යෙදුමෙන් කියවන්න

2. පරිනිබ‍්බාණවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පරිනිබ්බාණ වර්ගය

1. සනඞ‍්කුමාරසුත‍්තවණ‍්ණනා

1. සනඞ්කුමාර සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ සප‍්පිනීතීරෙති සප‍්පිනීනාමිකාය නදියා තීරෙ. සනඞ‍්කුමාරොති සො කිර පඤ‍්චසිඛකුමාරකකාලෙ ඣානං භාවෙත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො කුමාරකවණ‍්ණෙනෙව විචරති. තෙන නං “කුමාරො”ති සඤ‍්ජානන‍්ති, පොරාණකත‍්තා පන “සනඞ‍්කුමාරො”ති වුච‍්චති. ජනෙතස‍්මින‍්ති ජනිතස‍්මිං, පජායාති අත්‍ථො. යෙ ගොත‍්තපටිසාරිනොති යෙ ජනෙතස‍්මිං ගොත‍්තං පටිසරන‍්ති තෙසු ලොකෙ ගොත‍්තපටිසාරීසු ඛත‍්තියො සෙට‍්ඨො. විජ‍්ජාචරණසම‍්පන‍්නොති භයභෙරවසුත‍්තපරියායෙන (ම· නි· 1.34 ආදයො) පුබ‍්බෙනිවාසාදීහි වා තීහි, අම‍්බට‍්ඨසුත‍්තපරියායෙන (දී· නි· 1.278 ආදයො) විපස‍්සනාඤාණං මනොමයිද‍්ධි ඡ අභිඤ‍්ඤායොති ඉමාහි වා අට‍්ඨහි විජ‍්ජාහි, සීලෙසු පරිපූරකාරිතා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙ මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සත‍්ත සද‍්ධම‍්මා චත‍්තාරි රූපාවචරජ‍්ඣානානීති එවං පන‍්නරසධම‍්මභෙදෙන චරණෙන ච සමන‍්නාගතො. සො සෙට‍්ඨො දෙවමානුසෙති සො ඛීණාසවබ්‍රාහ‍්මණො දෙවෙසු ච මනුස‍්සෙසු ච සෙට‍්ඨො උත‍්තමොති.

දෙවන වර්ගයේ පළමු වැන්නේ - සප්පිනීතීරෙ සප්පිනී නම් ගං ඉවුරෙහි, සනං කුමාරො හේ පන්සිළු කුමරු කාලයෙහි දැහැන් වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ළමා ස්වරූපයෙන් ම හැසිරෙයි. එහෙයින් ඔහු ‘කුමාර’ යි හඳුනත්; පැරණි බව හේතුවෙන් ‘සනංකුමාර’ යි කියනු ලැබේ. ජනෙතස්මිං ‘ජනතස්මිං’ මිනිසුන් අතර යන අරුත යි; යෙ ගොත්ත පටිසාරිනො යම් කෙනෙක් මිනිසුන් අතර ගෝත්‍රය සළකත් ද, ලෝකයෙහි ගෝත්‍රය සලකන අය අතර ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ ය. විජ්ජාචරණසම්පන්නො භයභෙරව සූත්‍රයෙහි කී පරිදි පුබ්බෙනිවාස ආදි තුනෙන් හෝ අම්බට්ඨ සූත්‍රයෙහි එන පරිදි විපස්සනා ඥානය, මනෝමය සෘද්ධි, අභිඥා සය යන මේ අෂ්ඨ විද්‍යාවන්ගෙන් දුශ්ශීලයෙහි සම්පූර්ණ බව ඉන්ද්‍රියන්ගේ සංවර බව, ආහාරයෙහි පමණ දැනීම, නිදි වැරීමේ යෙදීම, සප්ත සද්ධර්මය, රූපාවචර ධ්‍යාන සතර යනමේ පසළොස් දහම් කොටසින් හා චරණයෙන් ද සමන්විත වූයේ. සො සෙට්ඨො දෙවමානුසෙ ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේ දෙවියන් අතරත් මිනිසුන් අතරත් ශ්‍රේෂ්ඨ ය, උතුම් ය යනු යි.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. දෙවදත‍්තසුත‍්තවණ‍්ණනා

2. දේවදත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ අචිරපක‍්කන‍්තෙති සඞ‍්ඝං භින්‍දිත්‍වා නචිරස‍්සෙව වෙළුවනතො ගයාසීසං ගතෙ. අස‍්සතරින‍්ති ගද්‍රභස‍්ස වළවාය ජාතං.

දෙවැන්නෙහි - අචිරපක්කන්තෙ සංඝයා භේද කොට නොබෝ කලකින් ම වේළුවනයෙන් ගයා ශීර්ෂයට ගිය කල්හි අස්සතරිං ගද්‍රභයාට දාව වෙළඹ කුස උපන්.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. අන්‍ධකවින්‍දසුත‍්තවණ‍්ණනා

3. අන්ධකවින්ද සූත්‍ර වර්ණනාව

තතියෙ අන්‍ධකවින්‍දන‍්ති එවංනාමකං ගාමං. උපසඞ‍්කමීති “සත්‍ථා ඉදානිපි වීරියං කරොති පධානමනුයුඤ‍්ජති, ගච‍්ඡාමිස‍්ස සන‍්තිකෙ ඨත්‍වා සාසනානුච‍්ඡවිකං වීරියපටිසංයුත‍්තං ගාථං වක‍්ඛාමී”ති උපසඞ‍්කමි.

