යෙදුමෙන් කියවන්න

9. සුන්‍දරිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. සුන්‍දරිකසුත‍්තවණ‍්ණනා

9. සුන්දරික සූත්‍ර වර්ණනාව

නවමෙ සුන්‍දරිකභාරද‍්වාජොති සුන්‍දරිකාය නදියා තීරෙ අග‍්ගිජුහණෙන එවංලද‍්ධනාමො. සුන්‍දරිකායාති එවංනාමිකාය නදියා. අග‍්ගිං ජුහතීති ආහුතිං පක‍්ඛිපනෙන ජාලෙති. අග‍්ගිහුත‍්තං පරිචරතීති අග්‍යායතනං සම‍්මජ‍්ජනුපලෙපනබලිකම‍්මාදිනා පයිරුපාසති. කො නු ඛො ඉමං හබ්‍යසෙසං භුඤ‍්ජෙය්‍යාති සො කිර බ්‍රාහ‍්මණො අග‍්ගිම‍්හි හුතාවසෙසං පායාසං දිස‍්වා චින‍්තෙසි – “අග‍්ගිම‍්හි තාව පක‍්ඛිත‍්තපායාසො මහාබ්‍රහ‍්මුනා භුත‍්තො, අයං පන අවසෙසො අත්‍ථි, තං යදි බ්‍රහ‍්මුනො මුඛතො ජාතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස දදෙය්‍යං, එවං මෙ පිතරා සහ පුත‍්තොපි සන‍්තප‍්පිතො භවෙය්‍ය, සුවිසොධිතො චස‍්ස බ්‍රහ‍්මලොකගාමිමග‍්ගො”ති. සො බ්‍රාහ‍්මණස‍්ස දස‍්සනත්‍ථං උට‍්ඨායාසනා චතුද‍්දිසා අනුවිලොකෙසි, “කො නු ඛො ඉමං හබ්‍යසෙසං භුඤ‍්ජෙය්‍යා”ති?

නව වැන්නේ - සුන්‍දරිකභාරද්වාජො සුන්දරිකා නදී තීරයෙහි ගිනි පූජා හේතුවෙන් මෙසේ ලබන ලද නම් ඇත්තේ: සුන්‍දරිකාය මේ නම් ඇති ගංගාවෙහි; අග්ගිං ජුහති යාග පූජාව දමමින් දල්වයි. අග්ගිහුත්තං පරිචරති ගිනි දෙවි පුද කරන දේවාලය ඇමදීම, ආලේප කිරීම, බලි කර්ම ආදියෙන් ඇසුරු කරයි. (ඒවාහි යෙදෙයි). කො නු ඛො ඉමං හව්‍යසෙසං භුඤ්ජෙය්‍ය ඒ බ්‍රාහ්මණ තෙම ගින්නෙහි හෙළන ලද පායාසය දැක මෙසේ සිතී ය. “ගින්නෙහි හෙලන ලද පායාසය මහා බ්‍රහ්මයා විසින් අනුභව කරන ලදි. මේ ඉතිරිය යි. ඉදින් බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයෙකුට දිය යුතු වූවක් තිබේ. මෙසේ මාගේ පියවරු හා පුතා ද සන්තර්පණයට පත් වූවෝ වන්නාහු ය. මෙය බ්‍රහ්මලෝකයට යන සුවිශෝධිත මාර්ගය යි.” හේ බ්‍රාහ්මණයකු දැකීම පිණිස අසුනින් නැගිට සිවු දෙක බැලී ය. “කවරෙක් නම් මේ පූජා ශේෂය වළඳන්නේ වේ ද?”

රුක‍්ඛමූලෙති තස‍්මිං වනසණ‍්ඩෙ ජෙට‍්ඨකරුක‍්ඛස‍්ස මූලෙ. සසීසං පාරුතං නිසින‍්නන‍්ති සහ සීසෙන පාරුතකායං නිසින‍්නං. කස‍්මා පන භගවා තත්‍ථ නිසීදි? භගවා කිර පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො ඉමං බ්‍රාහ‍්මණං දිස‍්වා චින‍්තෙසි – අයං බ්‍රාහ‍්මණො එවරූපං අග‍්ගපායාසං ගහෙත්‍වා “මහාබ්‍රහ‍්මානං භොජෙමී”ති අග‍්ගිම‍්හි ඣාපෙන‍්තො අඵලං කරොති…පෙ… චත‍්තාරො මග‍්ගෙ චෙව චත‍්තාරි ච ඵලානි දෙමීති. තස‍්මා කාලස‍්සෙව වුට‍්ඨාය සරීරපටිජග‍්ගනං කත්‍වා පත‍්තචීවරං ආදාය ගන‍්ත්‍වා වුත‍්තනයෙන තස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි. අථ කස‍්මා සසීසං පාරුපීති? හිමපාතස‍්ස ච සීතවාතස‍්ස ච පටිබාහණත්‍ථං, පටිබලොව එතං තථාගතො අධිවාසෙතුං. සචෙ පන අපාරුපිත්‍වා නිසීදෙය්‍ය, බ්‍රාහ‍්මණො දූරතොව සඤ‍්ජානිත්‍වා නිවත‍්තෙය්‍ය, එවං සති කථා නප‍්පවත‍්තෙය්‍ය. ඉති භගවා – “බ්‍රාහ‍්මණෙ ආගතෙ සීසං විවරිස‍්සාමි, අථ මං සො දිස‍්වා කථං පවත‍්තෙස‍්සති, තස‍්සාහං කථානුසාරෙන ධම‍්මං දෙසෙස‍්සාමී”ති කථාපවත‍්තනත්‍ථං එවමකාසි.

