අසුරින්දකසුත්තං
7. 1. 3.
7. 1. 3.
අසුරින්දකසුත්තං.
අසුරින්දක සූත්‍රය
189. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භාරද්වාජගොත්තො කිර බ්රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතොති. කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති. එවං වුත්තෙ, භගවා තුණ්හී අහොසි.
189. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි පැවිද්දට ගියේ ය යි ඇසීය. කිපියේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
අථ ඛො අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ජිතො’සි සමණ, ජිතො’සි සමණාති.
ඉක්බිති අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, දිනුයෙහි ද, මහණ දිනුයෙහි ද.
[භගවා:]
[භගවත්හු:]
ජයං වෙ මඤ්ඤති බාලො වාචාය ඵරුසං භණං, ජයං චෙ වස්ස තං හොති යා තිතික්ඛා විජානතො.
අඥාන තෙමේ වචනයෙන් පරුෂ බෙණෙමින් ඒකාන්තයෙන් තමන්ට ජයෙකැයි හඟී. (ඉවසීමෙහි ගුණ) දන්නහුගේ යම් ඉවසීමෙක් වේ ද, ඒ ඔහුට ජයෙක් ම වේ.
තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම පව වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුකසේ දිනියහැකි ක්‍රෝධ සඞ්ග්‍රාමය දිනයි.
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙතෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාහට ම වැඩ සාදයි.
උභින්නං තිකිච්ඡන්තං අත්තනො ච පරස්ස ච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
තමාහට ද මෙරමාහට ද යන දෙදෙනාහට ම පිළියම් කරනුවහු බාලයහයි ධර්මයෙහි අදක්ෂ වූ ඒ ජනයෝ හඟිත්.
එවං වුත්තෙ අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
මෙසේ වදාළ කල්හි අසුන්දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.