10. බහුධීතුසුත්තවණ්ණනා අට්ඨකථා
10. බහුධීතුසුත්තවණ්ණනා
10. බහුධීතු සූත්‍ර වර්ණනාව
දසමෙ අඤ්ඤතරස්මිං වනසණ්ඩෙති පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො තස්ස බ්රාහ්මණස්ස අරහත්තස්ස උපනිස්සයං දිස්වා “ගච්ඡාමිස්ස සඞ්ගහං කරිස්සාමී”ති ගන්ත්වා තස්මිං වනසණ්ඩෙ විහරති. නට්ඨා හොන්තීති කසිත්වා විස්සට්ඨා අටවිමුඛා චරමානා බ්රාහ්මණෙ භුඤ්ජිතුං ගතෙ පලාතා හොන්ති. පල්ලඞ්කන්ති සමන්තතො ඌරුබද්ධාසනං. ආභුජිත්වාති බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්වා, අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව විභඞ්ගෙ වුත්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537). අථ වා “පරීති පරිග්ගහට්ඨො. මුඛන්ති නිය්යානට්ඨො. සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති එවං පටිසම්භිදායං (පටි· ම· 1.164) වුත්තනයෙනපෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්රායං සඞ්ඛෙපො – “පරිග්ගහිතනිය්යානං සතිං කත්වා”ති. එවං නිසීදන්තො ච පන ඡබ්බණ්ණා ඝනබුද්ධරස්මියො විස්සජ්ජෙත්වා නිසීදි. උපසඞ්කමීති දොමනස්සාභිභූතො ආහිණ්ඩන්තො, “සුඛෙන වතායං සමණො නිසින්නො”ති චින්තෙත්වා උපසඞ්කමි.
දස වැන්නේ - අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ උදෑසන ම ලෝකය දෙස බලන සේක් ඒ බ්‍රාහ්මණයාගේ අරහත් භාවයට උපනිශ්‍රය (ඇති බැව්) දැක “යමි, ඔහුට සංග්‍රහ කරන්නෙමි” යි ගොස් ඒ වන ලැහැබේ වාසය කරති. පල්ලඞ්කං හාත්පසින් කළවා බැඳි ආසනය ආභුජිත්වා බැඳ, උජුං කායං පණිධාය උපරිම ලෙසට ශරීරය සෘජු කොට තබා; දහඅටක් වූ කොඳු ඇට කෙළවරින් කෙළවරට තබා; පරිමුඛං සතිං උපට්ඨාපෙත්වා කර්මස්ථාන අභිමුඛ කොට සිහිය පිහිටුවා, මුඛ සමීපයෙහි කොට හෝ යන අර්ථ වේ. එහෙයින් ම විභඞ්ගයෙහි කියන ලදි. “අයං සති උපට්ඨිතා හොති සූපතිට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යි (මේ සිහිය එළඹියේ වෙයි. මැනවින් පිහිටියේ වෙයි. නාසිකාග්‍රයේ හෝ මුඛ නිමිත්තෙහි හෝ (පිහිටියේ වෙයි). එහෙයින් ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යි කියන ලදි); නැතහොත් පරි ග්‍රහණය කිරීම් අර්ථය යි. මුඛං පිටවීම අර්ථය යි. සති රැක ගන්නා අර්ථයෙන්, එහෙයින් “පරිමුඛං සතිං” යි කියන ලදි. මෙසේ පටිසම්භිදාමග්ගයෙහි කියන ලදි පරිදි ද අර්ථය දත යුතු ය. එහි සාරාංශය මෙය යි: ග්‍රහණය කරන ලද පිටවීම සිහිය නංවාගෙන, මෙසේ වැඩ සිටිමින් ම ෂඩ්වර්ණ ඝන රශ්මීන් විහිදුවා වැඩ සිටි සේක. නට්ඨා හොන්ති සී සා ලිහන ලද න පෙදෙස දෙසට යන්නාහු, බ්‍රාහ්මණයන් කෑම පිණිස ගිය කල්හි, පැන ගියහ. උපසංකමි දොම්නසින් මැඩී ඒ මේ අත ඇවිදින්නේ මේ ශ්‍රමණයා සුවසේ සිටින්නේ යි සිතා අසළට පැමිණියේ ය.