රුක්‍ඛමූලෙ ඒ වන ලැහැබේ විශාල රුක මුල, සසීසං පාරුතං නිසින්නං හිසත් සමග පෙරවන ලද සිරුර සහිත ව සිටින (හිස සිට පෙරවා ගත්), කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ එහි සිටි සේක් ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලොව බලන සේක් මේ බ්‍රාහ්මණයා දැක (මෙසේ) සිතූහ: “මේ බ්‍රාහ්මණයා මෙබඳු අග්‍ර පායාසය ගෙන මහා බ්‍රහ්මයා වළඳවන්නෙමි යි ගින්නෙහි දවන්නේ නිශ්ඵල දෙයක් කරයි. -පෙ- සතර මග ද සතර ඵලය ද දෙමි” යි එහෙයින් උදයෙන් ම නැගිට සිරුර පිරිසිදු කිරීම් කොට පාත්‍ර සිවුරු රැගෙන ගොස් කියන ලද පරිදි ඒ රුක්මුලෙහි වැඩ සිටි සේක. කුමක් නිසා හිස සිට පෙරවූ සේක් ද? හිමපාතයත් ශීත වාතයත් වළක්වනු පිණිස ය. එය ඉවසීමට තථාගතයන් වහන්සේ ශක්තිමත් ය. ඉදින් පෙරවා නො ගෙන වැඩ සිටි සේක් නම් බ්‍රාහ්මණයා දුර සිට ම දැන නවතිනු ඇත. එවන් විටක කථාවක් නො වන්නේ ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ “බ්‍රාහ්මණයා පැමිණි විට හිස නිරාවරණය කරන්නෙමි, එවිට ඔහු මා දැක කථාවක් පවත්වන්නේ ය. ඔහුට මම කථානුසාරයෙන් දහම් දෙසන්නෙමි’ යි කථා පැවැත්වීම පිණිස මෙසේ කළ සේක.

උපසඞ‍්කමීති බ්‍රාහ‍්මණො – “අයං සසීසං පාරුපිත්‍වා සබ‍්බරත‍්තිං පධානමනුයුත‍්තො. ඉමස‍්ස දක‍්ඛිණොදකං දත්‍වා ඉමං හබ්‍යසෙසං දස‍්සාමී”ති, බ්‍රාහ‍්මණසඤ‍්ඤී හුත්‍වා උපසඞ‍්කමි. මුණ‍්ඩො අයං භවං, මුණ‍්ඩකො අයං භවන‍්ති සීසෙ විවරිතමත‍්තෙ නීචකෙසන‍්තං දිස‍්වා “මුණ‍්ඩො”ති ආහ. තතො සුට‍්ඨුතරං ඔලොකෙන‍්තො පවත‍්තමත‍්තම‍්පි සිඛං අදිස‍්වා හීළෙන‍්තො “මුණ‍්ඩකො”ති ආහ. තතොවාති යත්‍ථ ඨිතො අද‍්දස, තම‍්හාව පදෙසා. මුණ‍්ඩාපි හීති කෙනචි කාරණෙන මුණ‍්ඩිතසීසාපි හොන‍්ති.

උපසංකමි බ්‍රාහ්මණයා සිරසේ සිට පෙරවා ගෙන මුළු රෑ දැහැන්හි යෙදුණු මෙතුමන්ට දක්ෂිණෝදකය දී මේ පූජා ශේෂය දෙන්නෙමි යි බ්‍රාහ්මණයෙකි යන හැඟීම ඇති ව සමීපයට ආවේ ය. මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවං හිස විවෘත කළ පමණින් කෙටි හිස කෙස් ඇති උන්වහන්සේ දැක ‘මුණ්ඩො’ (මුඩු තැනැත්තා) යි කී ය. එයින් පසු වඩාත් හොඳින් බලමින් පැමිණි මාත්‍රයෙන් ම ශිඛාව (හිස) නො දැක නින්දා කරමින් ‘මුණ්ඩකො’ යි කී ය. තතොව යම් දෙසක සිට (බුදුන්) දුටුයේ ද එතැන ම සිට; මුණ්ඩාපි හි කිසියම් කරුණකින් මුඩු කරන ලද හිස ඇති අය ද සිටිති.

මා ජාතිං පුච‍්ඡාති යදි දානස‍්ස මහප‍්ඵලතං පච‍්චාසීසසි, ජාතිං මා පුච‍්ඡ. අකාරණං හි දක‍්ඛිණෙය්‍යභාවස‍්ස ජාති. චරණඤ‍්ච පුච‍්ඡාති අපිච ඛො සීලාදිගුණභෙදං චරණං පුච‍්ඡ. එතං හි දක‍්ඛිණෙය්‍යභාවස‍්ස කාරණං. ඉදානිස‍්ස තමත්‍ථං විභාවෙන‍්තො කට‍්ඨා හවෙ ජායති ජාතවෙදොතිආදිමාහ.

මා ජාතිං පුච්ඡි ඉදින් දානයෙහි මහත් ඵලය පතන්නෙහි නම් ජාතිය නො විමසන්න. දක්ෂිණාව ලැබීමට සුදුසු බවට ජාතිය හේතුවක් නො වේ. චරණඤ්ච පුච්ඡ එසේ වුව ද ශීලාදි ගුණාංග සහිත චරණය විමසව. එය ම දක්ෂිණාව ලැබීමට හේතුවකි. දැන් ඔහුට ඒ අදහස පැහැදිලි කරන සේක්, කට්ඨා භවෙ ජායති ජාතවෙදො යනාදිය කීහ.

