1. ධනඤ්ජානීසුත්තවණ්ණනා අට්ඨකථා
1. ධනඤ්ජානීසුත්තවණ්ණනා
1. ධනඤ්ජානී සූත්‍ර වර්ණනාව
බ්රාහ්මණසංයුත්තස්ස පඨමෙ ධනඤ්ජානීති ධනඤ්ජානිගොත්තා. උක්කට්ඨගොත්තා කිරෙසා. සෙසබ්රාහ්මණා කිර බ්රහ්මුනො මුඛතො ජාතා, ධනඤ්ජානිගොත්තා මත්ථකං භින්දිත්වා නික්ඛන්තාති තෙසං ලද්ධි. උදානං උදානෙසීති කස්මා උදානෙසි? සො කිර බ්රාහ්මණො මිච්ඡාදිට්ඨිකො “බුද්ධො ධම්මො සඞ්ඝො”ති වුත්තෙ කණ්ණෙ පිදහති, ථද්ධො ඛදිරඛාණුසදිසො. බ්රාහ්මණී පන සොතාපන්නා අරියසාවිකා. බ්රාහ්මණො දානං දෙන්තො පඤ්චසතානං බ්රාහ්මණානං අප්පොදකං පායාසං දෙති, බ්රාහ්මණී බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස නානාරසභොජනං. බ්රාහ්මණස්ස දානදිවසෙ බ්රාහ්මණී තස්ස වසවත්තිතාය පහීනමච්ඡෙරතාය ච සහත්ථා පරිවිසති. බ්රාහ්මණියා පන දානදිවසෙ බ්රාහ්මණො පාතොව ඝරා නික්ඛමිත්වා පලායති. අථෙකදිවසං බ්රාහ්මණො බ්රාහ්මණියා සද්ධිං අසම්මන්තෙත්වා පඤ්චසතෙ බ්රාහ්මණෙ නිමන්තෙත්වා බ්රාහ්මණිං ආහ – “ස්වෙ භොති අම්හාකං ඝරෙ පඤ්චසතා බ්රාහ්මණා භුඤ්ජිස්සන්තී”ති. මයා කිං කාතබ්බං බ්රාහ්මණාති? තයා අඤ්ඤං කිඤ්චි කාතබ්බං නත්ථි, සබ්බං පචනපරිවෙසනං අඤ්ඤෙ කරිස්සන්ති. යං පන ත්වං ඨිතාපි නිසින්නාපි ඛිපිත්වාපි උක්කාසිත්වාපි “නමො බුද්ධස්සා”ති තස්ස මුණ්ඩකස්ස සමණකස්ස නමක්කාරං කරොසි, තං ස්වෙ එකදිවසමත්තං මා අකාසි. තං හි සුත්වා බ්රාහ්මණා අනත්තමනා හොන්ති, මා මං බ්රාහ්මණෙහි භින්දසීති. ත්වං බ්රාහ්මණෙහි වා භිජ්ජ දෙවෙහි වා, අහං පන සත්ථාරං අනුස්සරිත්වා න සක්කොමි අනමස්සමානා සණ්ඨාතුන්ති. භොති කුලසතිකෙ ගාමෙ ගාමද්වාරම්පි තාව පිදහිතුං වායමන්ති, ත්වං ද්වීහඞ්ගුලෙහි පිදහිතබ්බං මුඛං බ්රාහ්මණානං භොජනකාලමත්තං පිදහිතුං න සක්කොසීති. එවං පුනප්පුනං කථෙත්වාපි සො නිවාරෙතුං අසක්කොන්තො උස්සීසකෙ ඨපිතං මණ්ඩලග්ගඛග්ගං ගහෙත්වා – “භොති සචෙ ස්වෙ බ්රාහ්මණෙසු නිසින්නෙසු තං මුණ්ඩසමණකං නමස්සසි, ඉමිනා තං ඛග්ගෙන පාදතලතො පට්ඨාය යාව කෙසමත්ථකා කළීරං විය කොට්ටෙත්වා රාසිං කරිස්සාමී”ති ඉමං ගාථං අභාසි –
බ්‍රාහ්මණ සංයුත්තයේ පළමු වැන්නේ ධානඤ්ජානි ‘ධානඤ්ජ’ යනු ගෝත්‍රය යි. එය උත්කෘෂ්ඨ (ශ්‍රේෂ්ඨ) ගෝත්‍රයකි. අන් බමුණෝ බ්‍රහ්මයාගේ මුවෙන් උපන්නාහු වෙත්. ධානඤ්ජානි ගෝත්‍රිකයෝ (බ්‍රහ්මයාගේ) හිස බිඳ නික්මුණාහ යනු ඔවුන්ගේ ඇදහිල්ල යි. උදානං උදානෙසි කුමක් නිසා උදන් ඇනී ද? ඒ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටිකයෙකි; බුද්ධ ධම්ම සංඝ යි කී කල කන් වසා ගනී, තද කිහිරි කණු සම ය. බ්‍රාහ්මණිය සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් වූවා ය. බ්‍රාහ්මණ තෙම දන් දෙන්නේ පන්සියයක් බමුණන්ට දිය අඩු (වියළි) කිරිබත් දෙයි. බ්‍රාහ්මණිය බුද්ධ ප්රමුඛ සංඝයාට නානා රස භෝජන (දෙන්නී) ය. බ්‍රාහ්මණයාගේ දාන දිනයෙහි බ්‍රාහ්මණිය ඔහුට යටත් ව සිටිනා නිසා හා ප්‍රහීණ වූ මසුරු බව නිසා ද සියතින් ම පිළිගන්වන්නී ය. බැමිණියගේ දාන දිනයෙහි බමුණා උදයෙන් ම නිවසින් පිටත් ව ගොස් පැන යයි. ඉක්බිති දවසක් බ්‍රාහ්මණයා බැමිණිය සමග සාකච්ඡා කොට පන්සියය්ක බමුණනට ආරාධනය කොට බැමිණියට (මෙසේ) කී ය: “භවතියනි, හෙට අපගේ නිවසේ පන්සියයක් බ්‍රාහ්මණයෝ වළඳන්නාහ” “බමුණානනි, මා විසින් කුමක් කටයුතු ද?” ඔබ විසින් කළ යුතු අන් කිසිවක් නැත. සියලු දාන පිසීම් පිළිගැන්වීම් කටයුතු කිරීම අන් අය කරන්නෝ ය. ඔබ හිට ගෙන හෝ ඉඳ ගෙන හෝ කිඹුහුන් හැර හෝ කාරා හෝ ‘නමෝ බුද්ධස්ස’ යි ඒ මුඬු මහණාට යම් නමස්කාරයක් කරන්නෙහි නම් එය හෙට දවසට පමණක් නො කරන්න. එය අසා බ්‍රාහ්මණයෝ අසතුටු වෙත්. බ්‍රාහ්මණයන් හා මා නො බිඳුවන්න” යි. “ඔබ බ්‍රාහ්මණයන් සමග හෝ බිඳෙන්න (තරහ කර ගන්න), දෙවියන් සමග හෝ (බිඳෙන්න). මම බුදුන් වහන්සේ සිහි කොට නමස්කාර නො කර සිටීමට නො සමත් වෙමි.” “භවතිය, පවුලට අයත් ගමේ ගම් දොර පවා වසා දමන්නට උත්සාහ කරති: තී බ්‍රාහ්මණයන් අනුභව කරන වේලාවට පමණක් වත් දෑඟිල්ලේන වැසිය හැකි කට වහ ගන්නට නො සමත් වන්නෙහි ය.” හේ මෙසේ යළි යළිත් කියද්දීත් (ඈ) වැළැක්වීමට නො හැකි වන්නේ හිස ඉද්දර තිබූ වකුටු කඩුව (පිහිය) අතට ගෙන, “භවතිය, ඉදින් හෙට බමුණන් වැඩ සිටිනා විට ඒ මුඬු මහණාට නමස්කාර කරයි නම් තී මේ කඩුවෙන් දෙපතුල සිට හිස මුදුන දක්වා උණ දල්ලක් මෙන් කොටා ගොඩ ගසන්නෙමි”යි මේ ගාථා ද පැවසී ය.