අජ්ජසට්ඨිං න දිස්සන්තීති අජ්ජ ඡදිවසමත්තකා පට්ඨාය න දිස්සන්ති. පාපකාති ලාමකා තිලඛාණුකා. තෙන කිර තිලඛෙත්තෙ වපිතෙ තදහෙව දෙවො වස්සිත්වා තිලෙ පංසුම්හි ඔසීදාපෙසි, පුප්ඵං වා ඵලං වා ගහෙතුං නාසක්ඛිංසු. යෙපි වඩ්ඪිංසු, තෙසං උපරි පාණකා පතිත්වා පණ්ණානි ඛාදිංසු, එකපණ්ණදුපණ්ණා ඛාණුකා අවසිස්සිංසු. බ්රාහ්මණො ඛෙත්තං ඔලොකෙතුං ගතො තෙ දිස්වා – “වඩ්ඪියා මෙ තිලා ගහිතා, තෙපි නට්ඨා”ති දොමනස්සජාතො අහොසි, තං ගහෙත්වා ඉමං ගාථමාහ.
අජ්ජ සට්ඨිං න දිස්සන්ති අදට දින හයක් පමණ නො දකිත්. පාපකා ළාමක (ළපටි), තල දඬු; ඔහු විසින් කුඹුරේ තල වපුරන ලද කල්හි එදින ම වර්ෂාව පතිත වී තල පසෙහි ගිල්වී ය. මල් හෝ ගෙඩි හට ගැනීමට නො හැකි විය. යමක් වැඩිණි ද ඒවා මත වැටී පණුවෝ කොළ කෑහ. එක කොළයක් කොළ දෙකක් ඇති (තල) දඬු ඉතිරි විණි. බ්‍රාහ්මණයා කෙත බැලීමට ගියේ ඒවා දැක මවිසින් පොළියට තල ගන්නා ලදි. ඒවා ද නැසිණි යි දොම්නස් වූයේ ය. එය අළලා මේ ගාථාව කී ය.
උස්සොළ්හිකායාති උස්සාහෙන කණ්ණනඞ්ගුට්ඨාදීනි උක්ඛිපිත්වා විචරන්තා උප්පතන්ති. තස්ස කිර අනුපුබ්බෙන භොගෙසු පරික්ඛීණෙසු පක්ඛිපිතබ්බස්ස අභාවෙන තුච්ඡකොට්ඨා අහෙසුං. තස්ස ඉතො චිතො ච සත්තහි ඝරෙහි ආගතා මූසිකා තෙ තුච්ඡකොට්ඨෙ පවිසිත්වා උය්යානකීළං කීළන්තා විය නච්චන්ති, තං ගහෙත්වා එවමාහ.
උස්සොළ්හි කායා උත්සාහයෙන් කණ නගුට ආදිය ඔසවා කෑගසමින් උඩ පනිත්. ඔහුගේ භෝග පිළිවෙලින් පිරිහුණු කල දැමිය යුතු කිසිවක් නො මැති බැවින් හිස් අටු ඇති විණි. එහෙ මෙහෙ ගෙවල් හතකින් පැමිණි මීයෝ ඒ හිස් අටුවලට වැද උයන් කෙළි කෙළින්නා සේ කන් නගුටු ඔසවා නටත්. ඒ අළලා මෙසේ කී ය.
උප්පාටකෙහි සඤ්ඡන්නොති උප්පාටකපාණකෙහි සඤ්ඡන්නො. තස්ස කිර බ්රාහ්මණස්ස සයනත්ථාය සන්ථතං තිණපණ්ණසන්ථාරං කොචි අන්තරන්තරා පටිජග්ගන්තො නත්ථි. සො දිවසං අරඤ්ඤෙ කම්මං කත්වා සායං ආගන්ත්වා තස්මිං නිපජ්ජති. අථස්ස උප්පාටකපාණකා සරීරං එකච්ඡන්නං කරොන්තා ඛාදන්ති, තං ගහෙත්වා එවමාහ.
උප්පාදකෙහි සංඡන්නො හටගත් පණුවන්ගෙන් වැසුණු, ඒ බ්‍රාහ්මණයා හට නිදා ගැනීම පිණිස ඇතිරූ තණ ඇතිරිල්ලකි. අතරතුර කිසි නඩත්තු කිරීමක් නැත. හේ දහවල්හි කැලයේ වැඩ කොට හවස පැමිණ මෙහි වැතිරෙයි. එවිට හටගත් පණුවෝ ඔහුගේ සිරුර මුළුමනින් වසා ගෙන කති. එය අළලා මෙසේ කී ය.