තත්‍රායං අධිප‍්පායො – ඉධ කට‍්ඨා අග‍්ගි ජායති, න ච සො සාලාදිකට‍්ඨා ජාතොව අග‍්ගිකිච‍්චං කරොති, සාපාන-දොණිආදිකට‍්ඨා ජාතො න කරොති, අත‍්තනො පන අච‍්චියාදිගුණසම‍්පත‍්තියා යතො වා තතො වා ජාතො කරොතියෙව. එවං න බ්‍රාහ‍්මණකුලාදීසු ජාතොව දක‍්ඛිණෙය්‍යො හොති, චණ‍්ඩාලකුලාදීසු ජාතො න හොති, අපිච ඛො නීචකුලිනොපි උච‍්චකුලිනොපි ඛීණාසව-මුනි ධිතිමා හිරීනිසෙධො ආජානීයො හොති. ඉමාය ධිතිහිරිපමොක‍්ඛාය ගුණසම‍්පත‍්තියා ජාතිමා උත‍්තමදක‍්ඛිණෙය්‍යො හොති. සො හි ධිතියා ගුණෙ ධාරෙති, හිරියා දොසෙ නිසෙධෙතීති. අපිචෙත්‍ථ මුනීති මොනධම‍්මෙන සමන‍්නාගතො. ධිතිමාති වීරියවා. ආජානීයොති කාරණාකාරණජානනකො. හිරීනිසෙධොති හිරියා පාපානි නිසෙධෙත්‍වා ඨිතො.

එහි අභිප්‍රාය මෙය යි: වියළි දර කොටයෙන් ගිනි හට ගනී. ඒ ගින්න සල් ආදී දරවලින් හටගත්තේ ම අග්නිකාර්යය (දැවීම) නො කරයි. දරවලින් හටගත් (ගින්න) නො කරයි. තමාගේ දැල්ල ආදී ගුණ සම්පත්තියෙන් හටගත්තේ ම (ගින්නේ කාර්යය) කරයි. එසේ ම බ්‍රාහ්මණ කුල ආදියෙහි උපන්නේ ම (උපන් පමණින් ම) දක්ඛිණෙය්‍ය නො වේ. සැඩොල් කුල ආදියෙහි උපන්නේ (දක්ඛිණෙය්‍ය) නො වේ. එතෙකුදු වුවත් පහත් කුලයෙහි උපන්නේ හෝ උසස් කුලයෙහි උපන්නේ හෝ ක්‍ෂීණාශ්‍රව වූ වීර්යවත් වූ, ලජ්ජාවෙන් (පවෙන්) වැළකුණු තැනැත්තේ උත්තම වන්නේ ය. මේ ධෛර්ය ලජ්ජාව ප්‍රමුඛ වූ ගුණ සම්පතින් ජාතිම (උසස් උපතක් සහිත) වූයේ උත්තම දක්ෂිණෙය්‍ය වේ. හේ ධෛර්යයෙන් ගුණ දරයි. ලජ්ජාවෙන් දොස් වළකා ලයි. තව ද මෙහි මුනි මෞන ධර්මයෙන් සමන්විත වූයේ, ධිතිමා - වීර්යවන්ත වූ ආජානිය්‍යො කාරණ අකාරණ දැනගන්නා තැනැත්තේ හිරීනිසෙධො ලජ්ජාව නිසා පාපයන් වළක්වා සිටියේ;

සච‍්චෙන දන‍්තොති පරමත්‍ථසච‍්චෙන දන‍්තො. දමසා උපෙතොති ඉන්‍ද්‍රියදමෙන උපෙතො. වෙදන‍්තගූති චතුන‍්නං මග‍්ගවෙදානං අන‍්තං, චතූහි වා මග‍්ගවෙදෙහි කිලෙසානං අන‍්තං ගතො. වුසිතබ්‍රහ‍්මචරියොති මග‍්ගබ්‍රහ‍්මචරියවාසං වුත්‍ථො. යඤ‍්ඤොපනීතොති උපනීතයඤ‍්ඤො පටියාදිතයඤ‍්ඤො ච. තමුපව‍්හයෙථාති යෙන යඤ‍්ඤො පටියාදිතො, සො තං පරමත්‍ථබ්‍රාහ‍්මණං අව‍්හයෙය්‍ය. “ඉන්‍දමව‍්හයාම, සොමමව‍්හයාම, වරුණමව‍්හයාම, ඊසානමව‍්හයාම, යාමමව‍්හයාමා”ති ඉදං පන අව‍්හානං නිරත්‍ථකං. කාලෙනාති අව‍්හයන‍්තො ච “කාලො, භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත”න‍්ති අන‍්තොමජ‍්ඣන‍්හිකකාලෙයෙව තං උපව‍්හයෙය්‍ය. සො ජුහති දක‍්ඛිණෙය්‍යෙති යො එවං කාලෙ ඛීණාසවං ආමන‍්තෙත්‍වා තත්‍ථ චතුපච‍්චයදක‍්ඛිණං පතිට‍්ඨපෙති, සො දක‍්ඛිණෙය්‍යෙ ජුහති නාම, න අචෙතනෙ අග‍්ගිම‍්හි පක‍්ඛිපන‍්තො.