තුන් වැන්නේ - අන්‍ධකවින්‍දනං එනම් වූ ගම, උපසඞ්කමි බුදුන් වහන්සේ දැනුත් වීර්යය කරති, දැහැන්හි යෙදෙති. යමි, උන්වහන්සේ සමීපයේ සිට ශාසනයට ගැලපෙන විරිය සතිපට්ඨානයෙන් යුතු ගාථාවක් පවසන්නෙමි යි ළඟට පැමිණියේ ය.

පන‍්තානීති ජනතං අතික‍්කමිත්‍වා මනුස‍්සානං අනුපචාරෙ ඨිතානි. සංයොජනවිප‍්පමොක‍්ඛාති තානි ච සෙනාසනානි සෙවමානො න චීවරාදීනං අත්‍ථාය සෙවෙය්‍ය, අථ ඛො දසසංයොජනවිප‍්පමොක‍්ඛත්‍ථාය චරෙය්‍ය. සඞ‍්ඝෙ වසෙති තෙසු සෙනාසනෙසු රතිං අලභන‍්තො උපට‍්ඨාකාදීනං චිත‍්තානුරක‍්ඛණත්‍ථං ගද්‍රභපිට‍්ඨෙ රජං විය උප‍්පතන‍්තො අරඤ‍්ඤෙ අචරිත්‍වා සඞ‍්ඝමජ‍්ඣෙ වසෙය්‍ය. රක‍්ඛිතත‍්තො සතීමාති තත්‍ථ ච වසන‍්තො සගවචණ‍්ඩො ගොණො විය සබ්‍රහ‍්මචාරිනො අවිජ‍්ඣන‍්තො අඝට‍්ටෙන‍්තො රක‍්ඛිතත‍්තො සතිපට‍්ඨානපරායණො හුත්‍වා වසෙය්‍ය.

පන්තානි මිනිසුන් පසු කර, මිනිසුන්ගේ ගැවසීමක් නැති ව පිහිටි සංයොජනවිප්පමොක්ඛො ඒ සේනාසන සේවනය කරමින් සිවුරු ආදිය පිණිස නො හැසිරිය යුතු ය, ඉක්බිති දස සංයෝජනවලින් මිදීම පිණිස හැසිරෙන්නේ ය. සඞ්ඝෙ වසෙ ඒ සේනාසනවල රතියක් නො ලබන්නේ උපස්ථායකයින්ගේ සිත් රකිනු වස් ගොනාගේ පිටේ දූවිලි මෙන් උඩ පනිමින් අරණ්‍යයෙහි නො හැසිර සංඝයා මැද වසන්නේ ය. රක්‍ඛිතත්තො සතීමා එහි ද වසමින් එළ දෙනුනට පීඩා කරන ගොනෙකු මෙන් සබ්‍රහ්මචාරි වූයේ පසාරු කරගෙන නො යමින් (පීඩා නො කරමින්) නො ගැටෙමින් ආරක්ෂා කරන ලද සිත් ඇත්තේ සතිපට්ඨාන පරායන ව වසන්නේ ය.

ඉදානි සඞ‍්ඝෙ වසමානස‍්ස භික‍්ඛුනො භික‍්ඛාචාරවත‍්තං ආචික‍්ඛන‍්තො කුලාකුලන‍්තිආදිමාහ. තත්‍ථ පිණ‍්ඩිකාය චරන‍්තොති පිණ‍්ඩත්‍ථාය චරමානො. සෙවෙථ පන‍්තානි සෙනාසනානීති සඞ‍්ඝමජ‍්ඣං ඔතරිත්‍වා වසමානොපි ධුරපරිවෙණෙ තාලනාළිකෙරආදීනි රොපෙත්‍වා උපට‍්ඨාකාදිසංසට‍්ඨො න වසෙය්‍ය, චිත‍්තකල‍්ලතං පන ජනෙත්‍වා චිත‍්තං හාසෙත්‍වා තොසෙත්‍වා පුන පන‍්තසෙනාසනෙ වසෙය්‍යාති අරඤ‍්ඤස‍්සෙව වණ‍්ණං කථෙති. භයාති වට‍්ටභයතො. අභයෙති නිබ‍්බානෙ. විමුත‍්තොති අධිමුත‍්තො හුත්‍වා වසෙය්‍ය.

දැන් සංඝයා වහන්සේ අතර වසන භික්‍ෂුවගේ භික්‍ෂාචාර ව්‍රතය පවසන සේක් කුලාකුලං ආදිය පැවසූහ. එහි පිණ්ඩිකායාචරන්තො පිඬු පිණිස හැසිරෙන්නේ සෙවෙථ පන්තානි සෙනාසනානි සංඝයා මැදට වැද, ජීවත්වන්නේ වුව ද (තමා) වගකිව යුතු පිරිවෙන්හි තල් පොල් ආදිය සිටවා උපස්ථායක ආදීන් සමග ඇලීගැලී නො වසන්නේ ය. සිතේ සතුටු බව ඇති කොට සිත සනස්වා සතුටු කොට යලි වන සෙනසුනෙහි වසන්නේ ය. ආරණ්‍යයෙහි අගය ම කියයි. භයා සසර බියෙන් අභයෙ නිවනේ විමුත්තො මැනවින් මිදුනෙක් වී වසන්නේ ය.

