුරධොරය්හං නිබ්බානාභිමුඛං වාහීයතීති. එවං වාහීයමානංව ගච්ඡති අනිවත්තන්තං. යථා තව නඞ්ගලං වහන්තං ධුරධොරය්හං ඛෙත්තකොටිං පත්වා පුන නිවත්තති, එවං අනිවත්තන්තං දීපඞ්කරකාලතො පට්ඨාය ගච්ඡතෙව. යස්මා වා තෙන තෙන මග්ගෙන පහීනා කිලෙසා න පුනප්පුනං පහාතබ්බා හොන්ති, යථා තව නඞ්ගලෙන ඡින්නානි තිණානි පුන අපරස්මිං සමයෙ ඡින්දිතබ්බානි හොන්ති, තස්මාපි එවං පඨමමග්ගවසෙන දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ, දුතියවසෙන ඔළාරිකෙ, තතියවසෙන අණුසහගතෙ, චතුත්ථවසෙන සබ්බකිලෙසෙ පජහන්තං ගච්ඡති අනිවත්තන්තං. අථ වා ගච්ඡති අනිවත්තන්ති නිවත්තනරහිතං හුත්වා ගච්ඡතීති අත්ථො. තන්ති තං ධුරධොරය්හං. එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. එවං ගච්ඡන්තඤ්ච යථා තව ධුරධොරය්හං න තං ඨානං ගච්ඡති, යත්ථ ගන්ත්වා කස්සකො අසොකො විරජො හුත්වා න සොචති. එතං පන තං ඨානං ගච්ඡති යත්ථ ගන්ත්වා න සොචති. යත්ථ සතිපාචනෙන එතං වීරියධුරධොරය්හං චොදෙන්තො ගන්ත්වා මාදිසො කස්සකො අසොකො විරජො හුත්වා න සොචති, තං සබ්බසොකසල්ලසමුග්ඝාතභූතං නිබ්බානං නාම අසඞ්ඛතං ඨානං ගච්ඡතීති.
යොගක්ඛෙමාධිවාහනං මෙහි යෝගවලින් (බැඳීම්වලින්) ආරක්ෂා වීම් හේතුවෙන් නිර්වාණය ‘යොගක්ඛෙම’ නමි. ඒ කාර්යය දෙසට පමුණුවයි. අභිමුඛයට (එදෙසට) ගෙන යයි හෝ ‘අධිවාහන’. යොගක්ඛෙමස්ස අධිවාහනං නිවන දෙසට එය අභිමුඛ කොට පමුණුවනු ලබන්නේ) = යොගක්ඛෙමාධිවාහනං; කියන ලද්දේ මෙයයි: යම් සේ ඔබගේ ධුරය (වියගහ) උසුළන ගොනා පෙර දිග ආදී දිශාවල එක් දිසාවක් දෙසට ඇදගෙන යයි ද, එසේ මාගේ වියගහ දරන්නා නිර්වාණය දෙසට ඇද ගෙන යන්නේ ය. මෙසේ ඇදගෙන යමින් ගච්ඡති අනිවත්තන්තං යම් සේ ඔබගේ නගුල ඇදගෙන යන ගොනා කෙතේ කෙළවරට පැමිණ යළි නවතී ද එසේ නො නවතිමින් දීපංකර කාලයේ පටන් යන්නේ ම ය. යම් සේ ඔබගේ නගුලෙන් සිඳින ලද තණ කොළ යළි පසු කලෙක සිඳිය යුතු වේද, ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද කෙලෙස් යළි යළිත් ප්‍රහීණ කළ යුතු නො වේ. ප්‍රථම මාර්ග වශයෙන් දෘෂ්ටිමය කෙළෙස් ද, දෙවන (මාර්ග) වශයෙන් ඕළාරික (කෙළෙස්) ද, තෙවන (මාර්ග) වශයෙන් අණු සහිත (කෙළෙස් ද), සතර වන මාර්ග වශයෙන් සියලු කෙළෙස් ද බැහැර ලමින් ගච්ඡති අනිවත්තන්තං (නො නැවතී යයි). නැතහොත් ගච්ඡති අනිවත්තන්තං ආපහු හැරීමක් රහිත ව යයි යන අර්ථය යි. තං ඒ වියගහ දරන්නා (ගොනා); මෙසේ මෙහි අර්ථය දත යුත්තේ ය. මෙසේ යමින් ද ඔබගේ වියගහ දරන ගොනා, ගොවියා යම් තැනකට ගොස් ශෝක නොමැත්තෙකු දූවිලි නොමැත්තෙකු වී ශෝක නො කරයි ද එවන් ස්ථානයකට නො ගෙන යයි. යත්ථ ගන්ත්වා න සොචති (යම් තැනකට ගොස් ශෝක නොකරයි ද) එම ස්ථානයට යයි. සිහිය නමැති කෙවිටෙන් ඒ වීර්ය නමැති වියගහ උසුළන්නා තළමින් (පොළඹවමින්) ගොස් ඉදින් ඒ ගොවියා ශෝක නැත්තේ රජස් (කෙළෙස්) නොමැත්තේ ශෝක නො කරන්නේ, ඒ සියලු ශෝක උල් සහමුලින් නසන නිර්වාණය නමැති අසංඛත වූ තැනට පැමිණෙති යි
ඉදානි නිගමනං කරොන්තො එවමෙසා කසීති ගාථමාහ. තස්සායං සඞ්ඛෙපත්ථො – යස්ස, බ්‍රාහ්මණ, එසා සද්ධාබීජා තපොවුට්ඨියා අනුග්ගහිතා කසී පඤ්ඤාමයං යුගනඞ්ගලං හිරිමයඤ්ච ඊසං මනොමයෙන යොත්තෙන එකාබද්ධං කත්වා පඤ්ඤානඞ්ගලෙන සතිඵාලං ආකොටෙත්වා සතිපාචනං ගහෙත්වා කායවචීආහාරගුත්තියා ගොපෙත්වා සච්චං නිද්දානං කත්වා සොරච්චපමොචනං වීරියධුරධොරය්හං යොගක්ඛෙමාභිමුඛං අනිවත්තන්තං වාහන්තෙන කට්ඨා කසී කම්මපරියොසානං චතුබ්බිධං සාමඤ්ඤඵලං පාපිතා, සා හොති අමතප්ඵලා, සා එසා කසී අමතප්ඵලා හොති. අමතං වුච්චති නිබ්බානං, නිබ්බානානිසංසා හොතීති අත්ථො. සා ඛො පනෙසා කසී න මමෙවෙකස්ස අමතප්ඵලා හොති, අථ ඛො යො කොචි ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා එතං කසිං කසති, සො සබ්බොපි එතං කසිත්වාන සබ්බදුක්ඛා පමුච්චතීති.