සච්චෙන දන්තො පරමාර්ථ සත්‍යයෙන් දාන්ත වූ, දමසා උපෙතො ඉන්ද්‍රිය දමනයෙන් සමන්විත; වෙදන්තගු මාර්ග සතර නම් වූ වේදයෙහි කෙළවරට හෝ මාර්ග සතර නම් වූ වේදයෙන් කෙළෙස්වල කෙළවරට ගිය; වුසිතබ්‍රහ්මචරියො මාර්ග බ්‍රහ්මචර්ය වාසයෙන් වාසය කළ; යඤ්ඤූපනීතො පමුණුවන ලද පූජා ඇත්තේ, පිළියෙල කරන ලද පූජා ඇත්තේ, තමුපව්හයෙථ යමකු විසින් යාග පිළියෙල කරන ලද ද හේ ඒ පරමාර්ථ බ්‍රාහ්මණයා කැඳවන්නේ ය. ඉන්ද්‍රයා කැඳවමි. සෝම කැඳවමි. වරුණ කැඳවමි, ඊශාන කැඳවමි යන මේ කැඳවීම් නිරර්ථක ය. කාලෙන කැඳවමින් ද “ස්වාමීනි, දැන් වේලාවයි. බත නිමයි. “මද්දහන කාලය අතරතුර ම ඔහු කැඳවන්නේ ය. සො ජුහති දක්‍ඛිණෙය්‍යෙ යමෙක් මෙසේ සුදුසු කල්හි ක්‍ෂීණාශ්‍රවයන් කැඳවා සිවුපසයෙන් යුත් දක්ෂිණාව පිරිනමයි ද හේ දක්ෂිණෙය්‍යයන් (දීමට සුදුසු අය) පුදයි නමි. අචේතනික වූ ගින්නෙහි බහා ලමින් නො වේ.

ඉති බ්‍රාහ‍්මණො භගවතො කථං සුණන‍්තො පසීදිත්‍වා ඉදානි අත‍්තනො පසාදං ආවිකරොන‍්තො අද‍්ධා සුයිට‍්ඨන‍්තිආදිමාහ.

මෙසේ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ කථාව අසමින් පැහැදී දැන් තම ප්‍රසාදය අනාවරණය කරන්නේ “අද්ධා සුයිට්ඨං” ආදිය කී ය.

තස‍්සත්‍ථො – අද‍්ධා මම යිදං ඉදානි සුයිට‍්ඨඤ‍්ච සුහුතඤ‍්ච භවිස‍්සති, පුබ‍්බෙ පන අග‍්ගිම‍්හි ඣාපිතං නිරත්‍ථකං අහොසීති. අඤ‍්ඤො ජනොති “අහං බ්‍රාහ‍්මණො, අහං බ්‍රාහ‍්මණො”ති වදන‍්තො අන්‍ධබාලපුථුජ‍්ජනො. හබ්‍යසෙසන‍්ති හුතසෙසං. භුඤ‍්ජතු භවන‍්තිආදි පුරිමසුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එහි අර්ථය නම් අද්ධා මමයිදං, දැන් සුයිට්ඨං (මැනවින් පුදන ලද්දේ) සුහුතං (මැනවින් හෝම කරන ලද්දේ) වන්නේ ය. පෙර ගින්නෙහි දවන ලද්ද නිරර්ථක විය යනු යි. අඤ්ඤො ජනො “මම බමුණෙක්මි. මම බමුණෙක්මි’යි කියන අන්‍ධ බාල පෘථග්ජනයා; හව්‍යසෙසං හෝමයෙහි (පූජාවෙහි) ඉතිරි වූ දෑ; ‘භුඤ්ජතු භවං’ ආදිය පෙර සූත්‍රයේ කියන ලද පරිද්දෙන් ම දත යුතු ය.

න ඛ‍්වාහන‍්ති න ඛො අහං. කස‍්මා පනෙවමාහාති? තස‍්මිං කිර භොජනෙ උපහටමත‍්තෙව “සත්‍ථා භුඤ‍්ජිස‍්සතී”ති සඤ‍්ඤාය චතූසු මහාදීපෙසු ද‍්වීසු පරිත‍්තදීපසහස‍්සෙසු දෙවතා පුප‍්ඵඵලාදීනි චෙව සප‍්පිනවනීතතෙලමධුඵාණිතාදීනි ච ආදාය මධුපටලං පීළෙත්‍වා මධුං ගණ‍්හන‍්තියො විය දිබ‍්බානුභාවෙන නිබ‍්බත‍්තිතොජමෙව ගහෙත්‍වා පක‍්ඛිපිංසු. තෙන තං සුඛුමත‍්තං ගතං, මනුස‍්සානඤ‍්ච ඔළාරිකං වත්‍ථූති තෙසං තාව ඔළාරිකවත්‍ථුතාය සම‍්මා පරිණාමං න ගච‍්ඡති. ගොයූසෙ පන තිලබීජානි පක‍්ඛිපිත්‍වා පක‍්කත‍්තා ඔළාරිකමිස‍්සකං ජාතං, දෙවානඤ‍්ච සුඛුමං වත්‍ථූති තෙසං සුඛුමවත්‍ථුතාය සම‍්මා පරිණාමං න ගච‍්ඡති. සුක‍්ඛවිපස‍්සකඛීණාසවස‍්සාපි කුච‍්ඡියං න පරිණමති. අට‍්ඨසමාපත‍්තිලාභීඛීණාසවස‍්ස පන සමාපත‍්තිබලෙන පරිණාමෙය්‍ය. භගවතො පන පාකතිකෙනෙව කම‍්මජතෙජෙන පරිණාමෙය්‍ය.