යත්‍ථ භෙරවාති යස‍්මිං ඨානෙ භයජනකා සවිඤ‍්ඤාණකා සීහබ්‍යග‍්ඝාදයො, අවිඤ‍්ඤාණකා රත‍්තිභාගෙ ඛාණුවල‍්ලිආදයො බහූ අත්‍ථි. සරීසපාති දීඝජාතිකාදිසරීසපා. නිසීදි තත්‍ථ භික‍්ඛූති තාදිසෙ ඨානෙ භික‍්ඛු නිසින‍්නො. ඉමිනා ඉදං දීපෙති – භගවා යථා තුම‍්හෙ එතරහි තත්‍රට‍්ඨකභෙරවාරම‍්මණානි චෙව සරීසපෙ ච විජ‍්ජුනිච‍්ඡාරණාදීනි ච අමනසිකත්‍වා නිසින‍්නා, එවමෙවං පධානමනුයුත‍්තා භික‍්ඛූ නිසීදන‍්තීති.

යත්‍ථ භෙරවා යම් තැනක බිය ජනක සවිඥානක සිංහ ව්‍යාඝ්‍ර ආදී වූ ද රාත්‍රියෙහි අවිඥානක කණු, වැල් ආදි වූ ද බොහෝ දේ ඇත. සිරිංසපා සර්ප ආදීහු තත්‍ථ භික්‍ඛු එබඳු තැන භික්‍ෂුවක් සිටිනුයේ, මෙයින් මෙය දක්වයි: භාග්‍යවතුන් වහන්ස, යම් සේ ඔබ වහන්සේ දැන් එහි ඇති ගොර බිරම් අරමුණු ද සර්පයින් ද විදුලිය පැතිරීම (කෙටීම) ආදිය ද සිතට නො ගෙන සිටින සේක් ද එසේ ම භික්‍ෂූහු (ද) දැහැන්ගත ව සිටිති.

ජාතු මෙ දිට‍්ඨන‍්ති එකංසෙන මයා දිට‍්ඨං. න යිදං ඉතිහීතිහන‍්ති ඉදං ඉතිහ ඉතිහාති න තක‍්කහෙතු වා නයහෙතු වා පිටකසම‍්පදානෙන වා අහං වදාමි. එකස‍්මිං බ්‍රහ‍්මචරියස‍්මින‍්ති එකාය ධම‍්මදෙසනාය. ධම‍්මදෙසනා හි ඉධ බ්‍රහ‍්මචරියන‍්ති අධිප‍්පෙතා. මච‍්චුහායිනන‍්ති මරණපරිච‍්චාගිනං ඛීණාසවානං.

ජාතු මෙ දිට්ඨං ඒකාන්ත වශයෙන් මා විසින් දකින ලදි. නයිදං ඉතිහීතිහං මෙය මෙසේ ය, මෙසේ ය යි තර්ක හේතු නිසා හෝ න්‍යාය හේතු නිසා හෝ පිටක සම්ප්‍රදානයෙන් හෝ මම නො කියමි. එකස්මිං බ්‍රහ්මචරියස්මිං එකම ධර්ම දේශනායක, ධර්ම දේශනාව මෙහි ‘බ්‍රහ්ම චර්ය’ යන්නෙන් අදහස් කරන ලදි. මච්චුහායිනං මරණය අත හරින ක්‍ෂීණාශ්‍රවයන්ගේ,

දසා ච දසධා දසාති එත්‍ථ දසාති දසෙව, දසධා දසාති සතං, අඤ‍්ඤෙ ච දසුත‍්තරං සෙඛසතං පස‍්සාමීති වදති. සොතසමාපන‍්නාති මග‍්ගසොතං සමාපන‍්නා. අතිරච‍්ඡානගාමිනොති දෙසනාමත‍්තමෙතං, අවිනිපාතධම‍්මාති අත්‍ථො. සඞ‍්ඛාතුං නොපි සක‍්කොමීති මුසාවාදභයෙන එත‍්තකා නාම පුඤ‍්ඤභාගිනො සත‍්තාති ගණෙතුං න සක‍්කොමීති බහුං බ්‍රහ‍්මධම‍්මදෙසනං සන්‍ධාය එවමාහ.

දසච දසධා දසා මෙහි දසා යනු දහය ම ය. දසධාදසා සිය ය. වෙනත් දශ ගුණයෙන් වැඩි රහතුන් සියයක් (රහතුන් දහසක්) දකිමි යි කියයි. සොතසමාපන්නා මාර්ගශ්‍රෝතසයට පැමිණි. අතිරච්ඡානගාමිනො මෙය දේශනාමාත්‍රයකි. අපාගත නො වන ස්වභාව ඇත්තාහු යන අරුත යි. සංඛාතුං නාපි සක්කොමි මුසාවාද බයෙන් පුණ්‍යභාගී මිනිසුන් මෙ පමණකැයි ගණනය කිරීමට නො හැක්කෙමි. ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව අරභයා මෙසේ කී ය.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. අරුණවතීසුත‍්තවණ‍්ණනා