“ඉමිනා මණ්ඩලග්ගෙන, පාදතො යාව මත්ථකා; කළීරමිව ඡෙජ්ජාමි, යදි මිච්ඡං න කාහසි.
ඉමිනා මණ්ඩලග්ගෙන පාදතො යාව මත්ථකා කළීරමිව ඡෙජ්ජාමි යදි මෙ ඉච්ඡං න කාහසි
“සචෙ බුද්ධොති භණසි, සචෙ ධම්මොති භාසසි; සචෙ සඞ්ඝොති කිත්තෙසි, ජීවන්තී මෙ නිවෙසනෙ”ති.
සචෙ බුද්ධොති භණසි සචෙ ධම්මොති භාසසි සචෙ සංඝොති කිත්තෙසි ජීවන්ති මෙ නිවෙසනෙ”
(ඉදින් මගේ ගෙහි ජීවත්වෙමින් ‘බුද්ධ’ යයි කියහි ද, ‘ධම්ම’ යි පවසහි ද, ‘සංඝ’ යි වර්ණනා කරහි ද, මාගේ කැමැත්ත නො කරන්නෙහි නම් මේ කඩුවෙන් පා සිට හිස දක්වා උණ දල්ලක් මෙන් කපා දමමි.)
අරියසාවිකා පන පථවී විය දුප්පකම්පා, සිනෙරු විය දුප්පරිවත්තියා. සා තෙන නං එවමාහ –
ආර්යශ්‍රාවිකාව මහ පොළව මෙන් කම්පා නො වන්නී, සිනේරු (මහාමේරු) පර්වතය මෙන් නො පෙරළන සුලු වූවා ඔහුට මෙසේ කීවා ය:
“සචෙ මෙ අඞ්ගමඞ්ගානි, කාමං ඡෙජ්ජසි බ්‍රාහ්මණ; නෙවාහං විරමිස්සාමි, බුද්ධසෙට්ඨස්ස සාසනා.
සචෙ මෙ අඞ්ගමඞ්ගානි කාමං ඡෙජ්ජසි බ්‍රාහ්මණ නෙවාහං විරමිස්සාමි බුද්ධසෙට්ඨස්ස සාසනා
“නාහං ඔක්කා වරධරා, සක්කා රොධයිතුං ජිනා; ධීතාහං බුද්ධසෙට්ඨස්ස, ඡින්ද වා මං වධස්සු වා”ති.
නාහං ඔක්කාවරධරා සක්කා රොධයිතුං ජිනා ධීතාහං බුද්ධසෙට්ඨස්ස ඡින්ද වා මං පචස්සු වා”
(බ්‍රාහ්මණය, ඉදින් කැමති සේ මගේ අඟපසඟ කපන්නෙහි ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ උපදෙසින් මම නො නවතින්නෙමි. මම බුදුන්ගෙන් වැළැක්වීමට අසමත් වෙමි. මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දියණියක් වෙමි. කපනු මැනවි; නැතහොත් පිසිනු මැනවි.)
එවං ධනඤ්ජානිගජ්ජිතං නාම ගජ්ජන්තී පඤ්ච ගාථාසතානි අභාසි. බ්රාහ්මණො බ්රාහ්මණිං පරාමසිතුං වා පහරිතුං වා අසක්කොන්තො “භොති යං තෙ රුච්චති, තං කරොහී”ති වත්වා ඛග්ගං සයනෙ ඛිපි. පුනදිවසෙ ගෙහං හරිතුපලිත්තං කාරාපෙත්වා ලාජාපුණ්ණඝටමාලාගන්ධාදීහි තත්ථ තත්ථ අලඞ්කාරාපෙත්වා පඤ්චන්නං බ්රාහ්මණසතානං නවසප්පිසක්ඛරමධුයුත්තං අප්පොදකපායාසං පටියාදාපෙත්වා කාලං ආරොචාපෙසි.
මෙසේ ධානඤ්ජානි ගර්ජනාව කරන්නී ගාථා පන්සියයක් පැවසුවා ය. බ්‍රාහ්මණයා බැමිණිය ස්පර්ශ කිරීමට හෝ පහර දීමට හෝ නො හැකි වන්නේ “භවතිය, යමක් ඔබට කැමති නම් එය කරනු මැනවි’ යි කියා කඩුව යහනට විසි කළේ ය. පසු දින නිවස පළාවන් පැහැයෙන් ආලේප කරවා විලඳ පුන් කලස් මල්මාලා සුවඳ ආදියෙන් ඒ ඒ තැන අලංකාර කරවා පන් සියයක් බමුණනට ගිතෙල් සකුරු මී පැණිවලින් යුතු වියළි කිරි බතක් පිළියෙල කරවා වේලාව දැන්වී ය.
