අක්කොසසුත්තං
7. 1. 2.
7. 1. 2.
අක්කොසසුත්තං.
අක්කෝසක සූත්‍රය
188. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භාරද්වාජගොත්තො කිර බ්රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතොති. කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති.
188. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. අක්කෝසක භාරද්වාජබමුණු තෙමේ භාරද්වාජගෝත්‍රබමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසී ය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි.
එවං වුත්තෙ භගවා අක්කොසකභාරද්වාජං බ්රාහ්මණං එතදවොච: තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ අපි නු ඛො තෙ ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථයොති. අප්පෙකදා මෙ භො ගොතම ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථයොති.
මෙසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසක භාරද්වාජබමුණාහට මෙය වදාළ සේක. බමුණ, ඒ කුමැයි හඟිහි ද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ (තා නිවසට) පැමිණෙද්ද? භවත් ගෞතමයෙනි, ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ ඇතැම් දිනෙක පැමිණෙති.
තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, අපි නු තෙසං අනුප්පදෙසි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වාති?
බමුණ, ඒ කුමැයි හඟිහි ද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ දෙන්නෙහි ද?
අප්පෙකදා නෙසාහං භො ගොතම අනුප්පදෙමි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වාති.
භවත් ගෞතමයෙනි, මම ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ ඇතැම් දිනෙක දෙමි.
සචෙ ඛො පන තෙ බ්‍රාහ්මණ නප්පටිග්ගණ්හන්ති කස්ස තං හොතීති.
බමුණ, ඉදින් ඔහු නො පිළිගණිත් නම් එය කාට වේ ද?
සචෙ තෙ භො ගොතම නප්පටිග්ගණ්හන්ති අම්හාකමෙව තං හොතීති.
භවත් ගෞතමයෙනි ඉදින්, ඔහු නො පිළිගණිත් නම් එය අපට ම වෙයි.
එවමෙව ඛො බ්‍රාහ්මණ යං ත්වං අම්හෙ අනක්කොසන්තෙ අක්කොසසි, අරොසෙන්තෙ රොසෙසි, අභණ්ඩන්තෙ භණ්ඩසි, තං තෙ මයං නප්පටිග්ගණ්හාම. තවෙවෙතං බ්‍රාහ්මණ හොතීති. යො ඛො බ්‍රාහ්මණ අක්කොසන්තං පච්චක්කොසති, රොසෙන්තං පටිරොසෙති, භණ්ඩන්තං පටිභණ්ඩති, අයං වුච්චති බ්‍රාහ්මණ සම්භුඤ්ජති වීතිහරති. තෙ මයං තයා නෙව සම්භුඤ්ජාම න වීතිහරාම තවෙවෙතං බ්‍රාහ්මණ හොති, තවෙවෙතං බ්‍රාහ්මණ හොතීති.
බමුණ, එසෙයින් ම යම් හෙයෙකින් තෝ ආක්‍රෝශ නොකරණ අපට ආක්‍රෝශ කෙරෙහි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟහි ද? තාගේ ඒ අක්රෝශාදිය අපි නො පිළිගණිමු. බමුණ තෙල තට ම වෙයි. බමුණ, යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා අක්‍රොශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කිපේ ද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ, මේ තෙමේ එකතු ව අනුභව කෙරේ. උනුනට සමවලා කරතියි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නො වළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ, තෙල තට ම වෙයි. බමුණ, තෙල තට ම වෙයි.
[බ්රාහ්මණො:]
[බමුණු:]
භවන්තං ඛො ගොතමං සරාජිකා පරිසා එවං ජානාති: අරහං සමණො ගොතමොති. අථ ච පන භවං ගොතමො කුජ්ඣතීති.
රජු සහිත පිරිස මහණගොයුම්හු රහත්හ යි මෙසේ භවත් ගෞතමයන් දනී. එහෙත් භවත් ගොයුම්හු. කිපෙති.
[භගවා:]
[භගවත්හු:]
අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො, සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.
දැමුනු සමදිවි පැවතුම් ඇති මොනවට දැන මිදුනු සන්හුන් වූ තාදී ගුණ ඇති නොකිපෙන රහත්හට ක්‍රෝධයෙක් කොයින් ද,
තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
යමෙක් කිපුනහුට පෙරළා කිපේ ද, එයින් ඒ පුඟුලටාම පව වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ (ක්‍රෝධ) සඞ්ග්‍රාමය දිනයි.
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මති.
යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාට ම වැඩ සාදයි.
උභින්නං තිකිච්ඡන්තං අත්තනො ච පරස්ස ච; ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
තමහට ද මෙරමාහට (යන) දෙදෙනාට ම පිළියම් කරනුවහු බාලයහ යි ධර්මයෙහි අදක්ෂ වූ ඒ ජනයෝ හඟිත්.
එවං වුත්තෙ අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
මෙසේ වදාළ කල්හි අක්කෝසභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම් වා.
අලත්ථ ඛො අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා අක්කොසකභාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
අක්කෝසකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ද ලැබී ය. උපසපුව ලැබීය. උපසපන් නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරද්වාජ තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවණෙහි මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත් බව නොබෝකලෙකින් දුටුදැමියෙහි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.