අග්ගිකසුත්තං
7. 1. 8.
7. 1. 8.
අග්ගිකසුත්තං.
අග්ගික සූත්‍රය
194. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස සප්පිනා පායාසො සන්නිහිතො හොති අග්ගිං ජුහිස්සාමි. අග්ගිහුත්තං පරිචරිස්සාමීති.
194. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අග්ගිකභාරද්වාජ බමුණා විසින් ගිනි පුදන්නෙමි යි අග්ගිහෝමය කරන්නෙමියි ගිතෙලින් මුසු කිරිබතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙණ සේක් අග්ගිකභාරද්වාජ බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩ සිටි සේක.
අද්දසා ඛො අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං. දිස්වාන භගවන්තං ගාථාය අජ්ඣභාසි:
අග්ගිකභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
තීහි විජ්ජාහි සම්පන්නො ජාතිමා සුතවා බහූ, විජ්ජාචරණසම්පන්නො සො මං භුඤ්ජෙය්ය පායසන්ති.
(යම් බමුණෙක්) ත්‍රිවිද්‍යායෙන් සමන්විත ද (හත්වන පිතාමග යුගය දක්වා පිවිතුරු) ජාති ඇත්තේ ද, බොහෝ ග්රන්ථයන් හදාළේ ද, ත්‍රිවේද සඞ්ඛ්යායාත විද්‍යායෙන් හා ගෝත්රසඞ්ඛ්යාත චරණයෙන් යුක්ත ද, ඒ බමුණු තෙමේ ම මේ පායාසය වළඳන්නේ ය. (ඒ මිස මොබට මෙය නුසුදුසු යයි කී නියායි)
[භගවා:]
[භගවත්හු:]
බහුම්පි පලපං ජප්පං න ජච්චා හොති බ්රාහ්මණො, අන්තො කසම්බුසංකිලිට්ඨො කුහනා පරිවාරිතො.
බොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූ යේ කිලිටි වූයේ කොහොන් බැවින් පිරිවරණ ලද්දේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
පුබ්බෙ නිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
යමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්ගය හා අපායත් දකී ද, වැලි ජාතික්ෂය සඞ්ඛ්ඛ්යාත අර්හත්වයට පැමිණියේ ද, (මාර්ගඥානයෙන් චතුස්සත්‍යය) දැන නිමවන ලද (සොළොස්) කිස ඇත්තේ ද, (කායාදී) මෞනගුණ යුක්ත ද,
එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො, විජ්ජාචරණසම්පන්නො සො මං භුඤ්ජෙය්ය පායසන්ති.
මේ ත්‍රිවිද්‍යායෙන් බමුණ තෙමේ තේවිජ්ජ වෙයි. විද්‍යායෙන් හා චරණධර්මයෙන් යුක්ත වූ හෙ තෙමේ මේ පායාසය වළඳන්නේ ය. (වැළඳීමට සුදුසු යයි වදාළ නියායි.)
[බ්රාහ්මණො:]
[බමුණු:]
භුඤ්ජතු භවං ගොතමො. බ්රාහ්මණො භවන්ති.
භවත් ගෞතම තෙමේ වළදාවා. භවත් තෙමේ බමුණෙකි.
[භගවා:]
[භගවත්හු:]
ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා.
බමුණ, මා විසින් ගාථාභිගීත මේ පායාසය වැළඳීම සුදුසු නො වේ. ආජිවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නොවේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්ය්යධර්මය ඇති කල්හි මේ පැවැත්මයි. (අකැප දෙය දුර ලා කැප දෙය ම වැළඳීම ආර්‍ය්‍යයන්ගේ ස්වාභාව යයි.)
අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොතීති.
සියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ ආහාරයෙන් ද, පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
එවං වුත්තෙ අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
මෙසේ වදාළ කල්හි අග්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.