බ්රාහ්මණීපි පාතොව ගන්ධොදකෙන සයං න්හායිත්වා සහස්සග්ඝනකං අහතවත්ථං නිවාසෙත්වා පඤ්චසතග්ඝනකං එකංසං කත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා සුවණ්ණකටච්ඡුං ගහෙත්වා භත්තග්ගෙ බ්රාහ්මණෙ පරිවිසමානා තෙහි සද්ධිං එකපන්තියං නිසින්නස්ස තස්ස බ්රාහ්මණස්ස භත්තං උපසංහරන්තී දුන්නික්ඛිත්තෙ දාරුභණ්ඩෙ පක්ඛලි. පක්ඛලනඝට්ටනාය දුක්ඛා වෙදනා උප්පජ්ජි. තස්මිං සමයෙ දසබලං සරි. සතිසම්පන්නතාය පන පායාසපාතිං අඡඩ්ඩෙත්වා සණිකං ඔතාරෙත්වා භූමියං සණ්ඨපෙත්වා පඤ්චන්නං බ්රාහ්මණසතානං මජ්ඣෙ සිරසි අඤ්ජලිං ඨපෙත්වා යෙන වෙළුවනං, තෙනඤ්ජලිං පණාමෙත්වා ඉමං උදානං උදානෙසි.
බැමිණිය ද උදයෙන් ම සුවඳ ජලයෙන් තමා ස්නානය කොට සහසක් වටිනා අළුත් වස්ත්‍රයක් හැඳ පන් සියයක් වටිනා වස්ත්‍රයක් ඒකාංශ කොට සියලු අලංකාරයෙන් සැරසී රන් හැන්දක් ගෙන දන් ශාලාවේ බ්‍රාහ්මණයනට පිළිගන්වන්නී, ඔවුන් සමග එක පෙළට සිටින ඒ බ්‍රාහ්මණයාට බත් ගෙන යන්නී වැරදි ලෙස තබන ලද දැව භාණ්ඩයක පැකිලී ගැටීමෙන් වූ දුක් වේදනාවක් උපන්නේ ය. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ සැමරුවා ය. සිහියෙන් යුක්ත වූ බැවින් පායාස පාත්‍රය අත නො හැර ම ක්ෂණික ව බැස බිම තබා පන් සියයක් බ්‍රාහ්මණයන් මැද හිසෙහි ඇඳිලි බැඳ වේළුවනය යම් තැනක ද ඒ දෙසට අඤ්ජලි ප්‍රණාමය කොට මේ උදානය පැවසුවා ය.
තස්මිඤ්ච සමයෙ තෙසු බ්රාහ්මණෙසු කෙචි භුත්තා හොන්ති, කෙචි භුඤ්ජමානා, කෙචි හත්ථෙ ඔතාරිතමත්තා, කෙසඤ්චි භොජනං පුරතො ඨපිතමත්තං හොති. තෙ තං සද්දං සුත්වාව සිනෙරුමත්තෙන මුග්ගරෙන සීසෙ පහටා විය කණ්ණෙසු සූලෙන විද්ධා විය දුක්ඛදොමනස්සං පටිසංවෙදියමානා “ඉමිනා අඤ්ඤලද්ධිකෙන මයං ඝරං පවෙසිතා”ති කුජ්ඣිත්වා හත්ථෙ පිණ්ඩං ඡඩ්ඩෙත්වා මුඛෙන ගහිතං නිට්ඨුභිත්වා ධනුං දිස්වා කාකා විය බ්රාහ්මණං අක්කොසමානා දිසාවිදිසා පක්කමිංසු. බ්රාහ්මණො එවං භිජ්ජිත්වා ගච්ඡන්තෙ බ්රාහ්මණෙ දිස්වා බ්රාහ්මණිං සීසතො පට්ඨාය ඔලොකෙත්වා, “ඉදමෙව භයං සම්පස්සමානා මයං හිය්යො පට්ඨාය භොතිං යාචන්තා න ලභිම්හා”ති නානප්පකාරෙහි බ්රාහ්මණිං අක්කොසිත්වා, එතං “එවමෙවං පනා”තිආදිවචනං අවොච.
එම අවස්ථාවේ ඒ බ්‍රාහ්මණයන් අතර සමහරු අනුභව කොට අවසන් වූවෝ වෙත්, සමහරු බුදිමින් (සිටිති); සමහරු අත ඔබා ගත්තාහු පමණි; සමහරුන් ඉදිරිපිට භෝජනය තැබුවා පමණ ය. ඔවුහු ඒ ශබ්දය අසා ම මහාමේරු පර්වත මුගුරෙන් හිසට ගැසුවාක් මෙන් කන්වල උලකින් විදින ලද්දාක් මෙන් දුකක දොම්නසක් අත් විඳිමින් මේ අන්‍ය ලබ්ධිකයා විසින් අපි නිවසට ප්‍රවිෂ්ට කරවනු ලැබුවමෝ යි කිපී අතේ වූ පිඬ විසි කොට, මුවින් ගත් බත් පිඬ කෙළ ගසා (එළියට දමා) දුන්න දුටු කපුටන් මෙන් බ්‍රාහ්මණයාට ආක්‍රෝශ කරමින් ඒ මේ අත (සීසීකඩ ව) විසිර ගියහ. බ්‍රාහ්මණයා මෙසේ බිඳී යන බමුණන් දැක බැමිණිය දෙස හිස පටන් බලා, මේ බිය ම දකිමින් අපි ඊයේ පටන් භවතියට ආයාචනය කරලාත් නො ලද්දෙමු යි නානා ප්‍රකාර ලෙස බැමිණියට ආක්‍රෝශ කොට එවමෙවං පන ආදී වචන පැවසී ය.