4. අරුණවතී සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අභිභූසම‍්භවන‍්ති අභිභූ ච සම‍්භවො ච. තෙසු අභිභූථෙරො සාරිපුත‍්තත්‍ථෙරො විය පඤ‍්ඤාය අග‍්ගො, සම‍්භවත්‍ථෙරො මහාමොග‍්ගල‍්ලානො විය සමාධිනා අග‍්ගො. උජ‍්ඣායන‍්තීති අවජ‍්ඣායන‍්ති, ලාමකතො වා චින‍්තෙන‍්ති. ඛිය්‍යන‍්තීති, කින‍්නාමෙතං කින‍්නාමෙතන‍්ති? අඤ‍්ඤමඤ‍්ඤං කථෙන‍්ති. විපාචෙන‍්තීති විත්‍ථාරයන‍්තා පුනප‍්පුනං කථෙන‍්ති. හෙට‍්ඨිමෙන උපඩ‍්ඪකායෙනාති නාභිතො පට‍්ඨාය හෙට‍්ඨිමකායෙන. පාළියං එත‍්තකමෙව ආගතං. ථෙරො පන “පකතිවණ‍්ණං විජහිත්‍වා නාගවණ‍්ණං ගහෙත්‍වා දස‍්සෙති, සුපණ‍්ණවණ‍්ණං ගහෙත්‍වා වා දස‍්සෙතී”තිආදිනා (පටි· ම· 3.13) නයෙන ආගතං අනෙකප‍්පකාරං ඉද‍්ධිවිකුබ‍්බනං දස‍්සෙසි. ඉමා ගාථායො අභාසීති ථෙරො කිර චින‍්තෙසි – “කථං දෙසිතා නු ඛො ධම‍්මදෙසනා සබ‍්බෙසං පියා අස‍්ස මනාපා”ති. තතො ආවජ‍්ජෙන‍්තො – “සබ‍්බෙපි පාසණ‍්ඩා සබ‍්බෙ දෙවමනුස‍්සා අත‍්තනො අත‍්තනො සමයෙ පුරිසකාරං වණ‍්ණයන‍්ති, වීරියස‍්ස අවණ‍්ණවාදී නාම නත්‍ථි, වීරියපටිසංයුත‍්තං කත්‍වා දෙසෙස‍්සාමි, එවං අයං ධම‍්මදෙසනා සබ‍්බෙසං පියා භවිස‍්සති මනාපා”ති ඤත්‍වා තීසු පිටකෙසු විචිනිත්‍වා ඉමා ගාථා අභාසි.

සිවු වැන්නේ - අභිභුසම්භවං අභිභු හා සම්භව, මෙයින් ‘අභිභු’ තෙරහු සැරියුත් තෙරණුවන් මෙන් ප්‍රඥාවෙන් අග්‍රය හ. සම්භව තෙරණුවෝ මහමුගලන් තෙරණුවන් මෙන් සමාධියෙන් අග්‍රයහ, උජ්ඣායන්ති අවමන් කරත්, ළාමක හැටියට හෝ සිතත්. ‘ඛීයන්ති’ යනු ‘මේ කුමක් ද?’ ‘මේ කුමක් ද?’ යි උනුනුන්ට පවසත්. විපාචෙන්ති විස්තර කරමින් යළි යළිත් කථා කරති. හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන නැබ සිට පහළට ඇති කයින්; පාළියෙහි මෙපමණක් ම එයි. තෙරුන් වහන්සේ ප්‍රකෘති ස්වභාවය හැර දමා නාග වෙසක් ගෙන දක්වති යි ගුරුළු වෙසක් හෝ ගෙන දක්වති යි ආදි ක්‍රමයෙන් පැමිණි අනේක ප්‍රකාර සෘද්ධිවිකුර්වණය (සෘද්ධිබල පෑම) දැක්වූහ. ඉමා ගාථායො අභාසි තෙරණුවෝ (මෙසේ) සිතූහ. “කවර ආකාරයකින් දෙසන ලද ධර්මයක් සියල්ලන්ට ප්‍රිය වන්නේ ද මනාප වන්නේ ද?” ඒ ගැන සිතන්නාහු, “සියලු ම පාසණ්ඩයෝ ද (මිථ්‍යා දෘෂ්ටිකයෝ ද) සියලු දෙව් මිනිස්සු ද තම තමන්ගේ ආගමේ වීර්යය වර්ණනා කරති. වීර්යය වර්ණනා නො කරන්නෙක් නම් නැත්තේ ය. වීර්යය අන්තර්ගත කොට දෙසන්නෙමි යි මෙසේ මේ ධර්ම දේශනාව සැමට ප්‍රිය වන්නේ ය, මනාප වන්නේ ය යි දැන තුන් පිටකයෙහි පරීක්‍ෂා කොට මේ ගාථා පැවසූහ.

තත්‍ථ ආරම‍්භථාති ආරම‍්භවීරියං කරොථ. නික‍්කමථාති නික‍්කමවීරියං කරොථ. යුඤ‍්ජථාති පයොගං කරොථ පරක‍්කමථ. මච‍්චුනො සෙනන‍්ති මච‍්චුනො සෙනා නාම කිලෙසසෙනා, තං ධුනාථ. ජාතිසංසාරන‍්ති ජාතිඤ‍්ච සංසාරඤ‍්ච, ජාතිසඞ‍්ඛාතං වා සංසාරං. දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතීති වට‍්ටදුක‍්ඛස‍්ස පරිච‍්ඡෙදං කරිස‍්සති.