න ඛ්වාහං ‘න ඛො අහං’ කුමක් නිසා මෙසේ කී සේක් ද? ඒ භෝජනය ගෙන ආ පමණින් බුදුන් වහන්සේ වළඳන්නේ ය යන සංඥාවෙන් මහාද්වීප සතරෙහි ද, පරිවාර (ආරක්‍ෂක) ද්වීප දෙදහයෙහි ද දේවතාවෝ මල් පල ආදියත්, ගිතෙල්, වෙඬරු, මී පැණි ආදියත් ගෙන මී වද මිරිකා මී පැණි ගන්නියන් මෙන් දිව්‍යානුභාවයෙන් හටගත් ඕජාව ම ගෙන හෙළූහ. එයින් එය සියුම් බවට පත් විය. මිනිසුන්ගේ දානය ඕලාරික වස්තු යි. තවමත් ඒවාහි ඕළාරික බව නිසා මැනවින් පරිණාමයට (දිරවීමට) නො යයි. ගවරසයෙහි තල ඇට බහා පිසූ බැවින් ඕලාරික මිශ්‍රභාවයට පත් විය. දෙවියන්ගේ (වූ කලී) සියුම් වස්තු ය. ඒවාහි සියුම් වස්තු හේතුකොට ගෙන මැනවින් දිරවීමට පත් නො වේ. ශුෂ්ක විදර්ශක වූ ක්‍ෂීණාශ්‍රවයාගේ ද කුසෙහි නො දිරයි. අෂ්ට සමාපත්තිලාභී ක්‍ෂීණාශ්‍රවයාගේ සමාපත්ති බලයෙන් දිරවන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ වූ කලී ප්‍රකෘතියෙන් ම වූ කර්ම තේජසින් දිරවන්නේ ය.

අප‍්පහරිතෙති අහරිතෙ. සචෙ හි හරිතෙසු තිණෙසු පක‍්ඛිපෙය්‍ය, සිනිද‍්ධපායාසෙන තිණානි පූතීනි භවෙය්‍යුං. බුද‍්ධා ච භූතගාමසික‍්ඛාපදං න වීතික‍්කමන‍්ති, තස‍්මා එවමාහ. යත්‍ථ පන ගලප‍්පමාණානි මහාතිණානි, තාදිසෙ ඨානෙ පක‍්ඛිපිතුං වට‍්ටති. අප‍්පාණකෙති සප‍්පාණකස‍්මිං හි පරිත‍්තකෙ උදකෙ පක‍්ඛිත‍්තෙ පාණකා මරන‍්ති, තස‍්මා එවමාහ. යං පන ගම‍්භීරං මහාඋදකං හොති, පාතිසතෙපි පාතිසහස‍්සෙපි පක‍්ඛිත‍්තෙ න ආලුළති, තථාරූපෙ උදකෙ වට‍්ටති. ඔපිලාපෙසීති සුවණ‍්ණපාතියා සද‍්ධිංයෙව නිමුජ‍්ජාපෙසි. චිච‍්චිටායති චිටිචිටායතීති එවරූපං සද‍්දං කරොති. කිං පනෙස පායාසස‍්ස ආනුභාවො, උදාහු තථාගතස‍්සාති? තථාගතස‍්ස. අයං හි බ්‍රාහ‍්මණො තං පායාසං ඔපිලාපෙත්‍වා උම‍්මග‍්ගං ආරුය‍්හ සත්‍ථු සන‍්තිකං අනාගන‍්ත්‍වාව ගච‍්ඡෙය්‍ය, අථ භගවා – “එත‍්තකං අච‍්ඡරියං දිස‍්වා මම සන‍්තිකං ආගමිස‍්සති. අථස‍්සාහං ධම‍්මදෙසනාය මිච‍්ඡාදිට‍්ඨිගහණං භින්‍දිත්‍වා සාසනෙ ඔතාරෙත්‍වා අමතපානං පායෙස‍්සාමී”ති අධිට‍්ඨානබලෙන එවමකාසි.

අප්පහරිතෙ තණ නැති; ඉදින් පළාවන් තණ කොළවල දමන්නේ ද සිනිඳු පායාසයෙන් තණකොට කුණු වන්නේ ය. බුදුවරු ද භූතගාම ශික්ෂා පදය (පැළ වර්ග නො නැසීමේ ශික්ෂාව) නො ඉක්ම වන්නාහ. එහෙයින් මෙසේ කී සේක. යම් තැනක කරක් පමණ වූ මහා තණ කොළ ඇත්තේ ද? එබඳු තැනක දමන්නට වටී. අප්පාණකෙ ප්‍රාණීන් සහිත වූ සුළු ජලයක දැමූ පමණින් පණුවෝ මැරෙත්. එසේ හෙයින් මෙසේ කී සේක. යම් ගැඹුරු මහා ජලයක් වේ ද පාත්‍ර සියයක් පාත්‍ර දහසක් හැළුව ද නො කැළතෙයි. එබඳ ජලයක වටී. ඔපිලාපෙති ස්වර්ණ පාත්‍රය සමග ම පා කොට හරින්නෙහි ය. චිච්චිටායති චිටිචිටායති මෙබඳු ශබ්දයක් කරයි, කිම මේ පායාසයේ ආනුභාවයක් ද? නැතහොත් තථාගතයන් වහන්සේගේ (ආනුභාවයක්) ද? තථාගතයන් වහන්සේගේ ය. මේ බ්‍රාහ්මණයා ඒ පායාසය පා කොට පිට පාරෙන් ම - බුදුන් සමීපයට නො පැමිණ ම යන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘මෙපමණ ආශ්චර්යයක් දැක මා සමීපයට පැමිණෙන්නේ ය. එවිට මම ඔහුට ධර්ම දේශනාවෙන් මිථ්‍යාදෘෂ්ටි ග්‍රහණය බිඳ දමා සසුනේ එතෙර කරවා අමෘත පානය පොවන්නෙමි’ යි අධිෂ්ඨාන වශයෙන් මෙසේ කළ සේක.