උපසඞ්කමීති “සමණො ගොතමො ගාමනිගමරට්ඨපූජිතො, න සක්කා ගන්ත්වා යං වා තං වා වත්වා සන්තජ්ජෙතුං, එකමෙව නං පඤ්හං පුච්ඡිස්සාමී”ති ගච්ඡන්තොව “කිංසු ඡෙත්වා”ති ගාථං අභිසඞ්ඛරිත්වා – “සචෙ ‘අසුකස්ස නාම වධං රොචෙමී’ති වක්ඛති, අථ නං ‘යෙ තුය්හං න රුච්චන්ති, තෙ මාරෙතුකාමොසි, ලොකවධාය උප්පන්නො, කිං තුය්හං සමණභාවෙනා’ති? නිග්ගහෙස්සාමි. සචෙ ‘න කස්සචි වධං රොචෙමී’ති වක්ඛති, අථ නං ‘ත්වං රාගාදීනම්පි වධං න ඉච්ඡසි. කස්මා සමණො හුත්වා ආහිණ්ඩසී’ති? නිග්ගහෙස්සාමී. ඉති ඉමං උභතොකොටිකං පඤ්හං සමණො ගොතමො නෙව ගිලිතුං න උග්ගිලිතුං සක්ඛිස්සතී”ති චින්තෙත්වා උපසඞ්කමි. සම්මොදීති අත්තනො පණ්ඩිතතාය කුද්ධභාවං අදස්සෙත්වා මධුරකථං කථෙන්තො සම්මොදි.
උපසංකමි ශ්‍රමණ ගෞතමයෝ ගම්නියම් ගම් රට ආදියෙන් පිදුම් ලද්දෝ (අසළට) ගොස් කුමක් හෝ කියා තර්ජනය කිරීමට නො හැක්කෝ වෙත්. මේ එක ම ප්රශ්නය අසන්නෙමි යි යමින් ම කිංසු ඣත්වා යන ගාථාව සකස් කොට ඉදින් අසුවල් වධය නම් කැමැත්තෙමි යි කියන්නේ ද එවිට ඔහුට, යමෙක් ඔබට රුචි නො වෙත් නම් ඔවුන් මරනු කැමැත්තේ වෙහි; ලෝක වධයට උපන්නේ ඔබගේ ශ්‍රමණභාවයෙන් ඇති වැඩය කිම? යි නිග්‍රහ කරන්නෙමි. ඉදින් කිසිවක් නැසීම නොරුස්නෙමි යි කියන්නේ ද එවිට ඔහුට රාගාදීන්ගේ නැසීම ද නො කැමැති වෙහි. කුමක් නිසා ශ්‍රමණයෙකු වී ඒ මේ අත ඇවිදින්නෙහි දැයි නිග්‍රහ කරන්නෙමැයි මෙසේ මේ උභතෝකෝටික ප්රශ්නය ශ්‍රමණ ගෞතමයෝ ගිලින්නට හෝ වමාරන්නට නො හැකි වන්නෝ යයි සිතා සමීපයට පැමිණියේ ය. සම්මොදි තමාගේ පණ්ඩිතභාවයෙන් ක්‍රෝධ භාවය නො පෙන්වා මිහිරි කථා පවත්වමින් ප්‍රීති වූයේ ය.
පඤ්හො දෙවතාසංයුත්තෙ කථිතො. සෙසම්පි හෙට්ඨා විත්ථාරිතමෙවාති.
ප්රශ්නය දේවතා සංයුත්තයෙහි දී පවසන ලදි. සෙස්ස ද යට (මුලින්) විස්තර කරන ලද පරිදි ම ය.
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.
2. අක්කොසසුත්තවණ්ණනා
2. අක්කොසක සූත්‍ර වර්ණනාව
දුතියෙ අක්කොසකභාරද්වාජොති භාරද්වාජොව සො, පඤ්චමත්තෙහි පන ගාථා සතෙහි තථාගතං අක්කොසන්තො ආගතොති. “අක්කොසකභාරද්වාජො”ති තස්ස සඞ්ගීතිකාරෙහි නාමං ගහිතං. කුපිතො අනත්තමනොති “සමණෙන ගොතමෙන මය්හං ජෙට්ඨකභාතරං පබ්බාජෙන්තෙන ජානි කතා, පක්ඛො භින්නො”ති කොධෙන කුපිතො දොමනස්සෙන ච අනත්තමනො හුත්වාති අත්ථො. අක්කොසතීති “චොරොසි, බාලොසි, මූළ්හොසි, ථෙනොසි, ඔට්ඨොසි, මෙණ්ඩොසි, ගොණොසි, ගද්රභොසි, තිරච්ඡානගතොසි, නෙරයිකොසී”ති දසහි අක්කොසවත්ථූහි අක්කොසති. පරිභාසතීති “හොතු මුණ්ඩකසමණක, ‘අදණ්ඩො අහ’න්ති කරොසි, ඉදානි තෙ රාජකුලං ගන්ත්වා දණ්ඩං ආරොපෙස්සාමී”තිආදීනි වදන්තො පරිභාසති නාම.
දෙවැන්නෙහි - අක්කොසකභාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. පන් සියයක් පමණ ගාථාවලින් තථාගතයන් වහන්සේට ආක්‍රෝශ කරමින් පැමිණියේ යි “අක්කෝසක භාරද්වාජ” යි ඔහුට සංගීති කාරකයන් විසින් නමක් තබන ලදි. කුපිතො අනත්තමනො ශ්‍රමණ ගෞතමයන් විසින් මාගේ වැඩිමහල් සොහොයුරා පැවිදි කරවීමෙන් හානියක් කරන ලදි. පාර්ශ්වයක් බිඳණි යි ක්‍රෝධයෙන් කුපිත වූයේ දොම්නසින් සිත අසතුටු කර ගෙන යන අරුත යි. අක්කොසති හොරෙක්, බාලයෙක්, මුළා වූවෙක්, ඔටුවෙක්, ගොනෙක්, බූරුවෙක් වෙහි යි දශ ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ කරයි. පරිභාසති මුඩු මහණ, ශ්‍රමණකය, මම අදණ්ඩ (දඬුවම් නො ලබන) කෙනෙක්මි යි ක්‍රියා කරහි. දැන් රජ පවුලට ගොස් දඬුවම් පමුණුවන්නෙමි’ ආදිය කියමින් ‘පරිභාසති’ (පරිභව කරයි) නමි.
සම්භුඤ්ජතීති එකතො භුඤ්ජති. වීතිහරතීති කතස්ස පටිකාරං කරොති. භගවන්තං ඛො, ගොතමන්ති කස්මා එවමාහ? “තවෙවෙතං, බ්‍රාහ්මණ, තවෙවෙතං, බ්රාහ්මණා”ති කිරස්ස සුත්වා. “ඉසයො නාම කුපිතා සපනං දෙන්ති කිසවච්ඡාදයො වියා”ති අනුස්සවවසෙන “සපති මං මඤ්ඤෙ සමණො ගොතමො”ති භයං උප්පජ්ජි. තස්මා එවමාහ.