විධවාති මතපතිකා. යාව කිර තස්ස බ්රාහ්මණස්ස ගෙහෙ විභවමත්තා අහොසි, තාව තා විධවාපි හුත්වා පතිකුලෙසු වසිතුං ලභිංසු. යදා පන සො නිද්ධනො ජාතො, තදා තා “පිතුඝරං ගච්ඡථා”ති සස්සුසසුරාදීහි නික්කඩ්ඪිතා තතො තස්සෙව ඝරං ආගන්ත්වා වසන්තියො බ්රාහ්මණස්ස භොජනකාලෙ “ගච්ඡථ අය්යකෙන සද්ධිං භුඤ්ජථා”ති පුත්තෙ පෙසෙන්ති, තෙහි පාතියං හත්ථෙසු ඔතාරිතෙසු බ්රාහ්මණො හත්ථස්ස ඔකාසං න ලභති. තං ගහෙත්වා ඉමං ගාථමාහ.
විධවා හිමියා මළ තැනැත්තී; ඒ බ්‍රාහ්මණයාගේ නිවසේ යම් තාක් ධන ප්‍රමාණයක් වී ද, වැන්දඹු වී වුව ද ඒ තාක් පතිකුලවල විසීම ලැබූහ. යම් දිනක ඔහු නිර්ධන වී ද එකල්හි ඔවුහු මවුපියන්ගේ ගෙදරට යවත්. නැදි මයිලනුවන් ආදීන් විසින් එළවනු ලැබුවාහු ඔහුගේ ම නිවසට පැමිණ වසන්නාහු බ්‍රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ “යවු යවු සීයාත් සමග කෑම කනු” යි දරුවන් යවත්. ඔවුන් විසින් පාත්‍රයට අත දැමූ කල්හි බ්‍රාහ්මණයා අතට (අත දැමීමට) ඉඩක් වත් නො ලබයි. එය ගෙන මේ ගාථාව කී ය.
පිඞ්ගලාති කළාරපිඞ්ගලා. තිලකාහතාති කාළසෙතාදිවණ්ණෙහි තිලකෙහි ආහතගත්තා. සොත්තං පාදෙන බොධෙතීති නිද්දං ඔක්කන්තං පාදෙන පහරිත්වා පබොධෙති. අයං කිර බ්රාහ්මණො මූසිකසද්දෙන උබ්බාළ්හො උප්පාටකෙහි ච ඛජ්ජමානො සබ්බරත්තිං නිද්දං අලභිත්වා පච්චූසකාලෙ නිද්දායති. අථ නං අක්ඛීසු නිම්මිලිතමත්තෙස්වෙව – “කිං කරොසි, බ්‍රාහ්මණ, පච්ඡා ච පුබ්බෙ ච ගහිතස්ස ඉණස්ස? වඩ්ඪි මත්ථකං පත්තා, සත්ත ධීතරො පොසෙතබ්බා. ඉදානි ඉණායිකා ආගන්ත්වා ගෙහං පරිවාරෙස්සන්ති, ගච්ඡ කම්මං කරොහී”ති පාදෙන පහරිත්වා පබොධෙති. තං ගහෙත්වා ඉමං ගාථමාහ.
පිඞ්ගලං රන්වන් පිඟුවන් වූ තිලකාහතා කළු සුදු ආදි පාටින් යුතු තල කැළලින් ගැවසුණු ශරීර ඇත්තී සොත්තං පාදෙන බොධෙති නින්දට වන් (මා) පයින් පහර දී අවදි කරවයි. මේ බ්‍රාහ්මණයා මීයන්ගේ ශබ්දයෙන් හිරිහැරයට පැමිණියේ, පණුවන් විසින් විදිනු ලබන්නේ මුළු රෑ නින්දක් නො ලැබ උදෑසන නින්දට වැටේ. ඉක්බිති ඇහැ පිය වුණු මොහොතෙහි ම “බමුණ, කුමක් කරහි ද? පසුවත් පෙරත් ගත් ණයවල පොළිය ඉහලට ම ගොසිනි. දූවරු සත් දෙනෙක් පෝෂණය කළ යුත්තාහු ය. දැන් ණයකරුවෝ පැමිණ ගේ වට කරත්. යව, වැඩක් කරව” යි පයින් පහර දී නැගිටුවයි. එය අළලා මේ ගාථාව කී ය.
