යෙදුමෙන් කියවන්න

ධනඤ‍්ජානීසුත‍්තං

7. 1. 1.

7. 1. 1.

ධනඤ‍්ජානීසුත‍්තං.

ධනඤ්ජානී සූත්‍රය

187. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ධනඤ‍්ජානී නාම බ්‍රාහ‍්මණී අභිප‍්පසන‍්නා හොති බුද‍්ධෙ ච ධම‍්මෙ ච සඞ‍්ඝෙ ච.

187. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාරද්වාජ ගෝත්‍රයෙහි උපන් එක්තරා බමුණකුගේ ධනඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද බෙහෙවින් පහන් වූවා වෙ යි.

අථ ඛො ධනඤ‍්ජානී බ්‍රාහ‍්මණී භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස භත‍්තං උපසංහරන‍්තී උපක‍්ඛලිත්‍වා තික‍්ඛත‍්තුං උදානං උදානෙසි: නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති.

ඉක්බිති ධනඤ්ජානී බැමිණිය භාරද්වාජගෝත්‍රබමුණාට බත් එළවන්නී පැකිලී “ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා!” යි තෙවරක් උදන් ඇනී ය.

එවං වුත‍්තෙ භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණිං එතදවොච: ‘එවමෙවං පනායං වසලි යස‍්මිං වා තස‍්මිං වා තස‍්ස මුණ‍්ඩකස‍්ස සමණස‍්ස වණ‍්ණං භාසති. ඉදානි ත්‍යාහං වසලි තස‍්ස සත්‍ථුනො වාදං ආරොපෙස‍්සාමීති.

මෙසේ කී කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු ධනඤ්ජානී බැමිණියට මෙසේ ම මේ සැඩොලිය යම් ඒ තැනක දී හෝ යම් ඒ මුඩුමහණහුගේ ගුණ කියයි. සැඩොලිය, දැන් මම තිගේ ඒ ශාස්තෘහට වාද නගන්නෙමි යි මෙය කී ය.

න ඛ‍්වාහං තං බ්‍රාහ‍්මණ පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යො තස‍්ස භගවතො වාදං ආරොපෙය්‍ය අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. අපි ච ත්‍වං බ්‍රාහ‍්මණ ගච‍්ඡ ගන‍්ත්‍වා විජානිස‍්සසීති.

බමුණ, යමෙක් භාග්‍යවත් අර්‍හත් ඒ සම්මාසම්බුදුරජානන් වහන්සේට වාද නගන්නේ නම් මම එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි නො ම දකිමි. එහෙත් බමුණ තෙපි යවු. ගොස් දැනගන්නහු යයි.

අථ ඛො භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො කුපිතො අනත‍්තමනො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

කිං සු ඣත්‍වා සුඛං සෙති කිං සු ඣත්‍වා න සොචති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස වධං රොචෙසි ගොතමාති.

ගෞතමයෙනි, කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? කිනම් එක් දහමක් නැසීම රුස්නෙහි ද?

කොධං ඣත්‍වා සුඛං සෙති කොධං ඣත්‍වා න සොචති, කොධස‍්ස විසමූලස‍්ස මධුරග‍්ගස‍්ස බ්‍රාහ‍්මණ, වධං අරියා පසංසන‍්ති තං හි ඣත්‍වා න සොචතීති.

බමුණ, ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි. විෂසඞ්ඛාත දුඃඛවිපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. ඒ ක්‍රෝධය නසා (සිටියේ) ශෝක නො කෙරේ මැයි.

එවං වුත‍්තෙ භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම. සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භගවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. ලභෙය්‍යාහං භොතො ගොතමස‍්ස සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද? වැසුනු දෙයක් වැසුම් හරින්නේ හෝ වේ ද? මං මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද? ඇස් ඇත්තෝ රූප දක්නාහු යයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද? එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද, බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම්වා උපසපුව ලබම්වා යි.

අලත්‍ථ ඛො භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං, අචිරූපසම‍්පන‍්නො ඛො පනායස‍්මා භාරද‍්වාජො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං. නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා භාරද‍්වාජො අරහතං අහොසීති.

භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය, උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය නොබෝ කලෙකින් ම මේ අත්බැව්හි ම තෙමේ ම මැනවින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.