සම්භුඤ්ජති එක් ව අනුභව කරයි. වීතිහරති කරන ලද්දට ප්‍රතික්‍රියා (එකට එක) කරයි. භවන්තං ගොතමං කුමක් නිසා එසේ කීයේ ද? තවෙවෙතං බ්‍රාහ්මණ, තවෙවෙතං බ්‍රාහ්මණ එය අසා, කෘශවත්ස්ය ආදි සෘෂිවරු නම් කෝප වූවාහු ශාප කරති යි අසා ඇති ලෙසට ශ්‍රමණ ගෞතමයෝ මට ශාප කරති යි මහ බියක් හට ගැනිණි. එහෙයින් එසේ කී ය.
දන්තස්සාති නිබ්බිසෙවනස්ස. තාදිනොති තාදිලක්ඛණං පත්තස්ස. තස්සෙව තෙන පාපියොති තස්සෙව පුග්ගලස්ස තෙන කොධෙන පාපං හොති. සතො උපසම්මතීති සතියා සමන්නාගතො හුත්වා අධිවාසෙති. උභින්නං තිකිච්ඡන්තානන්ති උභින්නං තිකිච්ඡන්තං. අයමෙව වා පාඨො. යො පුග්ගලො සතො උපසම්මති, උභින්නමත්ථං චරති තිකිච්ඡති සාධෙති, තං පුග්ගලං ජනා බාලොති මඤ්ඤන්ති. කීදිසා ජනා? යෙ ධම්මස්ස අකොවිදා. ධම්මස්සාති පඤ්චක්ඛන්ධධම්මස්ස වා චතුසච්චධම්මස්ස වා. අකොවිදාති තස්මිං ධම්මෙ අකුසලා අන්ධබාලපුථුජ්ජනා.
දන්තස්ස ඉන්ද්රිය දමනය කළහුගේ තාදිනො තාදි ලක්ෂණයට පත් වූවහුගේ, තස්සෙව තෙන පාපියො ඒ පුද්ගලයාට ම ඒ ක්‍රෝධයෙන් පාපය වේ. සතො උපසම්මති සිහියෙන් යුක්ත වී ඉවසයි. උභින්නං තිකිච්ඡන්තං ‘උභින්නං තිකිච්ඡන්තානං’ (දෙදෙනා ම පිළියම් කරන්නවුන්ට); මෙය ම පාඨය හෝ වේ යම් පුද්ගලයෙක් ශාන්ත වූයේ ශමනය වෙයි ද දෙදෙනාගේ ම දියුණුවෙහි හැසිරෙයි. සුව කරයි. වැඩ සාදයි. ඒ පුද්ගලයා ජනා මඤ්ඤන්ති බාලො (බාල යයි ජනයෝ හඟිත්) කුමන අයුරේ මිනිස්සු ද? යෙ ධම්මස්ස අකොවිදා. ධම්මස්ස පඤ්චස්කන්ධ ධර්මයෙහි හෝ සතර සත්‍යයෙහි හෝ අකොවිදා ඒ දහම් හි අදක්ෂ වූ අන්ධ බාල පෘථග්ජනයා.
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. අසුරින්දකසුත්තවණ්ණනා
3. අසුරින්දක සූත්‍ර වර්ණනාව
තතියෙ අසුරින්දකභාරද්වාජොති අක්කොසකභාරද්වාජස්ස කනිට්ඨො. කුපිතොති තෙනෙව කාරණෙන කුද්ධො. ජයඤ්චෙවස්ස තං හොතීති අස්සෙව තං ජයං හොති, සො ජයො හොතීති අත්ථො. කතමස්සාති? යා තිතික්ඛා විජානතො අධිවාසනාය ගුණං විජානන්තස්ස තිතික්ඛා අධිවාසනා, අයං තස්ස විජානතොව ජයො. බාලො පන ඵරුසං භණන්තො “මය්හං ජයො”ති කෙවලං ජයං මඤ්ඤති.
තෙ වැන්නෙහි - අසුන්දරික භාරද්වාජො අක්කෝසක භාරද්වාජගේ කනිෂ්ඨයා (බාලයා) කුපිතො - ඒ කාරණයෙන් ම කුපිත වූයේ. ජයං චෙවස්ස තං හොති ‘අස්සෙව තං ජයං හොති,’ යම් ජයක් වේ ද යන අර්ථ යි. කවුරුන් හට ද? යා තිතික්ඛා විජානතො ඉවසීමෙහි ගුණය දන්නහුට, යම් ඉවසීමක් (තිකික්ඛා = අධිවාසනා) වේ ද, ඒ දන්නහුට ම ජය වේ. බාලය පරුෂ වචන කථා කරමින් ජය මට ය යි හුදෙක් ජයක් ගැන සිතයි.
තතියං.
තුන් වැනි සූත්‍රය යි.
4. බිලඞ්ගිකසුත්තවණ්ණනා
4. බිලඞ්ගික සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ බිලඞ්ගිකභාරද්වාජොති භාරද්වාජොව සො, නානප්පකාරං පන සුද්ධඤ්ච සම්භාරයුත්තඤ්ච කඤ්ජිකං කාරෙත්වා වික්කිණාපෙන්තො බහුධනං සඞ්ඛරීති “බිලඞ්ගිකභාරද්වාජො”ති තස්ස සඞ්ගීතිකාරෙහි නාමං ගහිතං. තුණ්හීභූතොති “තයො මෙ ජෙට්ඨකභාතරො ඉමිනා පබ්බාජිතා”ති අතිවිය කුද්ධො කිඤ්චි වත්තුං අසක්කොන්තො තුණ්හීභූතො අට්ඨාසි. ගාථා පන දෙවතාසංයුත්තෙ කථිතාව.