ඉණායිකාති යෙසං අනෙන හත්ථතො ඉණං ගහිතං. සො කිර කස්සචි හත්ථතො එකං කහාපණං කස්සචි ද්වෙ කස්සචි දස…පෙ… කස්සචි සතන්ති එවං බහූනං හත්ථතො ඉණං අග්ගහෙසි. තෙ දිවා බ්රාහ්මණං අපස්සන්තා “ගෙහතො තං නික්ඛන්තමෙව ගණ්හිස්සාමා”ති බලවපච්චූසෙ ගන්ත්වා චොදෙන්ති. තං ගහෙත්වා ඉමං ගාථමාහ.
ඉණායිකා ඔහු විසින් කිසියම් කෙනකුන් වෙතින් ණය ගන්නා ලද ද හේ කිසියම් කෙනකුගෙන් එක කහවණුවක්, දෙකක්, දහයක් සමහරුන්ගෙන් සියයක් යි මෙසේ බොහෝ දෙනෙකුගෙන් ණය ගත්තේ ය. ‘ඔවුහු දිවා කාලයෙහි බ්‍රාහ්මණයා නො දැක ගෙයින් පිටවත් ම අල්ලා ගන්නෙමු’ යි උදේ පාන්දරින් ම ගොස් දොස් පවරත්. ඒ අළලා මේ ගාථාව කී ය.
භගවා තෙන බ්රාහ්මණෙන ඉමාහි සත්තහි ගාථාහි දුක්ඛෙ කථිතෙ “යං යං, බ්‍රාහ්මණ, තයා දුක්ඛං කථිතං, සබ්බමෙතං මය්හං නත්ථී”ති දස්සෙන්තො පටිගාථාහි බ්රාහ්මණස්ස ධම්මදෙසනං වඩ්ඪෙසි. බ්රාහ්මණො තා ගාථා සුත්වා භගවති පසන්නො සරණෙසු පතිට්ඨාය පබ්බජිත්වා අරහත්තං පාපුණි. තං දස්සෙතුං එවං වුත්තෙ භාරද්වාජගොත්තොතිආදි වුත්තං. තත්ථ අලත්ථාති ලභි.
භාග්‍යවතුන් වහන්සේ, එම බ්‍රාහ්මණයා විසින් මේ ගාථා සතින් දුක පැවසූ කල්හි, “බ්‍රාහ්මණය, තොප විසින් යම් දුකක් ප්‍රකාශ කරන ලද ද, ඒ සියල්ල මට නැතැයි දක්වන සේක් ප්රතිගාථාවලින් බ්‍රාහ්මණයාට ධර්ම දේශනාව වැඩූ සේක. බ්‍රාහ්මණයා ඒ ගාථා අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සරණයෙහි පිහිටා පැවිදි ව අරහත් බවට පත් විය. එය දැක්වීමට එවං වුත්තො භාරද්වාජගොත්තො ආදිය පැවසී ය. එහි - අලත්ථ ලැබී ය.
තඤ්ච පන බ්රාහ්මණං භගවා පබ්බාජෙත්වා ආදාය ජෙතවනං ගන්ත්වා පුනදිවසෙ තෙන ථෙරෙන පච්ඡාසමණෙන කොසලරඤ්ඤො ගෙහද්වාරං අගමාසි. රාජා “සත්ථා ආගතො”ති සුත්වා පාසාදා ඔරුය්හ වන්දිත්වා හත්ථතො පත්තං ගහෙත්වා තථාගතං උපරිපාසාදං ආරොපෙත්වා වරාසනෙ නිසීදාපෙත්වා ගන්ධොදකෙන පාදෙ ධොවිත්වා සතපාකතෙලෙන මක්ඛෙත්වා යාගුං ආහරාපෙත්වා රජතදණ්ඩං සුවණ්ණකටච්ඡුං ගහෙත්වා සත්ථු උපනාමෙසි. සත්ථා පත්තං පිදහි. රාජා තථාගතස්ස පාදෙසු පතිත්වා, “සචෙ මෙ, භන්තෙ, දොසො අත්ථි, ඛමථා”ති ආහ. නත්ථි, මහාරාජාති. අථ කස්මා යාගුං න ගණ්හථාති? පලිබොධො අත්ථි, මහාරාජාති. කිං පන, භන්තෙ, යාගුං අගණ්හන්තෙහෙව ලභිතබ්බො එස පලිබොධො, පටිබලො අහං පලිබොධං දාතුං, ගණ්හථ, භන්තෙති. සත්ථා අග්ගහෙසි. මහල්ලකත්ථෙරොපි දීඝරත්තං ඡාතො යාවදත්ථං යාගුං පිවි. රාජා ඛාදනීයභොජනීයං දත්වා භත්තකිච්චාවසානෙ භගවන්තං වන්දිත්වා ආහ – “භගවා තුම්හෙ පවෙණියා ආගතෙ ඔක්කාකවංසෙ උප්පජ්ජිත්වා චක්කවත්තිසිරිං පහාය පබ්බජිත්වා ලොකෙ අග්ගතං පත්තො, කො නාම, භන්තෙ, තුම්හාකං පලිබොධො”ති? මහාරාජ, එතස්ස මහල්ලකත්ථෙරස්ස පලිබොධො අම්හාකං පලිබොධසදිසොවාති.
භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණයා පැවිදි කරවා ගෙන ජේතවනයට ගොස් පසු දින පසු පසින් පැමිණෙන ඒ තෙරුන් සමග කොසොල් රජුගේ ගෙදොරට වැඩියහ. රජතුමා බුදුන් වහන්සේ වැඩියහ යි ප්‍රාසාදයෙන් බැස වැඳ අතින් පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ ප්‍රාසාද මුදුනට වැඩම කරවා උතුම් අසුනෙහි වඩා හිඳුවා සුවඳ වතුරෙන් පා සෝදවා සියක් වරක් සිඳින ලද තෙලෙන් තවරා කැඳ ගෙන්වා රිදී දණ්ඩ හා රන් හැන්ද ගෙන බුදුනට පිරිනැමී ය. බුදුහු පාත්‍රය වැසී ය. රජතුමා පා මුල වැටී “ස්වාමීනි, ඉදින් මාගේ දෝෂයක් වේ නම් සමා වුව මැනවි” යි කී ය. “නැත මහරජ,” “එසේ නම් කුමක් නිසා කැඳ නො පිළිගන්නා සේක් ද?” “මහරජ, බාධාවක් ඇත.” “ස්වාමීනි, කැඳ නො පිළිගෙන ම ලැබිය යුතු (කැඳ නො පිළිගැනීමට තරම් වූ) මේ අවහිරය කුමක් ද? අවහිරය (ඉවත් කර) දෙන්නට මම ශක්තිමත් වෙමි. ස්වාමීනි ගනු මැනවි” බුදුන් වහන්සේ ගත් සේක. මහලු තෙරණුවෝ ද බොහෝ දිනක් කුස ගින්නේ සිටියේ ඇති පමණ කැඳ බීවෝ ය. රජතුමා කෑ යුතු බිඳිය යුතු දේ දී දන් වැළඳීම් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වැඳ මෙසේ කී ය. ඔබ වහන්සේ පරම්පරාවෙන් පැමිණි ඔක්කාක වංශයෙහි ඉපි ද, සක්විති සිරිය හැර දමා පැවිදි ව ලෝකයෙහි අග්රත්වයට පැමිණි සේක. ස්වාමීනි, ඔබ වහන්සේට කිනම් පළිබෝධයක් ද?” “මහරජ, මේ මහලු තෙරුන්ගේ පළිබෝධය අපගේ පළිබෝධය හා සම වේ ම ය”
රාජා ථෙරං වන්දිත්වා – “කො, භන්තෙ, තුම්හාකං පලිබොධො”ති පුච්ඡි? ඉණපලිබොධො, මහාරාජාති. කිත්තකො, භන්තෙති? ගණෙහි, මහාරාජාති. රඤ්ඤො “එකං ද්වෙ සතං සහස්ස”න්ති ගණෙන්තස්ස අඞ්ගුලියො නප්පහොන්ති. අථෙකං පුරිසං පක්කොසිත්‍වා, “ගච්ඡ, භණෙ, නගරෙ භෙරිං චරාපෙහි ‘සබ්බෙ බහුධීතිකබ්රාහ්මණස්ස ඉණායිකා රාජඞ්ගණෙ සන්නිපතන්තූ”ති. මනුස්සා භෙරිං සුත්වා සන්නිපතිංසු. රාජා තෙසං හත්ථතො පණ්ණානි ආහරාපෙත්වා සබ්බෙසං අනූනං ධනමදාසි. තත්ථ සුවණ්ණමෙව සතසහස්සග්ඝනකං අහොසි.