එහි - ආරභථ ආරම්භ වීර්යය කරවු, නික්‍ඛමථ නෛෂ්ක්‍රම්‍ය වීර්යය කරවු. යුඤ්ජථ ප්‍රයෝග = යෙදීම කරවු, උත්සාහ කරවු, මච්චුනො සෙනං මරුගේ සේනාව යනු කෙළෙස් සේනාව ය, එය ධුනාථ සෙළවවු (නසවු). ජාතිසංසාරං ජාතියත් සංසාරයත්, ජාති (උත්පත්ති) සංඛ්‍යාත සංසාරය හෝ, දුක්‍ඛස්සන්තං කරිස්සති සසර දුකෙහි කෙළවර කරන්නේ ය.

කිං පන කත්‍වා ථෙරො සහස‍්සිලොකධාතුං විඤ‍්ඤාපෙසීති? නීලකසිණං තාව සමාපජ‍්ජිත්‍වා සබ‍්බත්‍ථ ආලොකට‍්ඨානෙ අන්‍ධකාරං ඵරි, ඔදාතකසිණං සමාපජ‍්ජිත්‍වා අන්‍ධකාරට‍්ඨානෙ ඔභාසං. තතො “කිමිදං අන්‍ධකාර”න‍්ති? සත‍්තානං ආභොගෙ උප‍්පන‍්නෙ ආලොකං දස‍්සෙසි. ආලොකට‍්ඨානෙ ආලොකකිච‍්චං නත්‍ථි, “කිං ආලොකො අය”න‍්ති? විචිනන‍්තානං අත‍්තානං දස‍්සෙසි. අථ තෙසං ථෙරොති වදන‍්තානං ඉමා ගාථායො අභාසි, සබ‍්බෙ ඔසටාය පරිසාය මජ‍්ඣෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තස‍්ස විය සද‍්දං සුණිංසු. අත්‍ථොපි නෙසං පාකටො අහොසි.

තෙරුන් වහන්සේ කුමක් කොට සහස්සී ලෝක ධාතුව දැක්වී ද? ඒ තාක් නීලකසිණයට සම වැද ආලෝකය ඇති සැමතැන්හි අන්ධකාරය පැතිරවී ය. ඕදාත කසිණයට සම වැද අන්ධකාරය ඇති තන්හි ආලෝකය (පැතිරවී ය). එයින් මේ අන්ධකාරය කුමක් දැයි සත්ත්වයන්ට මනසිකාරයක් (සිතුවිල්ලක්) ඇති වූ කල්හි ආලෝකය දැක්වූයේ ය. ආලෝකය ඇති තැන ආලෝක කාර්යයක් නැත. මේ ආලෝකය කුමක්දැයි පරීක්‍ෂා කරන්නවුන්ට තමා පෙන්වී ය. ඉක්බිති “තෙරණුවනි, තෙරණුවනි” යි පවසන ඔවුනට මේ ගාථා පැවසී ය. ඉදිරිපත් වූ සියලු පිරිස මැද හිඳ ධර්ම දේශනා කරන්නෙකුගේ මෙන් ශබ්දය ඇසූහ. ඔවුන්ට අර්ථය ද ප්‍රකට විය.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. පරිනිබ‍්බාණසුත‍්තවණ‍්ණනා

5. පරිනිබ්බාණ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙති යථෙව හි කදම‍්බනදීතීරතො රාජමාතුවිහාරද‍්වාරෙන ථූපාරාමං ගන‍්තබ‍්බං හොති, එවං හිරඤ‍්ඤවතිකාය නාම නදියා පාරිමතීරතො සාලවනං උය්‍යානං. යථා අනුරාධපුරස‍්ස ථූපාරාමො, එවං තං කුසිනාරාය හොති. යථා ථූපාරාමතො දක‍්ඛිණද‍්වාරෙන නගරං පවිසනමග‍්ගො පාචීනමුඛො ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තති, එවං උය්‍යානතො සාලපන‍්ති පාචීනමුඛා ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තා. තස‍්මා තං “උපවත‍්තන”න‍්ති වුච‍්චති. තස‍්මිං උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙ. අන‍්තරෙන යමකසාලානන‍්ති මූලක‍්ඛන්‍ධවිටපපත‍්තෙහි අඤ‍්ඤමඤ‍්ඤං සංසිබ‍්බිත්‍වා ඨිතසාලානං අන‍්තරිකාය. අප‍්පමාදෙන සම‍්පාදෙථාති සතිඅවිප‍්පවාසෙන කත‍්තබ‍්බකිච‍්චානි සම‍්පාදයථ. ඉති භගවා යථා නාම මරණමඤ‍්චෙ නිපන‍්නො මහද‍්ධනො කුටුම‍්බිකො පුත‍්තානං ධනසාරං ආචික‍්ඛෙය්‍ය, එවමෙවං පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො පඤ‍්චචත‍්තාලීස වස‍්සානි දින‍්නං ඔවාදං සබ‍්බං එකස‍්මිං අප‍්පමාදපදෙයෙව පක‍්ඛිපිත්‍වා අභාසි. අයං තථාගතස‍්ස පච‍්ඡිමා වාචාති ඉදං පන සඞ‍්ගීතිකාරානං වචනං.