සිවු වැන්නෙහි - බිලංගිකභාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. නානා ප්‍රකාර ලෙස-තනිකර (කිසිවක් මිශ්‍ර නො කළ) හා මිශ්‍රණ සහිත කාඩි හොදි (කැඳ) සාදා අලෙවි කරවමින් බොහෝ ධනයක් රැස් කළේ ය යි “බිලංගික භාරද්වාං” (කාඩි හොදි භාරද්වාජ) යි ඔහුට සංගීති කාරක තෙරුන් විසින් නම් තබන ලදි. තුණ්හීභුතො මොහු විසින් මාගේ වැඩිමහල් සහෝදරයන් තිදෙනකු මහණ කරන ලදැයි බොහෝ සෙයින් කුපිත වූයේ කිසිවක් පැවසීමට නො හැකි වූයේ නිහඬ ව සිටියේ ය. ගාථාව දේවතා සංයුක්තයෙහි කියන ලද්දේ ම ය.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. අහිංසකසුත්තවණ්ණනා
5. අහිංසක සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අහිංසකභාරද්වාජොති භාරද්වාජොවෙස, අහිංසකපඤ්හං පන පුච්ඡි, තෙනස්සෙතං සඞ්ගීතිකාරෙහි නාමං ගහිතං. නාමෙන වා එස අහිංසකො, ගොත්තෙන භාරද්වාජො. අහිංසකාහන්ති අහිංසකො අහං, ඉති මෙ භවං ගොතමො ජානාතූති ආහ. තථා චස්සාති තථා චෙ අස්ස, භවෙය්යාසීති අත්ථො. න හිංසතීති න විහෙඨෙති න දුක්ඛාපෙති.
පස් වැන්නෙහි - අහිංසකභාරද්වාජො ඔහු භාරද්වාජ ය. අහිංසක ප්‍රශ්නයක් ඇසී ය. එහෙයින් ඔහුට මේ නම සංගීතිකාරක හිමිවරුන් විසින් දෙන ලදි. නමෙන් හෝ ඔහු අහිංසක ය. ගෝත්‍රයන් භාරද්වාජ ය. අහිංසක්වාහං ‘අහිංසකො අහං’ (මම ‘අහිංසක’ ය). මෙසේ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නා සේක්වා යි කීයේ ය. තථා චස්ස ‘තථා චෙ අස්ස’ (ඉදින් එසේ වන්නෙහි නම්) (අස්ස) ‘භවෙය්‍යාසි’ වන්නෙහි නම් යන අරුත යි. න හිංසති නො වෙහෙසවයි. දුකට පත් නො කරවයි.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. ජටාසුත්තවණ්ණනා
6. ජටා සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ජටාභාරද්වාජොති භාරද්වාජොවෙස, ජටාපඤ්හස්ස පන පුච්ඡිතත්තා සඞ්ගීතිකාරෙහි එවං වුත්තො. සෙසං දෙවතාසංයුත්තෙ කථිතමෙව.
සය වැන්නේ - ජටා භාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. ජටා ප්රශ්නය විමසන ලද හෙයින් සංගීතිකාරක හිමියන් විසින් මෙසේ කියන ලද්දේ ය. සෙස්ස දේවතා සංයුක්තයෙහි කියන ලද්දේ ම ය.
ඡට්ඨං.
හය වැනි සූත්‍රය යි.
7. සුද්ධිකසුත්තවණ්ණනා
7. සුද්ධික සූත්‍ර වර්ණනාව
සත්තමෙ සුද්ධිකභාරද්වාජොති අයම්පි භාරද්වාජොව, සුද්ධිකපඤ්හස්ස පන පුච්ඡිතත්තා සඞ්ගීතිකාරෙහි එවං වුත්තො. සීලවාපි තපොකරන්ති සීලසම්පන්නොපි තපොකම්මං කරොන්තො. විජ්ජාචරණසම්පන්නොති එත්ථ විජ්ජාති තයො වෙදා. චරණන්ති ගොත්තචරණං. සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජාති සො තෙවිජ්ජො බ්රාහ්මණො සුජ්ඣති, අයං පන අඤ්ඤා නාමිකා පජා න සුජ්ඣතීති වදති. බහුම්පි පලපං ජප්පන්ති බහුම්පි පලපං ජප්පන්තො, “බ්රාහ්මණොව සුජ්ඣතී”ති එවං වචනසහස්සම්පි භණන්තොති අත්ථො. අන්තොකසම්බූති අන්තො කිලෙසපූතිසභාවෙන පූතිකො. සංකිලිට්ඨොති කිලිට්ඨෙහි කායකම්මාදීහි සමන්නාගතො.
සත් වැන්නෙහි - සුද්ධිකභාරද්වාජො මොහු ද භාරද්වාජයෙකි. සුද්ධික ප්රශ්නය අසන ලද හෙයින් සංගීතිකාරයන් වහන්සේලා විසින් මෙසේ කියන ලදි. සීලවාපි තපොකරං ශීල සම්පන්න වුව ද තපස් කර්ම කරන්නේ. විජ්ජාචරණසම්පන්නො මෙහි ‘විජ්ජා’ වේද තුන, ‘චරණං’ ගෝත්රචරණය යි. සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජා ඒ තෙවිජ්ජ (ත්‍රි වේදය ඇති) බ්‍රාහ්මණයා පිරිසිදු වෙයි. මේ අන්‍ය නාමික වූ ප්‍රජාව පිරිසිදු නො වෙති යි කියයි. බහුම්පි පල්පං ජප්පං බොහෝ ප්‍රලාප කියන බ්‍රාහ්මණයා විශුද්ධියට පත් වේ. මෙසේ වචන දහසක් වුව පවසන්නේ යන අරුත යි. අන්තො කසම්බු ඇතුළත (කසම්බු = කසළ) කෙළෙස් කුණු බව නිසා කුණු වූ සංකිලිට්ඨො කිළිටි වූ කාය කර්ම ආදියෙන් සමන්විත වූ.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. අග්ගිකසුත්තවණ්ණනා
8. අග්ගික සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අග්ගිකභාරද්වාජොති අයම්පි භාරද්වාජොව, අග්ගි පරිචරණවසෙන පනස්ස සඞ්ගීතිකාරෙහි එතං නාමං ගහිතං. සන්නිහිතො හොතීති සංයොජිතො හොති. අට්ඨාසීති කස්මා තත්ථ අට්ඨාසි? භගවා කිර පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො ඉමං බ්රාහ්මණං දිස්වා චින්තෙසි – “අයං බ්රාහ්මණො එවරූපං අග්ගපායාසං ගහෙත්වා ‘මහාබ්රහ්මානං භොජෙමී’ති අග්ගිම්හි ඣාපෙන්තො අඵලං කරොති අපායමග්ගං ඔක්කමති, ඉමං ලද්ධිං අවිස්සජ්ජන්තො අපායපූරකොව භවිස්සති, ගච්ඡාමිස්ස ධම්මදෙසනාය, මිච්ඡාදිට්ඨිං භින්දිත්වා පබ්බාජෙත්වා චත්තාරො මග්ගෙ චෙව චත්තාරි ච ඵලානි දෙමී”ති, තස්මා පුබ්බණ්හසමයෙ රාජගහං පවිසිත්වා තත්ථ අට්ඨාසි.