රජතුමා තෙරුන් වැඳ ස්වාමීනි, ඔබවහන්සේගේ පළිබෝධය කුමක් දැයි විමසී ය. “මහරජ, ණය පළිබෝධය යි” “ස්වාමීනි, කොපමණ ද?” “ගණන් කරනු මැනවි මහරජ, එක, දෙක, සියය, දහස යි ගණින රජුගේ ඇඟිලි ප්‍රමාණවත් නො වී ය. ඉක්බිති එක් පුරුෂයෙකු කැඳවා, “කොළ, යව, නගරයෙහි බෙර හසුරු ව, බහුධීතික බ්‍රාහ්මණයාගේ සියලු ණයකාරයෝ රජ මිදුලට රැස්වවු” කියා; මිනිස්සු බෙර හඬ අසා රැස්වූහ. රජතුමා ඔවුන්ගෙන් ලියවිලි ගෙන්වා ගෙන සියලු දෙනාට අඩු නැති ව ධනය දුන්නේ ය. එහි රත්රන් පමණක් ලක්ෂයක් පමණ වටිනා විය.
පුන රාජා පුච්ඡි – “අඤ්ඤොපි අත්ථි, භන්තෙ, පලිබොධො”ති. ඉණං නාම, මහාරාජ, දත්වා මුච්චිතුං සක්කා, එතා පන සත්ත දාරිකා මහාපලිබොධා මය්හන්ති. රාජා යානානි පෙසෙත්වා තස්ස ධීතරො ආහරාපෙත්වා අත්තනො ධීතරො කත්වා තං තං කුලඝරං පෙසෙත්වා, “අඤ්ඤොපි, භන්තෙ, අත්ථි පලිබොධො”ති පුච්ඡි? බ්රාහ්මණී, මහාරාජාති. රාජා යානං පෙසෙත්වා, තස්ස බ්රාහ්මණිං ආහරාපෙත්වා, අය්යිකට්ඨානෙ ඨපෙත්වා පුන පුච්ඡි – “අඤ්ඤොපි, භන්තෙ, අත්ථි පලිබොධො”ති? නත්ථි, මහාරාජාති වුත්තෙ රාජාපි චීවරදුස්සානි දාපෙත්වා, “භන්තෙ, මම සන්තකං තුම්හාකං භික්ඛුභාවං ජානාථා”ති ආහ. ආම, මහාරාජාති. අථ නං රාජා ආහ – “භන්තෙ, චීවරපිණ්ඩපාතාදයොපි සබ්බෙ පච්චයා අම්හාකං සන්තකා භවිස්සන්ති. තුම්හෙ තථාගතස්ස මනං ගහෙත්වා සමණධම්මං කරොථා”ති. ථෙරො තථෙව අප්පමත්තො සමණධම්මං කරොන්තො නචිරස්සෙව ආසවක්ඛයං පත්තොති.
යළිත් රජතුමා විමසී ය. “ස්වාමීනි, වෙනත් පළිබෝධයක් තිබේ ද?” “මහරජ, ණය නම් (ආපසු) දී මිදිය හැක. මේ දූවරු සත් දෙන මා හට මහා පළිබෝධයෝ වෙත්,” රංතුමා යානා යවා ඔහුගේ දූවරුන් ගෙන්වා ගෙන තමන්ගේ දියණියන් ලෙස කොට ඒ ඒ ගෙවල්වල යවා, ස්වාමීනි වෙනත් පළිබෝධ තිබේ දැයි විමසී ය. ‘මහරජ, බැමිණිය’ යි. රජතුමා යානයක් යවා බැමිණිය ගෙන්වා ගෙන මිත්තනියකගේ ස්ථානයෙහි පිහිටුවා යලි විමසී ය. “ස්වාමීනි, තවත් පළිබෝධ තිබේ ද?” “නැත, මහරජතුමනි යි කී කල්හි චීවර වස්ත්‍ර දෙවා, ස්වාමීනි.” ඔබ වහන්සේගේ භික්ෂුභාවය අපට භාර ය. එසේ දැනගනු මැනවි යි කී ය. “එසේ ය මහරජතුමනි,” රජතුමා උන්වහන්සේට (මෙසේ) කී ය. “ස්වාමීනි, චීවර පිණ්ඩපාත ආදී සියලු ප්‍රත්‍ය අපගේ භාරයේ පවතී. ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ සිත ගෙන ශ්‍රමණ ධර්ම කරනු මැනවි.” තෙරණුවෝ ද එසේ අප්රමාදී ව ශ්‍රමණ ධර්මය කරන සේක් වැඩි කල් නො ගොස් ම අරහත් බවට පත් වූ සේක.
දසමං.
දස වැනි සූත්‍රය යි.
පඨමො වග්ගො.
ප්‍රථම වර්ගය නිමියේ ය.