පස් වැන්නෙහි - උපවත්තනෙ මල්ලානං සාලවනෙ යම් සේ යම් සේ කොළොම් නදී තෙර සිට රාජ මාතු විහාර දොරටුවෙන් ථූපාරාමයට යා යුතු වේ ද, එසේ ම හිරඤ්ඤවතිකා නම් ගඟේ එහා ඉවුරේ සිට සාල වන උයනට; අනුරාධපුරයට ථූපාරාමය යම් සේ ද එසේම එය (සාලවනය) කුසිනාරාවට වේ; යම් සේ ථූපාරාමයේ සිට දකුණු දොරටුවෙන් නගරට පිවිසෙන මාර්ගය නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නවතී ද එසේ ම උයනින් සල්ගස් පෙළ නැගෙනහිර දෙසට ගොස් උතුරෙන් නවතී. එහෙයින් එය ‘උපවත්තන’ නම් වේ. මල්ලයන්ගේ උපවත්තන නම් වූ ඒ සල් වනයෙහි; අන්තරෙන යමකසාලානං මුල කඳ අතු කොළ ආදියෙන් උනුනුන් එකට ගෙතී (වැළඳ ගෙන) සිටි සල් ගස් අතර, අප්පමාදෙන සම්පාදෙථ සිහියෙන් නො තොර ව කළ යුතු කටයුතු සම්පාදනය කරවු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, යම් සේ මරණ මඤ්චකයෙහි සිටිමින් මහා ධනවත් ගෙහිමියෙක් පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි සිටිමින් පන්සාළිස් වසක් දෙන ලද අවවාද සියල්ල එක ම අප්‍රමාද පදයෙහි ම රඳවා වදාළ සේක. අයං තථාගතස්ස පච්ඡිමා වාචා මේ වූ කලී සංගීතිකරුවන්ගේ වචන යි.

ඉතො පරං යං පරිනිබ‍්බානපරිකම‍්මං කත්‍වා භගවා පරිනිබ‍්බුතො, තං දස‍්සෙතුං, අථ ඛො භගවා පඨමං ඣානන‍්තිආදි වුත‍්තං. තත්‍ථ සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නෙ භගවති අස‍්සාසපස‍්සාසානං අප‍්පවත‍්තිං දිස‍්වා, “පරිනිබ‍්බුතො සත්‍ථා”ති සඤ‍්ඤාය දෙවමනුස‍්සා එකප‍්පහාරෙන විරවිංසු, ආනන්‍දත්‍ථෙරොපි – “පරිනිබ‍්බුතො නු ඛො, භන‍්තෙ, අනුරුද‍්ධ භගවා”ති ථෙරං පුච‍්ඡි. ථෙරො “න ඛො, ආවුසො ආනන්‍ද, තථාගතො පරිනිබ‍්බුතො, අපිච සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො”ති ආහ.

මෙතැන් පටන් යම් පිරිනිවන් පිළිවෙතක් කොට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද එය දක්වනු පිණිස, අථ ඛො භගවා පඨමජ්ඣානං ආදිය පවසන ලදි. එහි දී භාග්‍යවතුන් වහන්සේ සංඥා වේදයිත නිරෝධයට සමවැදි කල්හි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නො පැවැත්ම දැක බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ යන සංඥාවෙන් දෙව් මිනිස්සු එක පැහැර හඬ නැගූහ. අනඳ තෙරණුවෝ ද, අනුරුද්ධයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිසේක් දැයි තෙරුන් විචාළහ. තෙරහු: ඇවැත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියේ නැත. එහෙත් සංඥාවේදයිත නිරෝධයට සම වැදුණ සේක යි කීහ.

කථං පන සො අඤ‍්ඤාසි? ථෙරො කිර සත්‍ථාරා සද‍්ධිංයෙව තං තං සමාපත‍්තිං සමාපජ‍්ජන‍්තො යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවුට‍්ඨානං, තාව ගන‍්ත්‍වා, “ඉදානි භගවා නිරොධං සමාපන‍්නො, අන‍්තොනිරොධෙ ච කාලංකිරියා නාම නත්‍ථී”ති අඤ‍්ඤාසි.

උන්වහන්සේ කෙසේ දැන ගත් සේක් ද? තෙරුන් වහන්සේ බුදුන් සමග ම ඒ ඒ සමාපත්තියට සමවදිමින් යම් තාක් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැගිටීමක් වේ ද? ඒ තාක් ගොස් දැන් භාග්‍යවතුන් වහන්සේ නිරෝධයට පැමිණියහ. නිරෝධය තුළ කාලක්‍රියාවක් නම් නැතැයි දැන ගත්තේ ය.

අථ ඛො භගවා සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජි…පෙ… තතියජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා චතුත්‍ථං ඣානං සමාපජ‍්ජීති එත්‍ථ පන භගවා චතුවීසතියා ඨානෙසු පඨමං ඣානං සමාපජ‍්ජි, තෙරසසු ඨානෙසු දුතියං ඣානං… තථා තතියං… පන‍්නරසසු ඨානෙසු චතුත්‍ථං ඣානං සමාපජ‍්ජි. කථං? දසසු අසුභෙසු ද‍්වත‍්තිංසාකාරෙ අට‍්ඨසු කසිණෙසු මෙත‍්තාකරුණාමුදිතෙසු ආනාපානෙ පරිච‍්ඡෙදාකාසෙති ඉමෙසු තාව චතුවීසතියා ඨානෙසු පඨමං ඣානං සමාපජ‍්ජි. ඨපෙත්‍වා පන ද‍්වත‍්තිංසාකාරඤ‍්ච දස ච අසුභානි සෙසෙසු තෙරසසු දුතියං ඣානං… තෙසුයෙව තතියං ඣානං සමාපජ‍්ජි. අට‍්ඨසු පන කසිණෙසු උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරෙ ආනාපානෙ පරිච‍්ඡෙදාකාසෙ චතූසු අරූපෙසූති ඉමෙසු පන‍්නරසසු ඨානෙසු චතුත්‍ථං ඣානං සමාපජ‍්ජි. අයම‍්පි ච සඞ‍්ඛෙපකථාව. නිබ‍්බානපුරං පවිසන‍්තො පන භගවා ධම‍්මස‍්සාමි සබ‍්බාපි චතුවීසතිකොටිසතසහස‍්සසඞ‍්ඛා සමාපත‍්තියො පවිසිත්‍වා විදෙසං ගච‍්ඡන‍්තො ඤාතිජනං ආලිඞ‍්ගෙත්‍වා විය සබ‍්බසමාපත‍්තිසුඛං අනුභවිත්‍වා පවිට‍්ඨො.