දැන් සමාප්ත කරමින් එවමෙසා කසි යන ගාථාව පැවසූ සේක. එහි සංක්ෂේප අර්ථය මෙය යි: බ්‍රාහ්මණය, බලව, මේ ශ්‍රද්ධා බීජය, තපස (නමැති) වැස්සෙන් අනුග්‍රහ කරනු ලැබූ වැපිරීම - ප්‍රඥාමය විය ගහ හා නගුල - හිරිමුවා නගුලිස යන ඒවා මනෝමය යොතෙන් ඒකාබද්ධ කොට, ප්‍රඥා නගුලෙහි සිහිය නමැති හී වැල බ හා, සිහිය (නමැති) කෙවිට ගෙන කාය - වචී - ආහාර - ගෝපනයෙන් රැකවල් ලා, සත්‍යය කපා දමන්නකු කොට, අර්හත්ඵල විමුක්ති නම් වූ යෝගක්‍ෂෙමයට අභිමුඛ ව ආපසු හැරී නො එන ලෙස ම වීර්ය (නම් වූ) වියගහ උසුලන්නා (ගොනා) දක්කවමින් ගොවිතැන් කරන ලද්දේ කර්ම අවසානය වූ චතුර්විධ ශ්‍රමණ ඵලයට පමුණුවන ලදි. සා හොති අමතප්ඵලා ඒ වැපිරීම අමෘත ඵල වේ. අමෘතය යනු නිවන යයි කියනු ලැබේ. නිර්වාණ ආනිශංස කොට ඇත්තේ ය යනු අර්ථ යි. වැපිරීම වූ කලී හුදෙක් මට ම අමෘත ඵල වූයේ නො වේ. එහෙත් ක්ෂත්රිය හෝ බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය හෝ ක්ෂුද්‍ර හෝ ගෘහස්ථ හෝ ප්රවෘජිත හෝ යම් කිසිවෙක් මේ වැපිරීම් කරයි ද ඒ සියලු ම දෙනා මෙලෙස වපුරා සියලු දුකින් මිදෙන්නෝ ය යනු යි.
එවං භගවා බ්රාහ්මණස්ස අරහත්තනිකූටෙන නිබ්බානපරියොසානං කත්වා දෙසනං නිට්ඨාපෙසි. තතො බ්රාහ්මණො ගම්භීරත්ථං දෙසනං සුත්වා – “මම කසිඵලං භුඤ්ජිත්වා පුනපි දිවසෙයෙව ඡාතො හොති, ඉමස්ස පන කසී අමතප්ඵලා, තස්ස ඵලං භුඤ්ජිත්වා සබ්බදුක්ඛා පමුච්චතී”ති ඤත්වා පසන්නො පසන්නාකාරං කරොන්තො භුඤ්ජතු භවං ගොතමොතිආදිමාහ. තං සබ්බං තතො පරඤ්ච වුත්තත්ථමෙවාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයා හට නිවන අවසානය කොට ඇති දේශනාව නිමා කළ සේක. ඉක්බිති බ්‍රාහ්මණයා ගම්භීරාර්ථ ඇති දේශනාව අසා, මගේ සී සෑම ඵලය විඳ ඊළඟ දවසෙහි ම (යළිත්) කුසගිනි ඇත්තේ වෙමි. මුන් වහන්සේගේ සී සෑම අමෘත ඵල (සහිත) වේ. එහි ඵලය භුක්ති විඳ සියලු දුකෙන් මිදෙතියි දැන පැහැදිලි පැහැදුණු ආකාරය දක්වන්නේ භුඤ්ජතුං භවං ගොතමො (භවත් ගෞතමයිනි, අනුභව කරනු මැනවි) ආදිය පැවසී ය. ඒ සියල්ල හා ඉන් පසු දේ ද කියන ලද අර්ථය ම යි.
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.