අට වැන්නෙහි - අග්ගිකභාරද්වාජො මොහු ද භාරද්වාජ ම ය. ගිනි ඇසුරු කිරීම් වශයෙන් ඔහුට සංගීතිකාරක හිමිවරුන් විසින් මේ නම යොදන ලදි. සන්නිහිතො හොති පිළියෙල කරන ලද්දේ වේ. අට්ඨාසි කුමක් නිසා එහි සිටියේ ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලෝකය බලන සේක් මේ බමුණා දැක මෙසේ සිතූහ: මේ බ්‍රාහ්මණයා මෙබන්දෙකි. අග්රපායාසය ගෙන මහ බඹුන් වළඳවන්නෙමැයි ගින්නෙහි දවන්නේ නිශ්ඵල වූවක් කරයි. අපා මගට වැටෙයි. මේ ලබ්ධිය නො විසඳුනු ලබන්නේ අපා දෙසට ම යන්නේ වෙයි. යමි. ධර්ම දේශනාවෙන් ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය බිඳ පැවිදි කරවා සතර මගත් සතර ඵලයත් දෙමි’ යි. එහෙයින් පෙරවරු කාලයෙහි රජගහ නුවරට පිවිස එහි වැඩ සිටි සේක.
තීහි විජ්ජාහීති තීහි වෙදෙහි. ජාතිමාති යාව සත්තමා පිතාමහයුගා පරිසුද්ධාය ජාතියා සමන්නාගතො. සුතවා බහූති බහු නානප්පකාරෙ ගන්ථෙ සුතවා. සොමං භුඤ්ජෙය්යාති සො තෙවිජ්ජො බ්රාහ්මණො ඉමං පායාසං භුඤ්ජිතුං යුත්තො, තුම්හාකං පනෙස පායාසො අයුත්තොති වදති.
තීහි විජ්ජාහි ත්රිවේදයෙන්; ජාතිමා පියාගේ පාර්ශ්වයෙන් සත් වන පරම්පරාව දක්වා පවිත්‍ර වූ ජාතියෙන් යුක්ත වූයේ, සුතවා බහු ‘බහු’ (බොහෝ) නානා ප්‍රකාර වූ ග්රන්ථ, ‘සුතවා’ ඇසුයේ. සො ඉමං භුඤ්ජෙය්ය ඒ ත්‍රිවේද දත් බ්‍රාහ්මණයා මේ පායාසය අනුභව කිරීමට සුදුසු ය. ඔබ වහන්සේට මේ පායාසය සුදුසු නො වේ යි කියයි.
වෙදීති පුබ්බෙනිවාසඤාණෙන ජානි පටිවිජ්ඣි. සග්ගාපායන්ති දිබ්බෙන චක්ඛුනා සග්ගම්පි අපායම්පි පස්සති. ජාතික්ඛයන්ති අරහත්තං. අභිඤ්ඤාවොසිතොති ජානිත්වා වොසිතවොසානො. බ්රාහ්මණො භවන්ති අවීචිතො යාව භවග්ගා භොතා ගොතමෙන සදිසො ජාතිසම්පන්නො ඛීණාසවබ්රාහ්මණො නත්ථි, භවංයෙව බ්රාහ්මණොති.
වෙදි පුබ්බේනිවාස ඥානයෙන් ජාතිය අවබෝධ කළ සේක. සග්ගාපායං දිවැසින් ස්වර්ගයත් අපායත් දකියි. ජාතික්ඛයං අර්හත් බව අභිඤ්ඤා වොසිතො දැන නිමා කරන ලද අවසානය ඇත්තේ, බ්රාහ්මණො භවං අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඔබ වහන්සේ හා සමාන ජාතිසම්පන්න වූ ක්ෂීණාශ්රව වූ බ්‍රාහ්මණයෙකු නැත. ඔබ වහන්සේ ම බ්‍රාහ්මණයෙකි.
එවඤ්ච පන වත්වා සුවණ්ණපාතිං පූරෙත්වා දසබලස්ස පායාසං උපනාමෙසි. සත්ථා උප්පත්තිං දීපෙත්වා භොජනං පටික්ඛිපන්තො ගාථාභිගීතං මෙතිආදිමාහ.
එසේ ද කියා ස්වර්ණ පාත්‍රය පුරවා බුදුන් වහන්සේට පායාසය පිරිනැමී ය. ශාස්තෲන් වහන්සේ ආරම්භය පෙන්වා දී භෝජනය ප්‍රතික්ෂේප කරමින් “ගාථාභිගීතං මෙ” ආදිය වදාළහ.
තත්ථ ගාථාභිගීතන්ති ගාථාහි අභිගීතං. අභොජනෙය්යන්ති අභුඤ්ජිතබ්බං. ඉදං වුත්තං හොති – ත්වං, බ්‍රාහ්මණ, මය්හං එත්තකං කාලං භික්ඛාචාරවත්තෙන ඨිතස්ස කටච්ඡුමත්තම්පි දාතුං නාසක්ඛි, ඉදානි පන මයා තුය්හං කිලඤ්ජම්හි තිලෙ විත්ථාරෙන්තෙන විය සබ්බෙ බුද්ධගුණා පකාසිතා, ඉති ගායනෙන ගායිත්වා ලද්ධං විය ඉදං භොජනං හොති, තස්මා ඉදං ගාථාභිගීතං මෙ අභොජනෙය්යන්ති. සම්පස්සතං, බ්‍රාහ්මණ, නෙස ධම්මොති, බ්‍රාහ්මණ, අත්ථඤ්ච ධම්මඤ්ච සම්පස්සන්තානං “එවරූපං භොජනං භුඤ්ජිතබ්බ”න්ති එස ධම්මො න හොති. සුධාභොජනම්පි ගාථාභිගීතං පනුදන්ති බුද්ධා, ගාථාහි ගායිත්වා ලද්ධං බුද්ධා නීහරන්තියෙව. ධම්මෙ සති, බ්‍රාහ්මණ, වුත්තිරෙසාති, බ්‍රාහ්මණ, ධම්මෙ සති ධම්මං අපෙක්ඛිත්වා ධම්මෙ පතිට්ඨාය ජීවිතං කප්පෙන්තානං එසා වුත්ති අයං ආජීවො – එවරූපං නීහරිත්වා ධම්මලද්ධමෙව භුඤ්ජිතබ්බන්ති.