“අථ ඛො භගවා සඤ්ඤාවෙදයිතනිරෝධ සමාපත්තිතො වුට්ඨහිත්‍වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි -පෙ- තතියජ්ඣානා වුට්ඨහිත්‍වා චතුත්‍ථජ්ඣානං සමාපජ්ජි” මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සූවිසි තන්හි ප්‍රථම ධ්‍යානයට සම වැදුණු සේක. තුදුස් තන්හි ද්විතීයධ්‍යානයට ද, එසේ ම තෘතීය ධ්‍යානයට ද, පසළොස් තන්හි චතුර්ථ ධ්‍යානයට ද සම වැදුණු සේක. කෙසේ ද? අශුභ දහයෙහි - දෙතිස් ආකාරයෙහි - කසිණ අටෙහි - මෙත්තා, කරුණා, මුදිතාහි - ආනාපානයෙහි - පරිච්ඡෙදාකාස යන මේවාහි ස්ථාන විසි හතරෙහි ප්‍රථම ධ්‍යානයට සම වැදිණි. ද්වත්තිංසාකාරයත් දශ අශුභයත් හැර ඉතිරි තුදුස්සෙහි ද්විතීය ධ්‍යානයට ද, එහි ම තෘතීය ධ්‍යානයට ද සම වැදුණු සේක. කසිණ අටෙහි, උපේක්‍ෂා බ්‍රහ්මවිහාරයෙහි, ආනාපාන පරිච්ඡෙදාකාශයෙහි අරූප සතරෙහි යන මේ පසළොස් තන්හි චතුර්ථධ්‍යානයට සම වැදුණු සේක. මේ සංක්‍ෂේප විස්තරය ම ය. නිවන් පුරයට පිවිසෙන්නේ ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ සියලු සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්තියට පිවිස, විදේශයට යන්නෙකු ඤාති ජනයා වැළඳ ගන්නාක් මෙන් සර්ව සමාපත්තිසුඛය අනුභව කොට ම ප්‍රවිෂ්ට විය.

චතුත්‍ථජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා සමනන‍්තරා භගවා පරිනිබ‍්බායීති එත්‍ථ ච ඣානසමනන‍්තරං පච‍්චවෙක‍්ඛණසමනන‍්තරන‍්ති, ද‍්වෙ සමනන‍්තරානි. චතුත්‍ථජ‍්ඣානා වුට‍්ඨාය භවඞ‍්ගං ඔතිණ‍්ණස‍්ස තත්‍ථෙව පරිනිබ‍්බානං ඣානසමනන‍්තරං නාම, චතුත්‍ථජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා පුන ඣානඞ‍්ගානි පච‍්චවෙක‍්ඛිත්‍වා භවඞ‍්ගං ඔතිණ‍්ණස‍්ස තත්‍ථෙව පරිනිබ‍්බානං පච‍්චවෙක‍්ඛණසමනන‍්තරං නාම. ඉමානි ද‍්වෙපි සමනන‍්තරානෙව.

චතුත්‍ථජ්ඣානා වුට්ඨහිත්‍වා සමනන්තරා භගවා පරිනිබ්බායී මෙහි ‘ඣානසමනන්තර’, ‘පච්චවෙක්‍ඛසමනන්තර’ යනුවෙන් සමනන්තර දෙකකි. චතුර්ථධ්‍යානයෙන් නැගිට භවඞ්ගයට අවතීර්ණ වූවහුට එහි ම පිරිනිවීම ධ්‍යාන සමනන්තර නමි. චතුර්ථධ්‍යානයෙන් නැගී සිට යළි ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කොට භවාඞ්ගයට අවතීර්ණ වූවහුට එහි ම පිරිනිවීම පච්චවෙක්‍ඛණ සමනන්තර නමි. මේ දෙක ම සමනන්තර ම ය.