දාරු සමාදහානොති දාරුං ඣාපයමානො. බහිද‍්ධා හි එතන‍්ති එතං දාරුජ‍්ඣාපනං නාම අරියධම‍්මතො බහිද‍්ධා. යදි එතෙන සුද‍්ධි භවෙය්‍ය, යෙ දවඩාහකාදයො බහූනි දාරූනි ඣාපෙන‍්ති, තෙ පඨමතරං සුජ‍්ඣෙය්‍යුං. කුසලාති ඛන්‍ධාදීසු කුසලා. අජ‍්ඣත‍්තමෙවුජ‍්ජලයාමි ජොතින‍්ති නියකජ‍්ඣත‍්තෙ අත‍්තනො සන‍්තානස‍්මිංයෙව ඤාණජොතිං ජාලෙමි. නිච‍්චග‍්ගිනීති ආවජ‍්ජනපටිබද‍්ධෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන නිච‍්චං පජ‍්ජලිතග‍්ගි. නිච‍්චසමාහිතත‍්තොති නිච‍්චං සම‍්මා ඨපිතචිත‍්තො. බ්‍රහ‍්මචරියං චරාමීති බොධිමණ‍්ඩෙ චරිතං බ්‍රහ‍්මචරියං ගහෙත්‍වා එවං වදති.

දාරුසමාදහානො දර දවමින් බහිද්ධා හි එතං මේ දර දැවීම ආර්ය ධර්මයෙන් බාහිර ය. ඉදින් මෙයින් ශුද්ධියක් වන්නේ නම් මළ සිරුරු දවන්නන් ආදී යම් කෙනෙක් බොහෝ දර දවත් ද ඔවුහු පළමුවෙන් ම පිරිසිදු වන්නෝ ය. කුසලා ස්කන්ධ ආදියේ දක්ෂ වූ; අජ්ඣත්තමෙව ජලයාමි ජොතිං ස්වකීය ආධ්‍යාත්මයෙහි-තමාගේ සන්තානයෙහි ම-ඥානාලෝකය දල්වමි. නිච්චග්ගිනී ආවර්ජන ප්‍රතිබද්ධ වූ සර්වඥතාඥානයෙන් නිතියෙන් ඇවිලුණු ගිනි. නිච්චසමාහිතත්තො නිතියෙන් මැනවින් පිහිටුවා ගත් සිත් ඇත්තේ; බ්‍රහ්මචරියං චරාමි බෝ මැඩ දී පුරන ලද බ්‍රහ්මචර්යය ගෙන මෙසේ පවසන සේක.

මානො හි තෙ, බ්‍රාහ‍්මණ, ඛාරිභාරොති යථා ඛාරිභාරො ඛන්‍ධෙන වය‍්හමානො උපරි ඨිතොපි අක‍්කන‍්තක‍්කන‍්තට‍්ඨානෙ පථවියා සද‍්ධිං ඵුසෙති, එවමෙව ජාතිගොත‍්තකුලාදීනි මානවත්‍ථූනි නිස‍්සාය උස‍්සාපිතො මානොපි තත්‍ථ තත්‍ථ ඉස‍්සං උප‍්පාදෙන‍්තො චතූසු අපායෙසු සංසීදාපෙති. තෙනාහ “මානො හි තෙ, බ්‍රාහ‍්මණ, ඛාරිභාරො”ති. කොධො ධූමොති තව ඤාණග‍්ගිස‍්ස උපක‍්කිලෙසට‍්ඨෙන කොධො ධුමො. තෙන හි තෙ උපක‍්කිලිට‍්ඨො ඤාණග‍්ගි න විරොචති. භස‍්මනි මොසවජ‍්ජන‍්ති නිරොජට‍්ඨෙන මුසාවාදො ඡාරිකා නාම. යථා හි ඡාරිකාය පටිච‍්ඡන‍්නො අග‍්ගි න ජොතෙති, එවං තෙ මුසාවාදෙන පටිච‍්ඡන‍්නං ඤාණන‍්ති දස‍්සෙති. ජිව‍්හා සුජාති යථා තුය‍්හං සුවණ‍්ණරජතලොහකට‍්ඨමත‍්තිකාසු අඤ‍්ඤතරමයා යාගයජනත්‍ථාය සුජා හොති, එවං මය‍්හං ධම‍්මයාගං යජනත්‍ථාය පහූතජිව‍්හා සුජාති වදති. හදයං ජොතිට‍්ඨානන‍්ති යථා තුය‍්හං නදීතීරෙ ජොතිට‍්ඨානං, එවං මය‍්හං ධම‍්මයාගස‍්ස යජනට‍්ඨානත්‍ථෙන සත‍්තානං හදයං ජොතිට‍්ඨානං. අත‍්තාති චිත‍්තං.