එහි ගාථාභිගීතං ගාථාවලින් ගයන ලද අභොජනෙය්යං නො වැළඳිය යුතු: කියන ලද්දේ මෙය යි: බ්‍රාහ්මණය, ඔබ මෙපමණ කලක් භික්ෂාචාර පිළිවෙතින් සිටි මට හැන්දක් පමණ වත් දීමට නො සමත් වූයෙහි. දැන් මා විසින් ඔබට පැදුරෙහි තල අතුරන්නකු විසින් මෙන් සියලු බුදු ගුණ ප්‍රකාශ කරන ලද්දේ ය. මෙසේ මේ භෝජනය ගායනා කරන්නකු විසින් ගායනා කොට ලද්දක් මෙන් වේ. එහෙයින් මේ ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො බ්‍රාහ්මණය, අර්ථයත් ධර්මයත් මැනවින් දකින්නවුන් මේ ආකාරයේ භෝජනයක් විඳිය (වැළඳිය) යුතු ය යන මේ ධර්මතාව නැත. ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ගාථාවලින් ගායනා කොට ලද්දක් බුදුවරු බැහැර කරත් ම ය. ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා බ්‍රාහ්මණය, (ආර්ය) ධර්මය ඇති කල්හි ධර්මය අපේක්ෂා කොට ධර්මයෙහි පිහිටා ජීවිත ගෙන යන්නවුන්ගේ මේ පැවැත්ම යි. මේ ආජීවය යි. මේ ආකාර දෙයක් (ගාථා කියා ලත් දෙයක්) බැහැර කොට ධර්මයෙන් ලද දේ ම වැළඳිය යුතු වන්නේ ය යි.
අථ බ්රාහ්මණො චින්තෙසි – අහං පුබ්බෙ සමණස්ස ගොතමස්ස ගුණෙ වා අගුණෙ වා න ජානාමි. ඉදානි පනස්සාහං ගුණෙ ඤත්වා මම ගෙහෙ අසීතිකොටිමත්තං ධනං සාසනෙ විප්පකිරිතුකාමො ජාතො, අයඤ්ච “මයා දින්නපච්චයා අකප්පියා”ති වදති. අප්පටිග්ගය්හො අහං සමණෙන ගොතමෙනාති.
ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ සිතී ය: “මම පෙර ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ හෝ අගුණ නො දනිමි. දැන් උන්වහන්සේගේ ගුණ දැන මගේ ගෙහි අසූ කෙළක් පමණ ධනය ශාසනයෙහි වැය කිරීමට කැමති බවක් හට ගැනිණි. මෙය ද මා විසින් දෙන ලද ප්‍රත්‍ය ද අකැප යයි පවසන සේක. මම ශ්‍රමණ ගෞතමයන් විසින් නො පිළිගනු ලබන්නෙක්මි” යි.
අථ භගවා සබ්බඤ්ඤුතඤ්ඤාණං පෙසෙත්වා තස්ස චිත්තාචාරං වීමංසන්තො, “අයං සබ්බෙපි අත්තනා දින්නපච්චයෙ ‘අකප්පියා’ති සල්ලක්ඛෙති. යං හි භොජනං ආරබ්භ කථා උප්පන්නා, එතදෙව න වට්ටති, සෙසා නිද්දොසා”ති බ්රාහ්මණස්ස චතුන්නං පච්චයානං දානද්වාරං දස්සෙන්තො අඤ්ඤෙන චාතිආදිමාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානය යොමු කොට ඔහුගේ චිත්තාචාරය (සිතුවිල්ල) විමසන සේක් මොහු තමා විසින් දෙන ලද සියලු ප්‍රත්‍ය අකැප ය යි සලකයි. යම් භෝජනයක් අරභයා කථාවක් ඇතිවිණි ද එය පමණක් නො වටී. සෙස්ස නිර්දෝෂ ය යි බ්‍රාහ්මණයාට සිවු පසයෙහි ඥාන දොරටු පෙන්වන සේක් “අඤ්ඤෙන වා” යනාදිය වදාළ සේක.
තත්ථ කුක්කුච්චවූපසන්තන්ති හත්ථකුක්කුච්චාදීනං වසෙන වූපසන්තකුක්කුච්චං. අන්නෙන පානෙනාති දෙසනාමත්තමෙතං. අයං පනත්ථො – අඤ්ඤෙහි තයා “පරිච්චජිස්සාමී”ති සල්ලක්ඛිතෙහි චීවරාදීහි පච්චයෙහි උපට්ඨහස්සු. ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොතීති එතං තථාගතසාසනං නාම පුඤ්ඤපෙක්ඛස්ස පුඤ්ඤත්ථිකස්ස තුය්හං අප්පෙපි බීජෙ බහුසස්සඵලදායකං සුඛෙත්තං විය පටියත්තං හොති.
එහි කුක්කුච්චවූපසන්තං කුකුස් නොමැති වීම් ආදී වශයෙන් සමනය වූ කුකුස් ඇති, අන්නෙන පානෙන මෙය දේශනා මාත්‍රයකි. අර්ථය මෙය යි: පරිත්‍යාග කරන්නෙමි යි ඔබ විසින් සලකන ලද අන් සිවුරු ආදී ප්‍රත්‍යයෙන් උපස්ථාන කරහි. ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොති මෙසේ තථාගතයන් වහන්සේගේ ශාසනය, ‘පුඤ්ඤපෙක්ඛස්ස’ පින් අපේක්ෂා කරන අයට ය. ඔබට පමණක් නො වේ. අල්ප වූ බීජ ඇති කල්හි බොහෝ ශස්යවල ඵල දෙන්නා වූ මහා කෙතක් මෙන් පිළියෙල කරන ලද්දේ වේ.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.