භගවා පන ඣානං සමාපජ‍්ජිත්‍වා ඣානා වුට‍්ඨාය ඣානඞ‍්ගානි පච‍්චවෙක‍්ඛිත්‍වා භවඞ‍්ගචිත‍්තෙන අබ්‍යාකතෙන දුක‍්ඛසච‍්චෙන පරිනිබ‍්බායි. යෙ හි කෙචි බුද‍්ධා වා පච‍්චෙකබුද‍්ධා වා අරියසාවකා වා අන‍්තමසො කුන්‍ථකිපිල‍්ලිකං උපාදාය සබ‍්බෙ භවඞ‍්ගචිත‍්තෙනෙව අබ්‍යාකතෙන දුක‍්ඛසච‍්චෙන කාලං කරොන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සම වැද ධ්‍යානයෙන් නැගිට ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්ෂා කොට අව්‍යාකෘත භවඞ්ගචිත්තයෙන් දුක්ඛ සත්‍යයෙන් පිරිනිවන් පෑ සේක. බුදුන් වහන්සේලා හෝ පසේ බුදුවරු හෝ ආර්ය ශ්‍රාවකයෝ හෝ අන්තිම වශයෙන් කුන්ථකිපිල්ලකයකු (එනම් කුහුඹු විශේෂය) ගෙන අව්‍යාකෘත භවඞ්ග චිත්තයෙන් ම දුක්‍ඛ සත්‍යයෙන් කාලක්‍රියා කරති.

භූතාති සත‍්තා. අප‍්පටිපුග‍්ගලොති පටිභාගපුග‍්ගලවිරහිතො. බලප‍්පත‍්තොති දසවිධං ඤාණබලං පත‍්තො. උප‍්පාදවයධම‍්මිනොති උප‍්පාදවයසභාවා. තෙසං වූපසමොති තෙසං සඞ‍්ඛාරානං වූපසමො. සුඛොති අසඞ‍්ඛතං නිබ‍්බානමෙව සුඛන‍්ති අත්‍ථො.

භූතා සත්ත්වයෝ අප්පටිපුග්ගලො සමාන පුද්ගලයන් නොමැති බලප්පත්තො දශවිධ ඥාන බලයට පැමිණි. උප්පාදවයධම්මිනො උත්පාද ව්‍යය ස්වභාව කොට ඇති තෙසං වුපසමො ඒ සංස්කාරයන්ගේ සංසිඳීම, සුඛො අසංස්කෘත වූ නිර්වාණය ම සුවයකි යන අරුත යි.

තදාසීති “සහ පරිනිබ‍්බානා මහාභූමිචාලො අහොසී”ති එවං මහාපරිනිබ‍්බානෙ (දී· නි· 2.220) වුත‍්තං භූමිචාලං සන්‍ධායාහ. සො හි ලොමහංසනකො ච භිංසනකො ච ආසි. සබ‍්බාකාරවරූපෙතෙති සබ‍්බාකාරවරගුණූපෙතෙ.

තදාසි “සහ පරිනිබ්බාණා මහා භුමිචාලො අහොසි” (පිරිනිවුමත් සමග මහා භූමිචලනයක් විය) යි මෙසේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි කියන ලද භූමිචලනය අරභයා කී ය. එය ලොමු දැහැ ගන්වන හා භීෂණ වූ එකක් විය. සබ්බාකාර වරූපෙතෙහි සියලු උතුම් කරුණුවලින් සමන්විත වූ.

නාහු අස‍්සාසපස‍්සාසොති න ජාතො අස‍්සාසපස‍්සාසො. අනෙජොති තණ‍්හාසඞ‍්ඛාතාය එජාය අභාවෙන අනෙජො. සන‍්තිමාරබ‍්භාති අනුපාදිසෙසං නිබ‍්බානං ආරබ‍්භ පටිච‍්ච සන්‍ධාය. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා. පරිනිබ‍්බුතොති ඛන්‍ධපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො.

නාහු අස්සාසපස්සාසො ආශ්වාස ප්‍රශ්වාසයක් නො හට ගත්තේ ය. අනෙජො තෘෂ්ණා සංඛ්‍යාත වූ ‘ඒජා’ නොමැති බැවින් ‘අනේජ’ වූ, සන්තිමාරබ්භ අනුපාදිසේස නිවන ආරබ්භ = පටිච්ච = සන්‍ධාය = අරභයා, චක්‍ඛුමා ඇස් පහකින් යුතු හෙයින් ‘චක්‍ඛුමා’ (ඇස් ඇත්තේ) පරිනිබ්බුතො ස්කන්‍ධපරිනිර්වාණයෙන් පිරිනිවි සේක.

අසල‍්ලීනෙනාති අනල‍්ලීනෙන අසඞ‍්කුටිතෙන සුවිකසිතෙනෙව චිත‍්තෙන. වෙදනං අජ‍්ඣවාසයීති වෙදනං අධිවාසෙසි, න වෙදනානුවත‍්තී හුත්‍වා ඉතො චිතො සම‍්පරිවත‍්ති. විමොක‍්ඛොති කෙනචි ධම‍්මෙන අනාවරණවිමොක‍්ඛො සබ‍්බසො අපඤ‍්ඤත‍්තිභාවූපගමො පජ‍්ජොතනිබ‍්බානසදිසො ජාතොති.

අසල්ලීනෙන = ‘අනල්ලීනෙන’ - නො සැඟවුණු, නො හැකිලුණු මැනවින් විකසිත වුණු සිතින්, වෙදනං අජ්ඣවාසයී වේදනාව ඉවසූ සේක. වේදනාව අනුව යමින් ඒ මේ අතට නො පෙරළුණු සේක. විමොක්‍ඛො කිසියම් ධර්මයකින් අනාවරණ වූ විමෝක්ෂය සියලු ආකාරයෙන් අප්‍රඥප්තිභාවයට පත් පහනක නිවීම සමාන යයි දත යුතු ය.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

දුතියො වග‍්ගො.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය බ්‍රහ‍්මසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ බ්‍රහ්ම සංයුක්ත වර්ණනාව නිමියේ ය.