යෙදුමෙන් කියවන්න

සුන්‍දරිකසුත‍්තං

7. 1. 9.

7. 1. 9.

සුන්‍දරිකසුත‍්තං.

සුන්‍දරික සූත්‍රය

195. එකං සමයං භගවා කොසලෙසු විහරති සුන්‍දරිකාය නදියා තීරෙ. තෙන ඛො පන සමයෙන සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො සුන්‍දරිකාය නදියා තීරෙ අග‍්ගිං ජුහති. අග‍්ගිහුත‍්තං පරිචරති. අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො අග‍්ගිං ජුහිත්‍වා අග‍්ගිහුත‍්තං පරිචරිත්‍වා උට‍්ඨායාසනා සමන‍්තා චතුද‍්දිසා අනුවිලොකෙසි: කො නු ඛො ඉමං හබ්‍යසෙසං භුඤ‍්ජෙය්‍යාති. අද‍්දසා ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ සසීසං පාරුතං නිසින‍්නං. දිස‍්වාන වාමෙන හත්‍ථෙන හව්‍යසෙසං ගහෙත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන කමණ‍්ඩලුං ගහෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි.

195. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්‍දරිකා ගංතෙර වැඩවසන සේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු සුන්‍දරිකා ගංතෙර ගිනි පුදයි. අග්නිහෝමය කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ගිනි පුදා අග්නිහෝමය කොට හුනස්නෙන් නැගිට “කවරෙක් මේ යාගද්‍රව්‍යශේෂය වළඳන්නේ වේ දැ”යි හාත්පස සිවුදිගුන් බැලී ය. සුන්‍දරිකභාරද්වාජ බමුණු එක්තරා රුක්මුලෙක හිස වටා පෙරෙවි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක වමතින් යාගද්‍රව්‍යශේෂය ගෙණ දකුණතින් කෙණ්ඩිය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.

අථ ඛො භගවා සුන්‍දරිකභාරද‍්වාජස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පදසද‍්දෙන සීසං විවරි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණාගේ පියහඬින් හිස විවර කළ සේක.

අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො මුණ‍්ඩො අයං භවං මුණ‍්ඩකො අයං භවන‍්ති තතොව පුන නිවත‍්තිතුකාමො අහොසි. අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: මුණ‍්ඩාපි හි ඉධෙකච‍්චෙ බ්‍රාහ‍්මණා භවන‍්ති. යන‍්නූනාහං තං උපසඞ‍්කමිත්‍වා ජාතිං පුච‍්ඡෙය්‍යන‍්ති. අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: කිංජච‍්චො භවන‍්ති.

ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු මේ භවත් මුඩු වූවෙක. මේ භවත් මුණ්ඩකයෙකැ යි. එතැනින් ම පෙරළා යනු කැමැති විය. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණාහට “මෙහි මුඩු වූ ද ඇතැම්හු බමුණු වෙති. මම ඔහු වෙත එළඹ ජාතිය විචාරන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “භවත් කිනම් ජාති ඇත්තෙක් වේ දැ”යි තෙල කී ය.

[භගවා:]

[භගවත්හු:]

මා ජාතිං පුච‍්ඡ චරණඤ‍්ච පුච‍්ඡ කට‍්ඨා හවෙ ජායති ජාතවෙදො, නීචා කුලීනොපි මුනී ධිතීමා ආජානීයො හොති හිරීනිසෙධො.

ජාතිය නහමක් විචාරව (ශීලාදි) චරණය ම විචාරව. කාෂ්ටයෙන් ඒකාන්තයෙන් ගිනි හටගණී. එමෙන් ම පහත් කුලයෙහි උපන්නේ ද, උසස්කුලයෙහි උපන්නේ ද, වීර්‍ය්‍යවත් වූයේ කරුණු නො කරුණු දන්නේ ලජ්ජායෙන් පව් වළකා සිටියේ (ක්‍ෂීණාස්‍රව) මුනි වෙයි.

සච‍්චෙන දන‍්තො දමසා උපෙතො වෙදන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො, යඤ‍්ඤූපනීතො තමුපව‍්හයෙථ කාලෙන සො ජුහති දක‍්ඛිණෙය්‍යොති.