මා නො හි තෙ බ්‍රාහ්මණ ඛාරිභාරො යම් සේ තවුස් පිරිකර (ඔලොගුව) උරහිසෙන් උසුළනු ලබන්නේ ඉහළ තිබුණේ වුව ද පා එසවූ එසවූ තන්හි පොළොව සමග ගැටෙන්නාක් මෙන් ජාති ගෝත්‍ර කුල ආදි මාන වස්තු නිසා ඉහළට ඔසවනු ලැබූ මානය ද ඒ ඒ තැන්වල ඊර්ෂ්‍යාව ඇති කරවමින් සිවු අපායෙහි හෙළයි. එහෙයින් “මානො හි තෙ බ්‍රාහ්මණ ඛාරිභාරො” යි කී සේක. කොධො ධූමො ඔබගේ ඥාන ගින්නේ උපක්ලේශ අර්ථයෙන් ක්‍රෝධය දුම වේ. එහෙයින් උපක්ලිෂ්ට වූ ඥානාග්නිය නො බබළයි. භස්මනි මොඝවජ්ජං ඕජා රහිත අර්ථයෙන් ඔබගේ මුසාවාදය අළු නමි, යම් සේ අළුවලින් වැසුණු ගින්න නො බබළා ද එසේ ඔබගේ මුසාවාදයෙන් ඥානය වැසී ඇතැයි දක්වයි. ජිව්හා සුජා යම් සේ ඔබගේ රන්, රිදී, ලෝහ, ලී, මැටි භාජනවල මහා යාගයක් පැවැත්වීම පිණිස කිසියම් හැන්දක් වේ ද, එසේ ම මගේ ධර්මයාගය පැවැත්වීම පිණිස ‘පහුත ජිව්හා’ (මහත් දිව) නමැති හැන්ද (තිබේ) යි කියයි. හදයං ජොතිට්ඨානං යම් සේ ඔබගේ ගිනි දැල්වෙන තැන ගං තෙර වේ ද, එසේ ම මාගේ ධර්ම යාගය පවත්වන ස්ථානය යන අර්ථයෙන් සත්ත්වයන්ගේ හදවත දැල්වෙන ස්ථානය යි. අත්තා සිත;

ධම‍්මො රහදොති යථා ත්‍වං අග‍්ගිං පරිචරිත්‍වා ධූමඡාරිකසෙදකිලිට‍්ඨසරීරො සුන්‍දරිකං නදිං ඔතරිත්‍වා න‍්හායසි, එවං මය‍්හං සුන්‍දරිකාසදිසෙන බාහිරෙන රහදෙන අත්‍ථො නත්‍ථි, අට‍්ඨඞ‍්ගිකමග‍්ගධම‍්මො පන මය‍්හං රහදො, තත්‍රාහං පාණසතම‍්පි පාණසහස‍්සම‍්පි චතුරාසීතිපාණසහස‍්සානිපි එකප‍්පහාරෙන න‍්හාපෙමි. සීලතිත්‍ථොති තස‍්ස පන මෙ ධම‍්මරහදස‍්ස චතුපාරිසුද‍්ධිසීලං තිත්‍ථන‍්ති දස‍්සෙති. අනාවිලොති යථා තුය‍්හං සුන්‍දරිකා නදී චතූහි පඤ‍්චහි එකතො න‍්හායන‍්තෙහි හෙට‍්ඨුපරියවාලිකා ආලුළා හොති, න එවං මය‍්හං රහදො, අනෙකසතසහස‍්සෙසුපි පාණෙසු ඔතරිත්‍වා න‍්හායන‍්තෙසු සො අනාවිලො විප‍්පසන‍්නොව හොති. සබ‍්භි සතං පසත්‍ථොති පණ‍්ඩිතෙහි පණ‍්ඩිතානං පසට‍්ඨො. උත‍්තමත්‍ථෙන වා සො සබ‍්භීති වුච‍්චති, පණ‍්ඩිතෙහි පසත්‍ථත‍්තා සතං පසත්‍ථො. තරන‍්ති පාරන‍්ති නිබ‍්බානපාරං ගච‍්ඡන‍්ති.

ධම්මො රහදො යම් සේ ඔබ ගිනි පූජා පවත්වා දුම්-අළු-දහඩිය මගින් කිලිටි වුණු ශරීරය ඇති ව සුන්දරිකා ගඟට බැස ස්නානය කරහි ද මට සුන්දරිකා සමාන බාහිර විලකින් වැඩක් නැත. අෂ්ටාංගික මාර්ග ධර්මය ම මගේ විල යි. එහි මම ප්‍රාණීන් සියයක් ප්‍රාණීන් දහසක් ප්‍රාණීන් අසූහාර දහසක් වුව එක පැහැර නාවමි. සීලතිත්‍ථො එහි මගේ ධර්ම විලෙහි ඉවුර චතුපාරිසුද්ධ ශීලය යි දක්වයි. අනාවිලො යම් සේ ඔබගේ සුන්දරික නදිය හතර පස් දෙනෙකු එක් ව නාන විට වැල්ල පහළ ඉහළ කැළතෙයි ද මගේ විල එසේ නො වේ. නොයෙක් දහස් ගණන් බැස නාන විට පවා එය නො කැළඹී ප්‍රසන්න ව ම පවතී. සබ්භි සතං පසත්‍ථො පණ්ඩිතයන් විසින් පණ්ඩිතයනට පසසන ලදි. උත්තමාර්ථයෙන් හෝ එය ‘සබ්භි’ යි කියයි. පණ්ඩිතයන් විසින් පසස්නා ලද බැවින් ‘සතම්පසත්‍ථො’ (උතුමන්ගේ ප්‍රශංසාවට ලක්වූ); ‘තරන්ති පාරං’ නිර්වාණ පරතෙරට යත්.