යමෙක් (පරමාර්‍ත්‍ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත ද, චතුර්මාර්‍ග සඞ්ඛ්‍යාත වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, යුතු කළ දන් ඇතියේ සුදුසු කල්හි ඔහු කැඳවන්නේ ය. හෙ තෙමේ (ඔහු කැඳවා දන් දෙන තැනැත්තේ) දක්‍ෂිණාර්‍හයා කෙරෙහි යාග කෙරෙයි.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

අද‍්ධා සුයිට‍්ඨං සුහුතං මමයිදං යං තාදිසං වෙදගුමද‍්දසාමි, තුම‍්හාදිසානං හි අදස‍්සනෙන අඤ‍්ඤො ජනො භුඤ‍්ජති හව්‍යසෙසන‍්ති.

වේදයෙහි පරතෙරට පැමිණි එබන්දකු යම් හෙයෙකින් දකිම් ද, මා විසින් ඒකාන්තයෙන් මෙය මොනවාට පුදන ලද්දේ වෙයි. මනා කොට (එහෙයින්) හෝම කරණ ලද්දේ වෙයි. මුබ වහන්සේ වැන්නවුන් නො දැක්මෙන් අන්දන හුතාවශේෂය වළඳයි.

භුඤ‍්ජතු භවං ගොතමො. බ්‍රාහ‍්මණො භවන‍්ති.

භවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් තෙමේ බ්‍රාහ්මණයෙකි.

[භගවා:]

[භගවත්හු:]

ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං සම‍්පස‍්සතං බ්‍රාහ‍්මණ නෙසධම‍්මො, ගාථාභිගීතං පනුදන‍්ති බුද‍්ධා ධම‍්මෙ සති බ්‍රාහ‍්මණ වුත‍්තිරෙසා.

බමුණ, මා විසින් ගාථාභිගීත පායාසය වැළඳීම නිසි නො වේ. ආජීවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීතය බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇතිකල්හි මේ පැවැත්ම යි.

අඤ‍්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක‍්කුච‍්චවූපසන‍්තං, අන‍්නෙන පානෙන උපට‍්ඨහස‍්සු ඛෙත‍්තං හි තං පුඤ‍්ඤපෙක‍්ඛස‍්ස හොතීති.

සියලු ගුණයෙන් යුත් මහර්ෂී වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය ආහාරයෙන් ද පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.

[බ්‍රාහ‍්මණො:]

[බමුණු:]

අථ කස‍්ස චාහං භො ගොතම ඉමං හව්‍යසෙසං දම‍්මීති.

භවත් ගෞතමයෙනි, එසේ නම් මම කවරකුට මේ හුතාවශේෂය දෙම් ද?

[භගවා:]

[භගවත්හු:]

න ඛ‍්වාහන‍්තං බ්‍රාහ‍්මණ පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යස‍්සෙසො හව්‍යසෙසො භුත‍්තො සම‍්මා පරිණාමං ගච‍්ඡෙය්‍ය අඤ‍්ඤත්‍ර බ්‍රාහ‍්මණ තථාගතස‍්ස වා තථාගතසාවකස‍්ස වා. තෙන හි ත්‍වං බ්‍රාහ‍්මණ තං හව්‍යසෙසං අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙහි අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහීති.

බමුණ, තථාගතයන්ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ පරිණාමය හැරපියා අන් යමකු විසින් මේ හුතාවශේෂය වළඳන ලද්දේ මැනවින් පැසීමට යන්නේ නම්, බමුණ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන්සියෝ දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි. බමුණ, එසේ වී නම් තෙපි ඒ හුතාවශේෂය තණ නැති බිමෙක හෝ දමව. පණුවන් නැති දියෙක හෝ පා කොට හරුව.

අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො තං හව්‍යසෙසං අප‍්පාණකෙ උදකෙ ඔපිලාපෙසි. අථ ඛො සො හව්‍යසෙසො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති, චිටිචිටායති, සන්‍ධූපායති, සම‍්පධූපායති. සෙය්‍යථාපි නාම ඵාලො දිවසෙ සන‍්තත‍්තො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති, චිටිචිටායති, සන්‍ධූපායති, සම‍්පධූපායති, එවමෙව සො හව්‍යසෙසො උදකෙ පක‍්ඛිත‍්තො චිච‍්චිටායති, චිටිචිටායති, සන්‍ධූපායති, සම‍්පධූපායති. අථ ඛො සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො සංවිග‍්ගො ලොමහට‍්ඨජාතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො සුන්‍දරිකභාරද‍්වාජං බ්‍රාහ‍්මණං භගවා ගාථාහි අජ‍්ඣභාසි:

ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ඒ හුතාවශේෂය පණුවන් නැති දියෙහි පා කොට හැරියේ ය. එකල්හි ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. යම්සේ දහවල් තැවුන හීවැල දියෙහි බහාලන ලද්දේ චිච්චිටි යන අනුකරණශබ්දය පවත්වා ද, චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වා ද, දුමා ද, බෙහෙවින් දුමා ද, එසෙයින් ම ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ සංවේගයට පැමිණියේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුන්‍දරිකභාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් වදාළ සේක:

මා බ්‍රාහ‍්මණ දාරුසමාදහානො සුද‍්ධිං අමඤ‍්ඤී බහිද‍්ධා හි එතං, න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති යො බාහිරෙන පරිසුද‍්ධිමිච‍්ඡෙ.

බමුණ, දර දවමින් ශුද්ධියක් නහමක් හඟුව. යම් හෙයෙකින් මේ දර දැවීම ආර්‍ය්‍යධර්‍මයෙන් බැහැර ද (එහෙයිනි). බාහිර වූ දර දැවීමෙකින් පිරිසිදුබව යමෙක් කැමැති වන්නේ නම් ඒ දර දැවීමෙන් පිරිසිදු බවක් දක්‍ෂ වූ ආර්‍ය්‍යයෝ නොම කියත්.

හිත්‍වා අහං බ්‍රාහ‍්මණ දාරුදාහං අජ‍්ඣත‍්තමෙව ජලයාමි ජොතිං, නිච‍්චග‍්ගිනි නිච‍්චසමාහිතත‍්තො අරහං අහං බ්‍රහ‍්මචරියං චරාමි.

බමුණ, මම දර දැවීම අත්හැර ස්වසන්තානයෙහි ම ඥානාග්නිය දල්වමි. අර්‍හත් වූ මම නිති (දැල් වූ) ගිනි ඇත්තෙම් නිති සංයතසිත් ඇත්තෙම් බඹසර කෙරෙමි.

මානො හි තෙ බ්‍රාහ‍්මණ ඛාරිභාරො කොධො ධූමො භස‍්මනි මොසවජ‍්ජං, ජිව‍්හා සුජා හදයං ජොතිඨානං අත‍්තා සුදන‍්තො පුරිසස‍්ස ජොති.

බමුණ, තාගේ මානය තවුස්පිරිකරබර වේ. ක්‍රෝධය දුම වේ. මුසා බිණීම හලු වේ. දිව හැන්ද ය. හෘදය ගිනි දැල්වෙන තැන ය. පුරුෂයාගේ මොනවාට දැමුණු සිත ගින්න වේ.

ධම‍්මො රහදො බ්‍රාහ‍්මණ සීලතිත්‍ථො අනාවිලො සබ‍්භි සතං පසත්‍ථො, යත්‍ථ හවෙ වෙදගුනො සිනාතා අනල‍්ලගත‍්තාව තරන‍්ති පාරං.

වේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුරු ඇත්තෝ නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද්ද, බමුණ, ධර්‍මය තෙමේ සිල් නමැති තොටු ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.

සච‍්චං ධම‍්මො සංයමො බ්‍රහ‍්මචරියං මජ‍්ඣෙසිතා බ්‍රාහ‍්මණ බ්‍රහ‍්මපත‍්ති, ස තුජ‍්ජුභූතෙසු නමො කරොහි තමහං නරං ධම‍්මසාරීති බ්‍රූමීති.

බමුණ, වාක්සත්‍යය ද, (දිට්ඨි, සඞ්කප්ප, වායාම, සති, සමාධි සඞ්ඛ්‍යාත) ධර්‍ම ද, (කම්මන්ත ආජීව සඞ්ඛ්‍යාත) සංයමය ද (යන මේ) බඹසර නම් වේ. මැද ඇසුරු කළා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති ය යි. ඒ (තෙපි) ඍජු වූ රහතුන්ට නමස්කාර කරව. මම ඒ මිනිසා දහම්හි හැසිරෙන්නෙකැ යි කියමි.

එවං වුත‍්තෙ සුන්‍දරිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- අඤ‍්ඤතරො ච පනායස‍්මා භාරද‍්වාජො අරහතං අහොසීති.

මෙසේ වදාළ කල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.