ඉදානි අරියමග‍්ගරහදස‍්ස අඞ‍්ගානි උද‍්ධරිත්‍වා දස‍්සෙන‍්තො සච‍්චං ධම‍්මොතිආදිමාහ. තත්‍ථ සච‍්චන‍්ති වචීසච‍්චං. ධම‍්මොති ඉමිනා දිට‍්ඨිසඞ‍්කප‍්පවායාමසතිසමාධයො දස‍්සෙති. සංයමොති ඉමිනා කම‍්මන‍්තාජීවා ගහිතා. සච‍්චන‍්ති වා ඉමිනා මග‍්ගසච‍්චං ගහිතං. සා අත්‍ථතො සම‍්මාදිට‍්ඨි. වුත‍්තඤ‍්හෙතං – “සම‍්මාදිට‍්ඨි මග‍්ගො චෙව හෙතු චා”ති (ධ· ස· 1039). සම‍්මාදිට‍්ඨියා පන ගහිතාය තග‍්ගතිකත‍්තා සම‍්මාසඞ‍්කප‍්පො ගහිතොව හොති. ධම‍්මොති ඉමිනා වායාමසතිසමාධයො. සංයමොති ඉමිනා වාචාකම‍්මන‍්තාජීවා. එවම‍්පි අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දස‍්සිතො හොති.

දැන් ආර්ය මාර්ග විලේ අංග උපුටා දක්වමින් “සච්චං ධම්ම” ආදිය පැවසූහ. එහි සච්චං වාක් සත්‍යය ධම්මො මෙයින් (සම්මා) දිට්ඨි, සංකප්ප, වායාම, සති, සමාධි දක්වයි. සංයමො මෙයින් (සම්මා) කම්මන්ත, ආජීව ගන්නා ලදි. සච්චං යන මෙයින් මාර්ග සත්‍යය හෝ ගන්නා ලදි. එය අර්ථ වශයෙන් සම්මාදිට්ඨිය යි. මෙය කියන ලද්දේ ම ය. “සම්මා දිට්ඨි මග්ගො චෙව හෙතු ච” යි සම්මා දිට්ඨි ගත් කල, එහි ගති ඇති බැවින් සම්මාසංකප්ප ගන්නා ලද්දේ ම වේ. ධම්මො යන මෙයින් වායාම, සති, සමාධි (ගන්නා ලදි). සංයමො යන මෙයින් වාචා, කම්මන්ත, ආජීව (ගන්නා ලදි). මෙසේ ද අෂ්ටාංගික මාර්ගය දක්වන ලද්දේ වෙයි.

අථ වා සච‍්චන‍්ති පරමත්‍ථසච‍්චං, තං අත්‍ථතො නිබ‍්බානං. ධම‍්මොතිපදෙන දිට‍්ඨි සඞ‍්කප‍්පො වායාමො සති සමාධීති පඤ‍්චඞ‍්ගානි ගහිතානි. සංයමොති වාචා කම‍්මන‍්තො ආජීවොති තීණි. එවම‍්පි අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දස‍්සිතො හොති. බ්‍රහ‍්මචරියන‍්ති එතං බ්‍රහ‍්මචරියං නාම. මජ‍්ඣෙ සිතාති සස‍්සතුච‍්ඡෙදෙ වජ‍්ජෙත්‍වා මජ‍්ඣෙ නිස‍්සිතා. බ්‍රහ‍්මපත‍්තීති සෙට‍්ඨපත‍්ති. ස තුජ‍්ජුභූතෙසු නමො කරොහීති එත්‍ථ ත-කාරො පදසන්‍ධිකරො, ස ත්‍වං උජුභූතෙසු ඛීණාසවෙසු නමො කරොහීති අත්‍ථො. තමහං නරං ධම‍්මසාරීති බ්‍රූමීති යො එවං පටිපජ‍්ජති, තමහං පුග‍්ගලං “ධම‍්මසාරී එසො ධම‍්මසාරියා පටිච‍්ඡන‍්නො”ති ච “කුසලධම‍්මෙහි අකුසලධම‍්මෙ සාරෙත්‍වා ඨිතො”ති වාති වදාමීති.

නැතහොත් - සච්චං පරමාර්ථ සත්‍යය ය. එය අර්ථයෙන් නිවන ය. ධම්මො යන පදයෙන් දිට්ඨි, සංකප්ප, වායාම, සති, සමාධි යන අංග පහ ගන්නා ලදි. සංයමයෙන් වාචා, කම්මන්ත, ආජීව යන තුන ය. මෙසේ ද අෂ්ටාංගික මාර්ගය දක්වන ලදි. බ්‍රහ්මචරියං මෙය බ්‍රහ්මචරිය නමි. මජ්ඣෙ සිතා ශාස්වත උච්ඡේද දෙක අත හැර මැද ඇසුරු කරන ලද්දේ; බ්‍රහ්මපත්ති ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වීම යි. සතුජ්ජු භූතෙසු නමො කරොහි මෙහි ‘ත’ කාරය පද සන්ධි තැනීමට ය. ඒ ඔබ සෘජු වූ ක්ෂීණාශ්‍රවයන්ට නමස්කාර කරව’ යනු අර්ථ යි. තමහං නරං ධම්මසාරීති බ්‍රෑමි යමෙක් මෙලෙස පිළිපදී ද, මම ඒ පුද්ගලයා “ධම්මසාරී” යි මොහු දම්සැරියෙන් වැසුනේ යි කියා ද කුශල ධර්මවලින් අකුශල ධර්ම නසා සිටියේ හෝ යි පවසමි යි.

නවමං.

නව වැනි සූත්‍රය යි.